Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

ජීවිතාවර්ජනය

මුළු ලොවෙහිම එදා මෙදා තුර බලවතුන් හා ධනවතුන් යැයි සැලකෙන බොහෝ දෙනකු ගේ සාක්කු බර වුනෙත් බැංකු පොත් පිරුනේත් සාධාරණව හරි හම්බකරගත් මුදලින් පමණ ක් නොවෙයි.

ධනයට හා බලයට ඇති කෑදරකම නිසා මුලු ලොව වැනසුනද ඔවුනට කම්නැත. අද වන විට සිදුවෙමින් ඇත්තේ මෙයයි.

මත්ද්‍රව්‍ය වලින්  ධනවතුන්ට හා බලවතුන්ට මහා ධනස්කන්ධයක් ගලාගෙන එයි. මේ මත් රකුසාගෙන් රටත් ලෝකයත් ගලවාගන්නට කිසිවකුටත් නොහැකි වී ඇත්තේ දේශපාලනික මැදහත් කම් ඇති බැවිනි. ජීවිතාවර්ජනය තුළින් මා දිගින් දිගටම ඔබ වෙතට ගෙන එන්නට උත්සහ කරනු ලැබුවේ මතට ඇබ්බැහි වී ඉන් මිදුණු ජීවිත ගැනත්, ඒ අයගේ ආදරණීයන් විඳි අත්දැකීම් පිලිබඳවත් ය. එහෙත් අද මා ඔබ වෙත ගෙන එනු ලබන්නේ මීට දින කිහිපයකට පෙර මට අසන්නට හා දකින්නට ලැබුණු සංවේදීය සිදුවීම් දාමයකි. මේ කතාව  අපිට කියන්නේ ලීනා අම්මයි.

1. අම්මේ ඔයාගෙ කවුද මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා තියෙන්නේ?

මගේ බාල පුතා

2. කොච්චර කල් ඉදලා ද? කොහොමද ඇබ්බැහි වෙලා තියෙන්නේ?

දැන් අවුරුදු පහළොවක් විතර ඇති.

ඒක කොහොමද වුණේ කියන්න මම දන්නේ නැහැ. මේ කාලෙ වෙනකොට මම හිටියේ රට රස්සාවට ගිහින්. කාටවත් නොකියා පුතා තොටලඟින් කසාදයක් කරගෙන තිබුණා. අපි දැනගත්තේ ටික දවසක් ගියාට පස්සෙයි. ඊලගට මේ දෙන්නම රට ගෙන ගන්න කියලා මට කරදර කරන්න ගත්තා. මමත් මගේ ලග තිබුන සල්ලි සේරම වගේ වියදම් කළ ඒ දෙන්නව සෞදි අරාබියට ගෙන්න ගත්තා. මෙහෙ ඇවිත් අවුරුදු දෙකක් යන්න කලින් ඒ දෙන්නම වෙන වෙන සම්බන්ධකම් වල පැටලුනා. මට දැනගන්න ලැබුණ විදිහට තොටලග ළමයා ආශ්‍රය කරන කාලෙ තමයි පුතා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා තියෙන්නේ.

3. අනිත් දරුවෝ මොකද කරන්නේ? 

ඒ දෙන්නම හොඳ රස්සාවල් කරනවා. ඒත් බාල පුතා ගැන  හරිම කලකිරීමෙන් ඉන්නේ. එයාව හොඳ මාර්ගයට ගන්න ගොඩක් උත්සහ කලත් ඒ හැම උත්සාහයක්ම  වතුරේ ගියා.

4. දැන් පුතා මොකද කරන්නෙ අම්මෙ?

පුතා එහිදී දැන අදුනගත්ත ළමයෙක් එක්ක ලංකාවට ආවා. බලාගෙන යනකොට ඒ ළමයාත් අවුරුදු දාහතේදී කසාද බැඳලා දරුවෙකුත් ඉන්න කෙනෙක්. මුලදී කුඩු ගහද්දි අපි අවවාද කලාම සතියක් විතර නොබී ඉන්නවා. අනේ ඉතින් මම හිතනවා දැන් හැදිලා ඇති කියලා. ඒ ඔක්කොම එයාගේ රඟපෑම්. දැන් පුතා කුඩු ගහන්නවා විතරක් නෙමෙයි කුඩු විකුණන්නත් එක්ක. අලුත ගෙනාපු නෝනා ලොකු විරෝධයක් ඒකට දැක්වන්නෙ නැහැ. අම්මා වෙච්ච මම කොහොමද මේවා බලාගෙන ඉන්නේ.

5. අම්මට ගෙදර ඇවිත් කරදර කරනවද?

ඒ ගැන නම් කියලා වැඩක් නැහැ. අවුරුදු ගානක් රට රස්සාව කරල දරුවන් ටයුතුකම් ඉෂ්ඨ කරලා මම දැන් මඩමක දරුවන්ට කෑම හදලා දෙන රස්සාව කරනවා. සතියට සැරයක් ගෙදර එනවා. අද වෙනකොට පුතාගේ කුඩු බිස්නස් එක නැවතිලා. මොකද ඒක කරන්න එයා ලග සල්ලි නැහැ. කන්න නෑ කියලා අඬද්දි නෝනටයි එයාටයි පුළු පුළුවන් විදියට මං උදව් කලා. කුඩු නැතිකොට සික් එක හැදිලා දඟලනවා. නෝනට ගහනවා. නෝනටත් සල්ලි තියනවා නම් එයත් එක්ක හොදින් ඉන්න පුළුවන් නැත්තං රණ්ඩු වෙනවා. මගෙනුත් හැමවෙලේම රුපියල් පන්සීය,  දාහ ඉල්ලගන්නවා කන්න නෑ කියලා. ත්‍රීවිල් රස්සාවක් කරා කුඩු ගහන්න කලින් ඒ ත්‍රීවිල් එකත් විකුණලා. එයාට කියලා අරගෙන දුන්න ඉඩමත් විකුණලා දැන් පුංචි ගේ කෑල්ලක් ඉන්නේ. මම මේ ඊයේ පෙරේදා යි දැනගත්තේ ගෙදර ඉන්න ගැහැණු ළමයව  කසාද බැඳලා නෑ කියලා.

6. පුතාව මත්ද්‍රව්‍ය වලින් මුදවා ගන්න අම්මා මොනවද කලේ? 

පුලුවන් හැම විදිහටම කුඩු බොන එක නවත්තන්න කියලා අවවාද කළා. ඒකෙ ආදිනව කිව්වද දුන්නා. වැඩක් වුණේ නෑ හිස් වචන විතරයි. අනික මට විතරයි ඒක නවත්තන්න උවමනාව එයාගෙ නෝනට වත් වැඩි උවමණාවක් නැහැ. පුතා දැන් නෝනට Spa එකක වැඩට යන්න කියලා කරදර කරනව. ගහනවා. කොහොමද මම අම්මා කනෙක් විදිහට ඒ දරුවා ව එහෙම තැනකට යවනවා බලා ගෙන ඉන්නෙ. දැන් පුතා ගෙදර තියාගන්න අමාරුම තත්වයක් තියෙන්නේ. මං හිතවත් කීපදෙනෙකුගේ මාර්ගයෙනුත් පුතාට කතා කරා. කතා කරපු හැමෝම කිව්වේ පුතා හරි කපටි උත්තර දෙන්නෙ කියලා. අන්තිමට මම සතියකට කලින් දන්න කියන අයගෙ මාර්ගයෙන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට පුතාව යොමු කරන්න ලෑස්ති කර ගත්තා. සල්ලි ත් කොහොම හරි ලෑස්ති කරගෙන ඒ තැනට ගිහාම තමයි මෙයා හොදම වැඩේ කෙලේ. සල්ලි ගෙවන ලියකියවිලි අත්සන් කරලා තියලා එන්න හදනකොට ලොකු ලොකු පණ්ඩිත කතා කියලා එයාට එතන ඉන්න බැහැ කිවුවා. ගෙදර තියාගෙන ඉන්න මූණ දිහා බලලා ඇහුවා මං නැතුව එච්චර කල් ඉන්න පුලුවන්ද කියලා. මේ ළමයා එක වචනයක් කිව්වේ නැහැ. මට එයත් එක්ක පුදුම තරහක් තියෙන්නෙ. ඔව් මට පුළුවන් උඹ හැදිලා වරෙන් කිව්වා නම් අද මගේ පුතා පුනරුත්ථාපන  මධ්‍යස්ථානය ඇතුලේ. මොකද ඒ අය කිසිම කෙනෙක්ව බලෙන් තියා ගන්නෙ නැහැ. මොනව කරන්නද කරුමෙ ගෙවන්නත් එපෑ. දැන් නෝනා Spa එකක වැඩට යනවා. සල්ලි තියෙන කන්දෙන් නම් සතුටින්. මට වෙලාවකට හිතෙනවා ඔය ළමයා පුතත් එක්කම ඉන්න හදන්නේ එයත් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා ද  කියලා. පුතා මේ තත්වෙට එන්න මමත් හේතුවක් වුණා. තරුණ දරුවෝ ඉන්න දෙමව්පියන්ගෙන් මං ඉල්ලන්නෙ දරුවෝ ගැන හොඳ සෙවිල්ලෙන් ඉන්න. මගේ පුතා ගැන හොයන්න මම ලංකාවෙ හිටියෙ නැහැ. ඒ නිසා මම අදටත් මිනිසුන් ගෙන් බැනුම් අහනවා. මත්ද්‍රව්‍ය කියන්නේ මුළු ලෝකෙටම විනාසයක්. මගේ වැරදි නිසා අද කී දෙනෙක් දුක් විඳිනවාද. පුතා මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා නම් අනේ මම දන්නේ නැහැ කියන එක දෙමවුපියන්ගේ වගකීම් පැහැර හැරීමක්. දරුවෝ හරියට සමාජගත කළේ නැත්නම් වෙන විනාශය මම දැන් අත්විඳිමින් ඉන්නවා. ගේ ඇතුලේ කිසිම සාමයක් සමගියක් නැහැ. මට දැන් ඕනේ පුතාව බලෙන් හරි පුනරුත්ථාපනය වෙන තැනකට යොමු කරන්න. ඒ ගැන මට හරි අවබෝධයක් නැහැ. කීපදෙනකුගෙන් ඇහුවා..  තාම හරි උත්තරයක් ලැබුණේ නැහැ. කන්දකාඩු හරි දාගන්න පුලුවන් වුනොත් ලොකු දෙයක්. මාත් එක්ක දැන් පුතා ඉන්නේ හරි වෙරයෙන්. වරදින්නේ යන්නේ හරිම පොඩි වෙලාවයි. නරක ආශ්‍රයත් මේකට බලපානවා. අත් දෙක වැදලා ඉල්ලනවා දරුවන් ව පරිස්සම් කරගන්න. පස්සෙ දුක් වෙලා වැඩක් නැහැ.

මටත් යමක් අවසානයට එකතු  කරන්න හිතුනා. දරුවන් බිහි කරපු පලියට අයාලයෙ හැදෙන්නට ඉඩදෙන්න එපා. අධ්‍යාපනය පමනක් පසු පස නොයා දරුවන් යන එන තැන්, ඇසුරු කරන්නන් හා නිවසේදී කාමරය ට වී කුමක් කරන්නේ දැයි විමසිල්ලෙන් ඉන්න. මත්පැන් හා මත්ද්‍රව්‍ය වලට ඔබේ දරුවා ඇබ්බැහි වී ඇති බව දැනගත් විගස ඒ සදහා  සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට යොමු වන්න. එසේ නැතහොත් ශාරීරික හා මානසික බෙලහීනතාව යන්ට දරුවන් ගොදුරු වන අතර මුළු මහත් සමාජයටම පිල්ලියක් වේ.

                              ස්තුතියි 

                      පියුමි සිල්වා

Sign up for our newsletter