හුදෙකලාව තනිරකිනා බවක් දැනි දැනී
කෙලෙසක සිත වාවන්නද ඔබව නොම පෙනී
ගිම්හානෙට වඩා හැගුනු සීතේ ගුලි වෙවී
අප ආගිය මං මාවත පාලුවී ඇතී….
තනිකම තනියට රකිනා හද සසල රැයේ
තනිවූ සදු වටා එතුනු තරු පේළි එළී
සෙනෙහසකට හේතුවිනා නැහැ මුළා වුනේ
ඒ ඇති සනසාගන්නට සිත මතම එබී….
දැහැනක සමවැදී සිටිමි නෑසුනත් ගී රසේ
විරහව හිත පුරා විදින්නද භවකතෙරේ
කල පිං මදි වීදෝ අප දෙතැනක උන්නේ
මතු උපදින හැම භවයෙම ඉමු සංසාරේ
රීනා