Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

ඇදහිල්ලෙන් බලා සිටින්න


(හබක්කුක් 2: 3)

මක්නිසාද දර්ශනය නියම කාලය දක්වා තව ප්‍රමාදවේ, එහෙත් එය බොරු නොවී ඉක්මනින් තීන්දුවට පැමිණෙන්නේය.එය ප්‍රමාදවෙතත් ඒ ගැන බලාසිටින්න; මක්නිසාද එය පසු නොබැස පැමිණෙවාම ඇත.

මෙම බයිබල් පදය දෙස මොහොතක් ඔබගේ නෙත් යොමුකර බලන්න.ඔබ විශ්වාසයෙන් යුතුව යේසුස් දෙස බලා සිටිනවා නම් උන්වහන්සේ ඔබට ආශිර්වාද කරන්න යනවා.

  • මෙහිදී පළමු කාරණය ලෙස අපට පෙන්වා දෙනවා අපට අපගේ ජීවිතයේ අරමුණක් නැත්නම් දර්ශනයක් තිබිය යුතුයි.ඒ වගේම ඔබගේ තිබෙන්නා වු දර්ශනය නැතිනම් යම් බලාපොරොත්තුවක් විය හැකි කුමක් වුවත් එය සිදුවීමට ප්‍රමාද වෙනවා නම් ඔබ පසුබට වී ඔබගේ අරමුණෙන් එළියට ගමන් කරන්න එපා.මක්නිසාද දේව වචනය පවසන පරිදි ඔබගේ වේලාව නොව දෙවියන් වහන්සේගේ නියම වේලාවෙදි උන්වහන්සේ ඔබගේ බලාපොරොත්තුව ඉෂ්ට කරන්ට යනවා.මන්ද දෙවියන් වහන්සේ දන්නවා අපිට අවශ්‍ය දේ කුමක්ද හා ඒක දිය යුතු වේලාව.එම නිසා ඒ වේලාව එනතෙක් ඉවසීමෙන් දෙවියන් වහන්සේ දෙස බලාගෙන දේව වචනයට අනුව ගමන් කරන්න.
  • බලන්න දෙවෙනි කාරණය ලෙස මම ඔබට පෙන්වා දෙන්න කැමතියි ඔබගේ බලාපොරොත්තුව පමා වුණත් එය බොරුවක් නොවන බව දේව වචනයේ සඳහන් වෙනවා. ඒක නිසා මම ඔබට නැවතත් කියන්න කැමතියි ඔබගේ  බලාපොරොත්තුව අත්හැර ගන්න එපා.ඔබගේ අරමුණු කරා යන තෙක් විශ්වාසයෙන් යුතුව බලාගෙන සිටින්න.මන්ද එය බොරුවක් නොවී ඉතා ඉක්මනින් ඔබගේ ජීවිතයේ සඵලවත් වෙන්න යනවා.
  • හොඳයි මං කැමතියි තුන්වෙනි කාරණයට ඔබව රැගෙන යන්න.  “මක්නිසාද එය පසු නොබැස පැමිණෙනවා ඇත” බලන්න දෙවියන් වහන්සේ අපට කොපමණ විශ්වාසවන්තව ඉන්නවද. ඒක නිසා ඔබගේ ජීවිතයේ කොපමණ බාධා පීඩා කරදර ආවත් ඔබ සැලෙන්න එපා මන්ද යේසුස් වහන්සේ ඔබ සමඟ සිටිමින් ඔබ ජය ගන්නා තෙක් ඔබව අත් නොහැර ඔබ වෙනුවෙන්ම උන්වහන්සේ සිටිනවා.ඒක නිසා ජය අත්පත් කර ගන්නා තෙක් විශ්වාසයෙන් හා බලාපොරොත්තුවෙන් දෙවියන් වහන්සේ දෙස බලා සිටින්න.

ඔබ සැමට ජේසු පිහිටයි!

Sign up for our newsletter