ශ්‍රී ලාංකීය ජන සංගීතය වත්මනෙහි ජනගත කරන ඇදුරුතුමා සහන් රන්වල
ලාංකීය මහ පොළොවෙ පිනට පහල වු ශ්‍රේෂ්ඨ කලාකරුවානන් අචාර්ය ලයනල් රන්වල සුරින් ජන සංගීතය වත්මන් සමාජයේ ජනගත කිරිමට දැරු ප්‍රියත්නය ඔහුගෙන් පසු ඔහුගේ ලෙයින් දැයට උරුම වු
විශිෂ්ඨ පුත්‍රරත්නය සහන් රන්වල කලාකරුවානන් ඔහුගේද පසු පරපුර සමග දේශීයත්වය ලෝකයට ගෙනයන රන්වල බලකාය පිළිබදව ආඩම්බරයෙන් කතා කරන යුගයක සහන් රන්වල ගුරුතුමා සමග යෙදුන පිළිසදර වචන කරන්නට ලැබුන අවස්ථාව මෙසේ දිග හරින්නටයි සුදානම….
1. ඔබේ ජිවිතයේ අමතක නොවන දවසක්
තාත්තාගෙ අභාවයෙන් පස්සෙ අපි ඉස්සෙල්ලාම කරපු ගම show එකට ආපු සෙනග දැකපු දවස. මම එදා එතනට ආවෙ විභාගයක් ඉවර කරලා පරක්කුවෙලා.
මම එනකොට විශාල සෙනග කන්දරාවක් හෝල් එක පුරවලා. තව ඒ තරම්ම ගොඩක් ඉඩ නැතුව හැරිලා යනවා. මට ඒ දවස නං අමතක වෙන්නෙ නෑ.
2. ඔබ මුමුණන නව පරපුරේ ගීතයක්
ඩැක්කි – අන්ජලී බණ්ඩාර
3. ඔබ අධ්‍යනය කල වර්තමානයෙහි පරිහරණය වන විෂයක්
මම ඉගෙන ගෙන තියෙන්නෙ නොයෙක් අංශ වලින්. ඉතිං මට හැම දේකදිම මම ඉගන ගත්ත දේවල් පරිහරණය වෙනවා. විශේෂයෙන් කළමනාකරණය
4. දිනපතා නොවැරදීම ඔබ කරනා දෙයක්
උදේ නැගිටපු ගමන් ටික වෙලාවක් හරි මගේ පොත අරගෙන මොනවා හරි ලියන එක
5. ඔබ නැරඹීමට, නියැලීමට කැමතිම ක්‍රීඩාවක්
ක්‍රිකට්
6. ඔබ අනුගමනය කරන සෞඛ්‍යයට හිතැති පුරුද්දක්
උදේ නැගිටපු ගමන් වතුර බොන එක
7. විවේකයක් ලැබුනොත් නවතින්න හිතෙන තැනක්
නුවරඑළිය
8. ඔබ ඔබගේ කැමතිම ගුණාංගක්
අනේ මන්දා. ඕන තත්වයක් යටතේ විහිලුවක් කරගෙන ඉන්න පුළුවන් එක වෙන්න ඇති
9. ඔබට නැවත කියවන්න හිතෙන පොතක්
චයිනමන්
10. ඔබ ගැන හිතට එකගව කතා කල හැකි කෙනෙක්
අම්මා
11. ඔබට ජිවිතයේ ආපස්සට යන්න පුලුවන් වුනොත් වෙනස් කර ගන්නා දෙයක්
මුකුත්ම නෑ. තාත්තව මගෙයි අයියගෙයි දරුවො දකින්න තියා ගන්න ආසයි.
12. ඔබේ ජිවිතයේ වටිනාම කෙනෙක්
පුතා
13. ඔබේ ප්‍රියතම ශ්‍රී ලාංකිය ආහාර වර්ගයක්
කිරියා
14. ඔබ වෙනුවෙන් වෙන කෙනෙක් කල අමතක නොවන දෙයක්
කෙනෙක් උදව්වක් කළා නම් ඒක කවදාවත් අමතක කරන් නෑ
15. සහන් රන්වල ගැන ප්‍රේක්ෂක අප නොදන්නා දෙයක්
වැඩක් නොකර නිකං ඉන්න වුණොත් පිස්සු වගේ
16. රංගනය, ගායනය, වාදනය, තනු නිමැවිම්, ගුරු වෘත්තීය සහ ඔබ උගත් විෂයන් අතරින් ඔබ නියැලිමට වඩාත් ප්‍රිය
ඒ එකක් වත් නෙමෙයි. නිවේදනය.
17. ලයනල් රන්වල ඔබේ පියා ඇසුරෙන් ඔබට දායාද වුන වටිනාම තිළිණයක්
ඊළඟ පරම්පරාව දෙස ආදරෙන් බලන එක
18. රන්වල බලකායෙහි ගැයෙන ඔබේ ප්‍රියතම ගීතයක්
සක්වල පුරා
19. රන්වල බලකාය නිසා එතෙක් මෙතෙක් ලද
අමතක නොවන සිහිවටනක්
චීනයේ ෂැන්ජියාජි නුවරදී ලොව හොදම ජන ගී කණ්ඩායම ලෙස සම්මානයට පාත්‍ර වීම.
20. ජන සංගීතයට ප්‍රිය අයට රන්වල බලකායෙන් පණිවිඩයක්
ජන සංගීතය අපි හැමෝටම අයිති දෙයක්. තමන්ට පුළුවන් තරමින් ඒක රැක ගමු.
අමා නාකන්දලගේ