24-05-17

AI තාක්ෂණය ගැන නොදත් තතු

AI යන යෙදුම 1950 දශකයේ සිටම පරිගණක විද්‍යා ක්ෂේත්‍රය තුළ භාවිතා වී තිබේ. එහෙත් ක්ෂේත්‍රයෙන් පිටත සිටින පුද්ගලයන් 2022 වර්ෂයේ අවසානය වනතුරුම ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමුකළේ නැත.

          මෑතකාලීනව Machine Learning සම්බන්ධයෙන් ඇතිවූ දියුණුවට සමගාමීව ප්‍රධාන පෙළේ නව සොයාගැනීම් රාශියක් සිදු වූ අතර, මෙම සොයාගැනීම් අපගේ එදිනෙදා ජීවතවලට සුවිශාල බලපෑමක් ඇතිකිරීමට පටන් ගෙන තිබේ.

 AI තාක්ෂණය පිළිඹඳ අධ්‍යයනය කිරීමේදි ප්‍රධාන යෙදුම් සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් ඇතිකරගැනීම වැදගත්වේ.  එමඟින් ගෝලීය මට්ටමින් සිදුවන සංවාදයන්ට සම්බන්ධ වීමට අවස්ථාවන් සලසා ගත හැකිය. මෙහිදී ප්‍රධාන යෙදුම් දහයක් පිළිඹඳව සාකච්ඡා කල හැකිය.

Artificial Intelligence (AI)

Artificial Intelligence හෙවත් කෘත්‍රිම බුද්ධිය යනු යම් යම් ආකාරයන්ට මිනිසුන්ට සමාන ලෙස කටයුතු කළ හැකි, අධි-බුද්ධිමත් පරිගණක පද්ධතියකි. මිනිසුන් කියන දේවල් තේරුම් ගැනීම, තීරණ ගැනීම, භාෂා පරිවර්තනය, යමක් ධනාත්මකද සෘණාත්මකද යන්න තීරණය කිරීම සහ අත්දැකීම්වලින් ඉගෙනගැනීම ආදිය මීට ඇතුළත් ය. මිනිසුන් විසින් තාක්ෂණය උපයෝගී කරගෙන එය නිර්මාණය කර ඇති නිසා එය කෘත්‍රිම හෙවත් Artificial වේ. AI පද්ධතිවලට ඩිජිටල් මොළ තිබෙන බවක් ඇතැම් අය පවසති. එහෙත් ඒවා භෞතික යන්ත්‍ර හෝ රොබෝවරුන් නොවේ. ඒවා පරිගණක තුළ ක්‍රියාත්මක වන වැඩසටහන් ය. ඒවා ක්‍රියාත්මක වන්නේ, දත්ත එකතූන් විශාල සංඛ්‍යාවක් Algorithms නමින් හැඳින්වෙන උපදෙස් මාලාවන් හරහා යැවීමෙනි. මෙමගින් සාමාන්‍යයෙන් මිනිසුන්ගේ බුද්ධිය සහ කාලය අවශ්‍ය වන ක්‍රියාකාරකම් ස්වයංක්‍රීය කළ හැකි ආකෘති නිර්මාණය කරනු ලැබේ. ඇතැම් විට මිනිසුන් සෘජුව AI පද්ධති සමග ගනුදෙනු කරති. බොහෝ අවස්ථාවල AI පසුබිමින් ක්‍රියාත්මක වේ. අප ටයිප් කරන විට වචන යෝජනා කිරීම, Playlists සඳහා ගීත යෝජනා කිරීම සහ අපගේ කැමැත්ත අනුව වඩාත් හොඳින් ගැළපෙන තොරතුරු ඉදිරිපත් කිරීම යනාදිය මීට උදාහරණ ලෙස දැක්විය හැක.

Machine Learning

Artificial Intelligence යනු අපගේ ඉලක්කය නම්, එය ළඟා කරගත හැකි මාර්ගය Machine Learning වේ. මෙය AI යන ප්‍රධාන විෂය යටතේ පවතින, පරිගණක විද්‍යාවේ ක්ෂේත්‍රයකි. මෙහිදී මිනිසුන් විසින් පරිගණක පද්ධතියකට රටා හඳුනා ගැනීමට සහ ඒවා පදනම් කරගෙන අනාවැකි කීමට පුහුණු කරමින් යමක් කරන ආකාරය කියා දෙනු ලැබේ. පුහුණු ක්‍රියාවලියේදී අදාළ පද්ධතියට ඉගෙනගැනීමට සහ වැඩිදියුණු වීමට උපකාර කිරීම සඳහා විවිධ ආදාන සහ ප්‍රතිපෝෂණ සමඟින් දත්ත නැවත නැවතත් Algorithm හරහා ලබාදෙනු ලැබේ.  රූප හඳුනාගැනීම සහ භාෂා පරිවර්තනය වැනි සාම්ප්‍රදායික පරිගණක සැලසුම්කරණ ක්‍රමවේදයන් මගින් විසඳීමට දුෂ්කර වන ගැටලු සම්බන්ධයෙන් මෙය විශේෂයෙන්ම ප්‍රයෝජනවත් ය. මේ සඳහා අතිවිශාල දත්ත ප්‍රමාණයක් අවශ්‍ය වන අතර, එම අවශ්‍යතාව සපුරාගැනීමට හැකි වූයේ මෑතකදී ය. තොරතුරු වැඩි වැඩියෙන් ඩිජිටල්කරණය වීම සහ පරිගණ දෘඪාංග වේගවත්, කුඩා සහ බලවත් මෙන්ම සියලු තොරතුරු පිරිසැකසුම් කිරීමට හැකි තත්ත්වයකට පැමිණීම නිසා මෙම හැකියාව අපට ලැබිණි. 

Large Language Models

Large language models හෙවත් LLMs හිදී මිනිසුන් සන්නිවේදනය කරන ආකාරය අනුකරණය කිරීමට හැකි පරිදි භාෂාව භාවිතා කිරීමට උපකාරී වන Machine Learning ක්‍රමවේද භාවිතා වේ. ඒවාට පදනම් වී ඇත්තේ Neural Networks හෙවත් NNs ලෙස හැඳින්වෙන, මිනිස් මොළයේ ක්‍රියාකාරීත්වයෙන් අභාසය ලැබූ පරිගණකකරණ පද්ධති ය. මේවා මිනිස් වචන භාවිතා කිරීමට උපකාර වන, භාෂාවේ රටා සහ සම්බන්ධතා ඉගෙනගැනීම සඳහා පෙළ විශාල ප්‍රමාණයක් ඇතුළත් කරමින් ඒවා පුහුණු කර ඇත. මේවා සතු ගැටලු විසඳීමේ හැකියාව, භාෂා පරිවර්තනය, චැට්බොට් ආකාරයට ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම, ලිවීම සාරාංශගත කිරීම මෙන්ම, කථා, කවි සහ පරිගණක කේත ලිවීම සඳහා වුවද භාවිතා කළ හැකි වේ. මේවාට සිතිවිලි සහ හැඟීම් නැතද, ඇතැම් විට එසේ ඇති බවක් කෙනෙකුට හැඟී යාමට ඉඩ ඇත. එයට හේතුව ඒවා මිනිසුන් සන්නිවේදනයේ යෙදෙන ආකාරය ඉගෙනගනිමින්, ඒ අනුව ප්‍රතිචාර දැක්වීමට පුහුණු කර තිබීම ය. 

Generative AI

Generative AI යනු හුදෙක් පවතින දේවල් පිළිබඳව තොරතුරු ලබාදීමට පමණක් නොව, නව දේවල් නිර්මාණය කිරීමට විශාල භාෂා ආකෘතිවල  බලය වැඩිදියුණු කරන තාක්ෂණයකි. එය රටාවන් සහ ව්‍යුහයන් හඳුනාගෙන, මුල් දෙයට සමාන  එහෙත් අලුත් දෙයක් නිර්මාණය කරයි. ඡායාරූප, සංගීතය, ලිවීම්, වීඩියෝ සහ කේත වැනි දේ නිර්මාණය කිරීමට ඊට හැකියාව ඇත. කලා නිර්මාණයන් සිදුකිරීමට, ප්‍රබන්ධ රචනා කිරීමට, නිෂ්පාදන සැලසුම් කිරීමට පමණක් නොව, වෛද්‍ය කටයුතුවලට සහය වීමට පවා ඒවාට හැකියාව තිබේ. කෙසේ නමුත් වැරදි අරමුණු සහිත පුද්ගලයන් අතට පත් වුවහොත් මෙය ව්‍යාජ පුවත් සහ ඡායාරූප නිර්මාණය කිරීම සඳහා භාවිතා කිරීමට ඉඩ ඇත. එම නිසා, AI මගින් සිදුකරන ලද නිර්මාණ පැහැදිලිව හඳුනාගැනීමේ ක්‍රමවේදයන් නිර්මාණය වෙමින් පවතී.

Hallucinations

Generative AI පද්ධතිවලට කථා, කවි සහ ගීත නිර්මාණය කිරීමේ හැකියාව ඇත. එහෙත් ඇතැම් විට අපට සත්‍යය මත පදනම් වූ ප්‍රතිඵල අවශ්‍ය වේ. මෙම පද්ධතිවලට ව්‍යාජය කුමක්ද, අව්‍යාජය කුමක්ද යන්න හඳුනාගත නොහැකි නිසා, ඒවා වැරදි ප්‍රතිචාර ලබාදීමට ඉඩ ඇත. මෙම පද්ධති නිර්මාණය කරන පුද්ගලයන් Hallucinations ලෙස හඳුන්වන්නේ මේවා ය. වඩාත් නිවැරදිව කිවහොත් මේවා fabrications ලෙස නම්කළ හැක. එය කෙනෙකු සඳ මතුපිට මිනිස් මුහුණක හැඩහුරුකම් දැක, සඳ මත මිනිසෙකු සිටින්නේ යැයි කීමට සමාන ය. “Grounding” නම් ක්‍රමවේදයක් ඔස්සේ මෙම ගැටලුව විසඳීමට තාක්ෂණික නිර්මාණකරුවෝ උත්සාහ දරමින් සිටිති. කිසියම් මාතෘකාවක් සම්බන්ධයෙන් නිරවද්‍යතාව වැඩිදියුණු කිරීම සඳහා විශ්වාසනීය මූලාශ්‍රයකින් AI පද්ධතිය වෙත තොරතුරු සැපයීම මින් අදහස් වේ. ඇතැම් විට, පද්ධතිය පුහුණු කළ පසුව යාවත්කාලීන වූ තොරතුරු පිළිබඳව පද්ධතිය දැනුවත් නොමැති නම්, එහි පුරෝකථනයන් වැරදි වීමට ඉඩ ඇත.

Responsible AI

සුරක්ෂිත සහ සාධාරණ පද්ධති නිර්මාණය කිරීම සඳහා නිර්මාණකරුවන්ට මගපෙන්වීම ලබාදෙන්නේ Responsible AI මූලධර්ම මගිනි. Machine learning ආකෘතිය, මෘදුකාංග, පරිශීලක අතුරුමුහුණත (User interface) සහ භාවිතයට අදාළ නීති හා සීමාවන් ඇතුළු සෑම මට්ටමකදීම එය භාවිතා වේ. අධ්‍යාපනය හා සෞඛ්‍යය වැනි, පුද්ගලයන් සම්බන්ධ වැදගත් කටයුතුවලදී තීරණ ගැනීමේ වගකීම මෙම පද්ධති වෙත පැවරී තිබීම නිසා සහ, මෙම පද්ධති මිනිසුන් විසින් නිර්මාණය කර පුහුණු කරන ලද බැවින් යම් යම් පක්ෂපාතීත්වයන් ඒවා තුළ පැවතිය හැකි නිසා, මෙවැනි මාර්ගෝපදේශ තිබීම අතිශයින් වැදගත් ය. මෙම පද්ධති පුහුණු කිරීමට භාවිතා කරන දත්ත පිළිබඳව පැහැදිලි අවබෝධයකින් යුතුව, යම් යම් පුද්ගල කණ්ඩායම්වලට පමණක් නොව සමස්ත සමාජයටම පොදුවේ යහපත සැලසීම සඳහා මෙම පද්ධතිවල පවතින අඩුපාඩු නිවැරදි කිරීම මෙහි ප්‍රධානතම අරමුණකි.  

Multimodal models

Multimodal ආකෘතියකට එකවර විවිධ වර්ග හා කාණ්ඩවලට අයත් දත්ත භාවිතා කළ හැකි වේ. පින්තූර බැලීමට, ශබ්දවලට සවන් දීමට සහ වචන කියවීමට ඒවාට හැකියාව ඇත. එය බහුකාර්යසාධන හැකියාවේ උපරිමයක් ලෙස හැඳින්විය හැකි වේ. මෙම තොරතුරු සියල්ල එක්කරමින්, ඡායාරූප සම්බන්ධයෙන් විමසන ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම වැනි දේවල් ඉටු කිරීමට එයට හැකියාව ඇත.

Prompts

Prompt එකක් යනු, කළ යුතු කාර්යය කුමක්ද යන්න AI වෙත දැනුම් දීම සඳහා භාෂාව, ඡායාරූප හෝ කේත වැනි මාධ්‍යයකින් පද්ධතියකට ඇතුළත් කරනු ලබන උපදෙසකි. ඉංජිනේරුවන් ඇතුළුව AI සමග ගනුදෙනු කරන සියලුම දෙනා, LLM අතරින් අවශ්‍ය ප්‍රතිඵල ලබාගැනීම සඳහා මේවා ප්‍රවේශමෙන් නිර්මාණය කළ යුතු ය. උදාහරණයක් ලෙස, හුදෙක් සැන්ඩ්විච් එකක් ඉල්ලීම පමණක් ප්‍රමාණවත් නැත. නිසි රසය ලබාගැනීමට නම් ඔබ කැමති පාන් වර්ගය සහ ඇතුළත් විය යුතු එළවලු ඇතුළු අඩුවැඩිය සියල්ල නිසි පරිදි සඳහන් කළ යුතු ය.

Copilot

Copilot යනු ඔබගේ ඩිජිටල් ක්‍රියාකාරකම්වලදී ඔබත් සමග වැඩ කරන පෞද්ගලික සහකරුවෙකු වැනි දෙයකි. එය ලිවීම, කේතකරණය, සාරාංශකරණය සහ සෙවීම් වැනි කටයුතුවලදී ඔබට උපකාරී වෙයි. එමෙන්ම තීරණ ගැනීමටත්, විශාල වශයෙන් දත්ත වටහා ගැනීමටත් එය උපකාරී වෙයි. LLM සම්බන්ධයෙන් මෑතකාලීනව සිදුවූ වැඩිදියුණු කිරීම් නිසා Copilot නිර්මාණය කිරීමට හැකි වී ඇත. මෙමගින් ස්වභාවික මිනිස් භාෂාව ග්‍රහණය කරගෙන, එකිනෙකට වෙනස් පරිගණක වැඩසටහන් තුළ වැඩ කරන විට පිළිතුරු ලබාදීමටත්, අන්තර්ගතයන් නිර්මාණය කිරීමටත්, අවශ්‍ය දේවල් ක්‍රියාවට නැංවීමටත් හැකියාව ලැබේ. මේවා සුරක්ෂිත බවත්, යහපත් අරමුණු සඳහා භාවිතා වන බවත් තහවුරු කරගැනීම සඳහා Responsible AI මාර්ගෝපදේශ පදනම් කරගෙන නිර්මාණය කර ඇත. ගුවන් යානයක සිටින සහය නියමුවෙකු හෙවත් Copilot කෙනෙකු මෙන්ම, ඔබ කරන කටයුතු ඔබ මිස Copilot පාලනය නොකරන නමුත්, වඩාත් ඵලදායී හා කාර්යක්ෂම ලෙස කටයුතු කිරීමට ඔබට සහය වීමට මේවාට හැකියාව ඇත.

Plugins

මෙය ඔබේ ස්මාර්ට් දුරකතනයට Apps ඇතුළත් කිරීමට එක්තරා දුරකට සමාන ය. අවශ්‍ය අවස්ථාවලදී යම් යම් කාර්යයන් ඉටුකිරීම සඳහා ඒවා ක්‍රියාත්මක වේ. මෙමගින් මූලික මාදිලිය වෙනස් කිරීමකින් තොරව වැඩි කාර්යයන් ප්‍රමාණයක් ඉටුකිරීමට AI යෙදුම්වලට හැකියාව ලැබේ. උදාහරණයක් ලෙස වෙනත් මෘදුකාංග හා සේවාවන් සමග ගනුදෙනු කිරීමට Copilot මාදිලිවලට හැකිවන්නේ මෙමගිනි. AI පද්ධතිවලට ඒවා තුළ නව තොරතුරු භාවිතා කිරීමටත්, සංකීර්ණ ගණනය කිරීම් සිදුකිරීමටත්, වෙනත් වැඩසටහන් සමග සන්නිවේදනය කිරීමටත් මෙමඟින් අවස්ථාව සලසා දෙයි. ඩිජිටල් ලෝකයේ සෙසු අංශ සමග AI පද්ධති සම්බන්ධ කිරීම තුළින් එම පද්ධති වඩාත් බලවත් කරනු ලබන්නේ Plugins මගිනි.

               AI මඟින් මිනිසා බලාපොරොත්තු තබා ගත් තීක්ෂ්ණ බුද්ධිය ලබා දෙනු ඇති අතර, ඒවා අප නොදැන සිටි ප්‍රශ්නවලට පිළිතුරු සපයනු ඇත. AI පද්ධති වේගවත් වන අතර  කිසිදා වෙහෙසට පත් නොවේ.

මෙය උදාහරණ වලින් සහ එකිනෙකාගෙන් ඉගෙන ගන්නා අතර විශේෂිත වසම් වල සිටින මිනිසුන්ට වඩා සැලකිය යුතු තරම් දක්ෂ වනු ඇති බව , අනාගතවාදී අදහසක් නොව යථාර්ථයකි. 

AI යනු මානව වර්ගයාගේ ලොකුම තර්ජනය සහ විශාලතම බලාපොරොත්තුවයි. මන්ද එය බුද්ධියේ පරිණාමයේ කැපුම් දාරය වන අතර එම බුද්ධිය සමඟ බලය පැමිණේ. AI මානව වර්ගයාට තර්ජනයක් නොවන නමුත්, මිනිසුන් විසින් එය අනිසි ලෙස භාවිතා කිරිමේ අවදානමක් ඇති කිරීමේ ඉඩ කඩද පවතින බව සිහි තබා ගත යුතුව ඇත.

         වර්තමාන ලෝකය බොහෝ දුරට කෘත්‍රිම ඉගෙනීම මගින් ක්‍රියාත්මක වේ. ඔබ දන්නා පරිදි දැනටමත් අපගේ දුරතනවල භාවිතා කරන Google Assistent , Alexa , Siri , Cortana කෘතිම බුද්ධී සහායකයින් ගණනාවක් අපගේ ජීවිතය වඩාත් වේගවත් කරයි.

අද මිනිසුන්ට සුරතල් සතුන් ඇත, අනාගතයේදී සෑම කෙනෙකුටම ඔවුන්ගේ එදිනෙදා ජීවිතයට උපකාර වන තමන්ගේම රොබෝවරු සිටිනු ඇත. මෙම තාක්‍ෂණය කෙතරම් ප්‍රබල විය හැකි දැයි සිතා ගත නොහැකි මට්ටමක පවතී..

                       මංගලා පවිත්‍රානි

චායාරූපකරණයට පිවිසෙමු

 චායාරූපකරණයට පිවිසෙමු – 4

කලින් වතාවේ සමු ගන්නකොට කිව්වා වගේම ඔන්න photography 4 වන ලිපියත් සමග මම ඔබ හමුවට ආවා. අපි අද කතා කරන්න යන්නේ කැමරා ගැන. මේ ලිපිය මෙන්න මේ කොටස් වලින් සමන්විත වෙනවා. 

  1. කැමරාවක ක්‍රියාකාරීත්වය සහ කැමරා කාච.
  2. විවිධ කැමරා වර්ග.
  3. DSLR කැමරාවක් හා Mirrorless කැමරාවක් අතර වෙනස.

කැමරාවක ක්‍රියාකාරීත්වය.

කැමරාවක් කියලා කියන්නේ දෘ‍ෂ්‍ය රූපයක් ග්‍රහණය කරගන්නා උපකරණයක්. මේකට ප්‍රධානවම අවශ්‍ය වෙනවා ‘ විවරයක්, එම විවරයෙන් හැර ආලෝකය ඇතුළු නොවන සේ මුද්‍රා තැබූ පෙට්ටියක් සහ ආලෝක සංවේදී පෘෂ්ඨයක්’ 

මතකද අපි පොඩි කාලේ හදපු සිදුරු කැමරාව. අන්න ඒක තමයි කැමරාවක සරලම ආකෘතිය.

මේකෙන් අපට පෙනෙන දර්ශනය ඉතාමත් දුර්වල එකක්. නමුත් නව තාක්ෂණය සහ උපකරණ භාවිතයෙන් අති සුපැහැදිලි දසුන් ලබාගන්න පුලුවන් කැමරා දැන් නිපදවෙලා තිබෙනවා.

අපි බලමු DSLR කැමරාවක දල සැකැස්ම.

නූතන කැමරාවක් ප්‍රධාන වශයෙන් කැමරා බඳ සහ කාච පද්ධතිය ලෙස කොටස් දෙකකට දකින්න පුලුවන්. මේ කාච පද්ධතිය මාරු කිරීමෙන් එකිනෙකට වෙනස් ආකාරයේ චායාරූප ලබාගන්න පුළුවන්. 

විවිධ කාච වර්ග

  1. Zoom lens

චායාරූප ශිල්පීන් අතර සුලභවම දක්නට ලැබෙන කාච වර්ගය වන්නේ මෙයයි. පුද්ගල චායාරූප වල සිට වනජීවී චායාරූප ලබාගැනීම දක්වා උපරිම පරාසයක කාච මාදිලි මෙම වර්ගයේ දක්නට ලැබේ.

බහුතරයක් කැමරාවන් සමග නොමිලයේ ලැබෙන 18 – 140mm හෝ 18 – 135mm කාච මෙන්ම මංගල චායාරූප ශිල්පීන් අතර කාලයක සිට ප්‍රකටව පවතින 70 – 200mm කාචයද zoom lens අතර ඉහළින්ම දක්නට ලැබේ. එමෙන් ම සංචාරකයන් හට පහසුවෙන් රැගෙන යා හැකි 18 – 200mm සහ 18 – 270mm කාචද ඉතාමත් ප්‍රචලිත කාචයන් වේ. 

  1. Prime lens

කැමරාව නිපදවූ කාලයේ පටන් මේ වනතෙක් පැවති කාච වර්ගයක් ලෙස prime lens හැඳින්විය හැක. 

මෙම කාච වලට ඇත්තේ එක් ස්ථාවර නාභි දුරකි. එම නිසා විශාලන හැකියාවක් නැත. 

නමුත් මෙම ස්ථාවර නාභි දුර නිසා මෙම කාච වලට වඩාත් තීවුර, ගුණාත්මක චායාරූප ලබාගැනීමට හැකියාවක් ඇත. නියමිත අවස්ථාවට උචිත කාචය ඔබ භාවිත කලොත් ඉතා උසස් තත්ත්වයේ චායාරූපයක් ලබාගැනීමට ඔබට හැකියාව ඇත.

මෑත කාලීනව අතිශය ජනප්‍රියත්වයට පත් 85mm Art lens ද අයත් වන්නෙ මෙම prime lens ගණයටම වේ. එමෙන්ම landscape චායාරූපශිල්පීන් අතර 35mm කාචයද ඉතා ප්‍රචලිත කාචයකි.

  1. Telephoto lens

සාමාන්‍ය විශාලන කාචයක් (zoom lens) චායාරූපශිල්පීන්ගේ අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් නොවේ නම් ඔවුන් telephoto lens භාවිතා කරයි. මේවා ඉතා ඉහළ විශාලන අගයන් ගෙන් සමන්විත වේ.

100mm සිට 600mm දක්වා විශාල පරාසයක විශාලන අගයක් සහිත කාචයන් මෙම වර්ගයට අයත්වේ. ඊටත් ඉහළ විශාලන අගයන්ගෙන් සමන්විත telephoto කාචයන් ද දැන් වෙලඳපොලෙන් මිලදී ගැනීමේ හැකියාව ඇත.

ආධුනික චායාරූප ශිල්පීන්ට පහසුවෙන් දැරිය නොහැකි ඉහල මිල ගනන් වලට අලෙවි වන මෙම කාචයන් වෘත්තීමය වනජීවී චායාරූප ශිල්පීන් හා ක්‍රීඩා චායාරූප ශිල්පීන් වැළඳ ගන්නේ මහත් කැමැත්තකිනි.

  1. Wide-angle lens

ඔබට වඩා විශාල පරාසයක් ඔබගේ චායාරූපයට ලබා ගැනීමට අවශ්‍ය නම් wide-angle lens එකක් ඉතාමත් වැදගත් වේ. 18mm සිට 35mm වැනි අඩු නාභි දුරකින් සමන්විත නිසා ඔබට පෙනෙන දර්ශනයෙන් වැඩි ප්‍රමාණයක් ග්‍රහණය කර ගැනීමට හැකියාව ඇත.

මෙම හේතුව නිසා landscape photography හා කලාත්මක wedding photography සඳහා මෙම කාචයන් භාවිතා කරයි.

  1. Fisheye lens

ඔබට wide-angle lens එකකටත් වඩා පුළුල් පරාසයක චායාරූපයක් ලබාගැනීමට අවශ්‍ය නම් fisheye lens එකකට මාරු වීමට සිදුවේවි. මෙම කාචයට ඉතාමත් ඉහළ දර්ශන පරාසයක චායාරූප ලබා ගැනීමේ හැකියාවක් පවතී.

8mm වැනි ඉතාමත් අවම නාභි දුර නිසා මෙය බහුලවම ගෘහ අභ්‍යන්තර චායාරූප කටයුතු සඳහා භාවිතා වේ.

ඉහළින් කතා කරපු ඕනෑම වර්ගයක කාචයක් හරහා ලබා ගන්නා ආලෝකය කැමරා බඳේ ඇති දර්පණයේ (mirror) වැදී ඉහළ ඇති prism viewing system එක හරහා ගොස් viewfinder එක හරහා ඇසට ලැබෙනවා. චායාරූපයක් ලබාගැනීමේදී දර්පණය ඉහළට එසවී ෂටරය විවෘත වෙනවා. එවිට ආලෝකය සෙන්සරය මතට පතිත වී චායාරූපය ග්‍රහණය කර ගැනීම  සිදු වෙනවා.

විවිධ කැමරා වර්ග වල මෙම යාන්ත්‍රණය විවිධාකාරයෙන් සිදු වෙනවා.

චායාරූපකරණය සඳහා වර්තමානයේ භාවිතා වෙන විවිධාකාර කැමරා වර්ග.

  1. DSLR cameras.
  2. Mirrorless cameras.
  3. Compact cameras.
  4. Instant cameras.
  5. Bridge cameras.
  6. Action cameras.
  7. 360 cameras.
  8. Mobile cameras.
  9. Medium format cameras.

සාමාන්‍ය චායාරූප ශිල්පීන් ලෙස අප බහුලවම භාවිතා කරන්නේ DSLR cameras සහ Mirrorless cameras ය. ඒ නිසා අපි මේ දෙකේ වෙනස හඳුනා ගනිමු.

Mirrorless යන නමින්ම මෙම කැමරා දෙකෙහි ප්‍රධාන වෙනස හැඳින්වෙන බව ඔබටත් වැටහෙනු ඇති. 

එනම් DSLR කැමරා වල, ආලෝකය viewfinder වෙත ගමන් කරවන දර්පණ (mirrors) පද්ධතිය mirrorless කැමරා වල අඩංගු නොවේ. Mirrorless කැමරා වල ආලෝකය කෙලින්ම පතිත වන්නේ සෙන්සරය මතටයි. කැමරා නිශ්පාදකයින් DSLR කැමරා වල ඇති Optical viewfinder වෙනුවට mirrorless කැමරා වලට Live viewfinder එකක් ලබාදී ඇත. එය කැමරාවේ ප්‍රධාන තිරය මෙන්ම වූ කුඩා නමුත් ඉහළ ගුණාත්මක භාවයකින් යුත් LCD තිරයකි. 

එමෙන්ම mirrorless කැමරා වල දර්පනය එසවෙන යාන්ත්‍රණය නොමැති නිසා චායාරූපයක් ලබා ගැනීමේ වේගය සාපේක්ෂව වැඩිය. එමනිසා burst mode එකේ චායාරූප ගැනීමේදී මිනිත්තුවකට ලබාගත ගත හැකි චායාරූප ප්‍රමාණය වැඩිය.

කැමරා බඳ සාපේක්ෂව බරින් අඩු නිසා චායාරූප ශිල්පීන් mirrorless කැමරාවලට මහත් ඇල්මක් දක්වයි. 

මෙම කලාපයේ ලිපිය මම මෙතනින් අවසන් කරනවා. මෙහි ඉතිරි කොටසින් ලබන කලාපයේ අපි කතා කරමු අනෙක් කැමරා වර්ග ගැන. එතෙක් ඔබට ජය!

බිනර සිසිරංජන

ඡායාරූපකරණයට පිවිසෙමු

Photography 3

Photography ලිපියේ තුන් වෙනි කොටසිනුයි අද මම ඔයාලා එක්ක සමබන්ධ

වෙන්නේ. අපි අදත් කතා කරමු චායාරූපකරණයේ තවත් මූලික සැකසුම්

කීපයක් ගැන.

Metering modes

Metering යනු කැමරාවට පෙනන වස්තුවකින් පරාවර්තනය වන ආලෝක

ප්‍රමාණය මැන, එය හා ISO අගය මත පදනම්ව Shutter speed (ද්වාර වේගය) හා

Aperture (කාච විවරය) අගය කුමක් විය යුතු දැයි තීරණය කිරීමයි. (මෙය

නූතන කැමරා ආශ්‍රයෙන් කල අර්ථ දැක්වීමකි)

බොහෝමයක් චායාරූප ශිල්පීන් තම අගයන් (Shutter speed, Aperture) සකසා

ගන්නා බැවින් හා Flash lights භාවිතා කරන බැවින් මෙම සැකසුම ගැන එතරම්

සැලකිල්ලක් දක්වන්නේ නැත.

නමුත් අතීතයේ දළ සේයාපට භාවිතා කල කාල වකවානුවේ මෙම සැකසුම

ඉතාමත් වැදගත් සැකසුමක් විය. මක්නිසාද යත් ඔවුන්ට තමා ලබාගත්

චායාරූපයේ පෙර නැරඹුමක් (Preview) කල නොහැකි විය. එමෙන්ම එකල

කැමරාවල මෙම Light metering sensor අඩංගු නොවූ නිසා අතේ ගෙන යා හැකි

ආලෝක මීටර් භාවිතා විය.

පැරණි කැමරා කීපයක් හා එකළ භාවිතා වූ Light metering device කීපයක්.

(මූලාශ්‍ර google.com)

විවිධ කැමරා මාදිලි වල Metering modes තුනක් හෝ හතරක් පිහිටුවා ඇත.

අපි දැන් ඒ එකින් එක සරලව විමසා බලමු.

1. Evaluative / Matrix / Multi (Zone metering)

මෙම mode එක තමයි metering වල සංකීර්ණම mode එක. මේකෙදි අපේ

රාමුව විවිධ කොටස් වලට බෙදීමක් සිදුවෙනවා. මෙම කොටස් ප්‍රමාණය

විවිධ කැමරා අනුව වෙනස් වෙනවා. ඉන් පස්සෙ කැමරාව විසින් මේ

හැම කොටසකම පරාවර්තිත ආලෝක අගය වෙන වෙනම ගණනය

කරලා සාමාන්‍යයක් (average) ලෙස ලබා දෙනවා.

ඒ වගේම මේ mode එකේදි කැමරාවේ focus point එක සහිත කොටස

හඳුනාගෙන එහි ඇති වස්තූන් වලට ප්‍රමුඛතාව (priority) ලබා දී ආලෝක

අගය ගණනය කිරීමත් සිදු වෙනවා. මම ළා කොළ පාටින් දක්වලා

තියෙන්නේ මේ කොටස.

2. Center weighted metering

මේ mode එකේදි රාමුවේ මැදට වෙන්න 80% – 70% දක්වා පරාසයක

(කොල) පමණයි පරාවර්තිත ආලෝක අගය ගණනය කිරීම සිදුවෙන්නේ.

අනෙකුත් කොටස් නොසලකා හරිනවා. (රතු)

3. Spot Metering

Metering වලදී ඉතාමත් නිරවද්‍ය mode එක තමයි මේ mode එක. මේකෙදි

ඉතා කුඩා ස්ථානයක ආලෝක අගය මැනීම සිදුවෙනවා. එය සම්පූර්ණ

රාමුවෙන් 1%-5% වගේ සුළු ප්‍රමාණයක්. බොහෝවිට මේ ස්ථානය

වෙන්නෙ රාමුවේ හරි මැද. නමුත් නවීන කැමරා වල focus point එක

සමග මෙම spot එක link කිරීමේ හැකියාව තිබෙනවා. එමගින් ඔබ focus

කරන ස්ථානයේම ආලෝක අගය නිරවද්‍යව මැනගැනීමේ හැකියාව

තිබෙනවා.

4. Partial metering

මේකත් spot metering වගේම mode එකක්. මේ දෙකේ ඉතාම සුළු

වෙනසක් තමයි තියෙන්නේ. Spot metering වලදි 1%-5% අතර ප්‍රමාණයක්

මනිනකොට partial metering වලදි 10%-15% අතර ප්‍රමාණයක අලෝක

අගය ගණනය කරනවා.

5. Highlight weighted metering

මෙම mode එක සමහරක් Nikon හා සමහරක් Sony කැමරා වල පමණක්

දක්නට හැකි සැකසුමකි. මෙහිදී රාමුවේ ඇති Highlighted areas වල

ආලෝක අගය පමණක් ගණනය කර එම චායාරූපය over exposed වීම

වළක්වයි.

6. Entire screen metering

Sony කැමරා වල දක්නට ඇති මෙම mode එකේදී සම්පූර්ණ

රාමුවේම ආලෝක අගය ගණනය කරනු ලබයි. මෙය අප මුලින් කතා

කල Zone metering වලට තරමක් සමාන නමුත් මෙහිදී වෙනත් කිසිදු

ප්‍රමුඛතා ලබාදීමක් (priority) සිදු වෙන්නේ නෑ.

ඉතින් metering modes වල මූලික කරුණු සියල්ල අපි දැන් කතා කරලා අවසන්. ඔබගේ කැමරාවෙන් මෙම

සැකසුම් සියල්ල ඔබටත් අත්හදා බැලීමට පුළුවන්. ප්‍රායෝගිකව මම ද මෙම සැකසුම භාවිතා කරන්නේ

ඉතාමත් අඩුවෙන්. මොකද මම Flash lights භාවිතා කිරීම සහ metering mode භාවිතා කිරීමට වඩා ඉක්මනින්

මා විසින්ම shutter speed හා aperture පාලනය කිරීම ඉක්මන් හා පහසුවෙන් කරගන්න පුලුවන් නිසා.

දැන් අපි බලමු තවත් එක් මූලික සැකසුමක් ගැන. මෙයත් බොහෝමයක් චායාරූප ශිල්පීන් භාවිතා කරන්නේ

ඉතාමත් අඩුවෙන්. නමුත් එයත් ඔබට යම් අවස්ථාවක උපකාරී විය හැකි නිසා එයත් ඉගෙන ගනිමු.

Exposure Compensation (EV)

ඔබ metering modes භාවිත කර චායාරූප ගැනීමේදී සමහර අවස්ථාවලදී චායාරූපය ඔබට අවශ්‍ය

ප්‍රමාණයට වඩා තරමක් අඳුරු හෝ ආලෝකමත් විය හැකිය. එවැනි අවස්ථාවල කැමරාව ලබාගන්නා

exposure අගය මගහැර නැවතුම් (stops) කිහිපයකින් exposure එක අඩු හෝ වැඩි කරගැනීමට මෙම

සැකසුම භාවිතා කළ හැක.

බොහෝ කැමරාවල මෙම අගය -3 සිට +3 දක්වා අගය පරාසයක දක්නට ලැබේ. එනම් නැවතුම්

(stops) තුනක පරාසයක අඩු හෝ වැඩි අගයක් ලබා දීමට හැකිය.

ඉතින් photography තෙවැනි ලිපියත් සමගින් චායාරූපකරණයේ

මූලීක සැකසුම් කොටස අවසන් වෙනවා. මීළඟ කලාපයේ ලිපියෙන්

අපි කතාකරමු කැමරා වර්ග, ඒවායේ භාවිත හා කැමරාවක්

ක්‍රියාකරන ආකාරය ගැන. එතෙක් ඔබට ජයෙන් ජය!

බිනර සිසිරංජන

Google Keep Document

කොහොමද වලට ඉතින් හුඟ දවසකින් හම්බුන නිසා අද අපි කතා කරන්න හිතුවා සමාජයේ පොදු ක්‍රියාවන් අපි සිත කරන කොට අපිට සිද්ධ වෙනවා පාවිච්චි කරන්න විවිධ ක්‍රම එහෙම නැත්නම් strategies ,ඉතින් මෙන්න මේ strategies ටිකක් අද ඔයාලත් එක්ක බෙදාගන්න තමයි මම ඉන්නෙ ගොඩක් වෙලාවට මෙතනදී සිකුරුටි සම්බන්ධ කාරණා සහ ඔයාලගේ privacy එක ගැන ගොඩක්ම හිතලයි මං මේ කරුණු කාරණා ටික ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවේ.

හරි ඉතින් මෙතනදි සඳහන් කරන සමහර කරුණු නිසා කිසිම ඇප් එකක් වත් කිසිම ආයතනයක් වත් මම ප්‍රමෝට් කරන එක නෙමේ මේ කරන්නේ මෙතනදි මම ඔයාලත් එක්ක බෙදා ගන්න බෙදා ගන්නේ මගේ prrsonal අත්දැකීම් සහ මම ඒ ඒ අවස්ථාවල දී පාවිච්චි කරන විවිධ ක්‍රම .

මුලින්ම අපි බලමු අපි ගොඩක්ම පාවිච්චි කරන පාවිච්චි කරන චැට් කරන්න එහෙමත් නැත්නම් සෝෂල් මීඩියා හරහා තව කෙනෙක්ට කතා කරන්න පාවිච්චි කරන apps මොනාද කියල.අපි හැමෝම අතර ජනප්‍රිය කීපයක් තියෙනවා imo, viber, whatsapp ඉතින් මේ විදියට තවත් ගොඩක් තිබුනත් අපි ප්‍රධාන වශයෙන් හැමෝම භාවිත කරන ලංකා ප්‍රසිද්ධ මෙය 3 ගැන කතා කරමු .රිතික් සිකුරුටි අතින් බැලුවොත් ඉමු කියන ඇප් එක ෆෝන් දෙකක එකවර එකම මොහොතේ එකම එකවුන්ට් එක පාවිච්චි කරන්න පුළුවන් ඉතින් මේක එක්තරා විදියක අවාසියක්.ඒ වගේම තමයි වට්ස්ඇප් සහ වයිබර් කියන ඇප් එක ගොඩක් අය පාවිච්චි කරණවා.මේ දෙකේම secutity එක ටිකක් වැඩියි ඒ අතින් වැඩිම security එකක් තියෙන්නෙ Viber app එකට ඉතින් ඔයාට පුළුවන් මේකේ තියෙන secret chat කියන option එක use කරලා files ,photos,messages හැමදෙයක්ම යවන්න පුළුවන් වගේම හැම දෙයකම රහස්‍ය භාවය රැකෙනවා..ඉතින් ඔයාලටත් පුළුවන් මේ ක්‍රමේ try කරලා බලන්න.

ඔයාලා දන්නෙ නැති භාෂාවක ලියකියවිල්ලක් හෝ යම් දෙයක් හම්බුනොත් අපි උදාහරණයකට කියමු අපි අලුතෙන් මිලදී ගන්නවා නිවසට අලුත් විදුලි උපකරණයක් හෝ විදෙස් රටකින් කුමන හෝ දෙයක් ගත්තොත් සාමාන්‍යයෙන් ඉංග්‍රීසි භාෂාව පාවිච්චි කළත් වෙනත් භාෂාවකින් යමක් තිබුනොත් එය අපට කියවීමට හෝ තේරුම් ගැනීමට නොහැකිය.ඒ වගේ වෙලාවට ඔයාලට ලෙහෙසියෙන්ම කරන්න පුළුවන් දෙයක් තමයි google lens කියන ඇප් එක පාවිච්චි කරලා ඔයාලට සජීවීව යම් කිසි වස්තුවක් මත මුද්‍රණය කරලා තියෙන ඕනම දැනට ලෝකයේ සම්මත පිළිගත් ඕනෑම භාෂාවක් ඔයාලට කැමති භාෂාවක් විදියට පරිවර්තනය කරන්න පුළුවන්.

ඉතින් මේ වගේ එදිනෙදා ජීවිතයේදී තවත් භාවිතා කරන්න පුලුවන් පුංචි උපක්‍රමයක් තමයි හදිසියෙවත් ඔයාලගෙ ෆෝන් එකක් අස්ථාන ගත උනොත් ඒ කීවේ නැති උනොතින් හොයාගන්න ටිකක් සම්භාවිතාවක් තියෙන ක්‍රමයක්.ඔයාලා දන්නවද find me කියන option එක ඇත්තටම මේක app එකක් විදියටත් තියෙනවා.හැබැයි ඔයාලා මේක කලින් ඔයාලගෙ gmail එකකින් ලොග් වෙලා බලන්න ඒකට access දෙන්න සහ ඔයාලගෙ දුරකතනයේ location සහ mobile data හෝ wifi යන Option දෙක අනිවාර්‍යෙන්ම ක්‍රියාත්මක කර තැබිය යුතුමයි.තවද ඔබගේ දුරකතනයේ මේ settings වෙනත් පුද්ගලයෙකුට ක්‍රියා විරහිත කිරීම හෝ ඒ setting වලට acccess වීම වැලැක්වීමට දුරකතනයට Lock එකක් දමා තිබිය යුතුමයි සහ එම lock එක තිබියදී අර settings වලට access වීමේ හැකියාව නැති විය යුතුමයි .ඉතිං මේ අය පහසුකම් ටික ඔබ සපුරා තිබේ නම් හදිසියේ ඔබ අතින් ඔබගේ දුරකථනය නැති වූ අවස්ථාවකදී හෝ අස්ථානගත වූ අවස්ථාවකදී ඔබට වෙනත් දුරකථනයක් භාවිතයෙන් ඔබගේ gmail එක තුළට තුළට ඇතුළු වී මෙම app එක හරහා ඔබගේ දුරකථනය තිබෙන තැන එහි තිබෙන දත්ත මකා දැමීම හා එයින් ශබ්දයක් නිකුත් කිරීම එහෙමත් නැත්නම් එයින් music එකක් වැනි දෙයක් නිකුත් කිරීම කළ හැකියි.

ඉතින් ඔන්න අද අපි විවිධ ක්‍රම තුනක් අරගෙන ආවා ඔයාලටඉතිං ඔය වෙනසකටත් එක්ක හිතුව මේ වගේ පොඩි පොඩි දේවල් ටිකක් ඔයාලට අරගෙන එන මොකද අපි සමහර වෙලාවට හිතන්නේ නැති පැති වලින් අපිටදැනුම අවශ්‍ය වෙනවා ඉතින් මම හිතුවා මින් ඉදිරියට මේ වගේ පුංචි පුංචි ටෙක්ස් සහ තවත් ඔයාට උවමනා කරන අවශ්‍යම දේවල් අරගෙනඔයාලා අත 4ක් එන්න ඉතින් අතට අපේ ලිපිය අවසන් වෙනවා ඉතින් මේ වගේ තවත් ලිපියක් අරගෙන ලබන මාසේ ඔයාලට එන්න මම බලාපොරොත්තු වෙනවා .

P.K.D.Manujaya

(BSc Honors. In Computer Science , Social Media Strategists ,Dip in HRM ,Dip in Finance Management, Dip in Production Management , Dip in Sales Management )

076 2209299

www.dilshanmanujaya.com

Google lence

අද අපි කතා කරන්න යන්නෙ ඔයාලා ලගම තියෙන ඔයාලා නොදන්න තවත් එක Google Service එකක් ගැන ඔයාලට කියලා දෙන්න.ඔයාලගෙ ජීවිත තවත් පහසු කරන්න තවත් එක තාක්ෂණික ලිපියක් ඔබ වෙත ගෙන එන්න තමයි අද මම ආවේ.

අද අපි කතා කරන්න යන්නෙ Google Lens කියන ඔයාලගෙ Camera එක access කරලා දෙන තවත් Google service එකක් සම්බන්ධවයි.

Search What You See – ඔබ දකින දේ සොයන්න කියන තේමා පාඨය යටතේ තමයි මේ Service එක එන්නේ.ඔබ අවට ඇති දේ වෙනස්ම ආකාරයකින් දැකීමට මෙම සේවාව මහත් උපකාරී වනු ඇත. මෙය මගින්,

1. Text Scan කිරීම සහ ඒවා Translate කිරීමට හැකි වේ

Real Time එහෙමත් නැත්නම් ඔබ ඒ දෙස බලන මොහොතේම ඔබට අවශ්‍ය text එකක් ඕනෑම භාෂාවකින් පරිවර්තනය කර බලා ගත හැකි වේ තවද, වචන Translate කරගැනීමට , විවිද events ඔබගේ calander එකට ඇතුලත් කිරීමට ,දුරකතන අංකයකට කතා කිරීමට, හෝ එහි ඇති දේ Copy කරගැනීමටද හැකි වේ.

2. Find A Look you like මෙහිදී ඔබ දකින ඕනෑම වස්තුවකට සමාන වස්තුවක Online sale දමා ඇති තැනක මිල වැනි දෑ ඔබට එම මොහොතේම බලාගත හැකි අතර මේ සදහා ඇදුම්, ගෘහභාණ්ඩ ,නිවෙස් අලංකරණ ආදිය ඇතුලත් වේ.

3. Copy and paste text to your Computer

ඔබ දකින ලිපියක හෝ කුමන හෝ තැනක ඇති අකුරු කිහිපයක් හෝ වචන දලින් සෑදුනු කිහිපයක් Scan කර එය ඔබගේ පරිඝනකයේ ඇති document එකක් තුලට ඇතුලත් කරගැනීමෙ හැකියාවක් පවතී.

4. Identify Plants and animals

ඔබ අසල ඇති ශාකයක හෝ සත්වය්කු හදුනාගැනීමට හා විස්තර දැන ගැනීමට මෙම ක්‍රමය භාවිත කළ හැක.

5. Step by step homework help

ඔබගේ පාසලේ හෝ ඉගෙනුම් කටයුතු කරණ ස්ථානයේ ඉතිහාසය ,ගණිතය, ජීව විද්‍යාව ,රසායන විද්‍යාව ,භෞතික විද්‍යාවේ එන ගැටලු විස්තරාත්මකව පියවර සහිතව විසදා දීමට මෙයින් ඔබට උපකාර කරයි. ඉතින් මේ වගේ ඉතාම ලෙහෙසියෙන් වැඩ ගන්න පුළුවන් servece එකක් Google එකෙන් අපිට දීලා තියෙනවා කියලා ඔයාලත් දැනන් හිටියද.ඔන්න ඔයාලට අද try කරලා බලන්න අලුත් මාතෘකාවක් තියෙනවා..ඉතින් අදට අපේ ලිපියෙන් මම සමුගන්නවා.තවත් මේ වගේම වටිනා ලිපියක් සමගින් ඊලග කලාපයේදීත් හමුවෙමු.

P.K.D.Manujaya

(BSc Honors. In Computer Science , Social Media Strategists ,Dip in HRM ,Dip in Finance Management, Dip in Production Management , Dip in Sales Management )

076 2209299

www.dilshanmanujaya.com

Google Travel

කොහොමද ඔයාලට අලුත් අවුරුද්දේ හා හා පුරා කියලා අලුත්ම විදියකට හැඩ ගැහෙන ගමන් අලුත් දෙයක් ඉගෙන ගමුද .? ඔන්න වෙනදා වගෙම මම ඔයාලට අලුත් දෙයක් අරගෙන ආවා.අදත් කියලා දෙන්න යන්නෙ ඔයාලා ගොඩක් අය නොදන්න නමුත් ඔයාලට ප්‍රයෝජනවත් වන Google Service එකක් පිලිබදව..

ඉතින් මේ කතාව Google Travel කියන Service එක සහ ඒකේ වැඩ කටයුතු සිද්ද වෙන ආකාරය.

ගොඩක් වෙලාවට ඔයලා trip එකක් යන්න plan කරණ හෝ කරපු කෙනෙක්නම් ඔයාලා Google එකේ ඒකට අදාල විස්තර search කරපු කෙනෙක්නම් සමහර විටක මේ Service එක හමුවෙන්න ඇති.

මේ Google Travel ගැන සරලවම කිව්වොත් පරිශීලකයන්ට සංචාර වෙන් කරවා ගැනීමට, ගමන් මාර්ග කළමනාකරණය කිරීමට ඉඩ සලසන යෙදුමකි.2016 Silicon Valley Giant හිදී මෙය සේවාවක් ලෙස හදුන්වා දෙන ලදී.මීට පෙරදී Google Trip ලෙස අසා තිබුනේත් මෙම service එකමයි.

Google Travel එකෙන් මොනවද කරන්න පුලුවන්.

හොදයි අපි දැන් මෙහි සරල පැහැදිලි කිරීමක් දැන ගත්තනේ.ඉතින් අපි බලමු මෙයින් ඉටු වෙන සේවාවන් මොනවද කියලා..

ඔබ නොසැලකිලිමත් ලෙස Search කරන්නේ නම් හෝ ඔබට යාමට අවශ්‍ය ස්ථානය දැන සිටියත්, Google Travel සමඟින් ගුවන් ගමන් සෙවීම පහසුය. ඔබට ඔබගේ සෙවුමේ සංචාර කොපමණ කාලයක් පැවතිය යුතුද යන්න සැකසීම සමඟින් ඔබට පහසුවෙන් ගමන් කිරීමට අවශ්‍ය දිනයන් වෙනස් කළ හැක.

ගුවන් ගමන් සොයන විට, ඔබට පරාමිති කිහිපයක් භාවිතා කර ඔබගේ සෙවුම කැමති පරිදි සිදු කළ හැක. මේවාට ඇතුළත් වන්නේ:

1.ඔබ භාවිතා කිරීමට කැමති ගුවන් තොටුපල සම්බන්ධ කිරීම

2.ගමනේ සියලුම ගමන් සඳහා ඔබට ගමන් කිරීමට අවශ්‍ය දවසේ වේලාව

3.ඔබට පියාසර කිරීමට අවශ්‍ය ගුවන් සමාගම්

මේ විතරක් නෙමේ..ඔයාලට ගමන් මලු දීමනාව (baggage allowance) සහ තවත් දේ මත පදනම්ව ගුවන් ගමන් සෙවිය හැක.

ගුවන් ගමන් වලට අමතරව, ඔබට හෝටල්වල මිල ගණන් ද පරීක්ෂා කළ හැකිය. මෙය සිදු කිරීම සඳහා, හෝටල් මිල ගණන් වෙත ගොස් “What you’ll pay” මගින් කළ හැකි වේ..

ඔබේ ආශ්වාදය සදහා සහ විවිධ චාරිකා මත සෙවුම් කළ හැකි වේ.

බොහෝ පුද්ගලයින් සඳහා, ඔවුන්ගේ සංචාරයේ සෑම කොටසක්ම වෙන්කරවා ගැනීම ඔවුන්ගේ අවශ්‍යතා සඳහා වඩා හොඳින් රිසිකරණය කිරීමට උපකාරී වේ. ඔබ මෙම පුද්ගලයන්ගෙන් කෙනෙක් නම්, ඔබගේ සෙවුම් ප්‍රතිඵල ඔබගේ ඉල්ලීම් වලට වඩාත් ගැලපෙන බව සහතික කර ගැනීමට Google Travel ඔබට විකල්ප කිහිපයක් වෙනස් කිරීමට ඉඩ ලබා දෙන බව නිසාම ගැනීමට ඔබ සතුටු වනු ඇත.

ඔබගේ විස්තර එකතු කිරීමේ හැකියාව

ඔබ ඔබගේ සංචාරය සැලසුම් කිරීමට සූදානම් වූ පසු, ඔබට අවසාන ගමන් විස්තරය නිර්මාණය කිරීමට Google Travel භාවිතා කළ හැක. ඔබ නව ගමනක් ආරම්භ කරන විට, ඔබට එයට බොහෝ දේ එකතු කළ හැකිය.ඔබගේ ගුවන් ගමන්වල සිට ඔබ කෑමට කැමති ස්ථාන දක්වා සියලූම විස්තරද එකතු කල හැකියි.

ඔබ Google Travel හරහා ඔබගේ ගුවන් ගමන් සහ නවාතැන් වෙන්කරවා ගන්නේ නම්, ඔබගේ තහවුරු කිරීම් ඔබගේ ගමන් විස්තරයට එකතු වේ.

ඔබගේ සැලසුම් එකතු කිරීමට අමතරව, ඔබගේ ගමනාන්තය පිළිබඳව ඔබව දැනුවත් කිරීමටද ඔබට මෙම කොටස භාවිතා කළ හැක. ඔබ සංචාරය කිරීමට අදහස් කරන වසරේ කාලය සඳහා සාමාන්‍ය උෂ්ණත්වය සමඟින් Google ඔබට නිතර අසන ප්‍රශ්න පෙන්වයි.

නවාතැන් වෙන් කිරීමේ හැකියාව.

ඇත්ත වශයෙන්ම, ඔබට කොහේ හරි සංචාරයක් සැලසුමක් තනිවම කිරීම අපහසු වන නිසාම මේ සේවාව ඉතාමත් පහසුවේ.ගුවන් ගමන් මෙන්ම, ඔබට Google සංචාරක අතුරුමුහුණත හරහා හෝටල් වෙන්කරවා ගත හැක.

හෝටල් සොයන විට, ඔබට ඔබගේ සෙවුම මිල සහ සංචාරයේ කොපමණ පිරිසක් සිටීද යන්න මත පදනම්ව Filter කළ හැක. ඔබ වෙනත් හෝටල් වෙළඳ නාමවලට ​​වඩා කැමති නම්, ඔබට පෙන්වීමට ඔබ කැමති විකල්ප සඳහා පමණක් තෝරාගත හැක.

ඔබට ඔබේ හෝටල් search කිරීම Filter කළ හැකි වෙනත් ක්‍රමවලට ඇතුළත් වන්නේ:

  • දීමනා
  • නොමිලේ Wi-Fi සහ ළමා හිතකාමී වැනි පහසුකම්
  • හෝටලයේ පන්තිය/තරු ශ්‍රේණිගත කිරීම

ඔබට නේවාසිකාගාර සහ ගෙස්ට් හවුස් වෙන්කරවා ගැනීමටද මෙම විශේෂාංගය භාවිතා කළ හැක. ඔබේ නවාතැන් වෙන්කරවා ගැනීම ආරම්භ කිරීමට, ඔබට Hotel එකේ website වෙත යාමට අවශ්‍ය වනු ඇත. ඔබ එහි සිටින විට, ඔබට අවශ්‍ය යැයි හැඟෙන පරිදි කැමති දෙයක් තෝරා ගැනීම කළ හැක.

දේපල බදු ගැනීම.

ඔබ හෝටලයක නවාතැන් ගැනීමට උනන්දුවක් නොදක්වන්නේ නම්, ඔබට Google Travel හරහා පුද්ගලික නිවාඩු කුලී සොයා ගත හැක. ඔබට විකල්ප කිහිපයක් පෙනෙනු ඇත,:

Apartment

Guest House

කුටි(Cottage)

Hotel මෙන්ම ඔබට අවශ්‍ය පහසුකම්, ඔබේ මිල පරාසය සහ තවත් දේ මත පදනම්ව ඔබට තෝරා ගැනීම කළ හැක.

ඉතින් මේ වගේ තවත් විශේෂාංග රාෂියක් මෙම සේවාව ඔස්සේ ඔබට ලබා ගත හැකි අතර තවත් සේවාවන් රැසක් මෙහි ඇත.ඉතින් අදට අපි මෙතනින් සමුගන්නවා..තවත් කොටසක් අරගෙන ආයේ ඉක්මනින්ම හමු වෙනකම් ඔයාලට සුබම සුබ නව වසරක් වේවා..!

(BSc Honors. In Computer Science, Social Media Strategists,Dip in HRM,Dip in Finance Management, Dip in Production Management, Dip in Sales Management )

076 2209299

www.dilshanmanujaya.com