Api-Slide-50-1
Api-Slide-50-2
Api-Slide-50-3
previous arrow
next arrow

දෙපත් නයා


Srilankan pipe snake 

Cylindrophis maculatus

Cylindrophiidae කුලයේ ශ්‍රී ලංකාවේ දී දැකබලාගත හැකි එකම විෂේශය ලෙස Cylindrophis maculatus යන විද්‍යාත්මක නාමයෙන් ද “දෙපත් නයා/ වට උල්ලා” යන සිංහල නාමයන්ගෙන් ද හඳුන්වන ඉතා අලංකාර අර්ධ පාංශුවාසී සර්ප විශේෂය හැඳින්විය හැක. නිශාචර, සර්ප විශේෂයක් වන දෙපත් නයින් තෙත්, වියළි සහ අතරමැදි යන දේශගුණික කලාපයන්හි දැකගත හැකි අසල ගති පැවතුම් පෙන්වන හානියක් නොමැති නිර්විෂැති, ආවේණික සර්ප විශේෂයක් ලෙස තවදුරටත් විස්තර කළ හැක. සාවද්‍ය අර්ථකථනයන් සහ සුවිශේෂී චර්‍යා රටාවන් හේතුවෙන් මිත්‍යා මත කිහිපයක් ම කරපින්නා සිටින සර්ප විශේෂයක් වන අතර එම මිත්‍යා මතයන් අතර, දෙපත් නයින් සිරුරේ පූර්ව මෙන්ම අපර කොටසෙත් හිස් ඇති දෙපසට ම සංචරණය සිදු කළ හැකි අරුම පුදුම සත්ත්ව විශේෂයක් ලෙසත් *විෂ සහිත සර්පයෙක් ලෙසත් පවතින මිත්‍යා මතයන් පෙන්වා දිය හැක. නමුත් සැබැවින් ම ඒවාගේ කිසිදු සත්‍යතාවක් නොමැති අතර විකෘතිතාවක් හේතුවෙන් මිස එලෙස හිස් දෙකක් සහිත සර්ප විශේෂයක් මේ වන තෙක් ලෝකයේ කොතැනක හොල් සොයාගෙන නැති බව සඳහන් කළ යුතුයි; මතු දිනයක හෝ එවැනි සර්ප විශේෂයක් සොයාගැනීම ද සිදුනොවිය හැක්කක් බව සියල්ලන්ට ම වැටහෙන්නකි. බිය වූ හෝ කලබල වූ අවස්ථාවන්හි ආරක්ෂාව සඳහා ශරීරය පැතලි කොට වල්ගය පෙනයක් සේ පෙන්වා, තමන් විෂ සහිත සර්පයෙක් ලෙස පෙන්වීමට අනුගමනය කරනා සුවිශේෂී චරියාව හේතුවෙන් ඉහත සඳහන් කළ දෙවැනි මිත්‍යා මතය * සකස්ව පවතින්නක් විනා කිසිදු සත්‍යතාවක් නොමැති මිත්‍යාවක් පමණක් බව නැවතත් සඳහන් කළ යුතුය. වටකුරු හොම්බක් සහිත පැහැදිලි ගෙලක් නිරීක්ෂණය කළ නොහැකි සිලින්ඩරාකාර දේහයකින් සහ ඉතා කෙටි වල්ගයකින් යුතු මෙම සර්ප විශේෂයේ අලංකාර වර්ණ රටාවන් පෘෂ්ඨීය ව මෙන් ම උදරීය ව ද නිරීක්ෂණය කළ හැක. පෘෂ්ඨීය ව ගඩොල් රතු හෝ තද තැඹිලි වර්ණයක් ගන්නා අතර ගෙලේ සිට වල්ගය කෙළවර තෙක් කශේ කොරළ පෙළ තද දුඹුරු හෝ කළුය. තවද කළු පැහැ දාරයක් සහිත පුල්ලි යුගල 35-55 පමණ නිර්මාණය කරන පෘෂ්ඨීය රේකා ජාලයකි. හිස සහ වල්ගය කෙළවර කළු පැහැයක් ගන්නා අතර ගෙල ප්‍රදේශයේ සුදු පැහැ වළල්ලක් නිරීක්ෂණය කළ හැක. උදරීයව සුදු හෝ ලා රෝස පැහැ වන අතර කලු හරස් පටි හෝ ජලාකාර වටාවක් සහිතය. ආහාර වශයෙන් ගැඩවිලුන්, වේයන් සහ කෘමි සතුන් මත යැපීම සිදු කරයි. මීට අමතරව දෙපත් නයින් සර්ප භක්ෂණය පෙන්වන සත්‍ත්ව විශේෂයක් වන බැවින් වෙනත් කුඩා සර්ප විශේෂයන් මතද යැපීම සිදු කරන අවස්ථාවන් වාර්තා වෙයි. අන්ඩජාලාබුජතාවය මගින් පැටව් බිහිකරන මෙම සර්ප විශේෂය වරකට පැටවුන් 1-15 අතර සංඛ්‍යාවක් ප්‍රසූත කිරීම සිදු කරයි.

හඳුනා ගැනීම – කුඩා, පෘෂ්ඨිමත්, සිලින්ඩරාකාර දේහය. පළල්, පෘන්දෝදරීයව පැතලි, පාත්විකව

මොට කුඤ්ඤයක හැඩැති (wedge-shaped) හිස. හොම්බ පෘෂ්ඨියව වටකුරුය. පැහැදිලි ගෙලක් රහිතය. ඉලිප්සාකාර කණීනිකාවක් සහිත ඉතා කුඩා ඇස්. පෘෂ්ඨියව පිහිටි ඉතා කුඩා නාස් විවර. ඉතා කෙටි, ශංක්වාකාර (conical) වලිගය.

වර්ණය – පෘෂ්ඨියව ගඩොල් රතු හෝ තද තැඹිලි. ගෙලේ සිට වල්ගය කෙළවර තෙක් කශේ

කොරල පෙළ තද දුඹුරු හෝ කළුය. කළු පැහැති දාරයක් සහිත පුල්ලි යුගල 35-55ක් පමණ

නිර්මාණය කරන පෘෂ්ඨිය රේඛා ජාලයකි. හිස සහ වල්ගය කෙළවර කළුය. ගෙල ප්‍රදේශයේ සුදු වළල්ලකි. උදරීයව සුදු හෝ ලා රෝස වන අතර කළු හරස් පටි හෝ ජාලාකාර රටාවක් පිහිටයි.

දිග – උපතේදි මි.මී. 100-150, වැඩුණු සතුන් මි.මී. 300-650.

හැසිරීම – නිශාචර පාංශු සර්පයෙකි. දිවාකල කොලරොඩු, කොටන් හා ගල් ආදිය යට ගතකරයි. අලසය, නොකිපෙනසුලුය. කලබල වූ විට සිරුර පැතලි කර දඟර ගැසී, හිස දඟරය තුළ හොවා ගනී. වල්ගය කෙළවර ඉදිරියට නම ඉහළට ඔසවයි. මෙලෙස සිරුරෙන් 1/8-1/ 4 ක පමණ කොටසක් ඉහළට එසවිය හැක. මෙම පෙනයක් වැනි වගය හේතුවෙන් මොවුනට දෙපත්නයා යන නම පටබැඳි ඇත. ඇතැම්විට කහ පැහැති, දුගඳවත් දියරයක් ජම්බාලියෙන් පිටකරයි. අණ්ඩජාලාබුජ වන අතර වරකට පැටවුන් 1-15ක් පසුත කරයි.

ආහාර – ගැඩවිලුන්, උභයජීවින්, කමින් හා වෙනත් නිර්විෂ සර්පයින්.

විෂ – නිර්විෂැතිය. බොහෝවිට සපා කෑමට තැත් නොකරයි.

ව්‍යාප්ති කලාපය, හමුවී ඇති ප්‍රදේශ සහ තත්ත්වය – 

මෙරටට ආවේනික විශේෂයකි. ම.ම.උමී. 1000 ක් පමණ උච්චත්වයක් වන තෙක් පිහිටි වියළි. අතරමැදි හා තෙත් කලාපවලට අයත් ප්‍රදේශවල හමුවේ. පුත්තලම, පොළොන්නරුව, අනුරාධපුර මුන්ඩල, නාඋල, පොල්ගහවෙල, බෙල්ලන්විල, බලංගොඩ, බෙරගල, කොග්ගල මෙන්ම මහනුවර සහ රන්තපුරය අවට ප්‍රදේශ රැසකින්).

සටහන සහ ඡායාරූප – චමල් ලක්ෂාන් ජයවීර

Sign up for our newsletter