Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

රුව ආලේපන

දෙවියන්වහන්සේ තුළ ඔබ සැමට ආශිර්වාදවත් සතියක් වේවා.අද දවසේ මා ඔබට කියන්න යන දේ ගැන හොඳින් මෙනෙහි කරන්න.හොඳින් කල්පනා කර බලන්න.මගේ අද මාතෘකාව තුල ඔබ වෙනසක් දකිනවා ඇත.නමුත් මේ තුළ විශාල ගැඹුරු රහසක් ඇත.මා එයින් බිඳක් ඔබ හමුවේ තබන්නෙමි.ඔබ මොහොතක් කල්පනා කරන්න.(makeup)මුහුණු ආලේපන අපිව වෙනස් කරන්න මොනතරම් වෙලාවක් ගන්නවද,මොනතරම් වියදම් කරනවාද,ඔබගේ මුහුණට/ශරීරයට කොතරම් දේවල් ඔබ කරනවද ඔබගේ පිටත ශරීරය ලස්සනට තබා ගන්න.නමුත් ඔබ කොතරම් කාලයක් දෙනවද ඔබේ ඇතුළාන්ත මනුෂ්‍යයාව ලස්සන කරන්න.ඔබ මේ ගැන මොහොතක් කල්පනා කර තිබේද?.මොහොතක් නැවතී සිතන්න.ඔබ සිටින තැන ගැන.

එසේය, ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මුහුණෙහි   දෙවියන් වහන්සේගේ තේජස දැනගැන්ම නැමැති ආලෝකය බැබළෙන පිණිස, අපගේ සිත්වල බැබළුවේ අන්ධකාරයෙන් ආලෝකය බැබළෙන්නට කීවාවූ දෙවියන්වහන්සේය.      

                                               (2 කොරින්තී 04 : 06)

මෙම බයිබල් පදය දෙස බලන විට අපිට පැහැදිලිවම පෙනේවි අපගේ ජීවිතයේ තිබෙන දෙයට වඩා වටින්නේ අපගේ ඇතුලාන්තයයි.මන්ද අපගේ ජීවිතයේ අපට යම් දවසක ඉතිරි වන්නේ අපේ ඇතුළාන්ත මනුෂ්‍යයාව පමණි.එමනිසා මාගේ ප්‍රේමවන්ත ඔබ මේකප් එකට (මුහුණු ආලේපන) වියදම් කරනවා වගේම, ඔබ එයට මහන්සි වෙනවා වගේම ආත්මික දේයටත් මහන්සි වෙන්න පුරුදු වෙන්න.එවිට සැබැවින්ම ඔබ ලස්සන වේවී.ඒ වගේම ඔබ ජීවිතය ද ජය ගනීවි.ඔබ ඉගෙන ගත් කාරණාවන් ගැන හොඳින් මෙනෙහි කර බලන්න. එය අමතක නොකරන ලෙස මා ඉල්ලා සිටිමි. ඔබ දෙවියන් වහන්සේට යාඥා කරන්න. ඇතුලාන්ත මනුෂ්‍යයාව ශක්තිමත් කරගන්නා පිණිස බලය දෙන ලෙසට ඔබ ඉල්ලන විට දෙවියන්වහන්සේ ඔබට එය නිදහස් කරනු ඇත.

උන්වහන්සේ කලන්ත වූ අයට ශක්තිය  දෙනසේක,  බලය නැත්තාට සවිය වැඩිකරන සේක. 

                                                      (යෙසායා 40 : 29)

දෙවියන්වහන්සේ නුබලාට ආශිර්වාද කරන සේක.ඔබ සැමට ආශීර්වාදමත් මාසයක් වේවා.      

ජේසූ පිහිටයි!            

ඉවැන්ජලීස්ත අමිල දිසානායක 

මාර්ගය සහෝදරත්වය සභාව – මහරගම

+94 774682729 

Sign up for our newsletter