Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

චැරියට්පාත්

ජිවිතේ සමහර සංචාර තියනවා මුළු ජිවිත කලෙටම හීනයක් වගේ දැනෙන…. එ හීනය මතක් වෙද්දි ආයෙමත් ඉඟිලිලා යන්න හිතෙන තරමි ආසාවක් ඇතිවෙන….. ඉතිං අද මං අරන් ආවෙි මම ගිය තවත් එවැනි සංචාරයක් ගැන සුන්දර අත්දැකීමක්… ඉතිං ආරාධනා කරනවා මෙවරත් එකතුවෙන්න අපි Magazine එකත් එක්ක…..

හිතට ගතට නෙතට සැනසිල්ලක් ගෙන එන කොළපාට ලොකයක පුරාවෘතයක් හොයාන යන එක නමි හරිම අපුරුයි.. එ ගමන පුරාවට ලබපු අත්දැකීමි නමි බොහො සුන්දරයි.. ඉතිං මම මගේ යාළුවො එක්ක රාවණ රජතුමාගේ කරත්ත පාර හොයාගෙන ගියා අපුරු චාරිකාවක්… මාතලෙන් මම වගේම අමිබලන්ගොඩ, ගාල්ල, රත්නපුර , අතුරුගිරිය , කොළඹ ගනේමුල්ල සහා පුස්සැල්ලැව යන ප්‍රදේශ වලින් එකතුවු අපි දහාදෙනෙක්… අපි හතරදෙනෙක් ත්‍රිරොද රථයෙන් පුස්සැල්ලැවෙන් ගමන ආරමිභ කලේ චතුර මල්ලි ඔහුගේ මිතුරන් එක්ක බයිසිකල් වලින් පෙරටිටාසි බලා පැ⁣මිණෙද්දි…

ගමන පටන්ගත් මොහොතේ ඉදන් මගේ නමි හිත පිරිලා ගිහින්.. ආසම කරන වටපිටාවන් පහු කරගෙන තේ වතු මැදින් ඉතාමත් දුෂ්කර මාර්ගයක ගමනක් යනවා කියන්නේ භාවනාවක් වගේ… ඇතින් පෙණෙන කොත්මලා ඔයත් කොත්මලා ජලාශයත් දුටුවාම නමි දැස් ඉවතට ගන්න හිතක් නැති තරමි, එ තරමි හිත නිවනවා…. මෙි සුන්දර පරිසරය සොයා යාම ආරමිභ වෙන්නේ frotoft වතු යායෙන්….

17km ගෙවා අපි පෙරටිටාසි පැරණි වතු රොහල ලගට පැමිණියෙ හෙමින් ගමනින්.  හේතුව බයිසිකල් වලින් පැමිණෙන මිත්‍රයින්ගෙ ප්‍රමාදය නිසා… ඔවුන්ට එන මඟ විස්තර පවසමින් අපිට පෙරටිටාසි වතු රොහල අසල බොහෝ වෙිලාවක් රැදි සිටින්නට සිදුවුවෙි මොවුන් තවත් පාර වරද්දා ගනීවිදැයි දෙගිඩියාවෙන්.. රාත්‍රිය උදාවිමට පෙර ගමනාන්තයට ලගා විමට නොහැකිවුවොහොත් වන්නේ සුන්දර දසුන් බොහොමයක් මඟහැරිමට ඉඩ කඩ වැඩි බව අද්දැකිමෙන් දන්නා නිසා… එ අතරතුර කාලයෙදියි මම පෙරටිටාසි වතු රොහල ගැන විස්තර හොයන්න පටන්ගත්තෙ… එ පිළිබදව පසුව රැගෙන එන්නමි..

බයිසිකල් වලින් අනෙක් සගයන් පැමිණි පසු වාහනත් රොහල් භූමියේ අවහිරයක් නොවන ලෙස නවතා අපි ගමන පටන්ගත්තෙ ඉක්මනින් අඳුර වැටෙන්නට ප්‍රථම ගමනාන්තයට ලගාවීමෙි අරමුණින්…

මාර්ගය හොයාගන්න අපහසු නෑ, පෙරට්ටාසි පරණ රොහල අසලින් පහලට බැහැපු ගමන් තේ වත්ත හරහා උඩට නගින්න පඩිපෙළක් තියනවා..  එ පාර ඉවර වෙන තැනින් දකුණට හැරිලා දිගටම ඉදිරියට ඇවිද යද්දි පාරවල් තුනක් තියනවා, එතනින් මැද පාරෙ ඉදිරියටම යන්න ඔින, තේ වත්ත දිගෙ ඉදිරියට යනවිට කෑලෑව පේනව.. එතනින් දකුණු දෙසට ඇති පුංචි අඩි පාර දිගෙ ඉහළට යන්න. එ අසලින් කැලේට යන්න පුළුවන් අඩිපාර එක්ක වනසතුන් ආරක්ෂා කරමු ලෙස සදහන් කල බොඩි එකක් දැකගන්න පුළුවන්….. කැලෙත් එක්කම අඩි පාරේ ගියාම මගදි මුණගැසෙනවා  අඩි පාරවල් දෙකක්, එතනින් වමට  තියන අඩි පාරෙ දිගටම ඇවිදන් යද්දි ගමනාන්තය දැකගන්න පුළුවන්.

ගමනාන්තයට මදක් මෙහායින් දකුණු පසින් තවත් සුන්දර viewpoint එකක් දැකගන්න පුළුවන්.. එ ස්ථානය දුටු මගේ නමි මතකයට පැමිණියෙ තාමත් මම නොගිය ඦායාරුප වලින් දැක ඇති කණවිද්දාගල… ⁣ඉතිං මෙි ස්ථානයේදි නමි අපි කීපදෙනෙක්ට දැණුනා සර්පයෙක් ඇති බව ඇඟවෙන දුර්ගන්ධයක්. වැඩි වෙිලවක් එහි රැදි නොසිටි අපි කරත්ත පාර වෙත පැමිණියෙ අපේ පසුපසින් අපටත් හොරෙන් මගදි එකතුවි සිටි බලු යාළුවත් එක්කමයි…

චැරියට්පාත් එහෙමත් නැත්තමි රාවණ රජතුමාගේ කරත්ත පාර වෙත කිලොමිටර් 2යි මිටර් 800ක දුර එන්න අපිට ගතවී තිබුණේ පැය දෙකකුත් මිනිත්තු දොලහක වගේ කාලයක්.. අපි එහි එන විටත් මීදුමෙන් පරිසරයම වසාගන්න පටන්ගෙන..

මුහුදු මටිටමෙි ඉදන් 2000-2200m උසකින් පිහිටා තියෙන ලංකාවෙි සීතල වැඩිම තැන්න තමයි චැරියට්පාත්.. පිදුරුතලාගල කදු පන්තියට උරුමකම් කිවුවත් අයිතිය නමි නමුණුකුල රක්ෂිතයට….. පෙරටිටාසි ගමෙි අය නමි කියන්නේ පිටිටනි කියලා. එ නිසාම වෙන්න ඇති ගමෙි අය තමන්ගේ දරුවන් එක්ක ඇවිත් මෙි භූමියේ ක්‍රිඩා කරන්නේ..

වැඩිම වර්ෂාපතනයක් ලැබෙන ප්‍රදේශයක්, කැලෑ කුටිය මැදින් යනවිට දැකගත හැකියි ශාකවල අතු පෙඳ පාසි වලින් වැසි අමුතුම අලංකාරයක් ගෙනවිත් ඇති අයුරු…. නේකවිද ශාක බොහොමයක් වගේම නේකවිද විසිතුරු මල් බොහොමයක් දැකගන්න පුළුවන්. එ විතරක් නෙවෙයි නෙලු ශාක බොහොමයකින් පිරි තිබෙනවා. කදු මුදුනේ ශක නමි වැඩි උසකින් යුක්ත නැ.. සුළගට ඔරොත්තු දෙන ලෙසටයි ශාක වැඩි ඇත්තේ.. මගේ මතකයට නැඟුණේ බොන්සායි ශාක.. එ විතරක් නෙවෙයි ඩයිනසොර් යුගයටත් නැකමි කියන විශාල මීවන වර්ගයට අයත් ගිණිහොට ශාකත් කදු මුදුණට යන අතරමග දැකගන්න පුළුවන්…

⁣මහාවැලි ගඟ පොශණය කරන ජලපොශක ප්‍රෙදේශයක් වෙන මෙහි ඇති සුන්දරත්වය වගේම එයින් එහා ගිය වටිනාකමකින් යුක්තයි…. උෂ්ණත්වය 8°c අඩු අගයක් ගන්නා ලංකාවෙි සීතල අධිකම පිණි බිංදු අයිස් බවට හැරවෙන තැනක්…. බොහො අය මෙහි පැමිණෙන්නේ මල් තුහින දැකගන්න… මගෙත් අපේක්ෂාව එකමයි….. කෙසේ වෙතත් චැරියට්පාත් කියන්නේ පුරාවෘතයක් සගවාගෙන සිටින රහස් ගුහාවක් විදිහටයි මට නමි හැගි යන්නේ…

රාවණ රජතුමාගේ රථය ගමන් කල මාර්ගය යන අර්ථය දෙන චැරියට්පාත් , රාවණා රජතුමාගේ ඉතිහාසයේ ලංකාපුර අගනුවර සිට සීතා දේවිය රැගෙන අශෝක විතාක නම් ස්ථානයට වැඩම කළ ඔහු මේ කාලය තුළදී මෙම ස්ථානය හරහා තම වාහනය වන දඬුමොණරය පදවාගෙන ගිය තොටුපොළක් ලෙස පුරාවෘත කතාවල කියැවෙනවා…. තව කතාවක් නමි සීතා දෙවියට ලංකාවෙි ලස්සන පෙන්වන්න රාවණ රජු විසින් රැගෙන පැමිණි තැනක් ලෙසත් , මෙහි ඇති දිය පහර සීතා දෙවියගේ කදුළු වලින් සෑදුණු ගංගාවක් ලෙසත් පුරාවෘත කතාවල සදහන් වෙනවා…..

රාවණාගේ කරත්ත පාර තණකොළ මත ඉතා අලංකාර ලෙස තාමත් දැකගත හැකියි….. පුදුමය නමි එයම තමයි… ජලපොශක ප්‍රෙදේශයක් උවත් කරත්ත රොද වලින් සැදුණු පාර ලෙසට දැකිය හැකි රේඛාවන්වල ශාක නොවැඩිමයි… එ තරමි තෙතබරිත පසක පාසි බැදිමක්වත් සිදු නොවිම මට නමි සිතාගත නොහැකියි… මෙහි පැමිණෙන්න පෙර මා සිතා සිටියේ කරත්ත පාරවල් ලෙස පැවසෙන මෙි රේඛා ඇති තැන්න ගල් පර්වතයක් වන්නට ඇති බවයි… නමුත් එය එසේ නොවෙයි..

කරත්ත පාර ලෙස සටහන්ව ඇති මාර්ගයද ජලයෙන් පිරි තිබුණේ කළු පැහැති මඩත් එක්කමයි.. එ මඩ මතින් දෙපා තියා ඇවිද ගියත් අපේ ගමිවල මඩ සහිත තැන්වල ඇවිද ගිය විට මඩ ගැවෙිනවා වගේ මෙි තැන්නේ ඇති මඩ දෙපා වල නොගැවෙන බව පැවසිය යුතුයි…. යමි අයුරකින් පුරාවෘත කතාවල සදහන් වන ලෙසට රාවණ රජතුමාගේ දඬුමොණරයේ ඇති යමි රසායනික ද්‍රව්‍යක් නිසා කරත්ත රොද ගමන් කල මාර්ගයේ පමණක් ශාක නොවැඩිම එයට හෙතුවදැයි මම දන්නේ නැ…..

මහවැලි ගඟට දියවර සපයන ජල උල්පත් පිරුණු මෙයින් ගැරඩිගිණි ඇල්ල, රම්බොඩ, වගේම මහවැලි යෝජනා ක්‍රමයේ කොත්මලා ජලාශයේ ජල පෝෂක ප්‍රදේශය තමයි මෙි රාවණගේ කරත්ත පාර…. කදු මුදුනට , පතනට පැමිණි විට එක පැත්තකින් රිකිල්ලගස්කඩ, හගුරන්කෙත, වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැබේ ජලාශ වගේම කොත්මලා ජලාශයත් බලන්න පුළුවන්. ඒ වගේම ශ්‍රිපාදය , කුකුලාගල, පිදුරුතලාගල, කිකිළියාමන, මොණරකන්ද, දොළොස්බාගේ, අලගල්ල කදු බොහොමයක් ,ග්‍රේට් වෙස්ටර්න් වගේ උස් කදු බොහොමයක් දැක බලාගන්න පුළුවන් viewpoint එකක්..  තවත් කියනවනම් තෙත් පතන කලාපයේ තියෙන ශාක ප්‍රජාව, ජෛව විවිදත්වය හරිම ලස්සනට බලාගන්න පුළුවන් තැනක් තමයි චැරියට් පාත් කියන්නේ.

කෙසේ වෙතත් මෙහි ඛනිජ ද්‍රව්‍ය සේවීම හා ඉවත් කිරිම, පස් බිදීම, රක්ෂිතයේ දැව හෙළිම, පැළ ගැලවිම, රක්ෂිතයේ සිටින සතුන් , පක්ෂින්, මත්ස්‍යයන් , උරගයින් ඇල්ලිම නීතියෙන් දඬුවමි ලැබිය හැකි වරදක්….

අපි පැමිණිමට පෙර දින වර්ෂාව පැවති බව දැනගන්න ලැබුණත් අපිට නමි වර්ෂාවෙන් භාදාවක් උනේ නැ. නමුත් ඉවසිය නොහැකි සීතලෙන් නමි අඩුවක් තිබුණේ නෑ….. හිතම සොරාගත් රාවණ රජතුමාගේ කරත්ත පාර දිගේ මීදුම අතරින් මම ඇවිද ගියේ වශි වෙලා වගේ…. එ සීතල මීදුම මාව වෙනම ලොකයකට රැගෙන ගොස් තිබුණේ මට මාවම අමතක කරවමින්..

චැරියට්පාත් කියන්නේ දිව්‍යලොකයක්…. එත් එ දිව්‍යලොකයේ එක් තැනක් අපවිත්‍ර කර තිබුණේ මගේ හිතේ තිබුණු සතුට කෙන්තියකට පෙරලමින්. මෙි ගැන කියන්නම අවශ්‍යයි. ලංකාවෙි බොහො සුන්දර ස්ථාන අපවිත්‍ර කර විනාශ කරන්නේ පරිසරයට ආදරය කරන සංචාරකයන් නොවෙයි. බොහොමයක් මෙි ස්ථාන ආශ්‍රිතව ඇති ගමිවල ජනයා, හෙතුව අපි එන විට සිටි කුඩා දරුවෙකුගේ යැයි සිතිය හැකි කලිසමක් මළපහා සමග දමා ගිහින් තිබුණේ එ අසලත් මළපහා ගොඩවල් දෙකක් නොවසාමයි…

මගේ සංචාරක ජිවිතයේ අද්දැකිමි අනුව පැවසිය හැකියි ගහාකොළට සතාසීපාවනුත්ට ආදරය ඇති සංචාරකයන් කිසිදා එවැනි දේවල් නොකරන බව.. කඳවුරු බැද එ ස්ථාන පිරිසිදු කර යන සංචාරකයන් අපේ රටෙි සිටිනවා…. යන තැන විනාස කරන අයත් නැතුවාම නොවෙයි.. එ වගේම තවත් මට දැනගන්න ලැබුණු දෙයක් තමයි ගමිමු විසින් දර සදහා මෙි කැලයේ ගස් කපා දැමිම…… ගමිමු විනාස කරන පරිසරයට වැරැද්ද පැටවෙන්නේ හැමදාම සොදුරු සංචාරකයන්ටමයි… ගහාකොළ සතාසීපාවනුත්ට ආදරය කරුණාව දක්වන කදු නගින්නන් කිසිදා පරිසරය විනාස කරන්නේ නැති බව මම දන්නේ අත්දැකිමෙන්… ඉතිං වෙනත් අයගේ වැරදි නිසා තැලෙන්නේ සුන්දරත්වය සොයාගෙන යන අප වැනි සංචාරකයන් නොවන්නේද…

අවසානයෙ ආදරයෙන් ඉල්ලන්නේ ප්ලාස්ටික් පොලිතින් වලින් තොරව යන්න එ සුන්දර පරිසරය විදින්න. පා සටහන් පමණක් ඉතිරි කර රැගෙන යන සියල්ල නැවත රැගෙන එන්න. ස්තුතියි ගමන පටන්ගෙන අවසන් වනතුරුත් එකටම සිටි මගේ මිතුරන්ට, මෙි ගමනට වනජිවි දෙපාර්තමේන්තුවේන් ලිඛිත අවසරය ලබා ගැණිමට වෙහෙසනු පැතුම් මල්ලිට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා…


නිසංසලා රණසිංහ

Sign up for our newsletter