Api-Slide-62-1
Api-Slide-69-2
Api-Slide-62-3
previous arrow
next arrow

ලෝකයේ පොදු ප්‍රවාහන ගාස්තු වැඩිම නගරය ලන්ඩන්

මේ වන විට ලෝකයේ පොදු ප්‍රවාහන ගාස්තු මිළ අධිකම නගරය ලන්ඩන් බව නිළ වශයෙන් තහවුරු වී තිබේ. පසුගිය මාර්තු 2 දා සිට ලන්ඩන් Underground ගාස්තු හා ජාතික දුම්රිය සේවයේ ගාස්තු 4.6% කින් ඉහළ ගිය අවස්ථාවේ සිට ලන්ඩන් නගරයට මෛ අනවශ්‍ය කිරුළ දිනා ගැනීමට හැකිවී තිබේ. ගාස්තු වල නව වැඩි වීමත් සමග Zone 1 තුල එක්වරක් පමණක් ගමන් කිරීමේ ගාස්තුව පවුම් 2.80 සිට 2.90 දක්වා ඉහළ ගොස් තිබේ. Zone 1 හා 2 අතර දෛනික ගාස්තුව පවුම් 8.50 සිට 8.90 දක්වා පෙන්ස 40 කාන් වැඩි වී තිබේ.

ලෝකයේ අනෙක් ප්‍රධාන නගර හා සැසදීමේදී සමහර තනි ගාස්තු ලන්ඩන් නගරයට වඩා වැඩි උවද සමස්ථයක් ලෙස සැලකීමේදී එම සියළු නගර වල උමං දුම්රිය ගාස්තු ලන්ඩන් වලට වඩා පහළ අගයක පවතී. උදාහරණයක් ලෙස ජර්මනියේ බර්ලින් නගරයේ Zone 1 තුල තනි ගමනක් සදහා ගාස්තුව පවුම් 3.14 කි. එහෙත් දුම්රිය ස්ථාන තුනක් දක්වා එහි ඉතා අඩු මිළක් පවතින අතර බර්ලින් නගරයේ පැය 24 ක් වලංගු ටිකට් පතද ලන්ඩන් ගාස්තුවට වඩා අඩු අගයක් ගනී.

පැරිස් නගරය හා සැසදීමේදීද එහි සියළු කලාප ආවරණය වන ටිකට් පතක මිළ ලන්ඩන් හී Zone 1 හා 2 අතර ටිකට් පතට වඩා පවුම් 1 ක් පමණක් වැඩිවේ. ඇමරිකාවේ වොෂින්ටන් නගරයේද තනි ගමන් ගාස්තුව ලන්ඩන් ගාස්තුවට වඩා බොහෝ මිළ අඩු වේ. පැරණි මිළ ගණන් අනුව Zone 5 හි ජීවත් වන එහෙත් Zone 1 හී කාර්යාලයීය රැකියාවක් කරන පුද්ගලයෙකු දිනපතා යෑමට ඒමට පමණක් පවුම් 10.20 ක් වියදම් කල අතර නව මිළ යටතේ ඔවුන් පවුම් 10.70 ක් පමණ වියදම් කල යුතු වේ. එය සාමාන්‍ය පුද්ගලයෙකුට දරාගත නොහැකි මිළ වැඩිවීමක් වේ.

නව ගාස්තු වැඩිවීම පිළිබදව ලන්ඩන් හී ජීවත් වන්නන් සිය අප්‍රසාදය දැඩිව ප්‍රකාශ කරමින් සිටී. පොදු ප්‍රවාහන සේවාවන් වල ගුණාත්මක බවද දිනපතා නරක අතට හැරෙමින් පවතින අතර තුර මෙලෙස ගාස්තු වැඩි කිරීම කිසිසේත්ම අනුමත කල නොහැකියයි ඔවුන්ගේ අදහස වී ඇත. මෙවැනි ගාස්තු ඉහළ යාම් සමග ජනතාව රැකියාවට හා සාප්පු සවාරි සදහා ලන්ඩන් නගරයට පැමිණීමට මැලිකමක් දක්වනු ඇතැයි ඔවුන්ගේ අදහස වී තිබේ. කෙසේ වෙතත් ගාස්තු වැඩිවීම ගැන අදහස් දක්වන ලන්ඩන් නගරාධිපතිවරයා කියා සිටින්නේ වැඩිවූ ගාස්තු හරහා ලැබෙන ආදායම් අරමුදලකට බැර කර පොදු ප්‍රවාහනය වැඩිදියුණු කිරීම සදහා අනාගතයේචී ආයෝජනය කරන බවයි.

ලන්ඩන් Underground ගාස්තු හා දුම්රිය ගාස්තු ඉහළ ගියද බස් ගාස්තුව තවමත් පැවති මට්ටමේම රදා පවතී. ඒ අනුව තවදුරටත් ලන්ඩන් බස් ගාස්තුව පැයක් සදහා පවුම් 1.75 ක් වේ. බස් ගාස්තුව 2016 වසරේ සිටම එක් වරක් පමණක් ඉහළ ගිය අතර ඒ මගින් අඩු ආදායම්ලාභීන්ට පොදු ප්‍රවාහනය භාවිතා කිරීමට ඇති අයිතිය ලබා දී තිබේ. පෞද්ගලික මෝටර් රථ භාවිතා කරමින් ලන්ඩන් නගරයට පැමිනීමද ඉතාම මිළ අධික වන අතර මෝටර් රථ ලන්ඩන් නගරයට ඇතුළු කිරීමට විවිධ සීමාවන් පනවා තිබේ. මේ ආකාරයට දිනපතා ලන්ඩන් නගරය ලෝකයේ ජීවත්වීමට මිළ අධිකම නගරය බවට පත්වෙමින් තිබේ

තිලාන් ජයසේකර