Bellwood…. මෙික යන්නම ඔින ගමනක්….ඇත්තටම මට එහෙම හිතුනා එ කොළපාට ලොකයට ගියාම… නුවර ඉදන් අමිපිටිය තලාතුඔය පහු කරලා 20km ගිය තැන හමු වෙන සුන්දර පරිසරයක්…. උස් බිමක පිහිටි වැවත් එක්ක තියන කදු ගැටය නිසා බොහො දේශිය සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගෙන තියන තැනක් තමයි මෙි බෙල්වුඩි කියන්නේ ….
ඉතිං මම ගියා මෙි සුන්දර පරිසරය හොයාගෙන එ පැත්තට… තනියම නමි නෙවෙයි ගිය වර මගෙත් එක්ක ගල්බොඩ ඇල්ල බලන්න ගිය මිතුරිය වගේම කබරගල , අවාරේ සිරිපාදේ ගිය මිත්‍රයෙක් මෙි ගමනට මාත් එක්ක එකතු උනා…
ඉතිං කතා කරගත්ත විදිහට මුලින්නම මම ආවෙි නුවරට….නුවරින් බෙල්වුඩි බලා යන බස් රථයට ගොඩ උනේ මිතුරියත් එක්ක… එ මොහොතේ තමයි කලින් පැවසු මිත්‍රයාත් මෙි ගමනට අපි එක්ක සමිබන්ද වන බව පැවසුවෙි… ඉතිං ඔහු පැමිණෙන තුරු අපි බස් රථයෙන් ගමන ආරම්භ කලා…
උදේ 7.40ට නුවරින් පිටත්වු බස් රථය හෙමින් ගමනින් අමිපිටිය තලාතුඔය හරහා ආවා බෙල්වුඩි වලට.. බස් එකෙන් බහිද්දි උදේ නමයයි.. එතන ඉදන් අපි දෙන්නා සීතල ෆයිනස් කැලේ මැදින් වැටිලා තියන පාර දිගේ ඉදිරියට ඇවිදගෙන ගියා… ඇත්තමයි එ ෆයිනස් යාය නමි මගේ දැස් පිනෙවුවා හරි අපූරුවට….. එ සීතල වගේම ෆයිනස් ගස්වල අතු හුළං සැරට දෙන ශබ්දය වගේම කුරුළු හඬ මගේ ගතයි සිතයි ප්‍රබෝධමත් කලා…
දැනගන්න ලැබුණු විදිහට මෙි ෆයිනස් කැලේ මැදින් වැටි ඇති මාර්ගයේ දුර 2km කියලා කිවුවත් මට නමි හිතුනේ ඊට වඩා වැඩි ඇති කියලා… කොහොම හරි අපි මෙි සුන්දර ෆයිනස් කැලේ පහු කරගෙන ආවා කාපටි පාරට… වාහන වලින් එන අයට ෆයිනස් කැලේ මඟහැරෙනවා.. මොකද එයාලට එන්න වෙන්නේ කාපටි පාරේ නිසා… මට හිතෙනවා ෆයිනස් කැලේ මැදින් වැටුණු පාරට වඩා කාපටි පාර ලගයි කියලා.. අපි එද්දි ආවෙි එ මාර්ගයේ නිසා.. හැබැයි සුන්දරම මාර්ගය ෆයිනස් කැලේ මැදින් වැටුණු මාර්ගය තමයි…
කාපටි පාර අයිනේ තියන පොඩි කඩෙන් රොටියක් වඩෙි එකක් කාලා ප්ලෙන්ටියකුත් බඩට දාගෙන ඉතිරි කිලෝමිටරය යන්න ගත්තේ ඉර මාමා අපිව හොදටම තෙහෙටිටු කරද්දි…. මොකද පුදුම අවුව සැරක් තිබුණේ… කොහොම හරි අපි එ ලස්සන මුතුකෙලින වැව ලගට ආවාම අවුව සැර නිසා දැණුන වෙහෙස නැත්තටම නැති වෙලා ගියා… එක තනිකරම කොළපාට පාරාදීසයක්…
බෙල්වුඩි කියන්නේ කාලෙකට කලින් හොද සාරවත් තේ වගාවක් තිබුණු අක්කර 500ක භුමියක්… එ ප්‍රදේශයේ ජිවත් වෙන ජනතාව තමන්ගේ ආදයමි මාර්ගය විදිහට තේ දළු නෙලා ගැණිම තමයි ජිවනොපාය විදිහට කරගෙන ගිහින් තියෙන්නේ, නමුත් කාලයාගේ ඇවැමෙන් තේ වගාව නැත්තටම නැති වෙලා… තාමත් දැකගන්න පුළුවන් තේ වගාවන් සදහා බිමි සකස් කර තිබු අන්දම…
තේ වගාව නැති වෙද්දි එහි මිනිස්සු ගවයන් වගේම එළුවන් කුකුලන් හදන්න පටන් ගෙන.. දැන් ඔවුන් ජිවත් වෙන්න මුදල් හොයාගන්නේ එ සතුන්ගෙන්.. දුෂ්කරයි කියලා හිතුවාට නුවරට ඇත්තේ 20kmක දුරක් නිසා දුෂ්කරතාවයක් නෑ…
මුතුකෙලින වැව අසල ඇති කුඩා කදු ගැටය මතට නැග ගත් විට හාත්පසම දැකගත හැකියි.. ජලාශ වගේම මා නමි නොදන්නා කදු ගැට පිරිවරා අපුර්වත්වයක් දැස් මානයේ දිස් වෙන්නේ දැඩි අවු රශ්මියත් නොදැනි යද්දි….
මම දුටුවා එක් කණ්ඩායමක් මුතුකෙලින වැවෙ අයිනෙන් නානවා.. එත් මම නමි හිතන්නේ එක එ තරමි සුදුසු නෑ කියලයි.. එන අතරමග තියනවා ලස්සන දියපාරක් නාන්න අවශ්‍ය නමි එ දිය පාරෙන් නාන්න පුළුවන් යන අයට…
එ වගේම මතක් කරන්නම ඔින එහි කඳවුරු බැදීමට හො නැරඹීමට යනවා නමි තමන්ගේ ආරක්ෂාව වගේම තමන් රැගෙන යන දේ ගැනද අවදානයෙන් සිටින්න… මෙි ගමිමු කීප දෙනෙක් පුරුදු වෙලා තියනවා සංචාරකයන්ගේ දේවල් සොරාගන්න.. මටත් එහි ගිය පසුයි දැනගන්න ලැබුණේ….
ඉතිං යන්න එ සුන්දර කොළපාට පරිසරය විදගන්න වගේම රසවිදින්න… හැබැයි මතක ඇතුව තමන්ගේ කුණු නැවත රැගෙන එන්න තරමි කාරුණික වෙන්න.. මොකද මෙි සුන්දරත්වය විදින්න අයිතිය තියෙන්නේ ඔබට මට විතරක් නෙවෙයි අපි හැමොටම……
නිසංසලා රණසිංහ