ජීවිතේ කියලා කියන්නෙ කිසිම විදිහකින් predict කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනෙ. ඉතින් ඒ unpredictable
life එකට stable protection එකක් ලබාගන්නෙ කොහොමද කියලා දැනගන්න Api Magazine කියවන
ඕගොල්ලො හැමෝම කැමති ඇති. " BVS Mortgages & Financial Services Ltd. " ආයතනයේ, අධ්‍යක්ෂක
සහ ජේෂ්ඨමූල්‍ය උපදේශක රොෂාන් විතාරණගේ මහතා සතුව Insurance industry එක ගැන
තියෙන පුළුල් දැනුමත්,අත්දැකීමුත් ඕගොල්ලො එක්ක බෙදාගන්නයි මේ සූදානම් වෙන්නෙ.
Q). අපි ඉස්සෙල්ලම පැහැදිලි කරගමු Insurance Policy එකක් Active කරගන්න එකේ වටිනාකම
මට හිතෙන්නෙ පළමුවෙන්ම මේ කාරණාව ගැන පුළුල් අවබෝධයක් ලබාගන්න එක ඉතාමත්ම වැදගත් වෙයි
අපේ ඉදිරි කතාබහට. Insurance policy එකක් active කරගන්න එක හරහා සැලසෙන පළවෙනි වාසිය
තමයි Financial Protection එක. ඔබට කරදරයක් උනොත් ඔබේ පවුලේ අයට එදිනෙදා ජීවන වියදම් ,
mortgage , ණය තුරුස් තනියම දරාගැනීමට සිදුවෙනවා. ඒ වගේ අවස්ථාවක Insurance policy එකක්
තිබීම තුලින් financaial stability එකක් ළඟාකරගන්න පුළුවන්.
දෙවැනි වාසිය තමයි debt coverge එක. සිතන්න ,ඔබ රැකියාවට යනකොට හදිසි අනතුරක් සිදුවෙලා ඔබේ
ජීවිතයට හානියක් සිදු වෙනවා. ඒ වගේ අවස්ථාවක පවුලේ මුළු ණයබරම ඔබේ ආදරණීයන්ට පැටවෙනව. මේ
වගේ අවස්ථාවන් වලදී ඔබේ පවුලේ අය ණය මුදලත්, පොළියත් හරියාකාරව ගෙවන්නෙ කොහොමද? ඉතින් ඒ
වගේ situation එකකදි One & only best option එක තමයි insurance කියලා කියන්නෙ.
Income replacement එක කියලා කියන්නෙ insurance එකක් තිබීමේ තුන්වෙනි වාසිය. ඔබේ severe
illness එකක් නිසා හෝ සිදුවන අනතුරක් නිසා හෝ ඔබේ income එක ඔබට අහිමි වුනොත්, Income
protection වගේ insurance cover එකකින් ඔබ recover වෙනකන් කිසිම අපහසුතාවයක් නැතිව ඔබගෙ
lifestyle එක maintain කරගන්න පුළුවන්කම තියෙනවා.
Critical Illness coverage එක තමයි ඔබට සැලසෙන හතරවෙනි වාසිය. බලාපොරොත්තු නොවෙන විදිහට
ඔබට යම්කිසි බරපතළ අසනීපයක් හැදුනොතින්, එම භයානක අවධානමෙන් ඔබවත් ඔබේ පවුලෙ අයවත්
ඉක්මනින්ම ගළවාගන්න පුළුවන් වෙනවා ඔබට ලැබෙන bulk payout එකින්. ඒ මුදල ඒ මොහොතේදි ඔබේ
ජීවිතේ ආරක්ෂා කරගන්න medical treatment වලට හෝ ඒ සම්බන්ධ වියදම් බාධාවකින් තොරව කරගෙන
යන්න අවශ්‍ය පහසුකම් සලසනවා.
කෙටියෙන් කිව්වොත් ඔබට ජීවිතය තුළ කුමන අහිතකර තත්ත්වයකට මුණ දෙන්න සිදු වුවත්, ඔබට
insurance එකක් තියෙනවනම්, සියල්ල අවසානයේ ඔබේ මානසික නිදහස, නැත්තම් peace of mind කියන
එක හොඳින්ම තහවුරු වේවි. මේ ලෝකෙ මුදලින් තක්සේරු කරන්න බැරි වටිනා දේවල් වලින් ඉස්සරහින්ම
තිබෙන්නෙ මානසික නිදහසයි.
Q). Insurance Policy එකක් Apply කරද්දි Insurance Adviser ට Accurate information ලබාදීම
වැදගත් වෙන්නෙ කොහොමද?
Accurate information කියන්නෙ insurance industry එකේදි ඉහළම අවධානයක් යොමුවෙන කාරණාවක්.
ඔබ adviser ට ලබාදෙන තොරතුරු වලත්, adviser ඔබට ලබාදෙන තොරතුරු වලත් credibility එක
තියාගන්න එක ඔබ දෙදෙනාගේම වගකීමක්.
උදාහරණයක් විදිහට ඔබේ financial situation එක, health conditions, occupation එක සහ life style
එක වගේ ඉතාමත් වැදගත් තොරතුරු පදනම් කරගෙනතමයි ඔබට ලැබෙන premium එක සහ coverage
එක තීරණය වෙන්නෙ. ඔබේ risk level එක වැඩිවෙන තරමට ඔබේ premium එකත්, coverage එකත් වැඩි
වෙනවා. කොහොමත් කිසිම protection එකක් නැතුව ඉන්නවට වඩා premium එක ටිකක් වැඩි උනත්, එය
ඔබේ situations වලට හොඳින් ගැළපෙනවනම්, ඒ insurance policy එක apply කරගන්න එක ඔබට
දිගුකාලීනව වාසි සලසන බව මට ලොකු විශ්වාසයකින් කියන්නපුළුවන්.
විශේෂයෙන්ම කියන්න ඕනෙ ඔබේ medical condition එක පැහැදිලිව හෙළි නොකර සිටියොත් ඔබට
ඇතිවන්නෙ ඉතාමත්ම අහිතකර තත්ත්වයක්. උදාහරණයක් විදිහට කිසියම් නිදන්ගත රෝගයක් ගැන තොරතුරු
ඔබ හිතාමතාම වසන් කළොතින්, එම අසනීපය වැළඳුණු වෙලාවක ඔබේ claim එක reject වීමෙන් ඔබට
ලැබියයුතු payout එක නොලැබී යන්න ඉඩකඩතියෙනවා.
Q). Qualified Insurance Advicer කෙනෙක් හරහා insurance එකකට යන එකේ වැදගත්කම ගැන කතා
කළොත්.
ඇත්තෙන්ම Insurance කියලා කියන්නෙ හරිම සංකීර්ණ විෂයක්. මම කෙටියෙන් කිව්වොත් insurance policy
එකක් apply කරගන්න procedure එකත් තරමක් දුරට සංකීර්ණයි. ඒ නිසාම තමයි පළපුරුදු adviser
කෙනෙක් සැමවිටම උත්සාහ කරන්නෙ ඔබේ life style එක, future needs, financial stability එක සහ risk
taking capacity එක වගේ තීරණාත්මක සාධකයන් ගැන හොඳ analysis එකක් කරලා ඊට පස්සෙ ඔබට
long term suitable policy එකක් සකස්කරලා දෙන්න.
Qualified Insurance Advicer කෙනෙක් ඔබට policy එකක් අලෙවි කිරීමෙන් විතරක් නවතින්නෙ නෑ. policy
එක පවතිනා කාලසීමාව පුරාවටම ඔබ මුහුණපාන හැම අපහසුතාවයකදීම වගකීම් සහගතව ඔබට නිසි
මගපෙන්වීම් සිදුකරනවා.
අපේගණුදෙනුකරුවන් සමඟ අපි හැකි සෑම විටකම හොඳින් සම්බන්ධතාවයන් පවත්වනවා. සුදුසු අවස්ථාවල
අවශ්‍ය විදිහට මැදිහත් වෙනවා. ඒක තමයි ඔවුන් කාලාන්තරයක් තිස්සෙම අපි ගැන විශාල විශ්වාසයකින්
ඉන්නෙ.
Q). Life Insurance එකේ Premium එක තීරණය වෙන්නෙ මොනවගේ සාධක මතද?
Premium එක තීරණය වෙන්නෙ මූලික කාරණා කිහිපයක් මතයි. පළවෙනි කාරණාව තමයි ඔබට අවශ්‍ය
වෙන coverage level එක. දෙවන කාරණාව තමයි ඔබට අවශ්‍ය වෙන policy length එක, ඒ කියන්නෙ long
term ද shortterm ද කියන එක.
මීට අමතරව ඔබේ වයස, medical conditions, family history, life style එක, රැකියාවේ අවධානම්කාරී
සොභහවය, ඔබ දුම් බොනවාද මත්පැන් පානය කරනවාද සහ ඔබ ජීවත්වන වටපිටාව වගේ කාරණාවනුත්
තීරණාත්මක බලපෑමක් එල්ලකරනවා. උදාහරණයක් විදිහට ඔබේ වයස වැඩි වේගෙන යද්දි ඔබේ Risk level
එකත් වැඩිවෙනවා. ඒ කියන්නෙ premium එකත් ඒ හා සමානවම වැඩිවෙනවා කියන එකයි.
මම මෙතෙන්දි විශේෂයෙන්ම මතක් කරන්න ඕනෙ තවත් සුවිශේෂී කරුණක් තියෙනවා. ඒ තමයි ඔබේ
අවශ්‍යතාවයන් වලට අනුව ඔබේ coverage එක customise කරගැනීමේ හැකියාවත් ඕනෑම අවස්ථාවක ඔබට
සැලසෙනවා කියන එක.
Q). Decreasing Term Assurance (DTA) සහ Level Term Assurance (LTA) අතරේ වෙනස්කම්
මොනවාද?
DTA සහ LTA life insurance වලදි ආකාර දෙකකින් ඔබේ අවශ්‍යතාවයන් ඉටුකරනවා. DTA ගැළපෙන්නෙ
ක්‍රමානුකූලව අඩු කරගෙන යන financial obligations වලට. අපි repayment mortgage එකක් ගැන
හිතමුකො. Coverage එකට වැඩිපුර ගෙවන්නෙ නැතුව mortgage කරපු නිවසක් ආරක්ෂා කරගන්න
බලාපොරොත්තු වෙන අයට මේක තමයි මම recommend කරන්නෙ.
අනෙක් අතින් Level Term Assurance හරහා insurance period එක පුරාම ස්ථාවර ගෙවීමක්
සපයාගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔබ LTC හරහා £100,000 ක life insurance cover එකක්
අවුරුදු 20 ක් තිස්සෙ ගෙවාගෙන යන්න තීරණය කරල තියෙනවනම්, එම කාලය තුළදී ඔබේ මරණය සිදූ
උනොතින්, ඔබේ පවුලට පවුම් £100,000 ක සම්පූර්ණ ගෙවීම් ලැබෙනවා. ඔබ Decreasing Term
Assurance (DTA) එකක් තෝරගන්නවද, Level Term Assuran (LTA) එකක් තෝරගන්නවද කියන එක
රඳා පවතින්නෙ ඔබේ priorities මතයි.
Q). Mortgage Insurance Protection කියලා කියන්නෙ මොකක්ද? ඒකෙ වැදගත්කම මොකක්ද?
අපි මීට කළින් විස්තර කළා වගේ කෙටියෙන්ම කිව්වොත් Mortgage insurance protection කියන්නෙ
Decreasing Term Assurance (DTA) එකක්ම තමයි. හොඳට කල්පනා කරලා බලන්න ඔබේ නිවස
mortgage කරල තියෙනකොට හදිසියේම ඔබේ මරණය සිද්දවෙනවා. එහෙම නැත්නම් ඔබ හදිසියේම
අංශභාගය වගේ භයානක රෝග තත්වයකට ගොදුරු වෙනවා.
නමුත් ඔබ mortgage insurance protection එකක් පවත්වාගෙන යනවානම් ඔබට මොන විදිහෙ කරදරයක්
උනත් කිසිම විදිහකින් ඔබේ ආදරණීයයන්ට උන්හිටිතැන් අහිමි වෙන්නෙ නෑ. ඒ නිසා mortgage insurance
protection එකක් active කරලා තියෙනවනම් කායික සෞඛ්‍යය පිරිහුනත් ඔබට මානසික සෞඛ්‍යය සමබරව
තියාගන්න පුළුවන් කියන එක මම වගකීමෙන් කියනවා.
හොඳයි. අපි පළවෙනි සාඛච්චාවෙදි insurance සම්බන්ධයෙන් ගොඩක් වැදගත් කාරණා කිහිපයක් ගැන
අවධානය යොමුකළා. එහෙමනම් මේ කතාබහේම දිගුවක් විදිහට අපි ඊළඟ සාඛච්චාවෙන් මුණගැහෙන්නබලාපොරොත්තු වෙනවා.