Category: Short-Stories
25-may-21
25-April-24
ඉස්කෝලෙට ගියා…
රතුපාට මල් වැටුනු
ගුරු පාරේ හෙමි හෙමින්
ඉස්සරම අතීතෙක
මතක පොදි අවුස්සා,
සුදු ගවුමේ රැළි හදන්
දග කෙරූ දවස් යළි
හීන් සීරුවේ ඇවිත්
සියොළගම දැවටුනා…
ඉන්දියන් විලෝ යටදි
සිනා කැන් සරසාදා
පැසැලට ආව ගිය
දවස් යළි වින්දා,
බද්‍ර යෞවනය ලග
හීන පොදි එකතුකර
එක පවුලේ සොයුරියන් සේ
අපි ජීවිතේ වින්දා…
එදා සිටි උන් නැතත්
ඉස්කෝලේ නැත මහලු
හරි ආදරෙන් තාම
වැළදගෙන ඉම්බා…
අ යනු ආ යනු කියා
අමර සල් ගස් බලා
නයනා එනතුරු තාම
මගබලන් ඉන්නා…
සොළොස් වසරක් පුරා
හරි ආදරෙන් බදා
අපි අපිට ආදරෙන් උන්නු
ඉස්කෝලෙට ගියා…
නෙතග කදුලක් පුරා
මතකයන් අවුස්සා
හෙමි හෙමින් ආයේ මං
ගුරුපාරෙම ආවා…
රීනා
කාරුණිකත්වයට තෑග්ගක්
එක්තරා දවසක මිනිසෙක් දුම්රියක ගමන් කරමින් සිටියේය.මගදී ඔහුට පිපාසය දැනුණ අතර ඔහු වතුර සොයා නැවතුමක බැස්සේය.ඔහු එම නැවතුමේ වතුර කරාමයට ළඟා වූ විගසම දුම්රිය විසිල් ගසන හඩ ඈතින් ඇසිණි .මිනිසා දුම්රිය අල්ලා ගන්නට දිවගිය නමුත් ඔහුට දුම්රිය මඟ හැරුණි.පරිසරය අඳුරු වැටෙමින් තිබූ නිසා එදින රාත්‍රිය දුම්රිය ස්ථානය ගත කිරීමට ඔහු තීරණය කළේය.පසුදා උදෑසන අවදි වී ඔහු ඊළඟ දුම්රිය පිටත් වන්නේ කීයටද යන්න දුම්රිය ස්ථානාධිපතිගෙන් විමසීය.ඔහුට දැනගැනීමට ලැබුණේ ඊළඟ දුම්රිය ඇත්තේ පසු දිනක බවයි.එම නිසා දිනක් ඒ අවට නතරවීමට තැනක් ඔහු සෙවීමට පටන් ගත්තේය.ඔහු කාමරයක් සෙවීමට ඒ අවට ලැගුම්හල් වෙත ගමන් ගත් නමුත් ඔහුට කාමරයක් සොයා ගැනීමට නොහැකි විය.අවසානයේ ඔහු කුඩා පැල්පතකට ළඟා විය.ඔහු පැල්පතේ අයිතිකරුගෙන් තමාට එක් දිනක් ඔහුගේ පැල්පතේ රැඳී සිටීමට ඉඩ ලබා දෙන මෙන් ඉල්ලා සිටියේය.අයිතිකරු එයට එකඟ විය.වෙන අයිතිකරු මිනිසාට කෑම පිළිගන්වා ඔහුට නවතින්නට කාමරයක්ද ලබා දුන්නේය.නමුත් ඔහු ඒ වෙනුවෙන් කිසිදු මුදලක් ඉල්ලා සිටියේ නැත.ඔරලෝසුවේ හත වැදුණු විට මිනිසාට දොරට තට්ටු කරන හඬක් ඇසිණි.අයිතිකරු දොර හැර බැලූ විට හොඳින් ඇද පැළඳගත් මිනිසෙක් පැල්පතට ඇතුළු වී තම ණය ගෙවන ලෙස අයිතිකරුගෙන් ඉල්ලා සිටින බව මිනිසා දුටුවේය. පසුවදා මිනිසා පැල්පතේ අයිතිකරුට ස්තූති කර පැල්පතින් පිටව ගියේ කොළ කැබැල්ලක් සහිත පාර්සලයක් පැල්පතේ තබමිණි. මිනිසා ගිය පසු පැල්පත් අයිතිකරු පාර්සලය දැක එය විවෘත කළේය .එහි “ඊයේ නිවසට පැමිණි මිනිසා ඔබ හා කතා කරන විට මම එය අසා සිටියා.ඔබ මගෙන් කිසිදු මුදලක් ඉල්ලුවේ නෑ.ඔබේ මිනිසත් බවට ත්‍යාගයක් ලෙස මෙම මුදල පිළිගන්න “ලෙසයි.
ආදර්ශය -: ඔබ අන් අයට උපකාර කරන විට ඔබටත් පෙරළා උපකාර ලැබේ.
සටහන -පියුමි නෙළුමිකා
මහළු මිනිසා සහ දර මිටියේ කතාව
ක්තරා කාලයක මහළු මිනිසෙක් සහ ඔහුගේ පුතුන් තිදෙනකු දුර ගම්මානයක ජීවත් විය.ඔහුගේ පුතුන් තිදෙනා වෙහෙස මහන්සි වී වැඩ කල නමුත් සෑම විටම එකිනෙකා සමග රණ්ඩු විය.ඔවුන්ව කිසිදා සමාදාන කල නොහැකි විය. කාලයත් සමග මහළු මිනිසා ලෙඩ විය.ඔවුන්ට තම පුතුන් තිදෙනාගේ රණ්ඩු නැවැත්වීමට අවශ්‍ය විය.නමුත් කෙතෙක් උත්සාහ කල ද ඉන් පලක් නොවීය.දිනක් පුතුන් තිදෙනාට පාඩමක් ඉගැන්වීමට සිතා මහළු මිනිසා දර මිටියක් දී එය දෙකට කඩන ලෙස පැවසීය.පුතුන් තිදෙනා දර කෝටු වෙන වෙනම ගෙන ඉක්මනින් එය කඩා නැවත එකිනෙකා හා රණ්ඩු කිරීමට විය.පසුව මහලු පියා දර මිටියක්ම දී එය එක්වර කඩා දමන ලෙස පැවසිය.දර මිටියක් ම තනි අයෙකුට එක්වර කැඩීමට නොහැකි විය. පියා ඔවුන් අමතා ‘ දර තනි තනිව කැඩීමට පහසුය.නමුත් ඔබ තිදෙනාත් දර මිටියක් මෙන් එකට බැඳී සිටින විට ඔබට රිදවීමට අන් අයට නොහැකිය.එම නිසා සමඟියෙන් ජීවත් වන්න’ යැයි පැවසීය.
පුතුන් තිදෙනාට අවසානයේ එකමුතුකමේ අගය පසක් විය.
ආදර්ශය -සමගිය තුළ ශක්තියක් ඇත.
පියුමි නෙළුමිකා
24-05-09
අඳුරු දිවිය සසොඳුරු සෙස සිත්තම් සෙරූ වින්සන්් වැන් ස ෝ
“හදවතත් මුහුද වැනිය.කුණොටු ඇත.රැළි ඇත .නමුත් එහි ැඹුසේම මුතු ඇත.”
-වින්සන්් වැන් ස ෝ-
ඔබ චිත්‍ර කලාව පිළිබඳ සුවිශ ේෂී ඇල්මක් දක්වන්ශන් නම් වැන් ශ ෝ විසින් සිත්තම් කල ‘ Starry Night ‘ශෙවත්
‘තාරකා රාත්‍රිය’ සිතුවම ඔශේ ශනත් සිත් පැෙැර ශ න ඇති බව ශනාරෙසක් .තරු පිරුණු රාත්‍රී අෙශසේ අරුමැසිය
නිල් කෙ පැෙැති වර්ණවලින් ො අපූරු ෙැඩතල මගින් ශ න ෙැර පෑ ‘ තාරකා රාත්‍රිය ‘සිතුවම අපව ඉන්රජාලික
ශලෝකයක අතරමං කිරීමට සමත් ය.නමුත් එම ඉන්රජාලික සිත් තරාශේ දිවිය ඔහුශේ සිතුවම් ශමන් වර්ණවත්
ශෙෝ සුන්දර ශනාවී ය. මරණින් පසු අමරණීය වූ ශමම අනර්ඝ සිත්තරාශේ ජීවන අන්දරය ශේදනීය ය.
වින්සන්් වැන් ශ ෝ 1953 මාර්තු මස 30 වන දින ශනදර්ලන්තශේ උපත ලැබීය.ඔහුශේ පියා ක්‍රිසේතියානි වූ
අතර ඔහුට තිශයෝ නම් බාල සශෙෝදරශයක් විය.
වැන් ශ ෝ තම කලා දිවිය තුළ ශතල් සායම් සිතුවම් 860කුත් ඇතුළු ව කලා නිර්මාණ 2100 කට පමණ ජීවය
ලබා දුන් අනර්ඝ සිත්තශරකි.ඔහු ප ේචාත් උපසේිතිවාදී චිත්‍ර ශිල්පශේ පුශරෝ ාමියකු ශලස සැලශක්.ඔහුශේ
සිතුවම් අතරට භූ දර් න ො ආශල්ඛය සිතුවම් ඇතුළත් ශේ. නමුත් ශමම සුදක්ෂයා වයස අවුරුදු 37 දී සියදිවි
නසා ැනීශමන් මරණයට පත්වීම ශේදයකි.
වැන් ශ ෝ චිත්‍ර කලාව සේවයං අධ්‍යයනශයන් පුරුදු පුහුණු වූ අශයකි. එශමන්ම තම ජීවන මන පුරාවටම දුක්
කරදර වලින් බැට කෑ අශයකි.
වැන් ශ ා 1876 වසශර්දී වරප්‍රසාද අඩු පාසලක ගුරුවරයකු ශලස ශසේවය කශළේය.දුප්පතුන් පිළිබඳ සංශේදී වූ
වෑන් ශ ෝ පසුව ශේව ැතිවරශයකු ශලස අසරණයන්ට උපකාරය කිරීමට කටයුතු කශළේය.නමුත් ශේව ධ්‍ර්මය
පිළිබඳ දැනුම මදිකම බව නිසා ඔහුට දි ටම ශසේවය කිරීමට ශනාෙැකි විය.
වැන් ශ ෝශ කලා ජීවිතය ශදස බැලීශම්දී ඔහුශේ මුල් කාලීන කලා නිර්මාණ ප්‍රතික්ශෂේප වීම ඔහුශේ මානසික
ශසෞඛය ශකශරහි දැඩි බලපෑමක් ඇති කිරීමට විය.ඔහු දැඩි මූලය දුෂේකරතාවලින් පිරුණු ජීවිතයක් ත කළ අතර
ශබාශෙෝවිට සිය සශෙෝදරයා වන තිශයෝශ න් මූලය ආධ්‍ාර ලබා ැනීමට වෑන් ශ ෝට සිදු විය.දක්ෂතාවය ො
කැපවීම ශකතරම් තිබුණද ඔහුට ජීවිත කාලය තුළ විකුණා ැනීමට ෙැකි වූශේ සිතුවම් එකක් ශෙෝ ශදකක් පමණ
ප්‍රමාණයක් බව කියශේ.ඒ සිතුවම වන්ශන Red wine සිතුවමයි.
එශමන්ම ඔහුශේ ආදර ජීවිතයද අවුල් වියවුල් පිරි එකක් විය.
ඔහු පළමුව ආදරය කර උර්සුරා නම් කාන්තාව වැන් ශ ෝව ප්‍රතික්ශෂේප කළ අතර පසුව ඔහු ආදරය කල ඔහුශේ
ඥාති සශෙෝදරියශ න් ද ප්‍රතික්ශෂේප විය.ශමම ප්‍රතික්ශෂේප වීම් නිසා ඔහු ශබාශෙෝ සිත් තැවුලට පත් විය. ඔහු
ක්‍රිසේීන් නම් ැබිණි ණිකාවකට ශපම් කලද එම සම්බන්ධ්‍තාවය ද අතරම නැවතිණි.අවංක ආදරයක් තමාට
ශනාමැතිකම ශෙේතුශවන් වැන් ශ ෝ මෙත් සිත් තැවුශලන් කාලය ත කර ඇත.
2 | P a g e
ශමවැනි ැටලු ෙමුශේ වැන් ශ ෝ කාංසාව ො මානසික අවපීඩශයන් පීඩාවට පත් වූ අතර ඔහු ශකතරම්
වියවුශලන් සිටිශේද යත් වරක් කාලයක් ඔහුශේ මිතුශරකුව සිටි ශපෝල් ශ ා ෑන් නම් පුේ ලයා සම ඇති වූ
ආරවුලකදී ඔහුව ඝාතනයට තැත් කල වැන් ශ ෝ පසුව තමාශේම වම් කන කපා ත් බව කියැශේ.1899 වසශර්දී
ඔහු මානසික බිඳවැීශමන් පසු සිය කැමැත්ශතන් ම ාන්ත ශපෝල් ඩී මේශසෝල් නම් මානසික ශරෝගීන් වසන
කඳවුරට ඇතුළත් විය.
ශමම කාලය තුළ ඔහුශේ සිතුවම්කරණ ෙැකියා ඔහු විසින් ම ඔප් නංවා ත්ශත්ය.ඔහුශේ සිතුවම් අතර අති ය
ජනප්‍රිය වූ ‘Irises’ ,’The Starry Night ‘ ො ‘The blue self portrait’ ඒ අතර ශේ.එම කඳවුශර් කවුළුශවන් දුටු
අෙශසේ සුන්දරත්වය ඔහු ‘ තාරකා රාත්‍රිය’ ශලස සිතුවමට නැංවිය.නමුත් ඔහු සිතුශේ එය අසාර්ථක නිර්මාණයක්
බවයි.
“ජශන්ලශේ යකඩ කූරු අතරින් මම තිරිඟු ව ාවක් දකිනවා” ශලස ඔහු එම දර් නය පිළිබඳ සශෙෝදරයා වන
තිශයෝට ලියූ ලිපි තුළ සදෙන් කර ඇත.
ඔහුශේ සිතුවම් කලාව ශදස බැලීශම්දී ඔහු සේවාභාව ධ්‍ර්මයට අති ය ආදරය කල තැනැත්ශතකු බව පසක්
ශේ.එශමන්ම ඔහුශේ සිතුවම් තුළින් ඔහුශේ මශනෝභාවයන් තුළ වන කැලඹීම් නිරූපිතය.ඔහු සිය සශෙෝදරයාට
ලියූ ඇතැම් ලිපිවල ඇති කරුණු ෙද කම්පා කරවීමට සමත් ය.
“මම ශබාශෙෝ විට සිතන්ශන් රාත්‍රිය දවාලට වඩා ජීවමාන ො වර්ණවත් බවයි”
“මම අති යින් සංශේදී ද නැතශොත් ජීවිතය දරා ත ශනාෙැකියිද යන්න මම ශනාදනිමි”
“දුක සදෙටම පවතිනු ඇත”
ආදිය ඔහු ලිපි මගින් ශසායුරාට පවසා ඇත.අවසානශේ වයස අවුරුදු 37 දී ඔහු ශවඩි තබාශ න සිය දිවි ොනි කර
ත්ශත්ය.
ඔහුශේ මරණශයන් පසුව ඔහුශේ නිර්මාණ ශකශරහි ශදසේ විශදසේ විචාරාක්ිය ශයාමු වන්නට විය.එකල එක
සිතුවමක් පමණක් අශලවි වූවත් අද වැන් ශ ෝශේ සිතුවම් ඉෙළම මිලකට අශලවි වන්ශන් වැන්ශ ෝවාදීමය
අනනයතාවශේ ඇති අේවිතීය බව කරණ ශකාට ශ නය.නමුත් අවාසනාවකට ඔහුශේ සාර්ථකත්වය නැරඹීමට
ඔහු සිටිශේ නැත.
ඉතින් ජීවිශත් ශකතරම් අපෙසු අවසේථාවකදී වුවද සෑම අඳුරු වළාවකම රිදී ශර්ඛාවක් ඇති බව ශමශනහි කරමින්
එයට මුහුණ ශදන්න.
සටෙන- පියුමි ශනලුමිකා
නෙල්ලි
සතියක් පුරාවට එක දිගටම මම කාර්‍යබහුල වුනේ හිතාමතාමයි. එක දිගට වැඩ කරද්දි පහුගිය කාලේ මගේ ජීවිතේ සිද්ද වුනු හොඳ වගේම නරක දේවල් අමතක කරන්න හොඳම ඔසුවක් විදියට මම තෝරගත්තේ කාර්‍යබහුල වීමයි. එක තැනකින් අනික් තැනට, එතනින් තවත් තැනකට යන මම රෑට ගෙදර යන්නේ නිදන කාමරේ හොයාගෙන. ආයෙමත් උදේට මම එළියට බහින්නේ පහුගිය කාලේ මේ ගෙදර ඇතුලේ සිද්ද වුනු දේවල් හැමදෙයක්ම අමතක වුනු ගානට.
‘මැඩම්, යන්ග් මැගසින් එකෙන් ඇවිත්, කලින් අපොයින්ට්මන්ට් එකක් දාලා ඇවිත් තියෙන්නෙ. එවන්නද?
මගේ ලේඛම්වරිය අහද්දී මම ඇස් මොහොතකට ලැප්ටොප් පරිඝනකයෙන් ඉවතට ගත්තා.
‘නීනා, මට ඒ ගැන ඇත්තටම අමතක වුනා. කමක් නෑ එවන්නකො. එතකොට ඒකත් ඉවරයක්නෙ..
‘ඔව් මැඩම්… මම එන්න කියන්නම්. මම බොන්නත් මොනවා හරි ලෑස්ති කරන්නම්’
නීනා කියද්දි මම ඇය දිහා බලලා හිනා වුනා. මේ දවස් වල කතා කරන්න දහසක් දේවල් තිබුනත් මම ඒ දේවල් ගැන කතා නොකර කට වහගෙන ඉන්න හුරු වුනේ ඒක මට පුදුමාකාර නිදහසක් දෙන නිසයි.
‘නීනා…
යන්න ගිය මම නීනව මොහොතකට නවත්තගත්තා…
‘මැඩම්….
‘එයාලට කියන්න මේ ඉන්ටවීව් එකට දින දා ගත්තේ මගේ ඩිවෝස් එකට කලින්. ඒහින්ද අපි අද කතා කරන්නෙ ෆැෂන් ගැන විතරයි කියන්න. ඒ හැර මගේ ඩිවෝස් එක ගැන වචනයක් හරි ඇහුවොත් මේ ඉන්ටවීව් එක වෙන්නෙ නෑ කියන්න. ඒකට කැමති නම් විතරක් එයාලව තව විනාඩි පහකින් එවන්න..
එක හුස්මට මම කියාගෙන යද්දි නීනා මම දිහා බලාගෙන හිටියා. ඇය දන්නවා පහුගිය කාලේ ඇතුලත සේරා ඉද්දමල්ගොඩ වුනු මෝස්තර නිරූපණ ශිල්පිනියක් වගේම ලංකාවේ ප්‍රමුඛ පෙලේ ව්‍යවසායිකාවක් වුනු මට මාධ්‍ය වලින් තිබුනු කරදරය. පුවත්පත් වාර්තා කරුවන්ට, සමාජමාධ්‍ය වලට මගේ දික්කසාදය ගැන කියලම මම වගේම නීනත් හෙම්බත් වෙලයි උන්නේ. ඊටත් එකම ප්‍රශ්නයට එකම පිළිතුර දිගින් දිගටම දෙන එකේ නීරස බව මේ වෙද්දි ඕනවටත් වඩා මටයි නීනටයි දැනිලා තිබුනා.
‘මම ඒක කියන්නම් මැඩම්. හැමෝම හැසිරෙන්නෙ ලෝකේ පලවෙනි වතාවට දික්කසාද වුනේ මැඩම් වගේ…
එහෙම කියලා නීනා යද්දී මම ඒ වචන ගැන කල්පනා කරා. ලෝකේ පළවෙනි ගැහැනිය නොවුනත් මමත් දැන් දික්කසාද ගැහැණියක්. සරලවම කිව්වොත් බැදීම් වලින් තොර ගැහැණියක්.
ගෙවුනු අවුරුදු තුනක් හිටපු කැබිනට් ඇමති ධර්මප්‍රිය මැදගොඩගේ එකම පුතා වුනු විශ්ව මැදගොඩ එක්ක විවාහ වුනු මම ඔහුගේ ජීවිතෙන් නීතියෙන් ඉවත් වෙලා අදට දෙසතියක්. ඇත්තටම අපි අවුරුදු තුනක් එකට ජීවත් වුනා. ඒත් ඒ අවුරුදු තුන ඇතුලත දවස් කීයක් මම සතුටෙන් හිටියද?
ඒ ප්‍රශ්නෙ මම මගෙන්ම අහද්දි යන්ග් සඟරාවේ කාර්‍යමණ්ඩලයත් එක්ක නීනා ආවා මගේ කාර්‍යාලයට.ඉතින් මට සිද්ද වුනා මොහොතකට මගේ කල්පනා ලෝකෙන් මිදෙන්න.
……………………………………
හැන්දෑකාලෙට මුහුදු වෙරළක් කියන්නෙ හිත නිවෙන තැනක්. ඒවගේම මිහිපිට කළාගාරයක්. මම නීනත් එක්ක ගල්කිස්ස හෝටලේට ආවේ අන්තිම වතාවට විශ්ව මුණගැහිලා යන්න. ඒ ඔහුගේ උවමනාවකට.
බීමට සුදු වයින් වීදුරුවක් ඇණවුම් කරපු නීනා මගේ ළඟින් වාඩි වුනේ දුරකතනයෙන් වෙලාව බලමින්.
‘මැඩම් එමු කිව්ව නිසා ආවා මිසක් මම කැමති නෑ විශ්වගේ මූණවත් බලන්න…
‘ඇයි ඒ?
ඇයගේ ප්‍රශ්නයට අනික් පැත්තට මම තවත් ප්‍රශ්නයක් අහද්දි නීනගේ මූණ පුදුම වෙනවා මම දැක්කෙ ඇස් කොනින්.
‘ඇයි අහන්නෙ මැඩම්? මේ තරම් විනාසයක් මැඩම්ගේ ජීවිතේට කරපු මිනිහා දික්කසාදත් වුනාට පස්සෙ තවත් මොකට හම්බෙනවද? මට නම් මහා විකාරයක්..
‘හ්ම්ම්ම්, ඒත් කාලෙකට කලින් මගේ කසාද මිනිහනෙ. ඒකයි…
මම එහෙම කියද්දි නීනා දිග හුස්මක් හෙලුවා. ඊට පස්සෙ අපි අතරේ තිබුනේ දීර්ඝ නිහැඬියාවක්.
‘මම විශ්වට ආදරේ කරේ ඇත්තටම. එයා හම්බුනු කාලෙදි මම දන්නෙ නෑ එයා කාගෙ කවුද කියලාවත්. විශ්ව හරි ලස්සනයි. මගේ ෆැෂන් ශෝ එකට ආවේ තරින්ද එක්ක. ඒ දවස අද වගේ මට මතකයි. දැකපු දවසේ ඉදන් විශ්වයි මම ඉක්මනට ලං වුනා. මාස හය හතක් ඇතුලත බැන්දා.. ඔක්කොම කරුම පටන්ගත්තේ බැන්දම…
මේ කතාව මම නීනට දස දහස් වතාවක් කියලා ඇති. හැමදාම එයත් එකම කතාව අහනවා. ඒක දැන් පුරුද්දක් වෙලා.
‘විශ්වට තිබුනා ඊට වඩා ටිකක් ආදරේ කරන්න. තාත්තගේ සෙක්‍රිටරිට ළමයෙක් දෙනකොට මාව නිකම් වත් මතක් වුනේ නැද්ද දන්නෙ නෑ. මට දුක නීනා ඒ ගෑනි ප්‍රෙග්නන්ට් වුනු එකට නෙවෙයි. ඒ කාලේ ඇතුලත කිසිම වෙනසක් නොපෙනවා මම එක්ක ජීවත් වුනු එකට. මම රැවටුනු එකට මට දුකයි නීනා. අපි අතරේ ප්‍රශ්න තිබුනා. නැත්තේ නෑ.. ඒත් මම දන්නෙ නෑ. මම අද කල්පනා කරා අපි බැදලා හිටිය අවුරුදු ගාන ඇතුලේ සන්තෝසෙන් දවස් කීයක් උන්නද කියලා. ඇත්තටම පිටතට පේන්න දුකක් නොතිබුනත් මට තේරුනා කසාදේ ඇතුලේ මම උන්නෙ තනි වෙලා කියලා. එහෙම බලද්දි මේ අවුරුදු තුනට හිතට එකඟව මම සතුටෙන් ඉන්න ඇති මාස හයක්…
‘මාස හයක්?’
නීනාට පුදුමයි මගේ උත්තර ගැන. මම සුදු වයින් වීදුරුවෙන් උඟුරක් බිව්වා.
‘ඔව් ඔක්කොම දවස් එකතු කරොත් අවුරුදු තුනක, ඒ කාලෙ ඇතුලත මාස හයක් ඉන්න ඇති. ඇත්ත ඒකයි. මම තාමත් දන්නෙ නෑ මට වැරදුනු තැන. දැන් ඒක කල්පනා කරා කියලා වැඩක් නැ. සරලව කියනවා නම් කසාද ජීවිතෙත් නෙල්ලි ගෙඩියක් වගෙයි. හැබැයි මගේ මුලින් නෙල්ලි වෙලා පස්සෙ කරවිල වුනා. මොකද ආයෙත් මම කසාදයක් ගැන හිතන්නෙ නෑ. එච්චර අප්පිරියයි…
මම කියලා ඉවර කරද්දි නීනා මගේ අතින් අල්ලා ගත්තා. මම ටිශූ එකක් අරගෙන ඇස් වලට උනපු කඳුලු පිහදගත්තා. තත්පර ගානක නිහැඬියාවකින් පස්සේ නීනා කතා කරන්න ගත්තා.
‘ නෙල්ලි ගෙඩියක් වගේ තියෙන්න ඕනේ ජීවිතේ මිනිහෙක් කරවිල වගේ තිත්ත කරා නම් මොකටද මැඩම් ඒ මිනිහා කියන පදේට තවත් නටන්නේ? ඇත්තටම මේ ගමනත් මීඩියා වලටයි ගොසිප් සයිට් වලටයි තමන්ගේ රීච් වැඩිකරගන්න හොඳ විදියක්. හැබැයි මැඩම්ගේ හිත රිදෙන එක ඔය කාටවත් අදාල නෑ. හැමෝම කරන්නේ මැඩම්ව පාවිච්චි කරන එක. දැනුවත්ව හෝ නොදැනුවත්ව…
මෙතුවක් කාලෙකට නීනා නොකියපු කතාව අද ඇය කියද්දි මම තිගැස්සුනා. එක හුස්මට ඉතිරි වෙලා තිබුනු වයින් වීදුරුව බිව්ව මම එතනින් නැගිට්ටේ ශරීරයට දැනුනු පුදුමාකාර නිදහසකින්.
‘අපි යමු නීනා.. ආයෙත් විශ්ව මැරුණටවත් මම එන්නේ නෑ. මට මෙච්චර කල් නොතේරුන දෙයක් තේරුම් කරාට ඔයාට ඇත්තමයි පිං. දික්කසාද වෙලත් සැනසීමක් නොදැනුනාට අද ඉදන් මම සැනසීමෙන් ඉදිවි. අපි යමු….
මම එහෙම කියද්දි නීනා මගේ දිහා බලලා හිනා වුනා. මගේ වාහනේ ගල්කිස්ස හෝටලයෙන් පිටතට යද්දි විශ්වගේ වාහනේ ඇතුලට ගියා. ඒ තත්පර ගානට අපේ ඇස් එකිනෙකට ගැටුනත් මම අහක බලාගත්තා.
තක්ෂිලා ඒකනායක.
බන්ධන – කෙටි කතාව
රොබරෝසියා මල් පාර පුරාවටම හැලුනු, මහවැලිය නිදහසේ ගලාගෙන යන පේරාදෙණිය හැමදාම වගේ අදත් නිස්කලංකයි. මේ පුංචි නඟරයට මම ඇබ්බැහි වුනේ වයස අවුරුදු විසි එකේදි. නිදි මරාගෙන ලියපු උසස් පෙල විබාගේ ඉහලින්ම සමත් වුනු මම තේරුනේ පේරාදෙණිය වෛද්‍ය පීඨයට. ඊටත් පස්සේ පේරාදෙණිය මූලික රෝහලට. දැන් මට හරියටම අවුරුදු විසි හතක්. ගෙවුනු අවුරුදු පුරාවටම මම ගෙව්වේ හරිම නිස්කලංක ජීවිතයක්, හරියට පේරාදෙණිය නඟරය වගේ. ඒත් අද, එකම එක ගැහැණියක් මගේ නිස්කලංක ජීවිතේ කණ පිට හැරෙව්වේ මහ පුදුම විදියට. වේදනාවක්ද,තරහක්ද එහෙමත් නැත්නම් අනුකම්පාවක්ද කියලා මටම හිතාගන්න බැරි විදියට මගේ හිත සෑහෙන්න කම්පනයට පත් වෙලා. මට ගෙදර ගිහින් මගේ අම්මා මුනගැහෙන්න, හැම ඇත්තම දැනගන්න දරුණු විදියට උවමනා වුනු නිසාම මම සතියක් නිවාඩු දාලා වාහනේට ගොඩ වුනා.
පේරාදෙණියෙ ඉදන් මේ වෙලාවට නුගේගොඩට යන එක ලේසි නෑ. ඒ තරම් වාහන තදබදය. ඒත් නොයා ඉන්න බැරි තරමට මගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගිහින්. මගේ අම්මාගෙම පෙනුම තිබුනු ගැහැණිය මතක් වෙද්දිත් මට ඇඩෙනවා. ඒත් මම පුලුවන් තරම් හිත හයිය කරගෙන වාහනය පදවනවා.
‘මමයි ඔයාගේ අම්මා, ඒ ගෙදර ඉන්නේ මගේ නංගි. මම ඔයාව දාලා ගියාට මට සමාව දෙන්න පුලුවන් නම්. ඒත් වෙච්ච දේවල් ආයෙත් වෙනස් කරන්න බෑනේ. යටගිය දේවල් ආයෙත් උඩට ගන්න එක අපි හැමෝගෙම ජීවිත අවුල් වෙන වැඩක්. ඔයා මේ ඉන්න තැන ගැන මට හරි සතුටුයි දුව. මම ඔයා ගැන දුර ඉදන් පුලුවන් තරම් හොයලා බැලුවා ඔයා විශ්වාස කරත් නැතත්. ඔයාගේ පුංචි අම්මා ඒ කියන්නෙ මගේ නංගි, එයා තමයි එහෙම කරන්න එපා කිව්වේ. කොහොමත් මම ඉක්මනින් ආයේ ඔස්ට්‍රේලියාවට යනවා. දැන් අවුරුදු තිහක් මම එහෙ හිටියේ. මැරෙන කම් මම එහෙ ඉදීවි.. ඔයා පරිස්සමින් ඉන්න…. තවදෙයක් රනීශා…
මීට දෙපැයකට කලින් සිද්ද වුනු දේවල් වල රූප එකින් එක මැවෙද්දි මම උත්සහ කලා කදුලු නවත්තගෙන ඉන්න. ඒත්,
‘මම ආවේ ලෙඩෙක් බලලා යන්න.එහෙම නැතුව ඔයාව අතරමං කරලා දාන්න නෙවෙයි. කොටින්ම ඔයා මෙහෙ වැඩ කියලා මම දන්නෙ නෑ දරුවෝ. මගේ නංගි වගේම කෙනෙක් නිසා ඔයා මාව දැකලා කතා කරපු නිසයි මට මේ දේවල් ඔයාට කියන්න වුනේ. මොකද මම අක්ක වෙලා මානෙල් නංගි වෙන්නෙ විනාඩි ගානකට. ඉතින් අපි හැම අතින්ම සමානයි. ඔයාට මම මෙහෙම බරක් දෙන්න හිතුවේ නෑ.
ඒ ගැහැණිය තව තවත් වචන මොනවදෝ කියාගෙන යද්දි මම ඔහේ බලාගෙන උන්නා. උදේවරුවේ අම්මා වගේම ගැහැණියක් රෝහලේ දකිද්දි මොන දරුවද අහක බලාගෙන ඉන්නේ? මටත් සිද්ද වුනේ ඒ දේම තමයි. මටත් නොකියා අම්මා මෙච්චර දුරක් ආවේ ඇයි අහන්න ගිය කතාව අන්තිමට නැවතුනේ මගේ ජීවිතේ මෙච්චර කාලයක් හැංඟුනු දෙයක් හොයාගෙන.
මම දන්නෙ නෑ මොන තරම් වේගයකින් නුගේගොඩට ආවද කියන්න. නොදන්වා ගෙදර ආව එක මගේ අම්මට ඒත් පේරාදෙණියෙදි මුණ ගැහුණු නාමලී ට අනුව මගේ පුංචි අම්මට පුදුම සතුටක් වුනු වග මට තේරුනේ ඇය ගේට්ටුව අරින විදිය දකිද්දි.
‘අනේ පුතේ, කියලා ආව නම් මම රහට කෑම හදනවනේ. මම හරි පාලුවෙන් උන්නේ.එක පාරටම ඇයි පුතේ ආවේ? ආයෙ වැඩ වර්ජනයක්ද?
වාහනෙන් බහින්නත් කලින් එක දිගට කියවන ඇය දිහා මම මොහොතක් බලාගෙන උන්නා. ඒ ඇස්, කට, මුහුණ මොන තරම් නම් සමානද? මම ඇය දිහා බලාගෙනම වාහනෙන් බැස්සා. මෙච්චර වෙලා පාලනය කරගෙන උන්නු සිතුවිලි එක මොහොතකින් ඉකියකට හැරෙන්න මහ වෙලාවක් ගත වුනේ නෑ.
‘ඇයි මගේ රත්තරං? මොකද මේ?
‘ඇයි මට එහෙම දෙයක් හැංඟුවේ අම්මේ? ඇයි ඔයාගේ තරුණ කාලේම මම වෙනුවෙන් කැප කලේ? අම්මාට මාව එපා නම් පුංචි අම්මා වුනු ඔයා ඇයි මාව බාරගත්තේ? මට… කියන්න මට කියන්න ඇයි එහෙම කලේ? ඔයා බුදු වෙන්න පෙරුම් පුරනවද අම්මේ?
එක හුස්මට කියාගෙන යද්දි ඇයගේ මුහුණ වෙනස් වෙන හැටි මම බලාගෙන. එහෙත් ආයාසයකින් ඇය හිනාවුනේ මගේ අතින් අල්ලාගෙන.
‘මොනවද මේ කියන්නෙ පුතේ? කවුද මොනවද කරපු කැපකිරීම්? මට තේරෙන්නෙ නෑ….
‘අනේ තවත් හංගන්න එපා අම්මේ. නාමලී අද අහම්බෙන් මට හම්බුනා හොස්පිට්ල් එකේදි. මම ඒ හිතුවේ ඔයා කියලා. අනේ එයාට කිසිම හිතක් පපුවක් නෑ අම්මේ. මට එයා එපාම එපා.. ඒත් ඒ කිව්ව කතාව, අනේ ඒ ඇත්තද අම්මේ?
මම ඇයගේ උරහිස් හොලවමින් අහද්දි ඇය මාව තුරුලු කරගත්තා. ඇයට තුරුලු වීගෙනම ගෙදරට ගොඩ වුනු මම ළඟම තිබුනු පුටුවක හාන්සි වුනා. ගතට වඩා හිතට මහන්සිය දැනෙද්දි හරි අමාරුයි.
මාව තනිකරපු අම්මා කුස්සියට ගියා. ටික වෙලාවකින් කිරි, සීනි ගානට දාපු තේකෝප්පයක් එක්ක මම ආසම කිරි අලුවා පිඟානක් අරගෙන ඇය මගේ ඉස්සරහට ආවා.
‘පුතේ කන්න. ඔයා හෙට අනිද්දා එයි කියලා මට හිතුන නිසයි මම මේවා හැදුවේ…
මම හෙමින් තේ කෝප්පය බිව්වා. අලුවා කෑලි තුන හතරක් කෑවට පස්සේ මම අම්මගේ මූණ දිහා කෙලින් බැලුවා. ඒ මූනේ තිබුනේ අසරන පාටක්. ඒත් මම ඇස් වලින් ඇයට ඇගෙව්වා මම කතාව අහන්න සූදානම් බව. දිගු සුසුමක් හෙලුව ඇය හෙමින් කතාව පටන්ගත්තා.
‘මම දන්නෙ නැ පුතේ අක්කා මොනවා කිව්වද කියන්න. ඒත් මම හැමදේම කියන්නම්.. අක්කා නාමලී, මම මානෙල්. අපි ඉපදුනේ එකට වුනාට අපි දෙන්න හාත්පසින්ම වෙනස් මිනිස්සු දෙන්නෙක්. අක්කාට උවමනා වුනේ හැමදාම ඉහලට යන්න, එතනදි මනුස්සකම් වලට එයා වටිනාකමක් දුන්නු කෙනෙක් නෙවෙයි. එයාට ඕනෙ එයාගෙ වැඩේ කොහොමහරි කරගන්න. උසස් පෙළ ඉවරවුනු ගමන් අක්කට උවමනා වුනා රට කැම්පස් එකකට යන්න. අප්පච්චි තියෙන ඉඩකඩම් වලින් බාගයක් අක්කට විකුණලා රට යැව්වා. මම කොළබ කැම්පස් එකට ගියා. එහෙම රට ගිය අක්කා උපාධිය ඉවර වෙද්දි එහේ උන්නු ලංකාවේ පිරිමි ලමයෙක්ගෙන් ප්‍රෙග්නන්ට් වෙලා. ඒ දරුගැන විනාශ කරන්න හැදුවට ඒක කරන්න බෑ කියලා දොස්තරු කියලා තිබුනා. ඒ තමයි ඔයා. එහේ ඉපදුනු ඔයාව අරගෙන ආව අක්කා ඔයාව මටයි, ආච්චිටයි සීයටයි බාරදුන්නේ ඉක්මනින් එයාගෙ වැඩ ඉවර වුනාම ඔයාව එක්ක යන පොරොන්දුව පිට. ඒත් පුතේ ආයේ එයා ආවෙ නෑ. අපි බලන් උන්නා අවුරුදු දෙක හමාරක්ම. ඒත් එයා නොඑන තැන ඔයාගෙ සීයා කලේ ලොකු ලොකු තැන් වලට කතා කරලා උප්පැන්න සහතිකයක් ඔයාට හදවපු එක. අලුත් උප්පැන්න සහතිකේට දැම්මෙ මගේ විස්තර. එදා මම ඔයාගෙ සීයට කිව්වා මම කවදාවත් බදින්නෙ නෑ මම දුවව බලාගෙන ඉන්නවා කියලා. ඉතින් පුතේ මම ඔයාව හැදුවා. මම ඉස්කෝලේ උගන්නල ගෙදර එන්නෙ ඔයාව බලන්න හීන දැක දැක. මට කසාද බදින්න බය හිතුනා ඔයාට වෙනස් කම් කරයි කියලා ඒ කෙනා. ඉතින් පුතේ එදා මම ගත්තේ හරිම තීරණය. මට අක්කා එක්ක තරහක් නෑ, හැබැයි පුතේ එයාට නැති වුනේ ඔයාව. අද මම ඔයා දිහා බලලා ලබන සතුට එයාට කෝටියක් දීලවත් ලබන්න බෑ. ඒකයි ඇත්ත…
හරිම කෙටියෙන් කතාව අවසන් කරපු ඇය මගේ දිහා බලාගෙන උන්නේ කදුලු පිරිච්ච ඇස් වලින්. ඒ පපුවට තුරුලු වුනු මම මටම එක පොරොන්දුවක් වුනා.
‘මගේ අම්මා ඔයා. මගේ ජිවිතේ තියෙන තුරාවට මම මේ බන්ධනය රකිනවා අම්මේ ‘
තක්ෂිලා ඒකනායක.