Api-Slide-56-1
Api-Slide-56-2
Api-Slide-56-3
previous arrow
next arrow

Naada Article

වේලසයේ පැවැත්වෙන දැවැන්තම Naadha Live in Concert ගැන දන්නවද? නැතිනම් හරියටම දැනුවත් වෙමුද ?

01. මොකද මේ කොන්සර්ට් එකට නාද කිව්වෙ,

බ්‍රිතාන්‍යයේ මේ දිනවල පැවැත්වෙන දැවැන්තම රියලිටි තරගය කියන්නෙ නින්නාද 2024. ඒ නමේ අවසාන අකුරු දෙක අරගෙන තමයි නාද කියල හැදුවේ. 

02. නාද ලයිව් ඉන් කොන්සර්ට් එකට එන්නේ කවුද?

ලංකාවේ සංගිතය කේෂ්ත්‍රයේ ජනප්‍රියත්වයට පත්වුන ප්‍රියත් රාජපක්‍ෂ, තීක්ෂණ අනුරාධ, දිමන්ක වෙල්ලාලගේ, සංජුල හිමාල, දුලාන් ඒආර්එකස් එනවා.

03. මේ වගේ සුසංයෝගයක් ඇයි තෝරන්න හිතුවේ?

දිමන්ක, තීක්ෂණ කියන්නෙ ගොඩක් කේෂ්ත්‍රයේ ජනප්‍රියත්වය රැකගෙන එන දෙන්නෙක්. පියත්, සංජුල කියන්නෙ නව නිර්මාණ එක්ක අලුත් පරම්පරාව කැමති ගායකයන් දෙන්නෙක්. රැප් සංගිතයට ආස අයට වෙනුවෙන් අපි දුලාන් එකතු කලා. ඉතිං මේ සුසංයෝගයෙන් අත්නොවිදි නියම අත්දැකිමක් ලබා දෙන්න නාද ලයිව් ඉන් කොන්සර්ට් සුදානම්

04. කොහේද, කවදද, කීයටද මේ ප්‍රසංගය තියෙන්න?

වේලසයේ අගනුවර කියන්නෙ ගොඩක් සංගිත ප්‍රසංග නොපැවෙත්වෙන නගරයක්. බහුතරයක් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් අපි වේල්සයේ කාර්ඩ්ෆ් අගනුවර රැඩිසන් බ්ලු තරු පහේ හෝටලය මේ වැඩේට තෝර ගත්තා. ඔක්තෝබර් 12 වෙනිද සවස 6 ඉදල රාත්‍රි 12 වෙනකල් එක දිගටම මේ කොන්සර්ට් එක පැවැත්වෙනවා.

05. වෙන මොනවද මේ කොන්සර්ට් එකට එකතු කරල තියෙන අංග?

* නින්නාද 2024 අවසාන මහා ප්‍රසාංගික අත්දැකීම විදගන්න 

* DJ music එක්ක නටන්න

* ලංකාවේ විදිහට පහසු මිලට රසම රස ආහාර කන ගමන් කැමති විදිහට බොන්න 

06. ඇයි පවුම් 30 වගේ ගණනකට ටිකට් ආලවි කරන්න හිතුවෙ? 

වේලසය වගේම බ්‍රිතාන්‍යය  පුරාම ඉන්නේ බහුතරයක් ඉගන් ගන්න ආපු ශිෂ්‍යයෝ. ඒ අයගේ පවුල්වල අය. ඉතිං මේ හැම කොනක්ටම මිලට ගන්න පුලුවන් ඉතාම සාධාරණ මිලක් විදිහට Early Bird tickets £30 කට අලෙවි කරනවා. ඊට පස්සෙ පොඩි ගානක් වැඩි වෙනවා. කොහොම වුනත් ගොඩක් ටිකට්ස් අලෙවි වෙලා තියෙන නිසා ඉක්මනින්ම ගන්න පුලුවන් නම් ෂුවර්. සියලුම ටිකට්ස් පරිසර හිතකාමි විදිහට Online ගන්න පුලුවන්. 

07. මේ කොන්සර්ට් එක කරන්නෙ කවුද ? 

All Sri Lankans in UK community එක නියෝජනය කරන Concept Crew එක පලමු වතාවට BlackBoX Events and Media එක්ක කරන වෙනස්ම වැඩක් මේක. අනික මේ වැඩේට බ්‍රිතාන්‍යයේ ඉන්න මේ වගේ වැඩ කරන බොහොමයක් දෙනක් සහයෝගය දෙනවා. ලිවර්පූල් කොමියුනිටි එක, රාවනා ඉවෙන්ට්, වෙලස් අපි, සහස්රා එන්ටර්ටේන්ට්මන්ට් අපිට මේ වැඩේට පුර්ණ සහයක් දෙනවා එයාලගේ අත්දැකීම් එක්ක නාද ලයිව් ඉන් කොන්සර්ට් එක සාර්ථක කර ගන්න. හැබැයි කියන්නම ඕන මේ වැඩේ කරන්නේ All Sri Lankans in UK කියන එක පැහැදිලිව කියන්නේ ඒ ගැන වැරදි අවබෝධයක් ඇති වන්න පුලුවන් නිසාමයි.

08. මේ කොන්සර්ට් එක කරන්න විශේෂ අරමුණක් තියෙනවද?

අපි දැක්කා බ්‍රිතාන්‍යය පුරාවටම පැවැත්වෙන සංගිත ප්‍රසංග ගොඩක් තෝරාගත් නගර කිහිපයකට සීමා වෙලා ව්‍යාපාරික අරමුණු එක්ක සංවිධානය වෙනව. නින්නාද 2024 කියන රියලිටි ප්‍රසංගය එක්ක නාද ලයිව් ඉන් කොන්සර්ට් එක ලාභ අරමුණු නොකල සාමාජීය මෙහෙවරක් වෙනුවෙන් 2024 වර්ෂයේ පලමු වරට ආරම්භ කලා. 

09. මේ ප්‍රසංගය සාර්ථක කර ගන්න සහය දුන්න අනුග්‍රහයකයන් කවුද?

ABEC Primer ප්‍රධාන අනුග්‍රහාහක විදිහට මේ කර්තව්‍යයට උපරිම සහයක් දෙනවා. ශ්‍රී ලාංකිකයන් විදිහට මේ කර්තව්‍යය සදහා ලංකාවේ IJ මර්කනටයිල් පුද්ගලික සමාගම, ස්කටිලයින් මැනුපැක්චරින් පුද්ගලික සමාගම මුල්‍ය අනුග්‍රහය ලබා දුන්නා. බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික ව්‍යාපාර විදිහට Owl Financial, Little Lanka Restaurant, Ceylon Express මූල්‍ය සහය  ලබා දුන්නා. මීට අමතරව CMORE digital media සහකරු විදිහට ලබා දෙන සහය අගය කල යුතුමයි. තවදුරටත් Prime News, Api Magazine, FM adawiya, NMTV මාධ්‍ය සහය ලබා දෙනවා. My Digital Business වෙබ් සහකරු, NLC උපදේශන සහකරු, Ambiaent Potraitor ඡායාරූප සහකරු, Primetop Liverpool නිල වාහන සහකරු විදිහට මෙන්ම £2000 ක් වටිනා වාහනයක් නින්නාද 2024 ජයග්‍රාහී කිරුල හිමි කුමරාට හෝ කුමරියට ලබාදෙන්න සුදානම්.

10. සංවාදය අවසන් කරන්න කලින් විශේෂයෙන් කියන්න දෙයක් තියෙනවද? 

ඔව්, ඇත්තටම වේලසයේ 2024 වර්ෂයේ පැවැත්වෙන අති දැවැන්තම හා එකම සංගීත අත්දැකීම විදිහටත්, Artists ලා 05ක් එක්ක නින්නාද 2024 ජයග්‍රාහී තිදෙනා සංගිතවත් වන අති දැවැන්තම සංගිත ප්‍රසාංගය විදිහටත් ඉතාම අඩු මුදලකට මේ සියල්ලම අත්විදින්න අවස්ථාව ලැබෙන අත් නොහැරිය යුතු එකම ප්‍රසංගය විදිහටත් Naadha Live in Concert එක බලන්න එන්න කියල ශ්‍රී ලාංකික ඔයාල හැමෝටම අපි ඉතා ආදරයෙන් ආරාධනය කරන්න කැමතියි.

අවසාන වශයෙන් මේ වගේ ලස්සන ප්‍රසංගයක් ඉදිරිපත් කරන්න අනුග්‍රහය ලබාදුන් හැම කෙනෙක්ම සහය දුන්න හැම කෙනෙක්ම ඉතා ආදරයෙන් සිහිපත් කරන ගමන්, මේ සංවාදයට ඉඩ හසර හදල දුන්න අපි මැගසින් (Api Magazine) සගරාවට විශේෂ ස්තුතිය පුදකරනවා.

Sign up for our newsletter