Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

දෙවිඳුන් කෙරෙහි විශ්වාසය තබන්න

(ශු.යොහන් 11:40)

යේසුස්වහන්සේ: නුඹ විශ්වාසකළොත් දෙවියන්වහන්සේගේ මහිමය

දකින්නෙහිය කියා මා කීවා නොවේදැයි ඈට කීසේක.

හොඳයි ඔබ හැම කෙනෙකුටම ආශිර්වාදමත් මාසයක් වේවා.මාගේ ප්‍රිය සහෝදර

සහෝදරයිනි අද දවසේ මෙම පණිවිඩය දෙස ඔබගේ මනස ඉතා හොඳින් යොමු

කරන මෙන් ඉල්ලා සිටිමි.මෙම ඉහත බයිබල් පදයේ සඳහන්ව ඇති පසුබිම නම්

මාර්තා සහ මාරියා ගේ ගෙදර ලාසරුස්ගෙ මරණින් පසුව ඔහුව නැගිටුවීම

පිණිස යේසුස් වහන්සේ බෙතානියෙහි නම් ගමට පැමිණි අවස්ථාවේ සිදුවූ

කතාබහකි.

(ශු.යොහන් 11:22)

ඉන්පසු උන්වහන්සේ: යුදයට නැවත යමුයයි ගෝලයන්ට කීසේක. දැනුත් ඔබ

දෙවියන්වහන්සේගෙන් යමක් ඉල්ලනසේක් නම්, ඒක දෙවියන්වහන්සේ ඔබට දෙන බව

දනිමියි කීවාය.

මෙම පදයෙහි මාර්තා විසින් යේසුස්වහන්සේට පවසනු ලබන්නේ දැනුත් ඔබ

දෙවියන් වහන්සේගෙන් යමක් ඉල්ලන සේක් නම් ඒක දෙවියන් වහන්සේ ඔබට

දෙන බව දනිමි කියාය.මේ අනුව අපට පැහැදිලි වන්නේ අප විසින් සමිඳුන්ගෙන්

යම් දෙයක් ඉල්ලන කළ එය උන්වහන්සේට අපට ලබාදිය හැකි බවට අප තුළ

විශ්වාසය තිබිය යුතු බවය.මෙය ඔබ හොඳින් සිතට ඇතුල් කරගන්න.මෙවැනි

තද විශ්වාසයක් ඔබට දෙවිඳුන් කෙරෙහි තිබිය යුතු වේ.ඒ වගේම තමයි ඔබ

මෙම පහතින් දක්වන කරුණ ගැනත් හොඳින් අවධානය යොමු කරන්න.

ආබ්‍රහම් තුමා ට අවුරුදු සියයක් පමණ වයස් ගතව තිබියදී හා ස්ත්‍රීන්ට ඇති නියමය සාරා පිළිබඳව

තිබියදී පවා තමාට වංශයක් දෙන බවට ස්වාමීන් වහන්සේ ඔහුට දුන් පොරොන්දුව ඔහු බලවත් ලෙස

විශ්වාස කළ බව රෝම 4:20-21 යන පද වලින් ස්ථිර වෙයි.

"එසේය, දෙවියන්වහන්සේගේ පොරොන්දුව දෙස බලා ඇදහිල්ලෙන් බලවත්ව,

දෙවියන්වහන්සේට ගෞරවකරමින්, පොරොන්දුවූ දේ ඉෂ්ටකරන්ට උන්වහන්සේට පුළුවන

කියා නිසැකව විශ්වාසකෙළේය."

ඉතින් මාගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරයිනි උන්වහන්සේගේ පොරොන්දු

බලයෙන් යුක්තව අල්ල ගන්න.ඒ වගේම ඔබ මෙය ද හොඳින් මතක තබාගන්න

දෙවියන් වහන්සේ අපට දිය යුත්තේ කුමක්ද නොදිය යුත්තේ කුමක්ද කියා

හොඳින් දන්නා බැවින් ඔබ ඉල්ලන සමහර දේවල් ඔබට සුදුසුද කියා හොදින්

විමසා බලන්න.ඔබ ඉල්ලන දේ තුළ දෙවියන් වහන්සේගේ කැමැත්ත තිබෙනවා

නම් එය ඔබට අනිවාර්යයෙන්ම ලැබෙනු ඇත.

ඔබ සැමට ජේසු පිහිටයි!

ඉවැන්ජලිස්ත අමිල දිසානායකමාර්ගය සහෝදරත්වය සභාව – මහරගම

Sign up for our newsletter