එක්තරා දවසක මිනිසෙක් දුම්රියක ගමන් කරමින් සිටියේය.මගදී ඔහුට පිපාසය දැනුණ අතර ඔහු වතුර සොයා නැවතුමක බැස්සේය.ඔහු එම නැවතුමේ වතුර කරාමයට ළඟා වූ විගසම දුම්රිය විසිල් ගසන හඩ ඈතින් ඇසිණි .මිනිසා දුම්රිය අල්ලා ගන්නට දිවගිය නමුත් ඔහුට දුම්රිය මඟ හැරුණි.පරිසරය අඳුරු වැටෙමින් තිබූ නිසා එදින රාත්‍රිය දුම්රිය ස්ථානය ගත කිරීමට ඔහු තීරණය කළේය.පසුදා උදෑසන අවදි වී ඔහු ඊළඟ දුම්රිය පිටත් වන්නේ කීයටද යන්න දුම්රිය ස්ථානාධිපතිගෙන් විමසීය.ඔහුට දැනගැනීමට ලැබුණේ ඊළඟ දුම්රිය ඇත්තේ පසු දිනක බවයි.එම නිසා දිනක් ඒ අවට නතරවීමට තැනක් ඔහු සෙවීමට පටන් ගත්තේය.ඔහු කාමරයක් සෙවීමට ඒ අවට ලැගුම්හල් වෙත ගමන් ගත් නමුත් ඔහුට කාමරයක් සොයා ගැනීමට නොහැකි විය.අවසානයේ ඔහු කුඩා පැල්පතකට ළඟා විය.ඔහු පැල්පතේ අයිතිකරුගෙන් තමාට එක් දිනක් ඔහුගේ පැල්පතේ රැඳී සිටීමට ඉඩ ලබා දෙන මෙන් ඉල්ලා සිටියේය.අයිතිකරු එයට එකඟ විය.වෙන අයිතිකරු මිනිසාට කෑම පිළිගන්වා ඔහුට නවතින්නට කාමරයක්ද ලබා දුන්නේය.නමුත් ඔහු ඒ වෙනුවෙන් කිසිදු මුදලක් ඉල්ලා සිටියේ නැත.ඔරලෝසුවේ හත වැදුණු විට මිනිසාට දොරට තට්ටු කරන හඬක් ඇසිණි.අයිතිකරු දොර හැර බැලූ විට හොඳින් ඇද පැළඳගත් මිනිසෙක් පැල්පතට ඇතුළු වී තම ණය ගෙවන ලෙස අයිතිකරුගෙන් ඉල්ලා සිටින බව මිනිසා දුටුවේය. පසුවදා මිනිසා පැල්පතේ අයිතිකරුට ස්තූති කර පැල්පතින් පිටව ගියේ කොළ කැබැල්ලක් සහිත පාර්සලයක් පැල්පතේ තබමිණි. මිනිසා ගිය පසු පැල්පත් අයිතිකරු පාර්සලය දැක එය විවෘත කළේය .එහි “ඊයේ නිවසට පැමිණි මිනිසා ඔබ හා කතා කරන විට මම එය අසා සිටියා.ඔබ මගෙන් කිසිදු මුදලක් ඉල්ලුවේ නෑ.ඔබේ මිනිසත් බවට ත්‍යාගයක් ලෙස මෙම මුදල පිළිගන්න “ලෙසයි.
ආදර්ශය -: ඔබ අන් අයට උපකාර කරන විට ඔබටත් පෙරළා උපකාර ලැබේ.
සටහන -පියුමි නෙළුමිකා