1937 දී සම්මත වූ ශ්‍රී ලංකා වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ පනතට (Flora and Fauna Act) 1993 දී අංක
49 දරණ පනතට එක් කල හත්වන සංශෝධනයට අනුව,
නයා / Naja naja
තිත් පොළඟා / Daboia russelii
වැලි පොළඟා / Echis carinatus
තෙල් කරවැලා / Bungarus caeruleus
මුදු කරවැලා / Bungarus ceylonicus
යන විශේෂ හැර මෙරට වෙසෙන අනෙක් සියළුම සර්ප විශේෂ නීතියෙන් ආරක්ෂිත සතුන් ලෙස නම් කර ඇත.
මෙම පනතේ 30 වන වගන්තියට අනුව ආරක්ෂිත සර්පයෙකු ආරක්ෂිත සර්පයෙකු හෝ ඔවුන්ගේ කොටස් හෝ
බිත්තර එක් රැස් කිරීම,ප්‍රවාහනය කිරීම,හිංසා කිරීම හෝ මරා දැමීම , රුපියල් 10000 – 30000 ක දඩ
මුදලකට හෝ වසර 2 – 5 සිරදඬුවමකට හෝ මෙම දඬුවම් දෙකටම යටත් විය හැකි හැකියාව පවතී.
මෙවැනි ආකාරයට සතුන් හෝ සත්ව කොටස් විකිණීමද ඉහත දඬුවමට යටත් විය හැකි වරදකි.
මෙම පනතෙහි අංක 37 වන කොටස අනුව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විසින්
නිකුත් කරන නීත්‍යානුකූල බලපත්‍රයක් රහිතව නීතියෙන් ආරක්ෂිත හෝ ආරක්ෂිත නොවන සර්පයෙකු
(සජීවීව හෝ අජීවීව) ඔවුන්ගේ කොටස්, බිත්තර ලඟ තබා ගැනීම සහ අපනයනයද ඉහත දඬුවමට යටත් විය
හැකි කාරණාවක් වේ.
පනතේ ආරක්ෂාව නොළබන නමුත් ඉහත සඳහන් කර ඇති උග්‍ර විෂ සහිත සර්පයන් විශේෂ 5 ම වන ජීවීන්
ලෙස වර්ගීකරණය කරන අතර මෙම සතුන්ද සන්තකයේ තබාගෙ ඇති කිරීම සඳහා විශේෂ අවසරයක් අවශ්‍ය
වේ.
මීට අමතරව මෙම උග්‍ර විෂ සහිත සර්පයන් 5 දෙනාද හමුවන භූමිය අනුව පනතේ ආරක්ෂාව හිමිවන අවස්ථා
සහිත වේ.
උදාහරණයක් ලෙස රක්ෂිත වනාන්තරයක් තුල සිටින්නාවූ යම් සත්වයෙකු ආරක්ෂිත සත්වයෙකු ලෙස පනතේ
නම් කර නොතිබුනද ඔවුන් වාසය කරන්නාවූ ස්ථානය ආරක්ෂිත කලාපයන් හෙයින් වක්‍රාකාරව වන සත්ව සහ
වෘක්ෂලතා ආරක්ෂණ පනතට අනුව ආරක්ෂිත සතුන් බවට පත්වේ.
මීට අමතරව තර්ජනයට ලක්ව ඇති විශේෂවල අන්තර්ජාතික වෙළදාම සඳහා වන සම්මුතිය (conversation on
international trade of endangered species – CITES) මඟින් ද මෙම සතුන් අපනයනය සම්බන්ධව තහනම්
පනවා ඇත.
මෙම පනතේ වගන්ති ප්‍රකාරව අහිකුණ්ඨික ජනතාවට විශේෂ බලපත්‍ර සහිතව සීමාසහිත සතුන් පිරිසක්
ලඟතබා ගැනීමට අවසර ලබා දී ඇත. නමුත් ඔවුන්ට වුවද හිංසාකාරී අයුරින් මෙම සතුන් ලඟ තබාගැනීමට
හැකියාවක් නොමැති බව මතක තබාගත යුතු කරුණකි.
එමෙන්ම වනජීවි පර්‍යේෂකයන්ට සීමාසහිත සත්ව විශේෂ ගණනක් සඳහා අවශ්‍ය සතුන් නම් කරන ලද
ප්‍රදේශ වලින් එක් රැස් කිරීමට අවසරපත්‍ර ලබාදීම වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ
ජනරාල්වරයා විසින් නිකුත් කරනු බලන අවසරපත්‍රයක් සහිතව සිදු කල හැකි වන අතර එසේ සත්ව නිදර්ශක
එක් රැස් කිරීම සහ පටක සාම්පල බලාගැනීමේ කාර්‍යන්හිදී අදාල අවසරපත ඔවුන් සතු වීම අනිවාර්යය වේ.
යම් අයෙකු ඔහු හෝ ඇය සතුව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත්
කරන ලද අවසරපතක් ඇති බව ඒත්තු ගන්වා සත්ව නිදර්ශක එක් රැස් කිරීමට හෝ සතුන් අනවසරෙන් බලාදෙන
ලෙස හෝ ඉල්ලීම් කරන ඕනෑම අවස්ථාවක සත්ව නිදර්ශක එක් රැස් කිරීමට ඔවුන් සතුව ඇති අවසරපත්‍රය
ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටීමේ අයිතිය ඔබ සතුව ඇත.
එවැනි අවසරපත්‍රයක් ඔබ වෙත ඉදිරිපත් කලහොත් ඔබ විසින් සැලකිල්ලට ගත යුතු කරුණු මෙසේය.
• අවසරපත හිමි පර්‍යේශකයාගේ සහ කණ්ඩායමේ සාමාජිකයන්ගේ නම් අවසරපත ඉදිරිපත් කරන්නාවූ
කණ්ඩායමේ අයවලුන්ගේද යන බව සැළකිලිමත් විය යුතූය
• අවසරපත නිකුත් කරන ලද දිනය සහ නිදර්ශක එක් රැස් කිරීමට ලබා දී ඇති කාලසීමාව
කල් ඉකුත්වූ අවසරපතක් යොදාගෙන සත්ව නිදර්ශක එක් රැස් කිරීම වනසත්ව හා තුරුලතා ආරක්ෂණ පනත
උල්ලංඝනය කිරීමකි.
• නිදර්ශක එක් රැස් කිරීමට නිර්දේශ කර ඇති සහ අවසර ලබා දී ඇති කලාපය
නිර්දේශිත කලාපයෙන් බැහැරව සත්ව නිදර්ශක එක් රැස් කිරීමේ හැකියාවක් අවසරපතක් තිබුණද කල
නොහැක්කකි
• සත්ව නිදර්ශක එක් රැස් කිරීමට අවසර ලබාදී ඇති සත්ව කාණ්ඩය.
උදාහරණයක් වශයෙන් Earth snakes / පාංශුවාසී සර්ප විශේෂ අධ්‍යනය සඳහා නිකුත් කරන ලද
අවසරපත්‍රයක් යොදාගනිමින් Aboreal snakes/ රුක්වාසී සර්ප විශේෂ අධ්‍යනය කිරීම කල නොහැක.
මෙම නීති සහ වනසත්ව හා තුරුලතා ආරක්ෂණ පනත උල්ලංඝනය කරන්නන් පිළිබඳව ඔබට ගත හැකි
ක්‍රියාමාර්ග.
මෙම පනතෙහි බලය සියළුම රාජ්‍ය ආරක්ෂක අංශ සඳහා සහ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ
නිලධාරීන්ට බලාත්මක කල හැකිය. එමනිසා මෙම පනත යම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් උල්ලංඝනය
කරන්නේනම් ඒ පිළිබඳව රාජ්‍ය ආරක්ෂක අංශ සහ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හදිසි ඇමතුම් අංකය
1992 ඔස්සේ ඔබට දැනුවත් කිරීමේ හැකියාව පවතී.
ශ්‍රී ලංකාවේ සර්පයන් සම්බන්ධව සිදුකරගෙන යන්නාවූ නීතිවිරෝධී කටයුතු වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක
කිරීමට උපකාර කිරීමට අපද සෑමවිටෙකම සූදානම්න් සිටින අතර ඔබ සතුව ඇති සත්ව ජාවාරම් පිළිබඳව
තොරතුරු අදාල අංශ වෙත යොමු කරවීම සඳහා අපගේ සහය සෑමවිටෙකම ඔබ සමඟයි.
චමල් ලක්ෂාන් –
පරිසරවේදී (Thema collection , Tea and experience factory)