Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

මගේ හිතට ආව සිතුවිල්ලක

මගේ හිතට ආව සිතුවිල්ලක ප්‍රතිපලයක් විදියට තමයි  ” අපි magazine ”  එලිදැක්වෙන්නෙ . 

එහි නමේම තියෙනවා සමුහිකත්වය කියන ආකල්පය. මට හිතුනත් .. මගේ නෙමෙයි, “අපේ” කියන හැගීම. අන්න ඒ “අපි” කියන හදවතට කතා කරන වචනෙත් එක්ක ආරම්භ වුණ අපි සගරාවට අවුරුදු තුනක් දැන්.තෙවැනි අවුරුද්ද සමරන  මේ වෙලාවෙ මුලින්ම ආදරයෙන් මතක් කරන්න ඕනෙ චන්දන සහ චමින්ද මගේ සහෝදර මිතුරන් දෙදෙනාව. මගේ සිතුවිල්ලට පනක් දෙන්න ඒ දෙදෙනාගෙන් ලැබුනු නොමසුරු සහය අපරිමිතයි.

එතනින් ගත්ත ආරම්භය මේ වෙනකොට අවුරුදු තුනක දුර ගමනක් අරන් එන්න කොහෙත්ම පුලුවන්කමක් නැතිවෙන්න තිබුනා, මාත් එක්ක දිගටම හෙවනක් වගේ සඟරාව තමන්ගෙම දෙයක් වගේ ආදරයෙන් හොයලා බලලා අඩුපාඩු හදාගෙන, අලුත් අදහස් එක්ක ඉන්න මගේම සහෝදර සහෝදරියන් වගේ ඉන්න අපි ටීම් එක. පුරා අවුරුදු තුනක්ම මා සමඟ හිටිය සහ ඒ වගේම , අලුතින් එකතුවුනු අපි ටීම් එකේ හැමෝවම මේ වෙලාවේදි ආදරෙන් මතක් කරනවා.

මට හැමදාම ඕන වුණේ  පිට රට ඉන්න ලංකාවෙ අය එකම තැනකට එකතු කරන්න ක්‍රමයක්. මේ ගෙවුන අවුරුදු තුනේදී අපි ටීම් එකට ඒ දේ හිතුවටත් වඩා සාර්තකත්වයකට යන්න පුලුවන් වුණා  කියලා හිතනවා. 

රටවල් ගනනාවකින් ලැබෙන ප්‍රතිචාරත් එක්ක හිතට දැනෙන සතුටත් එක්ක මේ වැඩේ අපි ටීම් එකට ලස්සනට කරගෙන යන්න පුලුවන් වෙලා තියෙනවා. තව දෙයක් ගොඩක් ආඩම්බරෙන් කියන්න ඕන. ඒ තමයි මගේ කතෘ මන්ඩලය. අපි සඟරාව වර්ණවත් සහ හරවත් කරන අපි කතෘ මන්ඩලය ඒ ඒ ලියන විෂයන්වල ප්‍රවීනයන් වීම මට තියෙන ලොකුම ආඩම්බරයක්. 

ඒ අයගෙ දැනුම අපි අතරෙ කිසිම පැකිලීමකින් තොරව බෙදාගන්න හරිම ආසාවකින් බලගෙන ඉන්නවා . 

ඉදිරි වසරෙත් අලුත් ලිපි සහ මාධ්‍ය කරනයේ තවත් එක් සංදිස්ථානයක් සලකුනු කිරීමට බලපොරොත්තුවෙන් සිටිනවා. නව ආරෙකින් ,නවමු අත්දැකීම් එකතුවක් සමඟින් තවත් අවුරුද්දක් අපි සඟරාව ඔබ අතට පත්කරන බලාපොරොත්තුවත් එක්ක, අපි සඟරාව සමග එකතු වෙන්න කියල ආදරයෙන් ආරාධනා කරනවා. 

ස්තූතියි !

මම,

ගයාන් කරුණාරත්න.

Sign up for our newsletter