වචන රහට Mix කරන එංගලන්තයේ හඩ පෞරුෂය
SAJITH WATHSALA
1. කොහොමද සජිත් මේ දවස් වල ජීවිතේ
මේ දවස්වල ජීවිතයේ අර ගීතවල කියනව වගේ සැප දුක සමබරව ගලන ජීවිතයක් ගත කරනවා. ඉතින් ඒ වගේම එංගලන්තයේ තිබෙන ප්‍රාසාංගීක අත්දැකීම් 2024 වසරට මම සන්නිවේදකයකු විදිහට සහභාගි වන අවසන් ප්‍රසංගය වෙන්නේ නොවැම්බර් තිස් වැනිදා ඒ හැඟුම් හැන්දෑව , ක්‍රොයිඩන් වල ස්වභාවික සංගීතයට ආදරය කරන පිරිස වෙනුවෙන් කරන වැඩ සටහනකදී. මේ දිනවල එය සැලසුම් කරගෙන යනවා. මොකද අවසානයේදී දෙසැම්බර් මාසයේදී මුළු දෙසැම්බර් මාසයෙන් වගේම ඉන්නෙ ලංකාවේ. ඒකට හේතුව තමයි මගේ ජීවිතයෙ පළවෙනි වතාවට හීනයක් සැබෑ වෙන මාසයක් බවට එය පත්වෙනවා .එනම් පළමුවන වතාවට ආචාර්ය රෝහණ වීරසිංහගේ සංගීත ජීවිතයට අවුරුදු 50 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් සංවිධානය කරන “ආදරණීය රෝහණ” ප්‍රසංගය , ලංකාවේ කොළඹත් ඒ වගේම නුවර ධර්ම රාජ විද්‍යාලයට ඒ කියන්නේ මහනුවර ඉතින් මෙන්න මේ වැඩසටහනෙදි මම සන්නිවේදකයෙකු විදිහට සහභාගි වෙන්නට කටයුතු කරනවා. ඒ වගේම ඒ වැඩසටහන ප්‍රවර්ධන පැත්තෙනුත් 2025 සංවර්ධන නිලධාරියෙක් විදිහට මගේ වැඩ කටයුතු කරගෙන පෞද්ගලික ජීවිතය දේවලුත් කරගෙන මේ දවස්වල ඉන්නවා.
2. සජිත් වත්සල කියන චරිතය පද ගලපලා රස මුසු කරලා හැමෝම ගැන අදහස් වචන කරන එකේ අද කියමුද ඔයාගෙම වචන වලින් සජිත් වත්සල කියන්නෙ කවුද කියලා
සජිත් වත්සල කියන්නේ මේ අපි මැගසින් සගරාව කියවන රසික රසික වියන් වගේම එංගලන්තයේ වෙසමින් ශ්‍රී ලංකාවේ හර්දස්පන්දනයට ආදරය කරන චරිතයක් කිව්වොත් මං හිතන්නේ මං නිවැරදියි. ඒ වගේම කලාව මගේ ආත්මයට ලං කරගන්නට සන්නිවේදකයෙක් විදියට ඒ කලාවට මා වෙන්න මට කරන්න පුළුවන් ශක්ති ප්‍රමාණයෙන් යමක් මේ සමාජයට ඉතිරි කිරීම බලාපොරොත්තුවෙන් දිවි ගෙවන චරිතයක් කිව්වොත් නිවැරදියි.
3. A මම හිතන විදියට ගොඩක් දෙනෙක් සජිත්ගෙ ආරම්භය දන්නෙ නෑ. අපි ඒ ගැන කතා කරොත්
මගේ ජීවිතයේ ආරම්භය ඉතින් මම ඉපදෙන්නේ මාතර ඊට පසුව මගේ සිත් සතර හදාරන්නට මම යන්නේ මාතර රාහුල විද්‍යාලයට ඉතින් මාතර රාහුල විද්‍යාලයේ , නැතිනම් මේ ප්‍රධාන ශාලාවේ වේදිකාව තමයි සජිත් වත්සල නිර්මාණය වෙන්නේ. ඒ මුල්හලේ සිටි මගේ යහළුවන් එවකට සිටි සිසුන්ගේ අත්පොළසන් නාදය ගුරුවරුන්ගේ අත්පොළසන් නාදය තමයි මේ සන්නිවේදකයකු වීමට තිබුණු සිහිනයට ආත්ම ශක්තිය බවට පත් වෙන්නේ.
ඒ කාලයේදී තමයි මට හේම නලින් කරුණාරත්නයන් හමුවන්නේ එතුමන්ගේ ආභාෂයත් එක්ක ලැබුණු දැනුම් සම්භාරයත් එක්ක සන්නිවේදකයෙක් වීමේ වෘත්තීමය හීනයක් බවට පත්කරගන්න උත්සාහ කරන්න කළ නමුත් මට ලංකාවේ මාධ්‍ය භාවිතය පිළිබඳව එවකට තිබුණු කලකිරීම නිසා මම තීරණය කරනවා මම සන්නිවේදනයෙකු වන්නට තිබුන හීනය හීනයක් විදියට තබාගෙන Apitt ආයතනයට යනවා . ඉන් අනතුරුව මෘදුකාංගි ඉංජිනේරු විද්‍යාව ගැන ඉගෙන ගෙන එහිදීත් අවසන් වසර දෙක කරන්නට එංගලන්තේ stafordshire university එකට එනවා 2009 . 2009 ඉඳලා 2023 පෙබරවාරි වෙනකම් මයික් එකක් අල්ලන්නේ නෑ. ඒ හීනය කුඩු පට්ටම උන හින්දා. ඉන් අනතුරුව එංගලන්තයේ වෙසෙන පිරිස එක්ක මං සන්නිවේදකයෙක් වශයෙන් කටයුතුයි කරනවා . එදා සිට අද වෙනතුරුම සන්නිවේදනයේ සහ මගෙ පෞද්ගල ජීවිතයේ වැඩ කටයුතු කරගනිමින් කාර්යබහුල ජීවිතයක් ගතකරනවා.
4. එංගලන්තයේ ඉවෙන්ට් එකකට නැතුවම බැරි කටහඩක් කියන තැනට ඔයා ඔයාගෙ තැන නිර්මාණය කරගත්තෙ කොහොමද
මා හිතනවා මිනිසුන්ගේ ආදරය. එංගලන්තයේ ඉවෙන්ට්ස් ගැන කතා කරනකොට එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් තමයි මට සන්නිවේදකයන් විදිහට, ඔවුන් මම වේදිකාවට නගින කොට අත්පුඩි ගහලා මාව දිරි ගන්වපු නිසා, තව ඉවෙන්ට්ස් තියෙනවා නම් ඒවට මාව නිර්දේශ කරේ. ඔබ අහල තියනවනම් ලංකාවෙ නාට්‍ය කලාවේ භෞතිස්ම කිරීම ඉස්සර කාලෙ නාට්‍යයක් ජනගත කිරීම මුලින්ම ඒක අරන් යන්නේ පේරාදෙණිය සරසවියේ වලට. වලයේ මිනිස්සු අප්පුඩි ගැහුවොත් තමයි නාට්‍ය ජනගත කිරීමට සුදුසුයි කියලා අධ්‍යක්ෂකවරු කියන්නේ ඒවගේම තමයි එංගලන්තය වෙසෙන හැමෝම මාව දිරිගන්නපු නිසා තමයි මං හිතන්නේ අද මම මෙතරම් ඉදිරියට එන්න හේතුව. අන්න ඒ එක්කම මට සිංහල හා ඉංග්‍රීසි බාශා දෙකම භාවිතා කිරීමේ හැකියාවක් ලැබෙනවා. අපේ ශ්‍රී ලංකාවේ ප්‍රජාව අතරට සන්නිවේදක විදිහට සම්මුඛ වෙන්නට ඔවුන් එයට දෙන ආදරය එයට දෙන ඇල්ම නිසයි මම මෙච්චරක් දුරක් ඇවිල්ල තියෙන්නෙ.
5. සජිත් අද වෙනකොට Brand එකක්. අපි ඒක ගැනත් ටිකක් කතා කරමු
ආසාව උනන්දුව අත්නොහැරීම කියන වචන තුනන් තමයි ඕනම බ්‍රෑන්ඩ් එකක් නිර්මාණය කරන්න හේතුව, හැබැයි මම විශ්වාස කරන දෙයක් තමයි මේ ලෝකේ සිටින හැම මිනිසෙක්ම ආවේණික වූ පර්සනල් බෑන්ඩ් එකක් තියෙන කෙනෙක් සමහර අය ඒ සන්නාමය දුරටත් වැඩි කර ගන්නේ කොහොමද කියලා කල්පනා කරනවා. ඉතින් මම ඒ විදිහට හිතන්නට කැමතියි. මගේ යාලුවන් මගේ වටපිටා වේ පිරිස දිරිගන්වන පුද්ගලයෙක් විදිහට ඒ ආදර්ශය මම සපයන්න බැඳිලා ඉන්නවා, ඉගෙනීම් ක්‍රියාවලිය කියන එක ජීවිතේකටම තියෙන්න ඕන දෙයක් මම අදටත් මගේ සිංහල ගුරුතුමා වෙච්ච බී එල් කරුණාතිලක ගුරුපියාණන් ගෙන් දේවල් අහගන්න අවස්ථා ගොඩක් තියෙනවා . සමහර දවස්වල වේදිකාවට නගින්නට පැය දෙකකට කලින් සර් මම මේ වචනේ පාවිච්චි කරන්නෙ කොහොමද කියල මම අහපු අවස්ථාවල් තියෙනවා. ඉංග්‍රීසි භාෂාව ලංකාවේ ඉන්නකොට මේ විදියට කතා කරන්න බැරි වෙන්න පුළුවන් අදත් මම ඉගෙන ගන්නවා. හැබැයි අවුරුදු 15ක කාලයක් එංගලන්තේ ජීවත් වෙනකොට ඉංග්‍රීසි භාෂාව භාවිතයෙන් පමණක් නෙවෙයි. මගේ ජීවිතේ ප්‍රියතම චරිතයක් තමයි ඔබාමා කියන්නේ. ඉතින් ඒ වගේ චරිත වේදිකාවල කතා කරන්නේ කොහොමද මිනිස්සුන්ගේ හදවත අර අපි කියනවා වගේ මයිල් කෙලින් වන ඔවුන්ගේ ශෛලීන් මගේ ජීවිතයට මට ගැලපෙන විදියට මේවා සකසා ගන්නේ කොහොමද කියලා හැමතිස්සෙම හිතනවා. ඉතින් ඔන්න ඔය කැප කිරීම් එක්ක තමයි වේදිකාවේ දකින බ්‍රෑන්ඩ් එක නිර්මාණය වෙන්නෙ. ඒ සමාජ මාධ්‍යයත් විශාල කාර්යභාරයක් දැන් දවසේ අපි වෙනුවෙන් කරනවා. එයට උදාහරණයක් ඔබට රූපවාහිනියක් ගුවන් විදුලියක් තියෙන්නට ඕන නෑ පුවත්පක් තියෙන්නට ඕන නෑ නිදහස් අවකාශයක් නිර්මාණය කරගෙන ඔබේ තියෙන දක්ෂතාවය පෙන්නන්නට හොඳ තැනක් සමාජ මාධ්‍ය කියන්නෙ. මං හිතනවා මා එය මුල් කාලෙත් 2023 වසරේදී සන්නිවේදකයකු වශයෙන් කියනකට සතියේ දින හතට reals හතක් මම මුදා හරිනවා. මුහුණ පොතේ අන්න ඒ තුළින් තමයි මා කියන බ්‍රෑන්ඩ් එක ගැන මුලින්ම මිනිස්සුන්ට එහෙම නැත්නම් ශ්‍රී ලාංකීය සමාජයටම පණිවිඩයක් යවන්නේ, අද එංගලන්තයේ මිනිස්සුන්ට මම ශ්‍රී ලාංකීය මිනිස්සුන්ට මගේ හදවතේ ගෞරවය පුද කරන ගමන් ලංකාවේ සමාජයට සජිත් පුවත් සැලකෙන ප්රැන්ඩ් එක කොහොමද අරගෙන යන්න ඒකත් මට තිබෙන හීනයක්. ඉතින් ඒ හීනය දැන් ම ම තබන කොට ඉතින් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ?
6. එංගලන්තයේ ශ්‍රීලාංකිකයන් අතර ඉන්න කෙනෙක් විදියට මේ වගේ Events රැල්ලක් කලමණාකරනයකින් තොරව වෙන එක ගැන මොකද හිතෙන්නෙ සහ ඉස්සරහට මොනවා වෙයිද
එක්තරා විදියක අභියෝගාත්මක ප්‍රශ්නයක් මගේ පිළිතුර තමයි ඕනෑම තැනක වැඩ වෙනකොට වැඩියෙන් එතන තරඟයක් ඇතිවෙනවා. ඒක තමයි අ යථාර්ථය නිව්ටන්ගේ තුන්වන නියමය වගේ හැබැයි එහෙම වැඩ වෙනකොට සංවිධායකවරුන්ගේ පැත්තෙන් සංවිධායකවරුන්ට මොකක්ද වෙන්නේ එංගලන්තේ ඉන්නවා ඒ වගේම ගේම පැරණි සංවිධායකින් පිරිසක් අද වෙනතුරුත් විශාල ප්‍රමාණයේ වැඩ කටයුතු රැසක් එංගලන්තයේ ශ්‍රී ලාංකීය ප්‍රජාව වෙනුවෙන් දායක කරනවා දැන් ඉදිරියට එනවා. මේ හැම දෙනාටම වෙනදා ගායකයන් ගෙනල්ලා වේදිකාවක් අරගෙන ඊට පස්සේ ඒ වේදිකාවට බෑන්ඩ් එකක් කරපු සංදර්ශනයේ ගිහිල්ලා කොහොමද මේක ඇතුලට කලාවක්ැඳීමදද මේකද මේක ඇතු කියලා හිතන්න වෙලා තියෙනවා තමන්ගේ වැඩකටයුතු සාර්ථක කරගන්නට මොකද ඒ තරම් එව වෙනවා. හැබැයි එහෙම ියලා හිතන්න වෙලා තියෙනවා තමන්ගේ වැඩකටයුතු සාර්ථක කරගන්නට මොකද ඒ තරම් වෙනවා. හැබැයි එකම යෝජනාව තමයි මේ ලංකාවේ සමාජයට අපි කරන්නේ එක්තරා විදිහක අසාධාරණයක් මට මේ ස්වභාවි වැඩේට යන්නත් අවශ්‍යයි මට මේ ලස්සනට නටන්න පුළුවන් වැඩේට යන්නත් ආසයි හැබැයි මට ඒ දෙකට යන්න බෑ එකම දවසක ම මං හිතනවා එක්ක සිංහල ඕනෑම සංවිධායකවරයෙකුට බලන්නට පුළුවන් වෙන්න ඕන අර අපේ ශ්‍රී ලාංකීය ප්‍රජාවගේ වැඩසටහන් මොන මොන විදිහටද මේ සිතියමේ අඩංගු වෙන්නේ අනුව අපි දින සති ගලපල මේ වැඩ කළොත් මා හිතනවා ඉදිරියටත් මේක අර අපි කියනවා වගේ Sustainable වැඩක් බවට පත්වෙනවා.
7. තවත් එක කඩයිමක් තමයි තමන්ගෙ විදුහල වෙනුවෙන් දෙයක් කරන්න ලැබීම. අපි ඒ දේ ගැනත් කතා කරමු
මාතර රාහුලය වෙනුවෙන් මං හිතන්නේ ගයාන් ඔබ ඔය අහන්නේ අපි තාරකා කොටුව කියල වැඩසටහනක් කරන්න ගියා. හැබැයි යම් යම් හේතු වූ නිසා මේ වැඩසටහන කර ගන්නට හැකියාව ලැබුණේ නෑ.එහි අරමුණ වුණේ මාතර රාහුලේ මුල්හල එහෙම නැත්නම් ප්‍රධාන ශාලාව පසුගිය රජය විසින් කඩල දමලා එය යළි ප්‍රතිසංස්කරණය නොකරපු නිසා දරුවන්ට අද වෙනකොට වේදිකාවක් නෑ. හැබැයි ඒ මුල් වේදිකාව තමයි මාව හැදුව ඒ ඒවගේම දක්ෂ කතිකයන් පිරිසක් දක්ෂ සංගීත වේදීන් පිරිසක් සහ හොඳ හඬවල් ටිකක් වගේම රට දැය කරවන්න පුලුවන් චරිත තෑගි ගත්තේ මේ ත්‍යාග මේ මුල්හලේ . හැබැයි අද මගේ පාසලට එය නෑ. ඉතින් එංගලන්තයේ වෙසෙන ඒ රාහුල ප්‍රජාව එහෙම නැතිනම් ආදි සිසුන් මේක කරන්න ගියාට මේක කරන්න වුනේ නෑ. ඒ පිළිබඳ විශාල කණගාටුවක් තියෙනවා. හැබැයි මම එදා තීරණය කළා. මා කරන යම් ව්‍යාපෘතියක් හරහා මගේ පාසල වෙනුවෙන් යම් දෙයක් මා කළ යුතුයි කියලා. ඉතින් එංගලන්තයේ කටයුතු සංවිධානය කරන එක්තරා සංවිධායකයයෙකු සමග සාකච්ඡා කරලා මේ දේට කරන්න පුළුවන් මොකක්ද කියලා දැන් සාකච්ඡා කරමින් යනවා. ඒ වගේම ඊළඟ වසරේ මං හිතනවා අප්‍රේල් මැයි වගේ කාලය අතර අපිට යමක් කරන්නට ලැබෙයි කියලා.
8. අද සජිත් ඉන්න තැනට මේ එංගලන්තෙ ඉන්න සංනිවේදනයට ආස අයට ඔයාගෙ අතදීම කොයිවගේ වෙයිද සහ මොනවද ඒ අයට කියන්න තියෙන්නෙ
මා හිතනවා අපෙන් අපි මරණ මංචකේ ඇස් පියා ගන්න කලින් යමක් සතුටෙන් කල්පනා කරන්න පුළුවන් නම් අපි මේ ජීවත්වන සමාජයට යමක් දායාද කළා කියලා ඒක තමයි හොඳම දේ. ඉතින් අන්න ඒ හින්දා මා හිතනවා මා ආදරේ තෝරා ගත් නිකාය සන්නිවේදනය නම් ඒ සන්නිවේදනය වෙනුවෙන් ඉදිරියට මා වෙනුවෙන් යමක් කළ යුතුද ඒ කිරීම නොපිරිහෙලා මගේ යුතුකම .අන්න ඒ හින්දා මේ දිනවල සන්නිවේදනයට ආදරය කරන තරුණ තරුණයන් හතර පස් දෙනෙක් එකතු කරගෙන ඒ අය වෙනුවෙන් පුහුණු කඳවුරක් කරන්න නොවැම්බර් මාසේ 23 වැනිදා, සැලසුම් කරලා තියෙනවා. ඒ කියන්නේ මේක ලියනකොට සමහර විට මම මෙය කර අවසන් වෙන්න පුලුවන් . මගේ බලාපොරොත්තුව තියන්නෙ එවැනි පුංචි පුංචි ව්‍යපෘති හරහා මට පුලුවන් විදිහට අනාගත සන්නිවේදන පරපුර නිර්මාණය කරන්නට දායක වෙන එක.
9. මේතාක් දුරක් ආපු ගමනට සහයක් වුන හෝ අත දුන්න අය ගැන මතක් කරොත්
එය කියන්න ගියොත් අද මේ සඟරාවේ මං හිතන්නේ ඔබට පිටු විශාල ප්‍රමාණයක් ඕන වෙයි. එය සඳහන් නොකොට මම මුලින්ම මහා පොදු සාධක විදියට කියාගෙන යන්නම්, මාතර රාහුලේ බී එල් කරුණාතිලක ගුරු පියාණන් , ඒ වගේම කිත්සිරි ලියනගමගේ විදුහල්පතිතුමන්, මේ දෙදෙනාව ආදරයෙන් සිහිපත් කරන්න ඕන. ඒ ඇතුළු ගුරු පරපුරම මාව දිරිගන්වලා ඒ වගේම මගේ යාළුවෝ එදා එවකට සිටි සිසුන්ගේ අත්පොළසන් නාදය තමයි මාව සිතියමේ තිබ්බේ . ඒ වගේම හේම නලින් කරුණාරත්නයන් අමතක කරන්නටම බෑ.. මොකද එතුමන් තමයි මට ජීවිතය කියා දුන්නෙ.
මුහුදේ වතුර මහ ගංගාවට වැඩියි බොන්නට බැරිය ඒ වතුරේ ලුණු වැඩිය
වචන ගොඩක් උණු තරමට රහ නැතිය හරිම තැනට එක වචනෙත් මදි නැතිය.
ඉතිං ඒක අද වෙනකම්ම මගේ ජීවිතේ රැඳිලා තියෙනවා. ඊට පස්සේ මේ හීන සේරම මදකට අමතක කරලා එංගලන්තයට ආවට පස්සේ. එංගලන්තේ වෙසෙන ශ්‍රී ලාංකීය ප්‍රජාව මාව ආදරෙන් වැළඳ ගත්ත නිසාවෙන් තමයි යලිත් ඒ හීනයට අත්තටු හම්බවුණේ. ඒ හින්දා එංගලන්තේ වෙසෙන ආදරණීය ශ්‍රී ලාංකික මිනිසුනි ඔබ මට දුන් දිර ගැන්වීම ඔබගේ අත්පොළසන්නාදය ඔබ සමාජ මාධ්‍ය හරහා මට කරන දිරිගැන්වීම්, මේ සියල්ලටම මා හදවතින්ම ණය ගැතියි. ඒ නිසාවෙන් මගේ මේ හීනයට පන්නර එකතු කරන්නට හැකියාව ලැබුණා. ඉතින් ඔබ සියලු දෙනාම ආදරෙන් සිහිපත් කරනවා. එහෙම සිහිපත් කරලා අවසානයට මම කියන්න කැමති මගේ ජීවිතයේ මට වැඩිම දෙයක් කළ චරිතය කවුද කියලා එයා අද මාත් එක්ක ජීවත් නොවෙන අපිත් එක්ක අද නෑ මගේ ආදරණීය තාත්තා. මම තාත්තා වෙනුවෙන් තමයි සන්නිවේදකයකු බවට පත් වුණේ තාත්තව සතුටු කරන්න සන්නිවේදකයෙක් බවට පත් වුණේ. තාත්තා හැකි පමණින් මාතර ඉඳගෙන කොළඹට මාව එක්කන් ගිහිල්ලා, මම ජයග්රහණයන් ගන්නකොට මට මුලින්ම කිව්වේ ඉස්කෝලෙට කතා කරන්න සර්ට කතා කරන්න. මගේ ඔලුවෙන් කලින් සර්ට කතා කරන්න මගේ ඔළුව ඉඹින්නත් කලින්. ඉතින් ඒ ආදරණීය තාත්තාව ආඩම්බර කරන්න තමයි හැමදාම මම වේදිකාවේ දාහක් මිනිස්සු ඉස්සරහා ඉන්නකොට මම ඔලුවේ තියාගෙන හිටිය මම තාත්තාව ආඩම්බර කරන්න විදිහට මම මේ වැඩේ ඉවර කරනවා කියලා. ආදරණීය තාත්තවත් සිහිපත් කරන්න ඕනේ.
10. අවසාන වශයෙන් ඔයා හොදටම දන්න අපි මැගසින් එක ගැන ඔයාගෙම වචනෙන් කිව්වොත්
කියන්නේ ලංකාවෙන් සැතපුම් දහස් ගණනක් දුර ඉන්න ඕනෑම ශ්‍රී ලාංකිකයක්ද ඒ වගේම ලංකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ටත් තමන්ගේ ඩිජිටල් සන්නාමය විදියට බය නැතුව පාවිච්චි කරන්න පුළුවන් සාහිත්‍යා තොරතුරුවේවා මේ හැම අනාවරණය කරන්නට ඩිජිටල් මාධ්‍ය හරහා ඔවුන් තනන තැත ඉතා අපූරුයි. ඒ වගේම විශේෂ ස්තුතියක් කරන්නට ඕනේ අපේ ආදරණීය ගයියාට මොකද ගයාන් ඇතුළු මේ කණ්ඩායම මේ ධෛර්යය දැක තිබෙනවා සමහරක් වෙලාවට තම පොකෙට්ටුවෙන් හරි මේ වැඩේ අපිට අඛණ්ඩව කරලා දෙන්න ඕනේ. ඒ වගේම අපි මැගසින් එක අඛණ්ඩව රිලීස් කරන්න ඕන කියන මතයේ ඉඳගෙන මේ කටයුතු කරන නිසාම තමයි අපි මැගසින් සාර්ථක වෙන්නේ අවුරුදු පහක් සමරනවා අද අපි මැගසීන් මම හිතනවා මේ අවස්ථාවේදී අපි දාඩම්බර වෙන්නට ඕන ලාංකිකයන් විදියට ඒ වගේම අපි වැනි අයටත් අවස්ථාව දෙන්නට විශාල ලෙස අපි මැගසින් සඟරාවේ ගයාන් කටයුතු කරලා තියෙනවා ඉතින් ගයන්නටත් මගේ ආදරය මේ වෙලාවේ ඇති සියලු දෙනාට මේ වැඩ ඉදිරියටත් කරන්නට සුබ ප්‍රාර්ථනා එකතු කරනවා.