දෙවැනි සාඛච්චාවට
පසුගිය article එකෙන් අපි Insurance ගැන මුලික කරුණු කීපයක් පිලිබදව සාකච්චා කලා, උදාහරණ විදියට Insurance එකක් තිබීමේ ප්‍රතිලාභ ,Life Insurance සහ Mortgage protection Insurance etc. ඒ සදහා අපිත් එක්ක BVS Mortgages and Financial Services Ltd හි අධ්‍යක්ෂ මෙන්ම ජ්‍යේෂ්ඨ මූල්‍ය උපදේෂක Roshan Vitharanage මහතා සම්බන්ධ වුනා. අද අපි ඒ කතාබහේම දිගුවක් විදිහට තවත් වැදගත් කාරණා කීපයක් ගැන ඔහුගෙන් පැහැදිලි කරගනිමු.
Q). රොෂාන් ,Critical Illness Coverage එකක් වැදගත් වන්තෙ ඇයි කියල අපි කතා කරොත්..
ඔව්. ඒ ප්‍රශ්නෙ අහන එක ඉතාමත්ම වටිනවා. ඇත්තෙන්ම Insurance ගැන කතා කරද්දි මගහරින්න හොඳනැති තවත් වැදගත් මාතෘකාවක් තමයි මේක. අපේ ජීවිත කාලය පුරාවට අපිට විවිධාකාර අභියෝග වලට මුහුණ දෙන්න සිද්දවෙනවා. ඒ අතරින් සමහරක් අභියෝග අපේ වගේම අපේ ආදරණීයන්ගේ අනාගතය තීරණය කරනවා. උදාහරණයක් විදිහට ඔබ එක්වරම බරපතල අසනීපයකට (cancer, heart attack, stroke, etc) ගොදුරුවෙන්න පුළුවන්.
ඒ අවස්ථාවේදී සිද්දවෙන සමහර සිදුවීම් නිසා ඔබේ වගේම ඔබේ බිරිඳගේ ස්වාමියාගේ දරුවන්ගේඅනාගතය අනතුරේ වැටෙන්න පුළුවන්. ඉතින් මේ වගේ අවස්ථාවක critical illness coverage එකක් තියෙනවා කියන්නෙ ඔබටත් ඔබේ පවුලටත් වචනයෙන් කියන්න බැරි තරමේ මානසික සහනයක්.
තවත් වැදගත්ම කාරණයක් තමයි, ඔබට ලැබෙන ඒ මුදල් ඔබේ වෙනත් අවශ්‍යතාවයක් ඉෂ්ට කරගන්න උනත් පාවිච්චි කරන්න පුළුවන් වීම. සමහර විට ඔබේ වෙනස්වන සෞඛ්‍ය තත්වයන්ට ගැළපෙන විදිහට ඔබේ නිවස අලුත් වැඩියා කරගන්න වෙන්න පුළුවන්. ඒ වෙනස්වන තත්වයන්ට ගැළපෙන විදිහට අලුත් නිවසක් මිලදී ගන්නට වෙන්න පුළුවන්. එහෙමත් නැත්තම් ඒ මොහොතේදී ඔබට අත්‍යාවශ්‍ය වෙන medical equipment මිලට ගන්න වෙන්න පුළුවන්.
Q: MetLife වැනි හදිසි අනතුරු රක්ෂණ ආවරණයක් කැපී පෙනෙන්නේ ඇයි ?
Accidental cover එක බොහෝ විට නොසලකා හරින, ඒත් ඇදහිය නොහැකි තරම් වටිනා රක්ෂණ ආවරණ.
Benifit payout වලදී යම් යම් සීමාවන් තිබිය හැකි standard health or life insurance වගේ නෙවෙයි , Accidental cover එක අවධානය යොමු කරන්නේ අනපේක්ෂිත සිදුවීම් නිසා ඇතිවන තුවාල වැනි සිදුවීම් ගැන.
උදාහරණයක් ලෙස MetLife ගන්න. එය රෝහල්ගතවීම්, අස්ථි බිඳීම් හෝ හදිසි අනතුරු හේතුවෙන් ඇතිවන ස්ථිර ආබාධ වැනි දේ සඳහා ගෙවීම් කරනවා . මේ ආකාරයේ cover එකක් විශේෂයෙන් ක්‍රියාශීලී ජීවන රටාවක් ඇති පුද්ගලයින්ට හෝ අනතුරු වැඩි ඉඩක් ඇති පරිසරයක සේවය කරන අයට තිබිය යුතුම රක්ෂණයක්.
මෙය වැදගත් වන්නේ ඇයි? අනතුරු ඕනෑම කෙනෙකුට, ඕනෑම වේලාවක සිදුවිය හැකි නිසා. ඒ වගේම ඔබට health insurance එකකින් වෛද්‍ය බිල්පත් ආවරණය කළ හැකි උනත්, හදිසි අනතුරු ආවරණය මඟින් ඔබට ලබා දෙන මුදල් ඔබට අවශ්‍ය පරිදි භාවිතා කළ හැකියි. එය අහිමි වූ ආදායම ආවරණය කිරීම, child care සඳහා ගෙවීම හෝ ඔබේ නිවස සුවදායී අනුවර්තනය කිරීමක් වෙනුවෙන් යොදාගන්න පුළුවන්.
ඔබේ ජීවිතය අනපේක්ෂිත වන අවස්ථාවක විශාල වෙනසක් ඇති කළ හැකි අමතර ආරක්ෂණ ස්ථරයක් ලෙස මෙවැනි රක්ෂණයක් හදුන්වා දිය හැකියි.
Q. ඔබේ Insurance Policies නිතිපතා Review කළ යුත්තේ ඇයි?
අපේ ජීවිතය කියන්නේ නිවසක් මිලදී ගැනීම, විවාහ වීම, දරුවන් ලැබීම හෝ ව්‍යාපාරයක් ආරම්භ කිරීම වැනි නිතර වෙනස්කම් වලින් පිරී ඇති දෙයක්. ඒ සෑම සන්ධිස්ථානයක්ම ඔබේ මූල්‍ය වගකීම්වලට බලපාන අතර, ඔබේ රක්ෂණයද ඒ සමඟ වෙනස් විය යුතුයි.
ඒ වගේම නිතර review කිරීම තුළින් ඔබේ insurance එක ඔබේ life style එකට සහ අනාගත අපේක්ෂා සමග කෙතරම් දුරට align වෙනවද කියලා බලාගන්න පුළුවන්.
උදාහරණයක් ලෙස ඔබට දරුවෙකු ලැබීමෙන් පසුව පවතින Insurance එක පුළුල් කිරීම හෝ වයසට යත්ම critical illness cover එකක් ගැනීම පෙන්වා දෙන්න පුළුවන්.
It’s not just about staying protected—it’s about staying prepared.
Q: Income Protection Insurance එකක් කියන්නෙ මොකද්ද? මොනවද ඒකේ තියන ප්‍රතිලාභ?
Income Protection Insurance කියන්නේ ඔයාගේ ආදායම වෙනුවෙන් රක්ෂණයක් ලබා ගැනීම. ඒක තව විදිහකින් කියනවනම් යම් අසනීපයක් , අනතුරක් වැනි අනපේක්ෂිත දෙයකදි ඔබේ රැකියාව කරගෙන යන්න බැරි අවස්ථාවක් ආවොත්, ඔබේ නැතිවන අදායම ඔබට ලබාගන්න හැකි වෙනවා. එවැනි අවස්ථාවක ජීවන අරගලයකට මැදිහත් වනවාට වඩා මෙවැනි රක්ෂණයකින් ආවරණය වෙලා හිටියොත් ඔබේ වැටුපෙන් 60% -70% පමණ මාසිකව ලබා ගන්න පුළුවන්.
මේකෙන් තවදුරටත් අදහස් කරන්නේ ඔබේ savings වැය නොකොට ඔබේ එදිනෙදා බිල් පත්, mortgage payment . එදිනෙදා වියදම් ප්‍රමාදයකින් තොරව කළමණාකරණය කර ගැනීමට අවස්ථාව පැවතීම.
අපි කවුරුත් දන්නේ නෑ අනාගතය මොනවගේ වෙයි ද කියලා. ජීවිතයට යම් යම් බාධා ඇතිවෙන්න පුළුවන්. නමුත් මෙවන් safety net එකක් අපේ වටේ තිබ්බොත් ඒක මානසිකව ලොකු සහනයක්. It’s about staying on your feet, even when you’re not feeling your best.
Q: Income Protection Insurance එක self-employed අයට වැදගත් වන්නේ ඇයි?
ස්වයං රැකියාවක නිරත වෙනවා කියන්නේ ඉතාමත් හොද දෙයක් වගේම අභියෝග වලින් එමටයි.ලොකුම අභියෝගය වෙන්නේ ඔබ අසනීපයකට ලක් වුනොත් ආදායමට ඒක සෘජුව බලපානවා. ඒ කියන්නේ employed කෙනෙක්ට වගේ sick pay එකක් නෑ. ඉතිං ඔබට අසනීපනම් හෝ තුවාලයක් වූ විට ඔබට වැඩ කිරීමට නොහැකි වීමෙන් ඔබේ මුළු අදායමම නැතිව යනවා. ඔබයි ඔබේ මූල්‍ය උත්පාදකයා. අන්න එතනදි තමයි මේ Income Protection එකේ වැදගත් කම මතු වන්නේ. එය ඇත්තටම lifesaver එකක්. ඔබ පූර්ණ සුවය ලබන තෙක් ඔබට ස්තාවර ආදායමක් එමගින් ලැබෙනවා.
Q : රොෂාන් දැන් මේ ලිපිය මෙතෙක් කියවපු පිරිසට ඔබ ලබා දෙන final advice එක මොකක්ද?
මගේ advice එක ඉතා සරළයි …තවත් ප්‍රමාද වෙන්න එපා. Insurance කියන්නෙ මුදල්ම පමණක් නොවෙයි.
ඔබගේ සහ ඔබගේ ආදරණීයන් ගේ ජීවිතයට අනාගතයේදී කෙතරම් අනපේක්ෂිත සිදුවීම් ආවත් ඒ සියල්ලටම මුහුණ දීමට හැකි safety net එකක්.
ඔබේ ආදායම් තත්වය .. දිගුකාලීන සැලසුම් සලකා බලා අදම Fiancial advisor කෙනෙක් හමුවන්න. ඒක ජීවිත රක්ෂණයක් හෝ ආදායම් රක්ෂණාවරණයක් හෝ රෝගාබාද වෙනුවෙන් වෙන්න පුළුවන්. එවිට ඔහු ඔබට නිවැරදි මග පෙන්වීමක් සිදු කරයි ඔබට ගැලපෙනම Insurance එකක් activate කරගන්න. එමගින් ඔබට මානසික නිදහස සහ මූල්‍ය ආරක්ෂණය ලැබෙනවා.
BVS Mortgages අපි සූදානම් ඔබට ශක්තියක් වෙන්න. අනාගතය අවිනිශ්චිතයි කියලා අත්හරින්න එපා.පාලනය අදම ඔබේ සුරතට ගන්න. ඉතින් තීරණය ඔබ සතුයි.
රොෂාන් වැනි ප්‍රවීන මූල්‍ය උපදේශකයකු පවසන ආකාරයට රක්ෂණාවරනයක් කියන්නේ මුදලකට එහා ගිය දෙයක්. එය අනපේක්ෂිතතාව කියන මාතෘකාවෙන් ඔබ සහ ඔබේ පවුල ආරක්ෂා කරන මානසික නිදහසක්. හරි තීරණයක් ගැනීම වලක්වන මිත්‍යාවන්ට රැවටෙන්නේ නැතිව ඔබ ඔබේ විශ්වාසවන්ත උපදේශකයෙක් හමුවන්න.
ඔබේ අවශ්‍යතා පිළිබද පිළිබදව දැනුම්වත් වී ,එමගින් ඔබේ ජීවිතය සුරක්ෂිත කරගන්න.