Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

ඔයත් Cyber Bullying වලට ගොදුරු උණාද?

අපි හැමෝම ලොකු කුඩා භේදයක් නැතුව මේ කාලෙදි සයිබර් අවකාශෙ පාවිච්චි කරනවා. ඒ අතරිනුත් Social media (සෝෂල් මීඩියා) කියන්නෙ අපි නිතරම බලන, ගත කරන තැනක්. ෆේස්බුක්, යූටියුබ් කියන දේවල් දැන් බහතෝරන කාලෙ පොඩි දරුවෙක් උනත් දන්නවා. ඉතින් මේ Social media වල හොඳ පැත්තක් වගේම නරක පැත්තකුත් තිබෙන බව අපි හැමෝම හොඳින්ම දන්නවා. අද මම මේ ලිපියෙන් ඔබත් සමග කතා කරන්නේ, මේ Social media වලින් අපිට වෙන්න පුළුවන් නරකම දෙයක් ගැන. ඒ තමයි Bullying වලට ලක්වීම එනම් අයුතු ලෙස හිරිහැරයට ලක් වීම. මෙහෙම උන කෙනෙක් දැඩි ලෙස මානසික කම්පනයට ලක් වෙනවා. එයින් ඔහුගේ හෝ ඇයගේ ජීවන ගමන කෙළවර වෙන්න උනත් පුළුවන්.

ඇත්තටම මොකක්ද මේ Cyber bullying කියන්නෙ? මේකෙන් අපිට සිද්ධ වෙන්නෙ මොකක්ද? කියලා ගොඩක් දෙනෙක්ට ලොකු වැටහීමක් නැහැ. ඔබ සයිබර් අවකාශයට එක් කරන යම්කිසි පෝස්ට් එකක්, වීඩියෝ එකක්, ඕඩියෝ එකක්, ඔබට යම් කිසි අපහසුතාවයක් ඇති කිරීමේ අරමුණින් යම්කිසි පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් ව්කෘති කර පතුරවාලීම මෙහිදී සිදු වෙනවා. තවද ප්‍රේම සම්බන්ධතා කඩ වීමෙන්, යහළුකම් පලුදු වීමෙන් පසු පළිගැනීමේ චේතනාවෙන් ද සමහර පුද්ගලයන් නිරුවත් චායාරූව, වීඩියෝ සහ නැවත සකසන ලද (Edited) චායාරූප සහ වීඩියෝ මේ සයිබර් අවකාශයට එක් කරන්නටත් පුළුවන්.

මේ ඕනෑම ආකාරයකින් ඔබ bully වීමකට ලක් වෙන්නට පුළුවන්. අපි මෙහෙම උදාහරණයක් ගනිමු. ඔබට ඔබ ළඟින්ම ආශ්‍රය කරන කෙනෙක්ගෙන් එන ඇමතුමකදී…

“හෙලෝ, මේ ඔයා දාපු පෝස්ට් එකක් මෙහෙම edit කරලා share වෙනවා. හැමතැනම” කිව්වොත් ඔබට මොකක්ද හිතෙන්නෙ?

‘මම දැන් මොකද කරන්නෙ?, මම ඉවරයි, මම කොහොමද දැන් සමාජෙට මුහුණ දෙන්නෙ?” වගේ සිතුවිලි සමුදායක් ඔබේ සිතටත් එන්නට එක නිමේෂයක් ඇති. ඊට පස්සෙ හතර වටින්ම ඔබට දෝෂාරෝපණ එන්නට ගනීවි. සමහරුන් බනින්නටත්, සමහරුන් හොඳ කියන්නටත් පටන් ගනීවි. ඔබ මේ සිදුවීම් දිහා බල බලා අඬාවි. දොඩාවි. වැළපේවි. ඇත්තටම ඔබ මොකක්ද කරන්න ඕනි?

මෙහෙම දෙයක් උනාම මුලින්ම ඔබ කලබල වෙන්නට එපා. ඔබ ඔබව විශ්වාස කරන්න. ඔබ වරදක් කරේ නැත්නම් ඒ විශ්වාසයම ඇය්හි ඔබට දිනන්න. ඊට පස්සෙ ඒ share වෙන දේවල් වලට, ඒ ගැන දාන comments වලට, මැසේජ් වලට reply කරන්න යන්න එපා. කොටින්ම කිව්වොත් ඒවා බලන්නවත්, ඒවා ගැන හිතන්නවත් ඔබේ වටිනා කාලය නාස්ති කරන්නම එපා. ඔබේ ළඟින්ම ඉන්න අම්මා, තාත්තා, සහෝදරයා, සහෝදරිය, පෙම්වතා හෝ පෙම්වතිය, සැමියා හෝ බිරිඳ මේ ගැන දැනුවත් කරන්න. හැකි නම් ඔබ වැඩ කරන තැන අයවත් දැනුවත් කරන්න. ඔවුන් ඔබට කිසියම් ඍණවාදී දෙයක් කිව්වේ නම්, නෙගටිව් කමෙන්ට්ස් දුන්නේ නම් ඒවා නිවැරදි කරන්න යන්න එපා. ඔබ ඔබේ ගමන යන්න පටන් ගන්න.

ඔබ දන්නවාද? අපේ රටේ විතරක් නෙවෙයි, කෝලෙ පුරාම ඕනෑ තරම් ප්‍රසිද්ධ ජනප්‍රිය පුද්ගලයන් නිරන්තරයෙන්ම මේ bully වීම් වලට ලක් වෙනවා. ඒ හින්දා ඔවුන්ගේ ජීවිත ඔවුන් නතර කර ගන්නේ නැහැ. ඔහු හෝ ඇයව bully කරන්නට ක්ටියාත්මක වූ ඇඟිලි වලින්ම ඔවුන්ට අත්පොළසන් දෙන අවස්ථා දක්වා රැගෙන යන්නට ඔවුන්ට හැකි වෙලා තිබෙනවා. ඉතින් ඔබ ඇයි ජීවිතේ එතැන නතර කරන්නෙ?

තමන්ව විශ්වාස කරලා, ඔයත් වැඩ කරන්න පටන් ගන්න. ඔයාගෙ style එකකට. සාමාන්‍ය විදිහටම Social media පාවිච්චි කරන්න. ඇවිදින්න. හැකි තරම් ඔබ සතුටින් ගත කරන ජීවිතේ ඔවුන්ට පෙන්වන්න. ඒවට වැටෙන කමෙන්ට්ස්, මැසේජ් බලන්න යන්න එපා. ඔය bully කිරීම් කරන අය දිනන්නෙ ඔබ හැංගුනොත්. ඒ හින්දා හැංගෙන්න එපා. පුළුවන් තරම් වැඩ කරන්න. සමාජයෙ ඉන්න. එතකොට ඔවුන්ට තේරෙනවා ඔබව වට්ටන්න බෑ කියලා. ටික දවසකින් ඒ දේවල් මග හැරිලා යනවා. ඒ වෙද්දි ඔබ ඔබේ ජීවිත ගමන යන්න ඕනි.

මතක තියාගන්න. ‘සෑම අඳුරු වළාකුළකම රිදී රේඛාවක් තිබෙනවා’. ඒ රිදී රේඛාව හොයාගන්න ඕනි ඔයා. මේ වගේ අවස්ථාවක ඔබ ඔබේ රිදී රේඛාව හොයා,ගත්තොත්, ඔබේ දියුණුව නවත්වන්න කිසිම කෙනෙක්ට බැහැ.

තවදෙයක්. ඔබ වෙන කෙනෙක්ට හිරිහැරයක් කරන්නට සිතන් වෙන අයෙක්ව bully කරන කෙනෙක් නම් මේ ටිකත් හිතට ගන්න. ඔබට, ඔබේ මවට පියාට, සහෝදරයාට සහෝදරියට එහෙම උනොත්? ඒ හින්දා තමන්ට වෙනවට අකමැති දේවල්, අනිත් අයට නොකර ඉන්න.

ඔබට ජය!

වෛද්‍ය චන්දි රාජපක්ෂ

Doctor of Ayurveda | Motivational Speaker | Counsellor

M. Sc., BAMS, B. Sc., CCHRM,

Ad. Dip. in Psychotherapy & Dip. in Counseling Psychology

Sign up for our newsletter