තඹරක අරුම..
සප්ත ස්වරයෙන් හැඩවෙන තත්නද
නැංවූ දුක් ගී නුඹට ඇසේවිද
හිත්මානෙක පීදුනු මල් කැකුලක
පෙති ගිලිහී යන්නට නොමදෙනු මැන…
මොණර නිලක ලා අහසට වන් සද
ඈතින් සැගවී බලා හිදිමි මම
ලංකරගන්නට නොමැති ලොවක තව
හඩා දොඩානම් කිනම් පලක් වෙද…
පෑලදොරට පිටුපා ගියදා නුඹ
හිත් කඩ හතකට පැලී ගියා වෙද
තවත් නොමැත හිත්ලූවක තනිවම
වැළපී ලතැවී තැවී දැවෙන්නට…
ලා දම් පාටට දිදුලන අහසට
පෙම් බැද කව් ගී ලියා තබමි සොද
බාදුරාව සේ ඇදබැද නොගෙනම
මඩෙහි පිපී තඹරෙක් වන්නෙමි මම…
රීනා