දිය ඇලි කියන්නෙම හිත් වශි කරගන්නා දෙයක්… දිය ඇල්ලක් දිහා බලන් ඉන්න තියනවා නමි මට තවත් ආසම කරන දෙයක් නැති තරමි… කොළපාට නිල්පාට එක්ක කිරි සුදු පාට එකතු වෙලා ගෙනෙන චමත්කාර ජනක දර්ශනය හිත නමි ඇත්තටම සුවපත් කරනවා….
ඉතිං මුහුණු පොතෙන් දැක්කා දවස් කීපයකට කලින් ලස්සන දිය ඇල්ලක්… දෙපැත්තකින් කඩා හැලෙන දිය දහාරාවක් එක් තැනට කඩා වැටෙන සුන්දර දර්ශනයක්.. එ ඡායාරූප වගේම රූප රාමු දුටු මගේ දෑස් සිහින දැක්කා ඉක්මනින් මෙි දිය ඇල්ල දැකගන්න යන්න….
ඉතිං… මට එ අවස්ථාව උදා උනා… මොණර කන්ද ගිහින් ආව අපි පස් දෙනා නැවත යන්න පිටත් උනේ මෙි සුන්දර ඇල්ල සොයාගෙන… ඇත්තටම කියනවා නමි දකිනකමි හදිසියක් තමයි තිබුණේ… රමිබොඩ උමගත් පසු කරන් කිලෝමීටරයක දුරක් පැමිණෙන විට ඈතින් දැක ගන්න හැකි උනා එ සුන්දර දිය කොමලියව… එ සුන්දරත්වය දුටු සැණින් මට ඉඟිල යන්න හිතුනා කිවහොත් හරි… මොකද එ තරමි හදිසියක් තිබුණා මට දිය ඇල්ල අසලටම ගොස් එ හැඬ බලන්න..
රමිබොඩ මෙි මාර්ගයේ යන විට රමිබොඩ ඇල්ල , ගැරඬිගිණි ඇල්ල දැකගත හැකියි… දකින්න ආසාවක් තිබුණා මට ගැරඬිගිණි ඇල්ල පාමුල… මෙි මාර්ගයේ යන විට ඇල්ලේ පාමුලත් දැකගන්න පුළුවන්… එ වගේම රමිබොඩ ඇල්ලේ පහල කොටසත් පාර අයිනේ සිටම දැකගන්න පුපුළුවන්…
මට කවදාවත් යන්න පුළුවන් වෙිවියැයි නොහිතු මාර්ගයක් තමයි මෙි රමිබොඩ උමග ඇති මාර්ගය… මෙි විශ්වයට ස්තුති වන්න මම රමිබොඩ උමඟ හරහා යන්න ගියේ දකින්න පෙරුම් පුරන එ ඇල්ල හොයාගෙන….
ඉතිං… පුනා ඇල්ල සොයන් ආව අපි පස් දෙනා සුදාණමි උනේ ඇල්ල ලගටම ගිහින් එ සුන්දරත්වය රිසි සේ විදගන්න.. ප්‍රධාන මාර්ගයේ අපි පැමිණි වාහන නවතා ඇවිද යන්න පටන් ගත්තා එ දුෂ්කර මාර්ගය දිගේ… ගල් අල්ලා ඇති මෙි බැවුමි මාර්ගය ලිස්සන සුළුයි..
යන්න සුදාණමි වෙන විට එ අසල කඩෙි සිටිය මාමා කෙනෙක් අපිට යන මඟ විස්තර පැවසුවත් පස්සේ තමයි තේරුම් ගත්තේ අපි පස් දෙනාම මඟ විස්තර වලට හරියට ඇහුමිකන් දිලා නෑ කියලා… හැබැයි මම නමි එ මාමාගෙන් ඇසුවා මෙි ඇල්ලට පුනා කියන නම වැටුණු හැටි ගැන… වයස්ගත පුද්ගලයෙකු උවත් මෙි මාමා නමි මෙි ඇල්ල ගැන ලොකු විස්තරයක් නොදන්නා බව තමයි මට හැගි ගියේ…
ඉතිං… අපි අර ලිස්සන සුළු මාර්ගය දිගේ හෙමින් පල්ලමි බැස්සේ ඇල්ල පාමුලට යන්න…. කිලෝමීටරයක දුරක් ඇති බව අර මාමා පැවසු නිසාම අපි ඉක්මනින් ඇවිද ගියා.. එත් එක් තැනකදි පාර ඩොසර් කර තිබිම හෙතුවෙන් අපට මඟ වැරදුනා.. මම මගේ මිත්‍රයෙක් සමග නැවත හැරි අර මාමා පැවසු පඩිපෙල් ටික සොය යද්දි මගේ අනෙක් මිතුරන් තිදෙනා කැලේ කඩන් ඇල්ල පැත්තට යන්න පිටත් උනා….
මග දිගට වැටි වැටි කුඩැලි ප්‍රහාර වලට මැදිවි අපි දෙන්නෙක් පැමිණියා ඇල්ල පාමුලට… එ එන මාර්ගය නමි දුෂ්කරයි.. තේ වතු මැදින් දිය දහරා මැදින් එන මාර්ගය දුෂ්කර උවත් සුන්දරයි….
අපි දෙදෙනා පැමිණ බොහො වෙිලාවකට පසුයි අපේ අනෙක් මිතුරන් තිදෙනාත් පැමිණියෙ.. ඉතිං පාරක් හරිහැටි නැති මෙි ඇල්ල අසල ගවයන්ගේ අඩි සලකුණු නිසා මඩ ගොඩක් උඩිනුයි අපි ඇල්ල පාමුලට පැමිණියෙ….
එන මාර්ගය එසේ උවත් මෙි ඇල්ලේ සුන්දරත්වය නමි දෑස් වශි කරගත්තා අපි හැමොගේම… එ තරමි සුන්දරයි… පුනා ඇල්ල සොයාගෙන මම ආවෙි මෙි විදිහට… මගේ දෑස් මොනතරමි වාසනාවන්තදැයි මොහොතකට සිතුනා මට…
ඇල්ල ගැන කියනවා නමි මෙි දිය ඇල්ලේ උස මිටර් 103 පමණ වෙනවාලු. දෙපැත්තකින් ගලා එන පුඬළු ඔයත් පුනා ඔයත් පහලට වැටෙන මෙි තැන ගැන නමි වචනයෙන් විස්තර කරන්න බැරි තරමි සුන්දරයි…
මෙි දිය ඇල්ල අයිති වෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මල්හැව කියන ගමට. මල්හැව කියන ගමත් එක්තරා සුවිශේෂී ගමිමානයක්.. ඉංග්‍රීසින් ඉන්න කාලේ අපේ දළදා වහන්සේ මෙි ගමෙි සඟවා තිබු බව පැවසෙනවා. දළදා වහන්සේ සගවා තිබු පන්සල ශ්‍රි දළදා කරඬු විහාරය ලෙසට හදුන්වනවා අදටත්..
ඇල්ලේ සුන්දරත්වය නරඹා එන මොහොතේ මුන ගැසුණු මාමලා දෙන්නා පැවසු විදිහට මෙි ඇල්ලට එන්න තවත් මාර්ගයක් තියනවා.. එ කොත්මලේ සිට මල්හෑව ගමිමානය හරහා.. එ මාර්ගය නමි දුෂ්කර නැති බවයි මට දැනගන්න ලැබුණේ… දිය ඇල්ලට මෙි නම හැදුණු හැටි ගැන නමි කතාවක් නැති උනත් මෙි දිය ඇල්ලේ රන් මුටිටියක් තිබුණු බවත් එය ඉංග්‍රීසින් සිටි සමයේම අරගත් බවත් දැන ගන්න ලැබුණා… ඇල්ල ගැනත් ඇල්ල අයිති ගම ගැනත් මෙි විස්තර මට පැවසු U G ගාමිණි බන්ඩාර , B H G සෙනවිරත්න කියන මහත්වරු දෙදෙනාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා…
එ වගේම තමයි මාව පරිස්සමින් එක්ක ගිහින් එක්ක ආව මගේ යාළුවන් වන සංජිව , උපුල් , චානක , නදීශාන්ට බොහොම ස්තුතිවන්ත වෙනවා…
හැමදාම කියනවා වගේ මගේ හිත සනසන නලවන සුන්දර දෙවල් විතරක්ම මට දෙන ආදරණිය මෙි විශ්වයට ස්තුතියි…
ඉතිං… ඔයාලත් යන්න….ගිහින් එ සුන්දරත්වය හදවතේ පුරවන් එන්න…
නිසංසලා රණසිංහ