ජීවිතේ සොයන තැන
ජීවිතේ දුන්නා
ආදරේ සොයන තැන
ආදරේම දුන්නා
ඉන්නෝන හැමතැනම
ළඟින් මා හිටියා
මගේ හිත බිඳුණු තැන
නුඹ දුරින් රැදුනා …
වැටෙන හුස්මකින් පවා
වෙනස නුඹ සෙව්වා
සුසුමක් හෙලනකොට
හිතේ දුක නිව්වා
සංසාරේ එකට යන්න
දිවුරුම් නුඹ දුන්නා
කොතැන හරි වැරදි ඇති
මගේ හිත මට කිව්වා …
ගගන ගුරුගේ