Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

ප්‍රතික්ෂේප වීම් ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂය කරගන්න…


ප්‍රතික්ෂේප වීම කියන්නේ ඇත්ත වශයෙන්ම  හිතට දරා ගැනීමට අතිශය දුෂ්කර හැඟීමක්, ඔබ ප්‍රතික්ෂේප වීමකට මුහුණ දුන් පසු ඔබේ ආත්ම ශක්තිය පවා හීන වනවා, එවිට ඔබ ඔබෙන්ම ප්‍රශ්න කරනවා ඔබ ප්‍රමාණවත් තරම් හොඳද නැද්ද කියලා,                                      නමුත් ඔබ ඔබෙන් ප්‍රශ්න කළ යුත්තේ ඔබ ප්‍රමාණවත් තරම් හොඳද නැද්ද කියා නොවේ.ඔබ හොඳටම හොඳයි මෙය නියම වෙලාව හෝ නියම අවස්ථාව නොවේ යන්නයි.
කිසියම් කෙනෙකු ගෙන් ඔබ ප්‍රතික්ෂේප වුණු පසු ඔබ යන ගමන නවත්තන්න හෝ අත්හරින්න ඔබ සිතුවාද?
එහෙනම් එය තමයි ඔබ ගන්න හිතුව මෝඩම තීරණය,මොකද කෙදිනකවත් ඔබ හිතුවද මේ ප්‍රතික්ෂේප වීම තුළ ඔබේ හැරවුම් ලක්ෂය සැඟව තිබෙන බව.ඔබ සිතන්න නැතුව ඇති නමුත් එය තමයි ඔබේ ජීවිතයේ හොඳම හැරවුම් ලක්ෂය, එහෙම නැත්නම් නැගිටින්න ඕන මූලික අඩිතාලම.
මේ වන විට වත්කම ඩොලර් බිලියන 39 ක් වන (Alibaba)අලිබබා සමාගමේ නිර්මාතෘවරයා වන ජැක් මා ඔහුගේ ජීවිතයේ ලොකුම (Turning point) ටර්නින් පොයින්ට් එක එහෙම නැත්තං හැරවුම් ලක්ෂය කරගත්තේ ඔහුගේ ජීවිතේ ප්‍රතික්ෂේප වීමයි.ඔහු (KFC)කේඑෆ්සී ඇතුළුව අයදුම් කළ රැකියා 30කින් පමණ ප්‍රතික්ෂේප විය. ඒ විතරක් නොවේ ඔහු හාවඩ් විශ්ව විද්‍යාලයට අයදුම් කළ 10 දහවතාවම       ප්‍රතික්ෂේප විය,නමුත් ඔහු ඒවා කෙදිනකවත් ඔහුගේ ජීවිතයේ කඩාවැටීමට මඟ පාදා ගැනීමක් ලෙස ක්‍රියා කළේ නැත.ඔහු ඒවා ඔහුගේ ජීවිතයට ආශිර්වාදයක් කරගත්තා පමණි.එම ප්‍රතික්ෂේප වීම් තුළින් ඔහු කඩා වැටුනා නම් අද(Alibaba ) අලිබබා වැනි ඩොලර් බිලියන ගාණක වත්කමක් උපයන සමාගමක් සහ ඒ වටා වැඩ කරන සේවක සංඛ්‍යාවක් බිහි නොවන්නට ඉඩ තිබුණි.ජැක් මා ඇතුළුව අදටත් ලෝකයේ බලවත් චරිත බිහි වී ඇත්තේ යම් යම් ප්‍රතික්ෂේප වීම් හමුවේ නොසැලී ඉදිරියට ගමන් කළ නිසාවෙනි.
සෑම ප්‍රතික්ෂේප වීමකදී ම අප සිතිය යුත්තේ අපේ ජීවිතයට එය ලොකුම අඩිතාලම වශයෙනි, එවිට අපට ජීවිතය ගැඹුරට ගොස් එය ගොඩගැනීමට ප්‍රතික්ෂේප වීම  පන්නරයක් කරගත හැකිය.
ප්‍රතික්ෂේප වීම් වලට මුහුණ නොදී මේ මිහිතලයේ  කිසිම කෙනෙකුට ඉදිරියට යා නොහැකි බව ඔබ සැමවිටම සිතන්න,
ඔබ ප්‍රතික්ෂේප වීමෙන් ඉගෙන ගන්නා  දෙයින් අවසානයේ ඔබ ඔබවම සංස්කරණය කර හොඳම තත්ත්වයකට පත්කර ගනී.
“වරදින්න ඕන දවසක හරියන්න වගේම,”ප්‍රතික්ෂේප වෙන්නම ඕන ඔබ ඔබව සංස්කරණය කර ඔබේ ජීවිතයේ ලොකු හැරවුම් ලක්ෂයක් ගොඩනගාගැනීමට.ඒ නිසා කෙදිනකවත් ප්‍රතික්ෂේප වීම් තුළින් වැටෙන්න එපා,ඒ හැම එකක්ම ඔයාගෙ ජීවිතේ වෙනස් කරන්න පාවිච්චි කරන්න එවිට නිසැකවම ඔබ දිනක ජය ගනීවි.

Sign up for our newsletter