Api-Slide-56-1
Api-Slide-56-2
Api-Slide-56-3
previous arrow
next arrow

හිරු  නොබසින  අධිරාජ්‍යයේ සුරැපිනියන්ගේ රැව රැක ගැනීමට අත්වැල්  දෙන  SRI LANKAN AESTHETIC PRACTITIONER

හැම කාන්තාවක්ම උපතින්ම  ඉතාමත්ම  සුන්දරයි.  දීප්තිමත් සමක්., වර්නණයක්, ලස්සන  කෙස් කලඹක්  මෙම  සුන්දරත්වය  තවත් වැඩි කරන බව නොවනුමානයි.  

                          සුන්දර  තාරුණ්‍යය අපි අතර හැමදාමත්  රැදෙන්නෙ නැහැ , කාලයත්  එක්ක හෙමිහිට ඒ සුන්දරත්වය  වියකී යාම සොබාදහම අපට  කියාදෙන  අපුරු  පාඩමක්. නමුත්  නචීන රැපලාවන්‍ය තාක්ෂණය  උපයෙඟීකරගෙන අපගේ සුන්දරත්වය  මනාව පාලනය  කරගෙන යන්න දැන්  අපිට  අවස්ථාව  තිබෙනවා.

                 සෞන්දර්යවිදිනියක්  (Aesthetician) විදියට මම සම රැකගැනීම සහ නිරෝගීමත් සමක් පවත්වාගෙන යාම පිළිබඳව අධ්‍යාපනය හදාරා සහ තවදුරටත් ඒ පිළිබඳව උසස්  අධ්‍යාපන  කටයුතු වල නියලෙමින් සිටිනවා.  Skin care therapist  කෙනෙක්  විදියට අපි  අපේ ශරීරය සමිබන්ධව ගොඩක්  දේවල් අධ්‍යනය  කරන්න  වෙනව. එය ඉතාමත්ම  වගකීමකින්  හැදෑරීය යුතු  විෂය මාලාවක්. 

                    දැන්  අපි බලමු  ඇයි අපි  සමෙහි සුන්දරත්වය  පවත්වාගෙනයාම සදහා පිටතින් උත්තේජකයන් ලබා දිය  යුත්තේ  ඇයි කියන දෙය.. . ?

           අවුරුදු  28-30 අතර කාල පරාසය  තුළ අපගේ ශරීරය තුළ නිපදවන  කොලජන් (collagen) ක්‍රම  ක්‍රමයෙන්  අඩු වීගෙන යනව, මෙම collagen ප්‍රමාණය අඩුවීමත් සමගම අපේ සම රැලි වැටීමත්,සමෙහි  පවත්නා  තෙතමනයත් සහ ස්වාභාවික  වර්නණයත් වියකී යාමේ කාලය එහෙම නැත්නම්  Ageing process එක ආරම්භ වෙනවා. ඉතින්  මෙම ක්‍රියාවලිය අඩපණ කිරීමට තමයි  අපි  මෙම තාරුණ්‍යය රැක ගැනීමේ එන්නත් skin boosters යොදා ගන්නෙ.  මෙය තුළින් අපි සෞඛ්‍ය සම්පන්න,නිරෝගී සමක් පවත්වාගෙන  යාම සදහා  අවශ්‍ය  විටමින් වර්ග,Antioxidants, hyaluronic acid සම තුළට එන්නතකින්  ලබා දෙනවා.  මෙහි අතුරු ආබාධ  side effects ඇත්තේම නැහැ. එම නිසා මෙය beauty industry එක තුළ  ඉතාමත්ම  ජනප්‍රියත්වයට පත් වෙමින් තිබෙනවා. 

                   තාරුණ්‍යය රැක ගැනීමට  ශල්‍යකර්ම කිරීම ක්‍රම  ක්‍රමයෙන් ගිලිහී යමින්, එන්නත් තුළින් රැව රැක ගැනීම රැපලාවන්‍ය කේෂ්ත්‍රය  තුළ බෙහෙවින් ජනප්‍රියයි මන්දයත්  ශල්‍යකර්ම  වැඩිපුරම අසාර්ථක වීමේ  සමීභාවිතත්වය මෙයට ප්‍රධානතම  හේතුවක් ලෙස කේෂ්ත්‍රය තුළ පිලිගැනීමක් ඇති වී තිබෙනවා.

Sign up for our newsletter