Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

2024 – Feb – Children Story

පරවි යාලුවා

පුංචි දුවලා පුතාලා දන්නවාද අද කතාව කා ගැනද කියලා ? අද කතාව පරවියෙක් ගැනයි. සීත කාලය නිසා කුරුල්ලන්ට කෑම හොයා ගන්න එක නම් ලේසි පහසු දෙයක් නෙවෙයි. පියාඹලා යන ගමන්, හොයන්නෙ කන්නට යමක් තියනවාද කියලා . ඔහොම හෙමින් පියාසර කරමින් ඉන්න පරවියා දකිනවා කෑම තියන තැනක්. හෙමින් කිට්ටු වුණා ,බිම පුරාම කෑම. හරිම ආසවෙන් කන්න පටන් ගත්තා. පරවියා හිතුවා මේ කෑම ඔක්කෝම මම තනිවම කනවා කාටවත් දෙන්නෙ නෑ කියලා.පරවියාගෙ බඩ හොඳටම පිරුණා. තවත් කෑම ගොඩක් තියෙනවා. හෙමි හෙමින් උඩට පියාඹලා තටු සැලුවා. ඒ සද්දයට පරවියන් සහ කුඩා කිරුල්ලන් රැසක් එකතු වුණා. බඩ පුරවාගත් පරවියා අනෙක් කුරුල්ලන්ට කෑම තියන තැන පෙන්වූවා.හැමෝම බඩ පිරෙන්න කෑම කෑවා. පරවියාට හරිම සතුටු දැනුනා. තනිවම කෑම කන්න හිතුවත් යාලුවන් මතක් වෙලා ඔවුන් එක්ක බෙදා ගත්තා. යාලුවන් එක්ක එකතුවෙලා කෑම කාපු නිසා ලොකු සතුටක් ලැබුවා. ඉතින් මගෙ පුංචි දුවලා පුතාලත් අනිවාර්යයෙන්ම මතක තියා ගන්න කෑම බීම යාලුවන් එක්ක බෙදාහදා ගෙන කන්න. හොඳ පුරුදු පුරුදු වෙන්න. අලුත් කතාවක් එක්ක ආයෙත් එනකම් සතුටින් ඉන්න.

තිලෝෂි ප්‍රනාන්දු .

Sign up for our newsletter