Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

VR technology

ඔන්න අද අපි කතා කරන්න යන්නෙ විශේෂ මාතෘකාවක් ගැන ඉතින් අද මාතෘකාව තමයි virtual reality එහෙමත් නැත්නම් VR technology සිංහල භාෂාවෙන් කිව්වොත් අතථ්‍ය යථාර්ථය තාක්ෂණය ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ,

මොකක්ද මේ Virtual Reality කියන්නෙ.

Virtual Reality (VR) කියන්නෙ පරිඝනකයක් මගින් ජනනය කරණ ලද පරිසරයක් වන අතර පෙනෙන තරම් සහ වස්තූන් පරිශීලකයාට තමන් අවට ගිලී සිටින බවක් දැනේ .reality headset එකක් හෝ හෙල්මට් එකක් වැනි උපකරණයකින් මෙම පරිසරය අප හට අවබෝධ වන අතර අප ඒ මොහොතේ හෝ අනාගත ලෝකයක හෝ කෘතිම පරිසරයක ජීවත් වන බව අපට හැගෙන තාක්ෂණයකි.

බොහොමයක් දෙනා පිලිගන්නා අන්දමට මුල්ම VR මැෂින් එක විදියට හදුන්වන්නෙ Sensorama යන උපකරණයයි. 1950 මැද භාගය වන විට හොයාගත් මේ උපකරණය මෙම තාක්ෂණය වැඩි දියුණු කිරීමේ මූලික පියවර ලෙස හැදින්විය හැක.මෙහි අන්තර්ගතය ලෙස 3D චිත්‍රපට පෙන්වන උපකරණයකින් හා vibrations සහිත පුටුවකින් සමන්විත වෙනවා.පසුකාලීනව ඇති වූ මෘදුකාංග සහ දෘඪාංග වල දියුණු වීමත් සමග අද වන විට බොහෝ ක්ෂේත්‍රයන් ඔස්සේ මෙම තාක්ෂණය දියුණු වී ඇත.

මේවායින් ඇති ප්‍රයෝජන මොනවාද.?

අද බොහොමයක් Comouter games මේ VR තාක්ෂණය ඔස්සේ නිර්මාණය කරලා තියෙනවා.තවද මේ හරහා සොල්දාදුවන් හට යුධ අභ්‍යාස ,සැත්කම් සදහා ඉගෙනගන්නා වෛද්‍යවරුන් සදහා පෙරහුරුවක් ලෙසත් අභ්‍යවකාශ ගඟණගාමීන් සදහ පෙරහුරු වැනි කටයුතු වලදී මේක උපකාරී වෙනවා.

ඔයාලට මතක ඇති X man චිත්‍රපටි මාලාවේ එන Cerebro කියන උපාංගය.මේ VR තාක්ෂණය කියන්නෙ මොන වගේ එකක්ද කියන එක ගැන ඔයාලට දල අදහසක් ඒකෙන් ගන්න පුළුවන්.

තවද අංශක 360 ක දිශානතියකින් යුතුව Video Live Streaming කරණ විටදිත් මේ Vr තාක්ෂණය භාවිතා වෙනවා.තවද ගෘහ නිර්මාණ ශිල්පයේදීත් තමන් ගෙයක් සෑදීමට පෙර මෘදුකාංග ඔස්සේ නිර්මාණය කරපු තමන්ගේම ගෙය තුල සිටීමට මේ VR තාක්ෂණයෙන් ඔයාට අවස්ථාවක් ලැබෙනවා.

VR තාක්ෂණයේ අනාගතය කොහොමද?

VR තාක්ෂණය කියන්නෙ නූතන ලෝකයේ වැඩිම වේගයකින් ජනප්‍රිය වෙන project වලින් එකක්.2018 පිටවූ IDC ආයතනයේ පර්‍යේෂණ අනාවැකි අනුව 2022 වෙන විට VR සහ Augmented Reality නමින් යන මේ හා සමාන වූ තාක්ෂණයක් සදහා වූ ආයෝජන යූරෝ බිලියන 15.5ක් පමණ වනු ඇති බව අනුමාන කර ඇත.කෙසේ වෙතත් එම වාර්තා අනුව 2020 අග භාගය වන විට විශාල යුරෝපීය ආයතනවලින් භාගයකටත් වඩා මෙම Virtual Reality සහ Augmented Reality උපක්‍රමයන් භාවිත කරණු ඇති බවට දන්වා ඇත.

අද වන් විට විනෝදාස්වාදය ,සංචාරක කර්මාන්තය සදහා සහ තවත් දේවල් සදහා මෙම තාක්ෂණය සෘජු හා වක්‍රාකාරයෙන් යොදාගෙන තියෙනවා.

අද වන විට අපිට දකින්නට ඇති සුලබ VR උපාංග මොනවාද?

මේ වන විට ප්‍රධාන වශයෙන් විකිණෙන Virtual Reality Headset විදියට Sony සමාගමේ PlayStation VR (PSVR) , Facebook සමාගමේ Oculus Rift සහ HTC සමාගමේ Vive යන උපකරණ සහ Oculus Rift,Oculus Rift S, Oculus Go සහ Oculus Quest යන උපකරණද බහුලව දකින්නට ලැබෙනවා.ඉතින් අදට අපි මේ ලිපිය නවත්තනවා.ඊලග මාසයේදීත් තවත් ලිපියක් සමග හමුවෙමු.

(BSc Honors. In Computer Science, Social Media Strategists,Dip in HRM,Dip in Finance Management, Dip in Production Management, Dip in Sales Management )

076 2209299

www.dilshanmanujaya.com

Sign up for our newsletter