Api-Slide-62-1
Api-Slide-64-1
Api-Slide-64-2
Api-Slide-64-2
previous arrow
next arrow

ගෙල ආශ්‍රිත වේදනාවකින් ඔබත් පීඩා විඳිනවාද?

වර්තමාන කාර්ය්යබහුල ජීවන රටාව සමඟ ව්යායාම මදකම, එකම ඉරියව්වෙන් බොහෝ වේලාවක් පරිඝණක තිර ඉදිරියේ හිඳගෙන සිටීම, සේවා මුර ක්රමයන් යටතේ කිසිඳු විවේකයකින් තොරව රාජකාරියේ නියැලීම, බොහෝ දුරක් වාහන වල ගමන් කිරීම, වැරදි ඉරියව් හා වැරදි ආහාර රටාවන්ට යොමු වීම හේතුවෙන් කොඳු ඇටපෙළ ආශ්රිතව බොහෝ රෝග හටගැනීම සිදු වේ.
මෙලෙස ගෙල ආශ්රිතව ඇතිවන ආතතිය හේතුවෙන් වර්තමානයේ පහසුවෙන් වැළඳෙන රෝග අවස්ථාවක් ලෙසට Cervical spondylosis තත්ත්වය හැඳින්විය හැක.
කොඳු ඇට පෙළ ආශ්රිතව මාංශ, පටක, ඛණ්ඩරා කාලයක් තිස්සේ අධික පීඩාවට පත්වීම හේතුවෙන් කල් යත්ම කොඳු ඇට පෙළෙහි රෝගී තත්ත්වයන් ඇතිවීමේ ඉහළ සම්භාවිතාවක් පවතී.
Cervical spondylosis යනු ග්රෛවී කශේරුකා එනම් කොඳු ඇට පෙළෙහි ඉහළ සීමාවෙහි බෙල්ල ආශ්රිතව පිහිටා ඇති කොඳු ඇට අතර ඇති අන්තර් කශේරුක මඬල් (intervertible discs) හා සන්ධි ස්ථාන (joints) ගෙවී විනාශ වී යාමත්, එමඟින් ඇතිවන ආසාදන තත්ත්වයන් ක්රමයෙන් වැඩි දියුණුවීමත් නිසා හටගන්නා රෝගී අවස්ථාවකි.

වයස්ගත වීමත් සමඟ මාංශ පේශීන්ගේ ප්රත්යස්ථතාව අඩුවීම, අස්ථි හා ස්නායු ක්ෂය වීම වැනි ක්රියාවලීන් නිසා ශරීර අවයවයන් ක්රමයෙන් හානිවීම් සිදුවන අතර, සිරුර මඟින් ඒවා නැවත පිළිසකර කිරීම් ප්රමාද වීම නිසා අස්ථිසන්ධි ආශ්රිත රෝගාබාධ බහුලව හට ගනී.

ආයුර්වේද මූලධර්මානුකූලව වයසට යත්ම සිරුරේ වාත කෝපතාවය නිරායාසයෙන්ම සිදු වේ. එමනිසා Cervical spondylosis යනු වැඩිහිටි කාලයේ පහසුවෙන් ප්රකට වන රෝග අවස්ථාවක් වන අතර වයසට යාමත් සමඟ රෝගය ඇතිවීමේ ප්රවණතාව මෙන්ම රෝග ලක්ෂණ තීව් වීමේ ප්රවණතාව වැඩි වේ.

එමෙන්ම වැඩිහිටි කාන්තා පාර්ශ්වයට රෝගය වැළඳීමේ හැකියාව ඉහළ . ඇතැම් රෝගීන් රෝගයේ මුල් අවස්ථාවේදී රෝග ලක්ෂණ පෙන්නුම් නොකරයි. ක්රමයෙන් හටගනු ලබන බෙල්ලේ වේදනාව විවේක ගැනීමෙන් පසු සුව වීම මුල් කාලයේදී සිදු වුවද, කල් යත්ම බෙල්ල හැරවීමේදී වේදනාව තීව් වීම දැකිය හැක. ස්නායු පද්ධතියට සෘජුවම බලපෑම් ඇතිකළ හැකි අවස්ථාවක් බැවින් වේදනාව, හිරිය, සන්ධියේ තද බව හා ක්රියාකිරීමේ අපහසුව මූලික රෝග ලක්ෂණ ලෙස දක්නට ලැබේ.
වාත දෝෂයේ කෝප වීම දිනය තුළදී සවස් කාලයේදී සිදුවන නිසා රාත්රියේදී වේදනාව උත්සන්න වීම සිදුවේ.

Cervical spondylosis අවස්ථාවේදී අන්තර් කශේරුක මඬල් වල හානිවීම (degeneration), ගෙල ආශ්රිත ග්රෛවී කශේරුකා වල Osteophytes සෑදීම හා සන්ධියේ සුමට ක්රියාකාරීත්වය සළසන Adjacent facet joints වල අධික ක්රියාකාරීත්වය හේතුවෙන් Hypertrophy වීම සුලභව දක්නට ලැබේ.
එමෙන්ම කශේරුකා දෙපසින් දිව යන ස්නායු තෙරපීමට ලක්වීම හේතුවෙන් ග්රෛවී ස්නායු සැපයුම සහිත ප්රදේශයන් වන හිස, ගෙල, උරහිස, පිටෙහි ඉහළ කොටස, අත් හා ඇඟිලි දක්වා වේදනාවන් පැතිරීමත්, හිරි වැටීමත් ප්රධාන රෝග ලක්ෂණ ලෙස දක්නට ලැබේ.

ඇතැම් රෝගීන්ගේ කොඳු ඇට පෙළෙහි ශරීර රචනාත්මක අසාමාන් පිහිටීම් හේතුවෙන්, හෝර්මෝනමය වෙනස්වීම්, විටමින් D ඌනතාවය, පිළිකා, දියවැඩියාව වැනි වෙනත් රෝග තත්ත්වයන් හේතුවෙන් මෙන්ම, දුම්පානය හා අධික මත් පැන් භාවිතය නිසා අස්ථින්ට නිසි පෝෂණය නොලැබී යාමෙන් Osteoporosis තත්ත්ව හට ගැනීම හේතුවෙන් මෙම රෝගය හටගැනීම සිදුවිය හැක.

ඇතැම් විට හදිසි අනතුරකින් පසුව ගෙලෙහි සන්ධීන්ගේ තදබව හා ක්රියා හානිය හේතුවෙන් පසු කාලීනව හටගන්නා රෝග අවස්ථාවක් ලෙස සැළකේ.


ආයුර්වේද වෛද් විද්යාවට අනුව ග්රීවා සන්ධිගත වාත නම් වූ වාත දෝෂය විකෘති වීමෙන් හටගනු ලබන රෝග අවස්ථාවේදී ඉහත සඳහන් කළ රෝග ලක්ෂණ පෙන්නුම් කෙරේ. තවද, සුශ්රැත සංහිතාවට අනුව දිවා නිද්රාව, එකම ස්ථිර ඉරියව්වක බොහෝ වේලාවක් සිටීම වැනි හේතූන් නිසා වාත හා කඵ දෝෂ කෝපතාවයෙන් ගෙලෙහි චලනයන් නිසියාකාරව සිදු කිරීමේ නොහැකියාව හා තද බව ඇතිවන රෝග අවස්ථාව, නව් විද්යාත්මකව පිළිගනු ලබන Cervical spondylosis රෝගය හා බොහෝ සෙයින් සැසඳේ.

ආයුර්වේද වෛද් විද්යාත්මක පිළිගැනීමට අනුව, ශරීරයේ ගෙල ප්රදේශයේ ස්නිග්ධ බව අඩුවීම, මජ්ජා හා අස්ථි ධාතූන් ක්ෂය වීම හා ආහාර ජීර්ණ ක්රියාවලියේ අඩාලවීම් ආදී හේතූන් නිසා විකෘති වන වාත දෝෂය හේතුවෙන් අන්තර් කශේරුක මඬල් වියළී යාමෙන් සහ කොඳුඇට පෙළ ආශ්රිතව පීඩන තත්ත්ව හා ආසාදනයන්ට නිරන්තරයෙන් යොමුවීම නිසා මෙම රෝගය හටගැනේ.

නව්යව රෝග තත්ත්වය නිවැරදිව නිර්ණය සඳහා X-ray, CT, MRI scan පරීක්ෂණ හා රුධිර පරීක්ෂණ යොදා ගැනේ. Dehydrated disks, Herniated disks, Bone spurs වැනි රෝග ලක්ෂණ X-ray පරීක්ෂණ මඟින් මෙන්ම නවීනව සිදු කරන Myelography පරීක්ෂණ මඟින් රෝග අවස්ථාව පහසුවෙන් නිශ්චය කර ගැනීමේ හැකියාව පවතී.

වේදනා නාශක හා මස් පිඬු ඉහිල් කරන ඖෂධ ලබා දීම, ESI (Epidural steroid injection) එන්නත් ලබා දීම, Collars පැළඳීම මඟින් බෙල්ලේ චලන සීමා කොට විවේකය ලබා දීම, Cervical traction, Cryo therapy, Physiotherapy සහ ව්යායාම නිර්දේශ කිරීම බටහිර වෛද් ප්රතිකාර ක්රම අතර ඉතා ප්රචලිත වේ.

ආයුර්වේද වෛද් චිකිත්සාවේදී රෝග හේතූන් වළක්වා ගැනීමට උපදෙස් ලබා දෙමින්, ප්රතිකාර මඟින් තවදුරටත් ස්නායු පද්ධතියට හානි වීම වළක්වාලීමත්, රෝගියාගේ අපහසුතාවයන් දුරු කොට එදිනෙදා ක්රියාවන්හි අපහසුවකින් තොරව යෙදීමට හැකියාව ලබා දී නැවත රෝගය හටගැනීම වළක්වාලීමත් සිදු කෙරේ.


එහි දී, සන්ධීන්ට ශක්තිමත් බව මෙන්ම නිසි පෝෂණය ලබා දීමත්, විකෘති වූ වාත දෝෂය නිවැරදි කිරීමත්, අනුබන්ධිත දෝෂයන් ශමනය කිරීමත්, වේදනා ශමනයත් මූලිකව සිදු කෙරේ.
ව්යාන වාත හා ශ්ලේෂක කඵ සම්බන්ධ රෝග අවස්ථාවක් වන බැවින් විකෘති වූ වාත දෝෂය ශමන, වේදනා නාශන (ශූල හරණ), ඉදිමුම අඩු කිරීම (ශෝථ හරණ) යන ගුණ සහිත ඖෂධ වලින් සැකසූ ලේප වර්ග ආලේපනය මඟින් සන්ධි ආශ්රිතව මනා රුධිර සැපයුමක් සකසා දේ. එමෙන්ම ඝෘත හා සහිඳ ලුණු මිශ් කර විශේෂිතව සකසනබිත්තර සුදු මද පැළැස්තරයයෙදීම බාහිර ප්රයෝගයන් අතර ප්රත්යක්ෂ ප්රතිඵල ලබා දෙන විශේෂිත වූ ප්රතිකාරයකි.
ප්රතිකාරයේදීස්නේහනනොහොත් අභ්යන්තර හා බාහිර ස්නේහ කර්ම ප්රධාන වේ.
තෛල වර්ග යොදාගනිමින් සිදු කරන නස් හා වස්ති ප්රතිකාර මෙන්ම ඖෂධීය තෛල මඟින් සිදු කරන අභ්යංග, පිචු හා ස්නේහ ධාරා ප්රතිකාර වාත ශමනය, සන්ධි මෘදු කිරීම හා වේදනාව අඩු කිරීම සඳහා ඉතා යෝග් වේ.
හිස හා ගෙල ආශ්රිත රෝග සඳහා ඉහළ ප්රතිඵල ලබා දෙන වෘංහණ නස් ප්රතිකාර මඟින් වාත දෝශය ශමනය කෙරේ.
එමෙන්ම තෙල් හා කෂාය මඟින් ලබාදෙන වස්ති ප්රතිකාර මඟින් කුපිත දෝෂයන් ශරීරයෙන් බැහැර කිරීම සිදු කෙරේ.
කඵ දෝෂයේ අනුබන්ධතාවය අනුව කඵ ශමනය සඳහා මෘදු වමන ප්රතිකාර ලබාදීමත්, රෝග ලක්ෂණ අනුව විරේචන සිදු කිරීමත් චිකිත්සාවේදී සිදු කෙරේ.
සන්ධීන්ගේ තදගතිය අඩු කිරීමට වාත ශාමක උණුසුම් ප්රතිකාර ලෙස තෙල් සහිත ස්නිග්ධ හෝ රූක්ෂ චූර්ණ යෙදූ පිණ්ඩ ස්වේද භාවිතා වේ. ජම්බීර පිණ්ඩ ස්වේද, නාඩි ස්වේද හා ඇට හෝ කොළ පොට්ටනි වලින් තැවිලි කිරීම විශේෂිත වේ.
තවද වාලුකා ස්වේද නොහොත් වියළි වැලි උණුසුම් කර පොට්ටනි තැවිලි යෙදීම ප්රතිකාරයේ දී සාර්ථක ප්රතිඵල ලබා දේ.
ග්රීවා (cervical) ප්රදේශයට ලබාදෙන තෛල වස්ති ප්රතිකාර මඟින් සන්ධියට ස්නිග්ධ බව හා උණුසුම ලබා දීමෙන් වාත දෝෂ ශමනයට උපකාරී වේ.
වරා, නික, බෙහෙත් එරඬු වැනි පත් මඟින් සිදුකරන උණුසුම් තැවීමෙන් සන්ධියෙහි ශක්තිමත්බව නැවත ලබාදීමත්, වේදනාව අඩු කිරීමත් සිදු වේ.
සන්ධියේ ආසාදන තත්ත්වය සඳහා අභ්යන්තර ප්රතිකාර ලෙස වාත ශමන කෂාය, ක්වාත, වටී, ගුග්ගුලු, කල්ක, චූර්ණ වර්ග ලබා දෙන අතර මාංශ හා මජ්ජා ධාතූන්ගේ පෝෂණය සඳහා ඝෘත වර්ග නිර්දේශ කෙරේ.

*හිතකර ආහාර* –
උණුසුම් හා තෙල් සහිත ආහාර භාවිතය
කිරි හා එළඟි තෙල් නිෂ්පාදන
වියළි කැලෑ පෙදෙස් වල වෙසෙන සතුන්ගේ හා පක්ෂීන්ගේ මාංශ
ගොකටු/ හීන් නෙරෙංචි,
කොල්ලු, තණහාල්
සුදුළූණු, අඹ, මුරුංගා, දෙළුම්, පැඟිරි කුලයේ පලතුරු, සියඹලා, මිදි, පොල් වතුර
මස් වර්ග වලින් පිළියෙල කළ සුප් වර්ග



 

*හිතකර විහරණ* –
ව්යායාම සිදු කිරීම
පිහිනීම
තෛල අභ්යංගය හා මෘදු සම්භාහනය
පැතලි පෘෂ්ඨයක නිදා ගැනීම
මද උෂ්ණ ජලය ස්නානය කිරීම
හිරු එළියට නිරාවරණය වීම

*අහිතකර ආහාර -*
කඩල, මුං ඇට, බණ්ඩක්කා, කරවිල, ගෝවා මල්, රට ඉඳි, නෙළුම් අල වැනි ශීත ආහාර

*අහිතකර විහරණ-*
දිවා නිද්රාව
රාත්රියේ අවදිව සිටීම
වැරදි ඉරියව් වලින් නිදා ගැනීම (විශම ශයන)
එකම ඉරියව්වේ බොහෝ වේලාවක් රැඳී සිටීම
මල, මුත්, කිවිසුම් වැනි වේගයන් දරා සිටීම
ව්යායාම අඩු වීම
නිරාහාරව සිටීම
විවේකයකින් තොරව එක දිගට කාර්ය්යන්හි නිරත වීම (අති ව්යායාමය)

රෝගයේ හා රෝගියාගේ බලාබලත්වය හා අනෙකුත් පීඩාවන් සළකා බලා ආයුර්වේද වෛද්යවරයා විසින් පුද්ගලානුබන්ධ ප්රතිකාර පද්ධතියක් නිවැරැදිව තීරණය කෙරේ. එබැවින් සුදුසුකම් ලත් වෛද්යවරයෙක් වෙත ගොස් ඉක්මන් ප්රතිකාර ලබා ගැනීමෙන් මෙම රෝගයට සාර්ථක ප්රතිඵල ලබා ගැනීමේ හැකියාව ඇත.

ආයුර්වේද වෛද්‍ය නාලිකා හංසිනී ජයතිලක
BAMS-Colombo (SL)

Home / Ayurvedic / 25-July-07