Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

Solo Travel Riverston

ඉදිරියට ඇදෙන ලංගම අලුත් බස් රථයේ ඉදිරිපස වමි පැත්තේ ඇති තනි ආසනයේ ඉදගෙන මම බලන් හිටියෙ මගේ ඉදිරියෙන් පෙණෙන මාර්ගය දිහා. මීදුම මැදින් ඇදි යන බස් රථය පදවාගෙන යන්නේ මම යැයි විටෙක මට හිතුනා…

ඝන මිදුමින් වැසුණු තාර පාර දිගේ තද කොළ පැහැති වටපිටාවක් පසු කරගෙන ඉදිරියට ඇදෙන බස් රථයෙ විටෙක පාරට නැමි ඇති හීනි අතු ඉදිරිපස විදුරුවෙි වදිනවා… ඉදිරිපස සිටින මගේ හිස ඉබෙිම පහත් වෙන්නේ එ තරමට මම මෙි පසු කර යන මාර්ගයට සමවැදිලා සිටිය නිසා…..

මාතලේ අඹ ගහා බස් නැවුතුමෙන් පාන්දර 5.45ට යන ලංගම බස් රථය රත්තොට, රිවස්ටන් හරහා මහියංගනය බලා පිටත් උවෙි වෙනදා මෙන්ම තමන්ගේ රාජකාරි දවස ආරමිභ කරමින්. ඉතිං මම මෙවර මෙි බස් රථයෙන් තනියම සොදුරු පාරාදිසයක් මැදින් ගමනේ යන්නේ හිතම ආස කරන සුන්දරත්වයක් හොයාගෙන…. රිවස්ටන් කුඩා කාලයේ පටන් කීප වතාවක් එහි ගියත් මං හරි ආසයි එ පරිසරයට එ සීතලට.. එ නිසාමයි මෙි වසරේ පළමු සංචාරය විදිහට මම රිවස්ටන් තොරාගත්තේ..

   මෙි ජිවිතේ හරි සුන්දරයි කියලා හදවතට දැනෙන්න තනිව මෙි වගේ ගමනක් එන්නම ඔින…. මෙි කොළපාටත් මිදුමත් හිතට අරන් එන හැඟිම වචනයෙන් කියා විස්තර කල නොහැකි තරමි….. රිවස්ටන් කියන්නේ ජෛව විවිධත්වය වගේම ⁣එකම කලාපයක දේශගුණික වෙනස්විමි කිපයක් විදින්න පුළුවන් අපුරු සුන්දර පාරාදිසයක්.. මාතලේ දිස්ත්‍රික්කයෙ පිහිටා ඇති මෙි අපුරු සුන්දර කදු මුදුණ මුහුදු මටිටමෙි සිට උස මිටර් 1265කින් යුක්තයි . ඉතාමත් සංචාරක ආකර්ෂණීය ප්‍රදෙශයක්..

රිවස්ටන් වලට එන්න පුලවන් මාර්ග කිහිපයක්ම තියෙනවා මාතලේ නගරයෙන් පිටත්ව නාඋල, ඇළහැර හරහා ලග්ගල පල්ලේගම (86 km),

මාතලේ නගරයෙන් පිටත්ව රත්තොට රිවස්ටන් හරහා ලග්ගල පල්ලේම (45km),

දඹුල්ල නගරයෙන් පිටත්ව බකමූන හරහා ලග්ගල පල්ලේගම (52km),

රිවස්ටන් කියන්නේ බලන්න තියන දේට වඩා විදින්න තියන පරිසරයක්.. මෙවර මගෙ ගමනේ ගමනාන්තය විදිහට මම තොරාගත්තෙ පිටවල පතන වගේම බඹරකිරිඇල්ල.. පොදු ප්‍රවාහනයෙන් යන නිසා මට රිවස්ටන් වල බලන්න තියන සේර ඇල්ල මගහැරෙනවා..

ඈත සිට බලන විට මිට මෙලවු අතක ඇගිලි ආකාරයට කදුවැටි ශිකර පහක් පෙනෙන නිසා ඉංග්‍රීසි ජාතිකයින් මෙි කදු පන්ති ‘නකල්ස්’ ලෙස හදුන්වලා තියනවා…. එ වගේම තමයි නිතරම මීදුම අධික නිසා ‘දුමිබර’ කදුවැටිය ලෙසත්, පැරැණ්නන් විසින් ‘බටදඬු කන්ද’ ලෙසත් හදුන්වලා තියනවා..

රිවස්ටන් වඩාත් ජනප්‍රිය සුළං කපොල්ල නිසා… බටඅඬුව සුළං කපොල්ල කියලත් හැදින්වෙනවා… රාවණ යුගය දක්වා දිව යන බවයි පැවසෙන්නේ… රිවස්ටන් වලට මම එන විටත් හාත්පසම ඝන මීදුමෙන් මුළු පරිසරයම වසාගෙන.. කිප වතාවක්ම මම රිවස්ටන් සුළං කපොල්ල වෙත පැමිණ තිබුණ නිසා අධික මීදුමත් වැඩි නිසා මම එතනින් නොබැස පිටවල පතනට යන්න තීරණය කලා.. මොකද මම මිට පෙර එහි ගොස් නැති නිසා ලොකු ආසාවක් තිබුණා මට පුංචි ලෝකාන්තය දකින්න…

රිවස්ටන් ටවර් එකට යන මාර්ගය වැටි ඇති ප්‍රධාන පාර අසල සිට පිටවල පතනට දුර කිලොමිටර් 6යි…..  පිටවල පතන හෙවත් දික් පතන අසලින් මම බසයෙන් බසින විට වෙලාව උදේ 7.20යි.. ඉතිං මට වෙලාව නමි ඔිනැවටත් වැඩියි මෙි භූමියේ ඇවිද සුන්දරත්වය විදින්න.. උදැසන නිසා පතනටම මම විතරයි.. එකත් මාරම අත්දැකීමක්.. මීදුම පිරි ගිය සුන්දර පාරාදිසයක එකම මිනිස් පුලුට මම විතරයි කියලා දැනෙද්දි හිතට දැනෙන හැගීම නමි වචනයෙන් විස්තර කල නොහැකියි… බයක් නමි දැණුනේම නැ මට.. ඉතිං උදේම මම ඇවිද ගියා හෙක්ටර් දහයක් පුරා පැතිර ඇති පතන දිගේ වැටි ඇති අඩි පාරේ පුංචි ලෝකාන්තය ⁣හොයාගෙන.. මගේ තනියට බලු යාළුවො දෙන්නෙකුත් එකතු උනා ගමනට… පතනට පෙනෙන මානිගලත් තුන්හිස්ගලත් විටින් විට ඝන මීදුමින් වැසි යන්නේ මගෙ දැස් එ චමත්කාර දර්ශනයට වශි වෙද්දි..

මුහුදු මටිටමෙි සිට උස මටර් 800ක් වෙන මෙි පතනේ මිටර් 750ක දුරක් පුංචි ලොකාන්තයට පා ගමනින් යන්න ඔින.. ඉතිං මම තනිව ඇවිද ගියා… මට දැණුන හැගීම කියා නිම කල නොහැකි තරම්… සීතල වැඩි කරමින් පොද වැස්සක් ඇද හැලුනා පුංචි ලොකාන්තය අසලට පා ගමනින් පැමිණෙන මොහොතේ… එ වර්ෂාවට තෙමුණත් ගානක් නැ වගේ මට..

මෙි පරිසරයට ආවෙිනිකවු සත්වයෙක් වන ‘රළු ගල් පර මැඩියාව නමි දැකගන්න ලැබුණේ නැ… එත් ලස්සන අමුතු කටුස්සෙක් මගේ කැමරා ඇසට හසුකරගන්න හැකි උනා…. වටැස්ස, කඳුලැස්ස, නිල්මොනරැස්ස , පතන් අල ආවෙිනික ශාක නමි දැකගත හැකියි..

වර්ෂාවත් මීදුමත් නිසා මම නැවත පැමිණියා ටිකටි කවුන්ටරය පැත්තට. එ එන විට නමි තවත් සංචාරකයන් පිරිසක් පැමිණ තිබුණා. ටිකටි කවුන්ටරය විවෘත කර තිබු නිසා ටිකටි එකක් අරගෙනම කුසගින්න දැඩිව දැණුන නිසා එ අසලම ඇති පුංචි කඩෙන් රොටි දෙකක් එක්ක ප්ලෙන්ටියක් බඩට දාගෙනම මම නැවතත් පතන දිගේ පුංචි ලොකාන්තය පැත්තට ඇවිද ගියා.. මාතලෙන් උදේ 7.55ට හෙටිටිපොලට පිටත්වු තැපැල් බස් රථය නැවත පතන අසලට පැමිණෙන වෙලාව හවස 2.30 පමණ වන නිසා මට වෙිලාව නමි ඔිනවටත් වඩා වැඩියි..

ෆොරස්ටි එකේ ටිකටි කඩන තැන ඉන්න මහත්මයා වගේම නවරත්න මාමාවත් එ මොහොතේ එහි සිටි පොලිසියෙ මහත්මයාවත් මතක් කල යුතුමයි.. විශේෂයෙන් නවරත්න මාමාව.. මෙි පතන ගැන රිවස්ටන් ගැන, රිවස්ටන් අවට ඇති ඇටන්වල ගම ගැන , මානිගල ගැන වගේම වල්පොල ගම ගැන බොහො විස්තර මට දැනගන්න ලැබුණා එ මාමාගෙන්..

මීදුමෙන් වැසි තිබුණු පුංචි ලෝකාන්තයෙ ගල් කුලක ඉදගෙන මම පැය ගාණක් නිදහසේ බලා සිටියා ලෝකාන්තය පහල දැකගන්න ආසාවෙන්…. ටිකෙන් ටික දහවල උදා වෙද්දි මීදුම මැකි ගොසින් අවට පැහැදිලි වෙන්න ගත්තේ මගේ හිතේ සතුට දෙගුණ තෙගුණ කරවමින්… ඉතිං මට මම බලාපොරොත්තුවු දර්ශනය දැකගන්න ලැබුණා.. වටෙි ඇති කදු මොනවාදැයි මම දන්නේ නැති උනත් ඇතින් පෙණෙන මොරගහාකන්ද ජලාශය නමි මට හදුනාගන්න අපහසු උනේ නෑ….

රිවස්ටන් වගේම පිටවල පතන කියන්නේ විදින්න තියන පරිසරයක්….. විටින් විට වෙනස් වෙන දෙශගුණයත් එක්ක හිත නිවනවා.. බොහො වොලවක් එහි රැදි සිටි මම නැවත පහලට පැමිණ කෞතුකාගාරයත් නරඹා හෙටිටිපොල සිට මාතලේ බලා යන බස් රථයට ගොඩ උනේ නැවත බඹරකිරිඇල්ල අසල බසින්න බලාගෙන…

සීතල දේශගුණයත් සමග ගතට දැනෙන සැහැල්ලුව නමි වචන වලින් විස්තර කරලා නිම කරන්න බැ. ජිවිතේ එකම එක දවසක් හරි රිවස්ටන් ගිහින් බලන්න එ පරිසරය එක්ක කතා කරන්න . ජිවත් වෙනවා කියලා සිතෙවි. එ විශ්මිත සොබාදහමෙි නිර්මාණය කොයිතරමි නැරඹුවත් එපා නොවෙන තරමි..

කනගාටුවෙන් උනත් දෙයක් සදහන් කල යුතුයි…. සමහර රිවස්ටන් යන අය තමන් ඉවතලන කුණු කසල මෙි නොයිදුල් පරිසරයට මුදා හරිනවා, ප්ලාස්ටික් පොලිතින් වගේම බියර් ටින්… තමන් රැගෙන යන සියළු දැ නැවත රැගෙන එන්න තරමි හොද මිනිසෙක් වෙන්න කියලා මම සංචාරකයන්ගෙන් ඉල්ලනවා..

මෙි පරිසරය විදින්න නමි යන්න මද්‍යසාරයෙන් තොරව …. ඒතකොට තමයි එ ගමනට වටිනා කමක් ලැබෙන්නේ. අරන් යන සියළුදේ නැවත රැගෙන ඒන්න… මතුපරපුරටත් මෙම සුන්දර පරිසරය දැකිමට ඉතිරි කරන්න…විශෙෂයෙන් තමන්ගේ ආරක්ෂාව ගැන නමි සැළකිලිමත් වෙන්න…. රිවස්ටන් කියන්නේ ඔිනම අයෙකුට බියක් නැතිව තනිව සංචාරය කලහැකි තැනක් උනත් තමන්ගේ ආරක්ෂාව තමන්ම තමයි…

නිසංසලා රණසිංහ

Sign up for our newsletter