Api-Slide-62-1
Api-Slide-64-1
Api-Slide-64-2
previous arrow
next arrow

World අවුරුදු කුමරා කුමරිය එංගලන්තයේදී වෙන්නෙ මෙහෙමයි

1) වසන්ති, කොහොමද මේ දවස් වල ජීවිතේ

මේ දවස්වල ජීවිතය නම් ඇත්තටම ඉතාම කාර්යබහුලයි. ගොඩක්ම කාර්ය බහුල වෙලා තියෙන්නේ අපි පවත්වන world  අවුරුදු කුමරා කුමරිය 2025 එකේ national director uk විදිහට මම වැඩ කරනවා.  ඉතින් ඒක නිසා ගොඩක්ම කාර්යබහුල වෙලා තියෙනවා. මේ වන විට මගේ ඩිග්‍රිය එකේ final complete කරන්න තියෙනවා.  එකේ වැඩකටයුතු පටන් අරන් තියෙනවා ඉතින් තව මම බියුටි කෝස් එකකට level 3 එක complete කරගෙන යනවා. ඒත්  එක්කම ශ්‍රී ලංකාවේ teledrama එකක් ප්‍රඩියුස් කරනවා. ඒකට මම ලංකාවට ලබන සතියේ යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉතින් ඒවත් එක්ක  teledrama  preducer  කෙනෙක් විදියට මම මගේ දෙවනි ටෙලි නාට්‍යය නිෂ්පාදනය වෙනවා ශ්‍රී ලංකාවේ මේ වන විට. ඉතින් ඒකේ වැඩ කටයුතු වලට මම ලබන සතියේ නැවත ලංකාවට යනවා. ඉතින් ඒ කටයුතුත් සමගම ලොකු වැඩ කොටසක් මට පැවරිලා තියෙනවා එංගලන්තය ඇතුලත. ඉතින් ඒ ඒ  එංගලන්තය ඇතුලතට විතරක් තිය සීමා වක් නෙමෙයි අපේ මේ වැඩසටහන ඉතින් සම්පූර්ණ united කින්ඩම් එකේම අපි මේක ව්‍යාප්ත වෙන වැඩසටහනක් විදිහට ඇත්තටම මේ දවස්වල මම විසිවෙලා ඉන්නේ.

2) ඔයගේ කලා කටයුතු ගැන, කලාවට සම්බන්ද වුන කාලය අපි පොඩ්ඩක් මතක් කරමුකො

මගේ කලා කටයුතු සහ සම්බන්ධ උන කාලය ගැන කිව්වොත් මම 1999 තමයි කලාවට සම්බන්ධ වෙන්නේ සහ එතැන් පටන් මම ටෙලි නාට්‍යය පහළොවකට වැඩි ප්‍රමාණයකටත් චිත්‍රපටි පහකටත් ඒ වගේම tv commercial  25 කටත් වැඩි ප්‍රමාණයකට දායකවත්වය ඒ කාලයේ දුන්න කෙනෙක්. ඉතින් මමත් කලාවට සම්බන්ධ වෙන්නේ ඇත්තටම අනවුන්ස  කෙනෙක් විදිහට කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ tnl එකේ ගියපු සවනට ගීමදු කියන වැඩසටහන ඔස්සේ තමයි මම නිවේදිකාවක් විදියට කලඑළි බහින්න. එතනින් පස්සේ මම freelancer කෙනෙක්එ ගොඩක් චැනල්වල අපි කිව්වොත් රූපවාහිනී.  ස්වර්ණවාහිනියේ චැනල්ස්  වල tnl  වගේ ඒකත් එක්ක මම ගොඩක්ම සම්බන්ධ වෙන්න ඊට පස්සේ ටෙලි නාට්‍යවලට. ඉතින් මගේ අවුරුදු පහක කාලයක් තමයි මම ඇත්තටම මේ ක්ෂේත්‍රයේ දිගටම රැදුන එක දිගට වැඩ කරපු කාලයක් විදියට 2004 වෙනකන් තමයි මගේ අවසාන teledrama එක වසූදා. ඉතින් ඒ වෙනකම්ම මම ටෙලිනාට්‍යවලට සම්බන්ධ වුණ සහ ෆිල්ම් සහ ටීවී commercials  කියන හැම පැත්තකින්ම. මගේ ජීවිතයේ හොඳම කාලෙක කියන්නේ අපි කලාවේ හොඳම කාලයේදී මම කලාවෙන් අයින් වෙනවද 2004 දී එහෙ මගේ ව්‍යාපාර සහ මගේ විවාහය සහ ව්‍යාපාර කටයුතු නිසා. ඉතින් එහෙම තමයි, මම කලාවට සම්බන්ධ වෙන්නේ මුලින්ම tnl එකේ සවනට ගීමදු හරහා. ඒකෙන් මම නිවේදනයත් රඟපෑමක් සහ නිරූපණය හැම අංශයක්ම නියෝජනය කරලා තියෙනවා.

 එතනින් පස්සේ මම කලාවට ආපහු සම්බන්ධ වෙනවා නිෂ්පාදිකාවක් විදිහට 2023 අවුරුද්දේ, එතකොට මගේ පළවෙනි ටෙලි නාට්‍ය නිෂ්පාදනය තමයි ඒක. ඇත්තටම සම නිෂ්පාදනයක් විදිහට මම ව වැඩ කරනවා. ඒකෙ එක මගේ අනිච්චාවත සංඛාරා කියන ටෙලි නාට්‍ය, ඒක 2023ම අපි නිෂ්පාදනය කරා 2023 දෙසැම්බර් වෙනකොට එක විකාශනය ජාතික රූපවාහිනිය ඔස්සේ  වුනා. සහ දැන් මෙහ මේ වෙනකොට මගේ දෙවැනි ටෙලි නාට්‍ය නිෂ්පාදනයත් ඒක සම නිෂ්පාදකාවක් විදියට ඒකෙත් වැඩ කරනවා. මම ඒක මේ දිනවල, ඒ කියන්නේ මාර්තු අවසාන සතියේ රූගත කිරීම් කෙරෙනවා. ඒකට මම ලංකාවට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉතින් නිෂ්පාදිකාවක් විදිහට තමයි සහ මම ඒකේ රඟපානවා. මගේ පළවෙනි ටෙලි නාට්‍යයේ  පොඩි චරිතයක් නිරූපණය කරා. මේකේ ටිකක්, ඒ කියන්නේ සෑහෙන ප්‍රමාණයක් කරන්න තියෙනවා. ඇත්තටම මේකෙ සෑහෙන රෝල් එකක් මට කරන්න තියෙනවා. මූලික ඒ කියන්නේ  නිෂ්පාදන කටයුතු සහ ඒ පළවෙනි එපිසෝඩ් කිහිපය මේ මාර්තු අන්තිම සතියේ රූගත කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ සඳහා තමයි මම ලංකාව ඇතුළෙ මේ වෙනකොට කලා කටයුතුවලින් සම්බන්ධ වෙලා ඉන්නේ. නැවතත් නිෂ්පාදනයෙන් සහ රඟපෑමෙන් දායක වීමේ බලාපොරොත්තුවෙන් තමා මම මේ කාලය තුළ ඉන්න කලා කටයුතු සම්බන්ධයෙන්.

3) එංගලන්තයට එන්නෙ කොයි කාලයේද සහ එංගලන්ත ජීවිතය ගැන කිව්වොත්

මම එංගලන්තෙට එන්නෙ ඇත්තටම මුලින්ම 2018 අවුරුද්දේ. නැවත මම පොඩි කාලයක් ඇතුලත නැවත ලංකාවට  ගිහිල්ලා මගේ දරුවෝ සමගම ආපහු එංගලන්තෙට එන්න 2019 අවුරුද්දේ පෙබරවාරි වල.  ඉතින් මේ වෙනකොට මං අවුරුදු හයකට වැඩි කාලයක් එංගලන්තය තුළ ජීවත් වෙනවා.  ජීවත් වීමේදී ගොඩාක් අභියෝග රැසකට මූණ දෙන්න වුනා. පළවෙනි අභියෝගය තමයි මෙහෙ weather  ඒකට ඒ කියන්නේ මෙහේ කාල ගුණ දේශගුණක තත්ත්වයට හුරු වීම.  ඉතින් ඒක තමයි අදටත් තියෙනවා අමාරුම කාර්ය කියල මං හිතන්නේ. කාල ගුණික දේශගුණක තත්ත්වය ඇරුනහම ඇත්තටම එංගලන්තය තුළින් මට ලැබුණු දේ බොහෝයි. මම දැන් මේ වෙනකොට එංගලන්තයේ ඉගෙන ගන්නවා විශ්ව විද්‍යාලයක.  මම  පටන් ගත්තේ මෙහේ කොලෙජ් එකක. බියුටි  සයිඩ් එකෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒ වගේම health care, social service ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඉතින් මට ගොඩක්  oppotunaties  මේ රට ඇතුලෙදි ඇත්තටම හම්බවුණා. ඉතින් ඒ සම්බන්ධයෙන් කිව්වොත් එංගලන්තෙ ජීවිතය ලේ සිත් නෑ ඇත්තටම අමාරුත් නෑ. ගොඩක්ම මේ දේශගුණික කාලේ ගුණික තත්වයන්ට පොඩි හුරුවීමක් තමයි තාමත් හුරු වෙනවා වගේ තමයි දැනෙන්නේ මට

4) Wold අවුරුදු කුමරා කුමරිය, මොකද්ද මේ කවුරුත් කතාකරන Event එක

world අවුරුදු කුමරා කුමරිය,  ඇත්තටම මේක ගැන කිව්වොත් මේ වෙනකොට රටවල් 12ක් ඉන්නවා. මම කිව්වොත් මේක මොකක්ද කියලා. මේක අපේ සිංහල සංස්කෘතියට සම්බන්ධ වැඩසටහනක් සහ අපේ එංගලන්තය. දැන් මම මේකේ නියෝජනය කරන්නේ united kingdom එක. අපි මේ රටේ ඉන්න ශ්‍රී ලාංකික දුවා දරුවන්ට අවස්ථාවක් උදා කරල දෙනවා බියුටි පැජෙන්ට් එකක් තමයි මේක අවුරුදු කුමරා කුමරිය කියන එක අපි හැමෝම දන්නවා කවුරු මොකක්ද මේ අවුරුදු කුමරා කුමරිය කියලා කියන්නේ. අපට මේ අවුරුදු කුමරා කුමරියෙක් කියන මේ කන්සෙප්ට් එක ඇතුලේ අපි uk වල ඉන්න සියලූම දුවා දරුවන්ට අවස්ථාවක් උදා කරලා දෙනවා ලෝකෙට යන්න. ඒ කියන්නේ මේකෙන් මම අදහස් කරන්නේ ලෝකෙට යන්න කියන්නේ අපි මේක අපේ රටේ අපේකම  අපි මේක  අපේ  මේ ඉන්න මේ සිංහල දෙමළ කියන එක අදාලත්වයක් නෑ. අපිට මේක අපි සිංහල tamil අලුත් අවුරුද්ද මූලික කරගෙන කරන වැඩසටහනක් නිසා. මේක වර්ල්ඩ් අවුරුදු කුමරා කුමරිය ශ්‍රී ලාංකිකයන්ට මේක විශේෂයෙන්ම ශ්‍රී ලාංකික ටැමිල්ද ශ්‍රී ලාංකික සිංහල කියලද හැමෝටම කරන ඉවෙන්ට් එකක් මේක.  මේක අනිවාර්යෙන්ම අපේ දුවා දරුවන්ට මේක ලෝකෙට යන්න අවස්ථාවක් උදා කරලා දෙන අවස්ථාවක් හැටියටයි මම මේක දකින්නේ. ඉතින් මේක හොඳ වැඩක් මේ  ඉවෙන්ට් එක  අපිට ගෙනාවේ මේ රටට ගෙනාවේ ලලිත් පැරකුම් කියන සහෝදරයත් නිරාන් කියන සහෝදරයත්. ඒගොල්ලෝ තමයි මේකෙ වර්ල්ඩ් ඕගනයිසස්  ලා විදියට කටයුතු කරන්නේ. එතකොට ඒගොල්ල සම්බන්ධයෙන් තමයි මේගොල්ලන්ගෙන් හරහා තමයි මාව මේකෙ නැෂනල් ඩිරෙක්ට කරන්නේ. මේ ඉවෙන්ට එක්ක අපේ දුවා දරුවා අතරේ මේක ව්‍යාප්ත කරලා ඒගොල්ලන්ගේ සහභාගිත්වය මේක වර්ල්ඩ් එකට ගෙනියන්න තමයි  මගේ වෑයම. මගේ දරුවෝ ටික ලෝකෙට අඳුන්වා දෙන්න. 

5) Wold අවුරුදු කුමරා කුමරිය UK එකට ඔයාගෙ සම්බන්දය සහ ඔයාගෙ plans කොහොමද මේ event එක කරන්න

 world අවුරුදු කුමරා කුමරිය තරගunited kingdom  තුළ නැශනල් ඩිරෙක්ට හැටියට ජාතික සංවිධායක හැටියට මම පත්වෙලා ඉන්නවා. ඉතින් ඒක නිසා මට ලොකු වගකීමක් පැවරිලා තියෙනවා. මේක එංගලන්තය පුරා ව්‍යාප්ත කරන ගමන්ම මේ ඉවෙන්ට් එක සහ සාර්ථක කරගන්න දේවල් කරන්නේ ඉතින් මම මේකට හොඳ ටීම් එකක් සම්බන්ධ කරගන්න අදහස් කරගෙන ඉන්නවා සහ මේ වෙනකොට අපිට ඒ ටීම් එක ලැබෙමින් පවතිනවා. ඇත්තටම මට ගොඩක් කියන්න සතුටුයි. දවස් හයක් වගේ ඉතාමත් කෙටි කාලයකින් මට ලොකු සාර්ථකත්වයකට ලඟා වෙන්න පුළුවන් වුනා. මට එංගලන්තයේ වෙසෙන දක්ෂ කලාවට ලැදි අපේ දුවා දරුවන්ට අත දෙන්න කැමතියි. අපේ ශ්‍රී ලාංකික කියන නාමය ලෝකෙට ගෙනියන්න කැමැති පිරිසක් මාත් එක්ක එකතු වෙලා මේ වැඩේට සම්බන්ධ වෙන්න සම්පූර්ණ සහයෝගය දක්වමින් සිටිනවා. මේ වෙලාවේ මම විශ්වාස කරනවා තවත් අපිට කොහොමත් කට්ටිය මේකට සම්බන්ධ කරගන්න ඕනේ. අපේ රටේ ප්‍රභූ පිරිස ඒ කියන්නේ මේ රටේ ගොඩාක් උගත් බුද්ධිමත් පිරිසක් ඒ වගේම හොඳ ව්‍යාපාරිකයෝ පිරිසක් මේ හැමෝම හැම ක්ෂේත්‍රයම  නියෝජනය වන පරිදි සියලු දෙනා එක්කාසු කරගෙන මේ ඉවෙන් එක සාක්ෂාත් කරගන්න තමයි මගේ මූලික අරමුණ. මේක ඇත්තටම වෙනස්, මේක වෙන හැමෝම කරන ඉවෙන්ට් එකකට වඩා වෙනස්. මියුසිකල් ෂෝ එකක් නෙමෙයි. මේක එහෙම නැත්නම් වෙන cultural show එකක් විතරක්ම නෙමෙයි. මේක ඇතුලේ ලස්සන වැඩ ගොඩක් තියෙනවා. අපි හිතුවා දරුවන්ට මේකේ අපි මේ event  එක හරහා අපි ගෑණු ළමයි දාසයකුත් පිරිමි ළමුන් දාසයකුත් මේකෙන් අපේ ෆයිනල් එකට තෝරගන්නා අදහස් කරගෙන ඉන්නවා. ඉතින් එතකොට අපේ final එක විදිහට අපි මැයි 31 යෝජනා කරගෙන ඉන්නවා. සහ ඊට කලින් අපිට වේල්ස් වල ලන්ඩන් වල අපිට odition  දෙකක් සම්මුඛ පරීක්ෂණ දෙකක් පවත්වන්න නියමිතයි. ඉතින් සම්මුඛ  පරීක්‍ෂණ දෙක අවසානේ අපි ඊළඟ ඔඩිෂන් එක විදිහට තියෙන්නේ අවසාන  තිස් දෙක තෝරගන්න  ඔඩිෂන් එක. ඊට පස්සේ ඒ තිස් දෙක අරගෙනත් අපි තෝරගන්නවා අපේ දරුවන්ගේ ටැලන්ස් බලනවා. ඒ කියන්නේ අපි දැන් මේක අවුරුදු කුමරා කුමරිය කියලා කිව්වොත් අපි සාමාන්‍ය කියනවා සම, කොන්ඩ නිරෝගී ඇස් දත්. මේ අපි හැමදේම බලනවා මේ පංච කල්‍යානය බලලා තමයි ඇත්තටම අපි මේ අන්තිම තිස්දෙනාට ගේන්නේ. එතකොට අපිට ඒගොල්ලන්ගේ  talent එකක් තියෙන්න ඕන.  අපි මේ ගොල්ලෝ ගේ  දක්ෂකම් බලන්න පොඩි මිණිපැජන්ට් එකක්  අපි එක දවසක් කරනවා. මේක සම්පූර්ණම final event එකට එන දවස වෙනකොට අපි  ඔඩිෂන් හතරක් විතර පහු කරලා තමයි ෆයිනල් එකට ගේන්න හදන්නේ.  ඉතින් ඒකෙ ලොකු වැඩ කොටසක් මේකට තියෙනවා මං මට මේ ඇත්තටම මේ ඉවෙන්ට් එක  සාර්ථක කරගන්න මට හොඳ පිරිසකුත් හම්බ වෙලා තියෙනවා සහ ඒ හැමෝගෙම අයිඩියාස් තියෙනවා. මේකේ යෝජනාව ඔක්කොම අරගෙන අදහස් ඔක්කොම අරගෙන තමයි අපි මේක කරන්න යන්නේ. මොකද මේක මගේ වැඩක් විතරක්ම නෙමෙයි මේක සාමූහික වැඩක් විදියට අපි එළියට දාන්න ඕනේ. අපි එංගලන්තය කියන ඒ කියන්නේ මේ united kingdom එක තියෙන ගෞරවය සහ ඒකේ තියෙන කොලිටි අපි පෙන්නන්න ඕනේ මුළු ලෝකෙටම.

6) මේක ලොකු Event එකක්. කොහොමද ඒ අභියෝගය බාර ගන්නෙ

ඇත්තටම ඔව් මේක ලොකු ඉවෙන්ට් එකක්. මේක මම භාරගන්න  මූලිකම හේතුව තමයි මට මේක සාර්ථක කරගන්න පුළුවන් කියන විශ්වාසය තුළ තමයි පළවෙනිම අභියෝගය මං භාර ගත්තේ. මම තමන් තුළ තිබුන විශ්වාසයත් එක්ක මේකේ world ඕගනයිස්ර් දෙන සපෝට් එකෙන්ම විශ්වාස කරා. ඒක ඇත්තටම මේ වෙනකොට මට ඒ ගොල්ලන්ගෙන් සම්පූර්ණ දායකත්වය හොඳටම ලැබෙමින් පවතිනවා. ඒ හින්දාා දැන් දවස් කීපයක් ඇතුලත සාර්ථක කරගෙන තියෙන දේවල් බැලුවහම මට ඇත්තටම මේක අභියෝගයක් කියලා හිතෙන්නෙ නැති තරමටම මට මේක ඇත්තටම මේ හැමෝම මට හරිම නිදහසක් දැනෙන තැනකට මේ ඉවෙන්ට් එක දැන් පත්වෙලා තියෙනවා. මං දන්නවා මේකේ තියෙනවා ලොකු කාර්යභාරයක් මට ඉෂ්ට කරන්න. හැබැයි ඒක ගැනත් මම  ගැනත් මට පොඩ්ඩක්වත් සැකයක් නෑ.  මොකද මට ලොකු විශ්වාසයක් තියෙනවා. අපි මේ ලෝකෙට ගෙනියන්න හදන දුවා දරුවෝ ටිකද මේ එංගලන්තය මේ united kingdom  එක එංගලන්තෙ නෙමෙයි මේ මුළු ශ්‍රී ලාංකිකයෝ මට සම්පූර්ණ සහයෝගය දක්වයි කියලා . ඒකෙන් අපි මේ ලෝකෙට ගෙනියන්නේ අපේ දරුවන්ව. නිකන් හිතලා බලන්න දැන් මේ වෙනකොට අපේ දරුවා කොහේ හරි ඉන්නවා මේ දරුවෝ දෙන්න අන්තිමට තේරෙන දරුවෝ දෙන්නා. මේ වෙනකොට මේ රට ඇතුලේ කොහේ හරි ඉන්නවා ඉන්නවා. මම විශ්වාස කරනවා. ඒගොල්ලන්ගේ ජීවිතේ ලොකු වෙනසක් ඇති කරන ඉවෙන්ට් එකක් මේක. තව මාස තුනකින් ඒ දෙන්නා මේ රටේ අවුරුදු කුමරා සහ කුමරිය බවට පත්වෙනවා. අපි නිකන් ඉමැජින් කරලා බැලුවොත් ඒ අවස්ථාව ඒ දෙන්නවත් දන්නෙ නෑ අද වෙනකොට, ඒ දෙන්නා තමයි කියලා. ඉතින් ඒ වගේ ඒගොල්ලන්ගේ ජීවිතයේ  පෙරළීමකට, පෙරළියකට ලක් කරනවා අපි මේක හරහා සහ ඒගොල්ලන්ට හොඳ අවස්ථාවක් අපි මේ ලබා දෙනවා. ඒගොල්ලන්ට මේක හොඳ අවස්ථාවක් ලබා දෙනවා. මේක අභියෝගයක් විදියට මම භාරගන්නේ නැතුව මේක අපි හැමෝටම තියෙන හොඳම අවස්ථාවක් විදියට බාර අරගෙන මට පුළුවන් උපරිම සහයෝගය දීල මේ වැඩේ කරන්නව, මම කැමැත්තෙන් බාර අරගෙන තමයි මම මේ අභියෝගයට මුහුණ දෙන්න ලෑස්ති වුණේ.

7) එංගලන්තයේ ඉන්න අයට මේ Event එකට සම්බන්ද වෙන්න කොහොමද?

මේ united kingdom  ඉන්න අයට අපිට සහභාගී වෙන්න පුළුවන්න් විදියට අපි ලින්ක් එකක් ක්ෂයා කරනවා. එතකොට ඒක හරහා ගිහිල්ලා ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. මේක  සම්මුඛ පරීක්ෂණ ස්ථාන දෙකකදී පැවැත්වීමට නියමිතයි.  වේල්ස් වල සහ ලන්ඩන් වල එතකොට අපි මේකෙන් අපි ටාගට් එක වෙන්නේ ඔය ගැන ලන්ඩන් වලට ඒ කියන්නේ හැමෝම අපි මේකෙන් තෝරගන්නවද නැද්ද කියලා තාම කවුරුත් දන්නේ නැති නිසා. අපි ඒ සම්මුඛ පරීක්ෂණය හරහා එන්න අවශ්‍ය පැත්තේ ඉන්න ඒ පැත්තට කිට්ටු කට්ටියට වේල්ස් වල තියෙන සම්මුඛ පරීක්ෂණයටත් ලන්ඩන් වලට එන්න පුළුවන් අයට ලන්ඩන්න් වලට එන්නත් අපි මේ ස්ථාන දෙකකදී මේක කරනවා. අපි මේක සම්පමුඛ  පරීක්ෂණ දෙක කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. මේ ලින්ක් එක හරහා ගිහිල්ලා ඒ ස්ථාන දෙකෙන් කොයිකද තෝරගන්නේ කියලා අපි අවස්ථාවක් දීලා තියෙනවා.  අපි link ශෙයා කරලා තියෙනවා මේ වෙනකොට. ඒක හරහා මේ හැමෝටම එක්සත් රාජධානිය වෙසෙන සියලුම ශ්‍රී ලාංකික දුවා දරුවන්ට අපි අවස්ථාව උදා කරලා දෙන්න කැමති නිසා තමයි අපි ස්ථාන දෙකකදී මේක කරන්නේ. ඉතින් ඒක නිසා ඒ ස්ථාන දෙකටම සම්බන්ධ වෙන්න පහසු අයට ස්ථාන දෙකෙන් කැමති එකක් තෝරගන්න කියලා අපි කියනවා.

8)  ඔයාට මේ වැඩේදී හොද Team Work එකක් ඕනෙ. ඒ Team එක ගැන ඔයා කොහොමද දකින්නෙ

 අනිවාර්යෙන්ම අපිට මේ වගේ වැඩක් කරනකොට ටීම්වර්ක් කියන එක ඇත්තටම import කාරණාවක්. ඇත්තටම ඒක එහෙම නැතුව අපිට මේ කරගන්න බැරි වෙනවා. මට දැනට හම්බවෙලා තියෙන ටීම් එක මං විශ්වාස කරනවා ඒගොල්ලෝ මට උපරිම සහයෝගය දක්වනවා. මේ වෙන කොට ඒගොල්ලෝ මට දක්වල තියෙන සහයෝගයත් එක්ක මේක ෆයිනල් ඉවෙන්ට්  එක දක්වා මට ඒ ගොල්ලන්ගේ සහයෝගය ලැබෙන විශ්වාසය මත තමයි මම ඉන්නේ. ඒගොල්ලෝ ඒ වෙනුවෙන් වැඩ කරනවා. මේ වෙනකොට ඉතින් මට ඇත්තටම ඒගොල්ලෝ මේක ඒගොල්ලන්ගේ වැඩක් විදිහට භාර  අරගෙන කරන්න පටන් අරන් තියෙනවා. සහ අපි කියන්නේ ඒගොල්ලන්ගේ කාර්යයට පරිබාහිරවත් සමහර අවස්ථාවල සමහර දේවල් වලට මට අවවාද උපදෙස් අනුශාසනා දෙනවා. ඉතින් මං ඒ හැමෝගෙම එකතුවක්. මොකද අපි හැමෝගෙම දේවල් වලට ඇහුම්කන් දෙන්න ඕනේ. මේක මොකද හැමෝටම උවමනාව තියෙන්නේ මේක සාර්ථක ඉවෙන්ට් එකක් බවට පත් කරගන්න. ඉතින් ඒක නිසා මේකේ ඇත්තටම මට හොඳ සහයෝගයක් මේ වෙනකොට හැමෝගෙන්ම ලැබෙමින් පවතිනවා මට ඒ ගැන හරි ආඩම්බරයි.

9)  ඉදිරියේදි World අවුරුදු කුමරා කුමරිය UK Event එක ගැන තව තවත් වැඩි විස්තර අපි Magazine එක හරහා ලබාදෙන බලාපොරොත්තු වෙන් ඔයාට මොනවද කියන්න තියෙන්නෙ එංගලන්තයේ අපේ ශ්‍රී ලාංකිකයන්ට

ඇත්තටම මේ world අවුරුදු කුමරා  කුමරිය තරංගය පවත්වන්නේ අපි අපේ ෆයිනල් අපි කියන්නේ Finale අපි පවත්වන්න අදහස් කරන්නේ මැයි 31 ඊට කලින් අපිට දැනට අපි දාගත්තු දින ටිකක්  තියෙනවා  එංගලන්තය ඇතුළෙ අපේ ඔඩිෂන් එක පවත්වන දිනය පළවෙනි සම්මුඛ පරීක්ෂණය අපිට අප අප්‍රේල් 27 වැනි දා ලන්ඩනයේදී පැවැත්වෙනවා. ඒක තාම අපිට ස්ථානය තීරණය කරලා නැති නිසා අපි ඒක ඉදිරියේදී දැනුම් දීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම එතනින් එන අපි තෝර ගන්න දුවා දරුවෝ ටික මැයි 10  දෙවැනි සම්මුඛ පරීක්ෂණයක් පවත්වනවා ඔවුන් වෙනුවෙන්. එදාට තමයි අපි තෝරන්නේ  අවසාන තිස් දෙදෙනා තෝරන දවස. ඒක ලොකු අවස්ථාවක් විශාල පිරිසක් සහභාගී වන සහ ඒක අපිට ලොකු වැඩ කොටසක් කරන්න තියෙන දවසක් බවට පත්වෙනවා මැයි 10 කියන දවස. ඊළඟට අපි මැයි 18 අපි තෝරාපත් කරගන්නා ලද තිස් දෙක ඒ කියන්නේ ගෑනු ළමයි දාසයකුත් පිරිමි ළමුන් දාසියකුත්  අපි ෆයිනල් ඉවෙන්ට් එකට ගෙනි යනවා. එතකොට ඒ ගෙනියන දාසය දෙනාගේ මිණි පැජෙන්ට් එක තෝරන දවස අපේ මැයි 18 වැනිදා එතනින් එහාට මේක මැයි 31තමයි අපි ෆයිනල් එක විදිහට සහභාගි කරන්නේ. එතකොට මේක ඇතුලේ මට එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට පණිවිඩයක් දෙන්න තියෙනවා. ඒ තමයි ඔබගේ දුවා දරුවන්ට  මේක හොඳ අවස්ථාවක් ඔබේ දුවා දරුවන් ඉදිරිපත් කරන්න. එහෙම නැත්තං ඕගොල්ලෝ මේ තරුණ පරපුරක් අපේ රටේ දැන් ලංකාවෙන් ඇවිල්ලා ඉන්නවා මෙහෙට යුනිවර්සිටිස් වල ඉන්නවා. මම කියන්නේ ඒ දුවා දරුවන්ටත් මේකට සම්බන්ධ වෙන්න  හොඳ අවස්ථාවක් කරගන්න. එතකොට මේක හරහා ඕගොල්ලන්ට ලෝකෙට යන්න පුළුවන් අවස්ථාවක්ාවක් දෙනවා. ඒ වගේමාව එංගලන්තයේ වෙසෙන ව්‍යාපාරිකයන්ට සහ අපේ ප්‍රභූ පන්තියේ පුරවැසියන්ටත් මම කියන්නේ මම ඉල්ලීමක් කරනවා. මේ ඉවෙන්ට් එක සාක්ෂාත් කරගන්න ඔබලාගේ පූර්ණ සහයෝගය අපිට ලබා දෙන්න. මේක  අවස්ථාවක් අපේ මේ රටේ වෙසෙන දුවා දරුවන්ට අපි දෙන්නේ මේ ඉවෙන්ට එක හරහා අපි දුවා දරුවන්ට ලොකු අවස්ථා උදාකරලා දෙනවා. ටෙලිනාට්‍යවලට tv commercials වලට එතකොට දැන් අපි ඒ කියන්නේ ලෝකයා ලෝකෙටම විවෘත වන මේක වැඩසටහනක්. ඉතින් ඒක හරහා ඒගොල්ලන්ගේ සම්පූර්ණම ජීවිතේ හැරවුම් ලක්ෂයක් බවට පත්කරන වැඩසටහනක් මේක. මේ වෙන තැනක හරහා ලෝකයද අපි දරුවෝ දාසයක් ඉදිරිපත් කරන වා. ඒ වගේම අන්තිම දරුවෝ දෙන්න අපි ලෝකෙට විවෘත කරනවා. ඒ දෙන්නව අරගෙන අපි ලංකාවට අරගෙන ගිහිල්ලා ඒගොල්ලන්ට තව grand final  එකක් තියෙනවා. ලංකාව ඇතුලේ එතැනින් අපේ දරුවො දෙන්නව අපිට ජයග්‍රහණය කරා ගෙනියන්න පුළුවන් වුනොත් ඒකත් එංගලන්තය මේ එක්සත් රාජධානිය වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට මහත් ගෞරවයක් බවට පත් වෙවී. ඒක නිසා නිසා මං හැමෝගෙම ඉල්ලා සිටිනවා මේ වැඩසටහන සාර්ථක කරගන්න ඔබේ දුවා දරුවන්ව ඉදිරිපත් කරන්න මේකට සහ මේ event එක සාර්ථක කරගන්න මට ඔබලාගේ පූර්ණ සහයෝගය ලබා දෙන්න කියලා. ඒවගේම ඩිජිටල් මීඩියා partner  විදිහට අපි magazine  හරහා world අවුරුදු කුමරා කුමරිය ඉවෙන්ට් එක ගැන සවිස්තරාත්මකව  ඔබ හමුවට ඒමට අවස්ථාව දීම සඳහා ස්තූතියි.  බොහොම ස්තුති