Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

අංගම්පොර

ඔන්න අද මං ඔයාලට අරන් එන්නේ අංගම් පොර ගැන විස්තරයක්… ඉතිං අංගමි සටන් කලාවේ ආරම්භය මීට අවුරුදු 33000 කට එපිට අතීතයට දිවයනවා. මෙි හෙළයේ ජීවත්වෙච්ච යක්ෂ, නාග, දේව, රාක්ෂ යන ජනවර්ග පොදුවේ අසුරයන් (සුර අසුර යුද්ධයේදී) තමන්ට ඉන්දියාවෙන් එල්ලවන තර්ජනවලින් ආරක්ෂා වීම සඳහා මෙම සටන් ක‍්‍රමය භාවිත කරලා තියන බව සදහන් වෙනවා… ක‍්‍රමයෙන් වර්ධනය වූ අංගම් ශිල්පය තාරක රජු විසින් ස්කන්ධ කුමාරයාගේ ලංකා ආක‍්‍රමණයට එරෙහිව යොදාගන්නට ඇති බවයි ජනප්‍රවාද වල සදහන් වෙන්නේ.

අප සටන් කලාවේ ස්වර්ණමය යුගය ලෙස රාවණ යුගය හඳුනාගන්න පුළුවන්… රාවණ රජු නිල ශාස්ත‍්‍රය පිළිබඳ විශේෂඥයෙක්….

රාවණ සහ අංගම් ශාස්ත‍්‍රය අතර සම්බන්ධය කෙතරම් ප‍්‍රබලද කියතොත් අදටත් අංගම් ශිල්පීන් සටන් පුහුණු වන්නේ රාවණ නිරිදාණන් සිහිකිරීම සඳහා මල්පැලක් සකස් කොට රාවණ ස්තෝත‍්‍ර කියා ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුවයි.

මෙසේ අවුරුදු දහස්ගණනක් තිස්සේ ක‍්‍රමයෙන් ගොඩනැගුණු පැරණි අංගම් සටන් කලාව සිංහලයාගේ රාජධානිය සතුරාගෙන් ආරක්ෂා කරන්නට උපරිම දායකත්වයක් දි තිබෙනවා…

එ වගේම අංගමි සටන් කලාවට මහාසොන් යක්ෂයාගෙත් සමිබන්දයක් ඇති බව සදහන් වෙන්නේ රිටිගල හා බැදි ඇති පුරාවෘත කතා වල… රිටිගල ජයසෙන නමි පුද්ගලයා මහාසොන් යක්ෂයා ලෙස පරිවර්තනයවු කතා පුව⁣තේ එ බව සදහන් වෙනවා….. රාවණ යුගයේ සිටම සිටින යක්ෂයෙක් ලෙසට මහාසොන් යක්ෂයා අංගමි සටන් කලාවට උපන් හපන් දක්ෂයෙක් බවයි එහි සදහන් වෙන්නේ .. රිටිගල විශුද්ධි අංගමි හරඹයේ පුරාවෘත කතාවෙි එ බව සදහන් වෙනවා…

අංගම් යනුවෙන් හඳුන්වන්නේ ශරීරයයි, පොර කියන්නේ සටනයි. නිරායුධව (හිස්) සිරුරෙන් කරනු ලබන සටන අංගම්පොර යනුවෙන් හඳුන්වනවා. ආයුධ සහිතව කරනු ලබන සටන ඉලංගම් ලෙස හඳුන්වනු ලබනවා. අංගම් ශිල්පයේ ප‍්‍රවීණයකු වීම සඳහා මෙම කොටස් දෙකට අමතරව මායා අංගම් ලෙස හැඳින්වෙන ගුප්ත කොටසද ඉගෙනගත යුතු අතර සම්පූර්ණ අංගම් සටන් කලාව ඉගෙනගැනීමට එක් පුද්ගලයකුට තම ජීවිතකාලය මදි. එසේ වන්නේ මෙම ශිල්පයේ ඇති තියුණු බව නිසාමයි.

මෙහිදී ඉතාවැදගත් වෙන්නේ නිල ශාස්ත‍්‍රය පිළිබඳ දැනුමයි. මෙම නිල කලාව අනෙක් සටන් ක‍්‍රමවලදී එතරම් සාර්ථක ලෙස භාවිත වන්නේ නැ. සිංහල සටන් ක‍්‍රමය අනුව නිලවලට පහරදෙන ක‍්‍රම රැසක් දැකගත හැකියි. යටත්විජිත සමයේ අංගමිපොර තහනමටත් ලක්වෙලා තියෙන්නේ ඔවුන් ශක්තිය නිසාමයි…

මේ අයුරින් සිංහලයාගේ සටන් කලාව අධිරාජ්‍යවාදීන් බියගැන්වූ නිසාම අංගම් සටන්කරුවන් විනාශකරන්නට විවිධ උපක‍්‍රම යොදාගෙන තියනවා.

1818 දී ගැසට් නිවේදනයක් මගින් අංගම් සටන් ලංකාව පුරාම තහනම් කිරීමට බි‍්‍රතාන්‍යයන් පියවර ගත්තේ එ බිය නිසාමයි. එ නිසාම ක‍්‍රමයෙන් අංගම් පුහුණුව සිංහලයා වෙතින් ඈත් වන්නට පටන් ගත්තේ ඇතිවු තාඩන පිඬන නිසාමයි.

කොහොම උනත් අංගම් සටන් මගින් ඈත්වන්නට අකමැති වූ හෙළයන් වනගතව එය ආරක්ෂාකරගත් නිසා අදටත් සුරක්ෂිතව පවතීනවා. සැබෑ සටන් ශිල්පීන් තවදුරටත් ඉතිරිව සිටින්නේද යන්න  ඕනෑම අයකුට නැගෙන ප‍්‍රශ්නයක්. වසර ගණනක් තහනමට ලක් උවත් අදටත් නොනැසී අංගමි කලාව පවත්වාගෙන යනවා.

මෙම ශාස්ත‍්‍රය පවත්වාගෙන පැමිණි පරම්පරාවන් රාශියක් ලංකාවේ සිටින බවට ලිඛිත හා ලිඛිත නොවන සාක්ෂි දක්නට ලැබේනවා. ඉතාමත්ම අප‍්‍රසිද්ධව මෙම කලාව පවත්වාගෙන එනු ලබන ශිල්පීය පරම්පරා බොහෝ විට අදටත් නර්තන සම්ප‍්‍රදා හා බද්ධව මෙය පවත්වාගෙන යනවා. කෙසේ වෙතත් මේ වන විට ප‍්‍රසිද්ධියේ කරළියට පැමිණ ශාස්ත‍්‍රයේ අනාගතය වෙනුවෙන් පෙනී සිටින කොරතොට අංගම්පොර සටන්කරුවන් මෙහිදී අමතක කළ නොහැකියි..

කොරතොට අංගම්පොර සම්ප්‍රධාය ගැන සදහන් කරනවා නමි, අදින් වසර 33000කට පමණ පෙර ලක්දෙරණේ ඉපිද සුරාසුර යුද්ධය ජයග‍්‍රහණයට මුල්වූ කතරගම මහසෙන් නම් සෙන්පතියාගෙන් පැවත එන්නේ යැයි සැලකෙන කොරතොට අංගම්කරුවෝ මෑත ඉතිහාසයේ දී මුල්ලේරියා සටනට මූලිකත්වය දී ගම්වර තානාන්තර ලත් ගෞරවාන්විත සම්ප්‍රධායක්. අදටත් ඔවුන් ඔවුන්ගේ සම්ප‍්‍රදාය රැගෙන නොනැසී පවත්වාගෙන යන්නේ ජාතියේ වාසනාවට.

අංගම්පොර කලාවේ විවිධාකාර ආයුධ රාශියක් තිබෙනවා…. එ අතර ”එතුණු කඩුව” නම් වූ ආයුධයට හිමි වන්නේ විශේෂ තැනක්. මෙම ආයුධය තියුණු මුවහත් ඇති නම්‍යශීලී ලෝහ පළු 32 කින් යුක්ත කසයක ස්වරූපය ගත් ආයුධයක්..  අංගම්පොර සටන් කලාව හා බැඳුනු ආයුධ අතර සමූලඝාතන ආයුධයක් වන මෙය වඩා දියුණු හා සංකීර්ණ සටන් හරඹ සඳහා දෑතට දෙකක් භාවිත කරන්නේ එ දක්ෂ කමි මනාව පිළිබිඹුව පෙන්නා දෙමින්… සෙල්ලමක් වගේම තමයි ඉතිං.. එත් ආයුධ භාවිතයට ඉතාම ඉහළ පුහුණුවක් අවශ්‍යමයි… එ ඇයි කියනවානමි ප‍්‍රතිවාදියා හට එල්ල කරන පහරක් නියමාකාරයෙන් සිදුනොවුනහොත් එය තමන් හටද මාරාන්තික පහරක් වන බව ස්ථිර නිසා.. මෙි ආයුධය අත්දැකීම් ඇති ප‍්‍රවීන දක්ෂ සටන් ශිල්පීන් පමණක් භාවිතා කරන්නේ එ නිසාමයි.

අංගම් කලාව හා බැඳුනු තවත් ආයුධ අතර හෙළ කඩුවටද විශේෂ තැනක් හිමි වෙනවා… මෙය අංගම්පොර ශිල්පියාට අනන්‍යය ලෙස නිර්මාණය කරනු ලබන්නක්. සාමාන්‍යයෙන් කඩුවක දිග ශිල්පියාගේ අතෙහි දිගට සමානයි. පලිහ යනු කඩුව හා එක්ව භාවිත කරන තවත් ආයුධයක්.

අංගම්පොර නැමැති උත්තරීතර සටන් ශිල්පය ඉතිහාසයේ කවරකමදාකවත් ක්‍රීඩාවක් නමි උනේ නෑ… එය රට, ජාතිය හා ආගම සමඟ ප්‍රතිබද්ධවූ ‍‍ගරු ගාම්භිර වූ පූජිත සම්ප්‍රදායක්.. ඉතාමත් රහසිගතව විදේශික බලපෑමි වලින් ආරක්ෂා කරගෙන අනේකවිද කෙනෙහිලි වලටත් මුහුණ දිලා පාරමිපරිකව ආරක්ෂා කරගෙන පැමිණි මහඟුවු කලාවක්….

 සම්පුර්න අංගම් සටන්කලාව ඉගෙනගැනීමට එක් පුද්ගලයෙකුට තම ජීවතකාලය මදිබව අංගම් ශිල්පීන් පවසන්නේ මෙම ශිල්පයේ ඇති තියුණුබව නිසාමයි. මෙහිදී ඉතාවැදගත් වෙන්නේ නිල ශාස්ත්‍රය පිළිබද දැනුමයි. මෙම නිල කලාව අනෙක් සටන්ක්‍රම වලදී එතරම් සාර්ථක ලෙස භාවිතවන්නේ නමි නැ. සිංහල සටන්ක්‍රමය තුල නිලවලට පහරදෙන ක්‍රම රැසක් දැකගත හැකියි..

නිළ අල්ලා පහරදීම.

එවෙලේම මරණය ය ගෙනදෙන නිළ පහර

නිළ අල්ලා අංශයක් පණ නැතිකරවීම

නිළ බලා ලේ වමනය යන්න පහරදීම.

ගණිත ක්‍රමයට යම්කිසි වේලාවකට පසු මැරෙන්න පහරදිම.

සිහිනැතිවිම සදහා පමණක් දෙන පහර.

සුව වීමට කල්ගතවන රෝග සදහා නිළපහරදිම.

මළ මුත්‍රා පහවිමට නිල ඇල්ලීම.

සිරුරේ නිළ බලා පහරදීම අංගම් සටන්කලාවේ ඉතා වැදගත් ක්‍රමයක්..

අංගම් සටන්කරුවකු තුල කපුටාගේ ඇසත් , මොණරාගේ කනත් , වදුරාගේ පැනිල්ලත් , කොටියාගේ ගමන්විලාසයත් , වලසාගේ බදාගැනිමත් යන සියල්ල එකවර සිදුවිය යුතුයි.

අංගම් සටන්කරුවා යනු මනා හික්මීමක් වගේම ඉවසීමක් ප‍්‍රගුණ කළ අය… බුදුදහම තුලිනුයි ඔහුට එ හික්මීම ලැබෙන්නේ. කියන්න අවශ්‍ය නෑනේ අංගම් සටන්කරුවාගේ ශක්තිය ගැන… එතරමි පුදුම සහගතය.

ශක්තිය විදහාපෑම සඳහා විවිධ අභ්‍යාසවල නිරතවෙනවා. හිසෙන් පොල් පැලීම, පොල් ගෙඩිය උඩවිසි කර දෙපළුවෙන්න පා පහර ගැසීම, ඇත් දළයක් පොලොවේ වළලා තනි අතින් ඇද ගැලවීම, පොලූ අට කැඩිම, කුළු හරක් මෙල්ල කිරීම, විශාල ගල්, ගස් කඳන් ඈතට විසි කිරීම, පොල් ගසට පයින් ගසා පොල් කැඩිම, පුවක් ගෙඩිය ඇඟිලි දෙකෙන් අල්ලා පොඩි කිරීම, මිනිසුන් දහ පහළොස් දෙනා සමග තනිව සටන් කිරීම, ඇස්, අතපය බැඳගෙන සටන් කිරීම ආදිය මොවුන් විසින් තම ශක්තිය විදහාපෑමට කරනු ලබන දෙවල් ලෙස සදහන් කරන්න පුළුවන්.

නමුත් සිංහලයාගේ මෙම දක්ෂතා අද දක්නට ලැබෙන්නේ කලාතුරකින්..  යුරෝපීය ආක්‍රමණයත් සමග අංගමි සටන් කලාව පරිහානියට පත්වෙන්නේ හෙළයන්ගේම අවාසනාවට. අවසානයේ මෙසේ ඔබට පවසන්නමි අවුරුදු 500 ක් පුරා සිංහලයන් සමග බටහිර ජාතිකයන් කළ සටනත් සමග සිංහල සටන් කරුවන් අභාවයට ගියත් යම් තරමින් ආරක්ෂාවී ඇත්තේ අංගමිපොර සටන් කලාවට ආදරය කරන පාරමිපරික ශිල්පීන් නිසාමයි. එ වගේම තවත් දෙයක් සදහන් කල යුතුමයි… සිංහල බෞද්ධයන්ටම ආවෙිනිකවු සටන් කලාවක් වන අංගමි කලාව ඉතාමත් වන්දනීය කලාවක්…. පාරමිපරාවෙන් පරමිපරාට එන මෙි කලාව අද මුදලටද විකිණෙන බව සදහන් කල යුතුමයි.

මත්පැන් භාවිතයෙන් තොරව වගේම නිර්මාංශව සිදුකරන මෙි හටන් කලාව අද වන විට බොහො පිරිස් තමන්ගේ විනොදය තකා සිදු කරන්නේ කිසිදු පේ විමකින් තොරවයි….. එ ගැන නමි ඇතිවන්නේ කළකිරිමක්.

හෙළයේ පෞඩත්වය විදහා පාන අංගමි සටන් කලාව ආරක්ෂා කරගැණිම අපගේ යුතුකමක් නොවෙිද. අදටත් මෙි සටන් කලාව ආරක්ෂා කරන පාරමිපරික ශිල්පීන්ට මාගේ හද පිරි ගෞරවය පුද කරමි.

 තෙරුවන් සරණයි නිසංසලා රණසිංහ

Sign up for our newsletter