Api-Slide-56-1
Api-Slide-56-2
Api-Slide-56-3
previous arrow
next arrow

රුව ලස්සන කරන profhilo

සම නැවත සකස්  කිරීම (skin remodelling )  සහ සමෙහි  පැහපත් බව රැකදීම  profhilo එන්නත මගින් අපට ලබාදෙන ප්‍රධානතම වාසි දෙකක් .  මෙම එන්නත ගැහැණු , පිරිමි  බේදයකින් තොරව  අපි හැමෝටම  ලබාගන්න  පුලුවන්.  

            , වයස අවුරුදු  30 පසු  වීමත් සමගම  අපේ සම තුළ  විවිධ  වෙනස් කම් ඇතිවීමට පටන් ගන්නවා, එය මිනිස් සිරුර  තුළ  තුල සිදුවන සාමාන්‍ය ක්‍රියාවලියක් . විශේෂයෙන්ම   Collagen නිපදවීම ක්‍රම ක්‍රමයෙන්  අඩුවීම නිසා සමෙහි  වියළි බවක් සහ එය තුළින් සම රැලිවැටීමේ සම්බාවිතාව වැඩිවීමත් කඩිනමින් සිදුවීමට පටන්ගන්නවා.  එම ක්‍රියාවලිය නිසා සමෙහි  තුලනාත්මක  බව අඩුවෙමින් සම රැලි වැටීම සහ පැහය අඩුවීමට පටන්ගන්නවා. 

             සම රැකගැනීමට අපි වෙලදපොලෙහි පවතින  විවිධ  ආලේපන, ඉතාමත් අධික  මිලක් ගෙවා ලබාගෙන සමෙහි  පිටතින් ආලේපනය කිරීම බොහොමයක් දෙනා කරන දෙයක්, නමුත්  ඒ තුළින් කිසිම  සත්කාරයක් සමට ලැබෙන්නේ  නැහැ. එය ඉතාමත්ම  තාවකාලික  විසදුමක් පමණයි. සමෙහි  නිරෝගි  බව රැකිය යුත්තේ 90%  සම ඇතුලතින්මයි. ඒ සදහා අපගේ ආහාර රටාව සහ ව්‍යායාම ප්‍රධාන වශයෙන්ම බලපාන  මුලික කාරණා දෙකක් . එයට  අමතරව සමෙහි තුලනාත්මක බව රුකගැනීමට  profhilo එන්නත ඉතාමත්ම වැදගත් බව දැන්  පර්යේෂණ කටයුතුවලින්ද තහවුරුකර  තිබෙනවා. මෙම  එන්නත මගින් අතුරු අබාධ ඇතිවන සම්බාවිතාව ඉතාමත්ම  අඩුයි.

Aesthetic practitioner

Dilanthi  Liyanarachchi

Serenity  beauty boutique 

Sign up for our newsletter