Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

රෝගියෙකු වෙනුවෙන් දෙන සේලයින්


ඔන්න දැන් අපේ රටේදීම නිෂ්පාදනය කරන්න පටන් අරන් ,එලෙස නිශ්පාදනය  කළ පළමු සේලයින් තොගය රාජ්‍ය සෞඛ්‍ය අංශ වෙත බෙදා හැරීම  පහුගිය දවස්වල ආරම්භ කලා. සේලයින් සදහා වසරකට විශාල මුදල් ප්‍රමාණයක් විදෙස් රටවලට යාම මෙමගින් ඉතිරි කරගැනීමට හැකිවීම නිසා 

මේක අපේ රට ලැබූ විශාල ජයග්‍රහණයක් විදිහට කියන්න පුළුවන් .

ඒවගේම සම්පූර්ණයෙන් විෂබීජ රහිතව සිරුරට විෂ නැති ප්ලාස්ටික් බෝතලයක ගබඩා කර, විද්‍යානුකූලව පහසුකම් සහිත බෙහෙත් කර්මාන්තශාලාවල තමයි  සේලයින් නිපදවන්න පුළුවන් ,

ඇත්තටම සේලයින් කිව්වම  හුගක් දෙනෙක්ගෙ තියෙන්නෙ වැරදි මතයක් කියල හිතෙනවා ,ඒකට හේතුව තමයි රෝහල්ගත කල රෝගියෙකුට සේලයින් එකක් දුන්නොත් ඒ ලෙඩා හුගක් අසාධ්‍ය තත්වයෙ ඉන්නෙ කියල සමහරු හිතනවා,සේලයින් එකක් නොදුන්නොත් ඒකත් පොඩි ගැටලුවක් ,

ඇත්තටම කිව්වොත් මේ සේලයින් කියන්නෙ අපි ආහාරයට ගන්නා ලුණු Nacl එහෙම නැත්තං සෝඩියම් ක්ලෝරයිඩ් ඉතා ස්වල්පයක් මිශ්‍ර වූ පිරිසිදු ජලය .

“සේලයින් වලට ඕනෙ නම් බේත් දාලා දෙන්න පුලුවන්. 

එතකොට ඔබට හිතෙයි අපිට මේ සේලයින් කියල ලුණු මිශ්‍ර වතුර දෙන්නෙ මොකද කියල ,

රෝගියෙකුගේ රුධිර පීඩනය  අවස්ථාව අනුව රෝගය අනුව වෙනස් වෙන්න පුළුවන් .ඒ කියන්නේ රෝගියාගේ රුධිර නාල ඇතුලේ අවශ්‍ය තරම් රුධිර පීඩනයක් නැති අවස්ථාවක් .

රුධිර නාල රබර් බට වගේ. ඒවා ඇදිලා තියෙන්නේ ඒවා ඇතුලේ ගලන රුධිරයේ පීඩනයක් තියෙන නිසා. ඒ පීඩනය ‍ලබා දෙන්නේ හෘදයෙන් කරන පොම්ප කිරීමෙන්. ඉතින් මේ පීඩනය අඩු උනොත් බට ඇකිලිලා හෘදයෙන් ඈත තියෙන අවයව වලට රුධිර සැපයුම අඩු වෙන්න පුලුවන්. මේ අතරින් මොළය, වකුගඩු වගේ අවයව විශේෂයි. රුධිර සැපයුම අඩු උනොත් ඒවට පෝෂණය සහ ඔක්සිජන් හරියට ‍නොලැබී ‍ඒවා මිය යන්නටත් පුලුවන්. වතුර බීලා ඒ පීඩනය නිවැරදි කරන්න අමාරුයි. ඉතින් ඒ වගේ අවස්ථාවක ඉක්මණින් රුධිර පීඩනය තාවකාලිකව ඉහළ නංවන්න තමයි රෝගියෙකුට  සේලයින් දෙන්නෙ . 

ලුණු තිබෙන නිසා සේලයින් වල රුධිරයට සාපේක්ෂව සමාභිසාරක ද්‍රාවණයක් (isotonic solution) නිසා ශරීරයේ සෛල හා රුධිර නාල පුරා සමව බෙදී යනවා. 

” මීට අමතරව අවස්ථාව හා රෝගීන්  අනුව භාවිතා වන සේලයින් වර්ගත් තියනව “

 අපි කතා කරන මේ Normal Saline හැමෝටම දෙන්නෙත් නෑ ,මොකද 

අනවශ්‍ය විදියට සේලයින් දෙන්න යන එකෙන් වෙන  කරදර ගොඩක් වෙන්න පුලුවන්.ඒ තමයි 

1. විෂබීජ ශරීරයට පහසුවෙන් ඇතුල්වීම (cannula site infections) :

* සේලයින් දෙන්නේ cannula නම් ශරීරයේ බාහිරයේ සිට ශිරාවකට ඇතුල් කළ කටුවක් හරහා. මෙසේ කිරීමේදී සම මතුපිට ඉන්න විෂබීජ රුධිරයට ඇතුල් වීමේ අවදානමක් තිබෙනවා. ඉතින් මේ කටු මාරු කරන්න වෙනවා දවස් 3කට වැඩියෙන් භාවිතා වෙනවා නම්.

2. රුධිර නාල තුළ තරල ප්‍රමාණය ඉහළ යාම (fluid overload) : හෘදයට වැඩිවූ තරල ප්‍රමාණය පොම්ප කර ගැනීමට නොහැකි වීමෙන් අකර්මන්‍ය (Heart Failure) වෙන්න පුලුවන්.

3. රුධිරයේ  Na+, K+, Cl- වැනි අයන අසමතුලිතතා ඇතිවීම : හෘදයාබාධ ඇතිවී මරණයට පත්වීමේ අවදානමක් තිබෙනවා. 

4. අසාත්මිකතා (allergic reactions) :  කලාතුරකින් ඇතිවිය හැක. විශේෂයෙන් සේලයින් හරහා වෙනත් ඖෂධ ලබාදීමේදී බහුලවම දක්නට ලැබෙනවා. කෙලින්ම රුධිරයට කලවම් වන නිසා බරපතල තත්වයන් (anaphylaxis) පවා ඉක්මණින් ඇතිවී මරණයට පත්වීමේ අවදානමක් තිබෙනවා.

නමුත් වෛද්‍යවරු මේ ඖෂධ දීමේදී ඉතා සැලකිලිමත් ලෙස මාත්‍රාව හසුරුවන නිසා මෙවැනි දේ ඉතා කලාතුරකින් තමයි දකින්න ලැබෙන්නෙ. ඒනිසා ඔබ ඒගැන බියවිය යුතු නැහැ .

ඒවගේම  සේලයින් බෝතලයේ හැඩරුව ඇති ඖෂධ වර්ග රාශියක්  එලෙස ලබා දෙනවා. උදාහරණ ලෙස

# 5% ග්ලූකෝස් ද්‍රාවණය රුධිරය අඩු වු විට දෙන ප්ලස්මා වැඩිකරන දේවල් හෙවත් Plasma expanders, 

# මුඛයෙන් ආහාර නොගන්නා විට දෙන ආහාරමය ඖෂධත්, අධික පාචනය, වමනය නිසා රුධිර පොටෑසියම් අඩු විටෙක දෙන “හාට්මාන්” නම් ඖෂධයත් තවත් එවැනි ඖෂධ කිහිපයකුත් හඳුන්වන්න පුළුවන්.

නමුත් ඉතා බහුලව පාවිච්චි කරන සේලයින් ද්‍රාවණය “සාමාන්‍ය සේලයින්” හෙවත් “Normal Saline” ලෙස හඳුන්වනවා. 

මේ සාමාන්‍ය සේලයින් ලබා දෙන්නෙ ප්‍රධාන වශයෙන් ශරීරයට ජලය හා ලවණ අවශ්‍ය වූ විට .

උදාහරණයක් ලෙස 

* වමනය, පාචනය, අධික දහදිය ආදී ලවණ හා ජලය ශරීරයෙන් පිටතට යන අවස්ථාවල.

* අධික රුධිර වහනය වැනි අවස්ථාවක රුධිරය ලබා දෙන තෙක් හා සාමාන්‍ය රුධිර වහනයකදී ප්‍රතිකාරයක් ලෙසත් සාමාන්‍ය සේලයින් වැදගත් වෙනවා.

* කම්පන තත්වයක් (shock State) ශරීරයේ රෝගාබාධයක් නිසා රුධිර පීඩනය ඉතාමත්ම අඩු වී කම්පන තත්වයක් ඇති වූ විට රුධිර පීඩනය වැඩිකිරීමට.

* ශල්‍යකර්මවලදී ශරීරය ඇතුළත පිරිසිදු කිරීමට ජලය වෙනුවට සාමාන්‍ය සේලයින් භාවිතා කරනවා

* තවද ඇස, කන, නාසය වැනි ඉන්ද්‍රියන් පිරිසිදු කිරීමටත්, තුවාල පිරිසිදු කිරීමටත්, ඒ ස්ථානයන්ට පමණක් සේලයින් පාවිච්චි කරනු ලබනවා.

* මීට අමතරව සමහර බෙහෙත් වර්ග, විටමින් ආදිය ශරීරය තුළට ලබා දෙන මාධ්‍යයක් ලෙසත් භාවිතා කරනවා.

 ඇත්තටම අපි රෝගී වූ විට සේලයින් අපිට යම්කිසි ජීවයක් ලබා දෙනවා කියන එක සේලයින් භාවිතා කරන අවස්ථා දිහා බැලුවාම ඇත්තක් කියලා කියන්න පුළුවන්. නමුත් හොඳට මතක තියාගන්න සේලයින් ලබා දිය යුත්තේ ඇත්තටම සේලයින් අවශ්‍යම විටෙක පමණක් නිසා “සේලයින් ටිකක්වත් දුන්නේ නැහැ කියලා” හිත නරක් කර ගන්නත් එපා.

නිශා

Sign up for our newsletter