xr:d:DAFdI7hcidA:48,j:7784896696052217212,t:24041312
xr:d:DAFdI7hcidA:48,j:7784896696052217212,t:24041312
previous arrow
next arrow

Concentrated Solar Power (CSP)


“සුර්ය විදුලිය” කියපු ගමන් අපේ මනසට එකවරම නැගෙන්නේ නිවසේ වහල මත සවි කරන සුර්ය පැනය පද්දතියක්. මේ ලිපියෙන් අපි කතා කරන්නේ අපි නිතර දකින සුර්ය කෝෂ තාක්‍ෂණයට පරිබාහිර වූ එහෙත් සුර්ය ශක්තියෙන් විදුලිය නිපදවන වෙනත් තාක්‍ෂණයක් ගැන. මේ විදුලි උත්පාදනය ක්‍රමයට කියන්නේ concentrated solar power (CSP) කියල. මෙහි සුර්ය කෝෂ වෙනුවට තියෙන්නේ කණ්නාඩි හෙවත් දර්පණ. හිරුගේ පිහිටීම අනුව දර්පණ වල පිහිටීම වෙනස් කිරීමට tracking system එකක් භාවිතා කරනවා බොහෝ විට. මේ ක්‍රමයේ තාක්‍ෂණික පසුබිම අපි හැමෝම වගේ පුංචි කාලේ භාවිතා කරපු ක්‍රමයි.

උත්තල කාචයකින් සුර්යාලෝකය එකට එකතු කරලා කඩදාසි, පුළුන් කෑලි වගේ දේවල් පුච්චපු අතීතයක් අපි හැමෝටම වගේ තියෙනවා. එතැනදී සිදුවුනේ සුර්ය තාපය එක තැනකට කේන්ද්‍රගතකිරීම නිසා එතන විශාල තාප ශක්තියක් එකතු වීම. මේ පදනම ම තමයි මෙම CSP තාක්‍ෂණයේත් තියෙන්නේ. මෙතැනදී වෙන්නේ බිම සවිකර තිබෙන දර්පණ මගින් සුර්යාලෝකය උස් කුළුණක් මත ඇති තාප අවශෝෂක පද්ධතියක් මතට  පරාවර්තනය කරනවා. දර්පණ දස දහස් ගණනකින් පරාවර්තනය කර එවන මේ සුර්ය කිරණ නිසා මෙම තාප අවශෝෂණ පද්ධතියේ  ඉතා ඉහළ උෂ්ණත්වයක් ඇති වෙනවා (ඇතැම් විට සෙල්සියස් අංශක 1000ක පමණ). මේ උෂ්ණත්වය භාවිතා කර හුමාලය නිපදවා එමගින් විදුලිය නිපදවනවා. ඇතැම් CSP විදුලි බලාගාර වල අවශ්‍ය විටෙක විදුලිය නිපදවීම සඳහා ඉහල තාප ධාරිතාවකින් යුතු ද්‍රාවණයක් රත් කර ගබඩා කර තබා ගන්නවා. ඉන්පසු, අවශ්‍ය විටක එම ද්‍රාවණයෙන් තාපය ලබාගෙන හුමාලය නිපදවා විදුලි නිෂ්පාදනය් කරනවා.

මේ වන විට CSP තාක්‍ෂණය වාණිජ මට්ටමින් විදුලිය නිපදවීම සඳහා භාවිතා කරනවා. මෙහි වැඩිම භාවිතාව වාර්තා වන්නේ ස්පාඥයෙන් – 2014 වන විට ස්පාඥය සතු CSP ධාරිතාව මෙගා වොට් 2,300 බව තමයි විකිපීඩියා වෙබ් අඩවියේ සඳහන් වන්නේ. මිට අමතරව ඇමෙරිකාව, ඉතාලිය, ඔස්ට්‍රේලියාව මෙන්ම මැද පෙරදිග රටවල් වලද CSP තාක්‍ෂණය භාවිතා වනවා. ලොව විශාලතම CSP විදුලි බලාගාරය තිබෙන්නේ ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ – එය මෙගා වොට් 392ක්.

Sign up for our newsletter