Api-Slide-56-1
Api-Slide-56-2
Api-Slide-56-3
previous arrow
next arrow

සිහින නෙළුම් මල්

~ ස්ත්‍රීත්වයේ පරිපූර්ණත්වය මාතෘත්වයයි ~

ශමීර නාඔටුන්නගේ අද්විතීය දෙවන සිනමා වියමන

සීනලී මීඩියා අතිශය ප්‍රථම ඉදිරිපත්කිරීම

ඉමහත් ජනාකර්ෂණයට පත්වෙමින්ද ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් නිබඳව නොමදව විචාරක පැසසුම් වලට

ලක්වෙමින් ද වර්ෂ 2016 දී හෙලවුඩයේ රිදී තිරයන් වර්ණවත් කෙරූ " මෝටර් බයිසිකල් " සිනමාපටය

අද්‍යයක්ෂණය කරමින් හෙලවුඩ් සිනමා වංශකතාවේ අදියුරු භූමිකාවට අත්පොත් තැබීමට භාග්‍යය ලත් ශමීර

නාඔටුන්න විසින් තිර රචනය සකස්කොට අද්‍යයක්ෂණය කරනු ලැබූ දෙවන සිනමාපටය වන " සිහින නෙළුම් මල්

“මේ වනවිට දිවයින පුරා සිනමාශාලාවන්හි ඉතා සාර්ථකව තිරගත වෙමින් පවතින බව දකින්නට ලැබීම හෙලවුඩ්

සිනමාවට පෙම් බඳින්නෙකු මෙන්ම එහි මතු උන්නතිය දැකීමට අපේක්ෂා කරන්නෙකු වන මා හට ඉමහත් ප්‍රීතියක්

ගෙන දෙන කාරණාවක් බව ප්‍රථමයෙන්ම කියා සිටීමට කැමැත්තෙමු.

වර්ථමානය වන විට ශ්‍රී ලාංකේය යොවුන් විවාහකයින් අතර පවතින ඉතාමත්ම සුලභ අර්බුදයකි මද සරු භාවය.

මෙය ජීව විද්‍යාව සහ වෛද්‍ය විද්‍යාව හා සබැඳි අතිශයින් සංවේදී මානුශීය කාරණාවකි. ස්ත්‍රී මද සරු භාවය සහ

පුරුෂ මද සරු භාවය ලෙස රෝග තත්ත්වය දෙයාකාර වූවත් විශේෂයෙන්ම දකුණු ආසියානු කලාපීය රටවල ප්‍රදාන

ලෙස කතිකාවට බඳුන් වන්නේ ස්ත්‍රී මද සරු භාවය පිළිබඳව පමණි. මීට පසුබිම සකස්කෙරුණු සෘජු සාධකය

ප්‍රජාව තුළ ලිංගික අධ්‍යාපනය පිළිබඳව ඇති දැනුමේ අල්ප භාවයද නැතහොත් තවමත් යෙහෙන් කරපින්නාගෙන

යාමට වෙහෙසෙන ගතානුගතික ඊනියා සංස්කෘතික වාදයද එසේත් නැතිනම් එම කරුණු ද්විත්වයේ එකතු පහදුවද

යන්න පැහැදිලිව හඳුනාගැනීම මා හට තරමක් අපහසු කර්ත්ව්‍යයකි.

ගර්භණීත්වය උරුම කර ගැනීමට අපොහොසත් පතිවත රකිනා කුල කාන්තාවකගේ සහ ඇගේ ආත්ම ගෞරවය

සුරක්ෂා කිරීමට නිබඳව නොමදව ප්‍රයත්න දරණ ස්වාමි පුරුෂයෙකුගේ චිත්ත සංතානය තුළ පහළ වන්නා වූ

අතිශය සියුම් සහ අතිශය සංකීර්ණ වූ මනෝභාවයන්හි සිදුවන සියුම් විචල්‍යයන් පිළිබඳ තරමක් ගැඹුරු

සාකච්ඡාවක් සදහා ප්‍රවේශයක් ලබා ගැනීමට නිර්මාණකරුවා වෙහෙසී තිබීම මෙම සිනමාපටය ස්විඤ්ඤානිකව

හා සබුද්දිකව රසවින්දනය කිරීමට අපේක්ෂා කරන සිනමාලෝලියෙකු හට ධණාත්මක කාරණාවක් වනවා

නොඅනුමානයි.

ශ්‍රී ලාංකේය සිනමා වංශකතාවේ එතෙක් මෙතෙක් බිහි වූ තාරකා ගුණයෙන් අනූන රංගන ශිල්පීන් අතර

ප්‍රමුඛස්ථානයක් දිනා සිටින රූපණ වේදියෙකු වන හේමාල් රණසිංහගේ ප්‍රතිභාන්විත රූපණ පෙළහරිනුත් පුංචි

තිරයේ ප්‍රේක්ෂක ප්‍රාජාව අතර නොමැකෙන මතක සටහන් ඉතිරි කරමින් සිනමාවට පිළිපන් ආධුනික රංගන

ශිල්පිනියක් ලෙස දුෂේනි මියුරංගිගේ භාවාත්මක රැඟුමිනුත් සමන්විත රූප රාමු පසුබිම් සංගීත සැලසුම්කරණයත්

සමගින් මනාව පෑහීම නිර්මාණකරුවන්ගේ උක්ත වෑයම රිදී තිරය මතදී උත්කර්ෂවත් අයුරින් සඵල කොටගැනීම

සඳහා මනා ශක්තියක් වන්නට ඇති බව සිනමා රසවින්දනය හොඳින් හඳුනන කා හට උවද ප්‍රත්‍යක්ෂ වනු

නිසැකයි.

ප්‍රධාන රංගන ධායකත්වය

හේමාල් රණසිංහ

දුෂේනි මියුරංගි

උමාලි තිලකරත්න

කළණ ගුණසේකර

මයුර කාංචන

ලාල් කුලරත්න

ප්‍රියන්ත සෙනෙවිරත්න

වීණා ජයකොඩි

ශ්‍රියානි අමරසේන

දයාදේව එදිරිසිංහ

එබැවින් සොභාදහමේ පදනම හෙවත් ස්ත්‍රීත්වයේ පරිපූර්ණත්වය වන මාතෘත්වය මෙන්ම සොඳුරුතම මනු දම වන

නිරාමිස ප්‍රේමය නිර්වචනය කෙරෙනා ස්මරණීය සිනමාත්මක අත්දැකීමක් එකදුපහදුකොට ගැනීමට අමතරව

ජීවන ගමනට ආක්‍යානයන් කිහිපයකින්ම සැළකියයුතු අර්ථයක් සැපයිය හැකි අපූරු සිනමාපටයක් සිනමාශාලාවක්

තුළ නැරඹීම සඳහා ඔබේ වටිනා මුදල් හා කාලය වෙන් කිරීම නොවැදගත් තීරණයක් ලෙස නොසිතන බැව් හදවතට

එකඟව පැවසීමට කැමැත්තෙමි.

මෙම සිනමාපටය හෙලවුඩ් සිනමාලෝලීන්ගේ හෘද ස්පර්ශයෙහි කොනක හෝ තැන්පත් කරලීමට සමර්ථ වේවායි

සිනමාපටයේ තිර රචකයා මෙන්ම අද්‍යයක්ෂකවරයා වන ශමීර නාඔටුන්න මහතාටත් තිර පිටපත යථාර්ථයක්

කරලීමට අර්ථ පතීත්වය දැරූ වරුණ අරඹගේ මහතාටත් මෙන්ම බුද්ධිමය ශ්‍රමය කැප කෙරූ සියලු ප්‍රාසාංගික

සහ තාක්ෂණික ශිල්පීන් හටත් මුළු හදින්ම සුභාසිංශණය කරන අතර හැකි ඉක්මනින් තවත් විශිෂ්ට සිනමා

නිර්මාණයක් සමඟින් නැවතත් හෙලවුඩයේ කරළියට ඒමට අවැසි සියළු හේතු සම්පත් සැපයේවායි එක හිතින්

පතන්නෙමු

Sign up for our newsletter