Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

Makeup brush


මේක්අප් භාවිතයේ දී වැදගත්වන කරුණු පිළිබඳ අප මීට පෙරත් ලිපිපෙළකින් සාකච්ඡා කළා. අද ත් සුපුරුදු පරිදි එවැනි ම ඔබගේ අවධානය යොමුවිය යුතු ම රූපලාවණ්‍යය මාතෘකාවක් පිළිබඳව කතාකරන්නට යි මා සූදානම් වන්නේ.

      ඔබ උසස් තත්ත්වයේ රූපලාවණ්‍යය නිෂ්පාදන සහ භාවිතය පිළිබඳව කෙතරම් උනන්දු ද? එසේ ම එම නිෂ්පාදන මනාව ඔබට ගැළැපෙන අයුරින් භාවිත කිරීම ගැන ඔබ දැනුව ත් ද? එමෙන් ම ඔබ සතුව කෙතරම් ප්‍රමාණයක makeup brushes එකතුවක් තිබේ ද? මේ සියලු ගැටළුවලට අදාළ පිළිතුර කුමක්වුවත් ඔබ ඒ පිළිබඳව දැනුවත් වියයුතු ම යැයි මා සිතුවා. 

මක් නිසා ද යත් ඔබ සතුව කෙතරම් උසස් තත්ත්වයේ රූපලාවණ්‍යය නිෂ්පාදන භාවිතයේ තිබුණත් නිවැරදි brushes සහ sponges ආදී උපකරණ ත් ඔබගේ ඒ රූපලාවණ්‍යය එකතුවේ තිබිය යුතු ම වන්නේ ඇයි දැ යි යන්න බොහෝදෙනාට ගැටළුකාරීවන නිසා ත්, නිවැරදි brush collection එකක් ගැන බොහෝ දෙනා දැනුවත් නොවන බවක් පෙනී යන හෙයින් ඒ පිළිබඳව කෙටි පැහැදිලි හැඳින්වීමක් මෙහි අන්තර්ගත වේ.

1. Shimmer blush 

Shimmer blush භාවිත කිරීමේ දී  සුළු ප්‍රමාණයකින් shimmer දවටාගනිමින් ඉතා සැහැල්ලු ආකාරයට brush එක ගෙන ඔබගේ කම්මුල් නිකට සහ නාසය යන ප්‍රදේශ වල ඉතා මෘදුව  ලෙස ආලේප  කරන්න. එ මඟින් ඔබට මේකප් නිමාව වඩා ත් සම්පූර්ණව දිස් වීම සහ ස්වාභාවික නිමාවක් , දිදුලන පෙනුමක් ලබාගත හැකිවනු ඇත. 

2. Makeup brash 

මෙම බ්‍රෂ් එක ඉතාම සුදුසු වන්නේ liquid සහ cream foundation makeup සඳහා වේ. Foundation යනු මේකප් එකක මූලික ම සහ වැදගත් ම පියවරක් වන අතර එය සම මත එක ලෙස සමානව තැවරීම ඉතා ම වැදගත් පියවරක් වේ. එම කාර්‍යය makeup brush මඟින් මනා

ලෙස ඉටුකරගත හැකි ය. 

3. Blush and bronzer brash

බොහෝ දෙනාගේ makeup නිමාව මැනගැනීමට ත් නිමාව වඩාත් ම සුන්දර සහ දිදුලන පෙනුමකින් ස්වාභාවික ආකාරයට දිස්වීම සඳහා Blush  සහ bronzer වැදගත් කාර්‍ය්‍යක් ඉටු කර යි. ඒ සඳහා blush & bronzer තැවරීමට සහ  ඉතාමත් පහසු ලෙස මුසු කරගැනීම සදහා  ඉතාම මෘදු සහ පිරුණු වටකුරු ආකාරයෙන් යුතු මෙම බ්‍රෂ් එක උපකාරී වේ .

4. Flat foundation brush 

තුනී foundation ආලේපනය මගින් high definition නිමාවක් liquid සහ cream  makeup භාවිතය මගින් ලබාගැනීමට හැකිවේ. 

5. powder  brush

මෙම brush එක භාවිත කරනු ලබන්නේ loose සහ pressed powder තැවරීම ට යි. මෙම brush එක  භාවිත කිරීමේ දී මතක තබාගත යුතු කාරණය වන්නේ brush එකේ පව්ඩර් තවරා ගැනීමෙන් පසු නැවත සුළු තට්ටුකිරීමක් මගින් අමතර powder ඉවත් කර ගනිමින් ආලේප කර ගැනීම යි. නැතහොත් තවරන පව්ඩර් ප්‍රමාණය වැඩිවීම මඟින් makeup එක වියළිබවක් ඇති වී ඔබට සුන්දර පෙනුමක් ලබාගැනීම දුෂ්කර වනු ඇත. 

6. Eye shadow blur brush 

සම්පූර්ණ හැඩගැන්වීමක දී eye makeup ඉතා ම තීරණාත්මක වන අතර නිවැරදි ආකාරයට වර්ණ ඇස්මත තැවරීමට, ඇස් අලංකාරව කැපීපෙනීමට සහ වර්ණ මනාව සංයෝජනය සහ තැවරීමට eye shadow brushes ඔබට උපකාර වේ. ඒ අනුව විශේෂයෙන් ම eye makeup වර්ණ blend කරගැනීමටත් ඔබගේ ඇස උඩු ප්‍රදේශයේ ඇති eye bone එක high light කිරීම සදහා මෙම brush එක බාවිතා කිරීම වැදගත් වනුඇත . 

7. eye shadow brush 

Eye shadow brush භාවිතයෙන්  eye makeup වර්ණ හෝ highlighter වර්ණ මනාව ආලේපනය කිරීමට හැකි වේ. මෙම brushes උපයෝගී කරගැනීම මඟින් ඔබට ඉතා soft eye makeup look එකක් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. එසේ ම අඩු , වැඩි නොවන ආකාරයේ සුන්දර හැඩගැන්වීමක නිමාව එතුළින් ලබාගත හැකිවනු ඇත.

8. concealer brush

බොහෝ කාන්තාවන්ට ගැටළුවක්වන මුහුණේ පැහැය එක සමාන නොවී ම, කුරුළෑ , ලපකැළැල් බහුල වීම සහ පැල්ලම් සම මත තිබීම සඟවමින් පරිපූර්ණ ස්වාභාවික සුන්දර පෙනුමක් සහ නිමාවක් ලබාගැනීමට concealer භාවිත කරනු ලබ යි. තව ද  මුහුණේ ඇති හිරුරශ්මිය මගින් අවපැහ ගැන්වී ඇති ප්‍රදේශ මෙන්ම  ඇස් යට අවපැහැ ගැන්වී ඇති ප්‍රදේශ අවරණය කිරීම සදහා මෙම concealer ආලේපනය ඉතා වැදගත්වන අතර concealer brush භාවිතයෙන් එය මනාව ඉටුකරගත හැකි ය.

9. Eyebrow brush

දේදුනු හැඩැති ඇහිබැමක් යනු කාන්තාවකට ආභරණයකි. මනාව හැඩගැන්වූ ඇහි බැමක ඇති රෝම කුප අඩු ප්‍රදේශ පිරවීම සදහාත්, මනා හැඩයක් ඊට ලබාදීම සඳහා මෙන් ම පිළිවෙළකට ඇහිබැම සැකසීමට හෝ comb කිරීමට මෙම eye brow Brush ඉතා ම වැදගත් කාර්‍යයක් ඉටුකරනු ලබ යි. එම කාර්‍යය වඩා පහසුකරන jel හෝ powder ආලේප

කරමින් දෙබැම හැඩගැන්වීමට , දෙබැමෙහි හැඩය පවත්වාගැනීමට මෙම brushes වැදගත් වේ.

10. lip brush

සියුම් මෙන් ම කුඩා brush එකක් වන lip Brush භාවිතයෙන් ඉතා නිවැරදි ආකාරයට  ඔබගේ දෙතොල් මනා ලෙස වර්ණ ගැන්වීමට හැකි ය. සාමාන්‍යයෙන් lipstick එක මඟින් වර්ණ තවරනවාට වඩා මනා ලෙස දෙතොල් ආලේපන තැවරීමට,දෙතොලේ හැඩය ඉස්මතු කිරීමට මෙන් ම අපූර්ව වර්ණ සංයෝජන නිවැරදිව මුසුකරමින් ඔබේ සමේ පැහැයට සහ සුන්දරත්වයට ගැළැපෙන වර්ණ ආලේපනයට සහ මිශ්‍ර කිරීමට lip brush ඉතා ම වැදගත් වේ. 

ඉතින් නැවතත් මෙවැනි ම ඔබට වැදගත්  රූපලාවණ්‍ය ම ය ලිපියකින් තවත් කරුණු රැගෙන එනතෙක් ඔබට සුබ, සුන්දර දවසක් වේවා !

ඔබගේ ඕනෑම රූපලාවණ්‍ය ගැටළුවක් සඳහා හෝ මනාලියක් වීමටඉන්නා යුවතියකට අවශ්‍ය උපදෙස් ලබාගන්න අමතන්න

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනි

සමීර ජයසිංහ

07402992944

Sign up for our newsletter