Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

දේව කැමැත්තට යටත් වී දෙවියන් වහන්සේගේ ආශිර්වාදය අත්පත් කර ගනිමු!

(එපීස:5 – 18 – 20)

 මුද්‍රිකපානයෙන් මත් නොවෙන්න, එයින් අනාචාරකම් හටගන්නේය;නුමුත් ආත්මයාණන්ගෙන් පූර්ණවී, ගීතිකාවලින්ද කවිවලින්ද ආත්මික ගීවලින්ද එකිනෙකාට කථාකොට, ඔබ සැමගේ සිත්වලින් ස්වාමීන්වහන්සේට ගායනාද ගීතිකාද කරමින්,අපගේ ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් සියලු දේ ගැන පියවූ දෙවියන්වහන්සේට නිතරම ස්තුතිකරන්න.

  • ඉහත පදය ගැන මොහොතක් සිතන්න.ඔබට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය අවශ්‍ය නම් ඔබ වැරදි ඇබ්බැහිවීම් වලින් මිදී සත්‍යතාවයේ ආත්මයාණන් වහන්සේගේ මග පෙන්වීම තුල වැරදි දේ තුලින් ඉවත් විය යුතුයි.එම නිසා අපි දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන මනුෂ්‍යයන් වෙමු.

(1 යොහන්:5 – 14-15)

 උන්වහන්සේ ඉදිරියෙහි අපට තිබෙන නිසැකකම නම්, අප උන්වහන්සේගේ කැමැත්ත ලෙස යමක් ඉල්ලුවොත් උන්වහන්සේ අපේ ඉල්ලීම අසන බවය.අප යම් දෙයක් ඉල්ලන කල උන්වහන්සේ අසන බව අපි දනිමු නම්, අප උන්වහන්සේගෙන් ඉල්ලූ දේ අපට ලැබෙන බව දනිමුව.

මොහොතක් මෙම පදයට ඔබගේ සිත යොමු කරන්න.මෙම පදයට අනුව ඔබ ජීවත් වුවහොත් දෙවියන් වහන්සේගේ බලවත් ආශිර්වාදය ඔබට නොවඩුව හිමි වනු ඇත.එම නිසා ඔබ නිරන්තරයෙන්ම දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන සැබෑ ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක්ව ජීවත් වීමට උත්සහ ගන්න.එවිට ඔබ ජීවිතය ජය ගන්නවා ඇත.

  • ඉතින් ඉහත ලියූ කරුණු ගැන ඔබ හොඳින් මෙනෙහි කර බලන්න,ඔබ ඔබ ගැනම මොහොතක් සිතන්න.තවත් ඔබ ජීවිතය විඳවනවාද? එහෙමත් නැතිනම් ජීවිතය විදගන්නවද? අද දින ඔබ ගන්නා වූ තීරණය කරණ කොටගෙන ඔබට ඔබගේ ජීවිතය වෙනස් කර ගත හැකි වේ.ඉතින් ඔබ ධර්මිෂ්ඨව ජීවත් වෙමින් දේව කැමැත්ත කරන මනුෂ්‍යයෙක් බවට පත්වී ඔබ දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්න එවිට දෙවියන් වහන්සේ ඔබගේ හදවත සහ ඔබගේ ක්‍රියාව දකිමින් දෙවියන් වහන්සේ නුඹට බොහෝ සෙයින් ආශිර්වාද කරනවා ඇත.

ඔබ සැමට ජේසු පිහිටයි!

Sign up for our newsletter