Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

වැඩට යන ජීවිත

මිනිස්සු උනහම ජීවත් වෙන්න සල්ලි හම්බකරන්න ඕනෙ, ඒ හම්බකරන සල්ලි වලින් ජීවිතේ විඳින්න ඕනෙ.. ඒකයි ක්‍රමය..

ඒත් සමහරු මේක පටලගෙන ඉන්නෙ,

 ජීවත් වෙන්න රස්සාවක් කරනවා වෙනුවට  රස්සාව කරන්නම ජීවත් වෙන මිනිස්සු ඉන්නවා.. ඒ මිනිස්සුන්ගේ ජීවිතේම තියෙන්නෙ ඔෆිස් ඒකේ…

 රස්සාවක්  කියන්නේ අපි ජීවත් වෙන්න ධනය හොයාගන්න විදිහ ..මුළු ජීවිතේම මහන්සි වෙලා  කැප වෙලා ඉගනගෙන  ජීවත් වෙන්න මාර්ගයක් විදිහට රස්සාවක්  හොයාගෙන ඊට පස්සේ වත් ජීවත් වෙන්නේ නැතුව මුළු ජීවිතේම රස්සාව කරගෙන ඔහේ මැරිලා යන ඒ වගේ මිනිස්සු, ඕන තරම් අපි අතරෙ ඉන්නවා .

තමන්ගෙ  කාළය හරියට කළමනාකරණය කරගන්න බැරුව මොන උපාධි ගැහුවත් මොකටද ?

කළමනාකරණය කියන්නේ, කලට මනාවට කිරීම , 

         එකේ තේරුම රස්සාවට  අදාල කාලය ඇතුලේ රස්සාවේ වගකීම් ටික කරගන්න ඔයා  දක්ෂ වෙන්න ඕනේ කියන එක.එතනට ගිය වෙලාවේ ඉඳල, වටේම ඉන්න අයත් එක්ක ඕපදූප කියවල, ටෙලිපොනේ එකේ එල්ලිලා ඉඳල වැඩ ගොඩ ගැහුණම ඒ වැඩ උස්සන් ගෙදර ආවම වෙන්නේ.. රස්සාවයි පව්ද්ගලික ජීවිතෙයි දෙකම නැති නාස්ති වෙලා යන එක.

            ………………..👇👇👇……………….               

🔴 නියමිත වෙලාවට රැකියාවට යන්න.

(කලින් යාම මගින් ආයතනය දිනපතා ඔබගේ කලින් පැමිණීම බලාපොරොතු වීම ඔබට අවාසි විය හැකි අතර, ප්‍රමාධ වී පැමිණීම දවස පුරාම ඔබව පීඩනයෙන් පෙළන  අතර විනයනුකූලද  නොවේ.)

🔴 වැඩ කරන කාලය තුල ,පව්ද්ගලික වැඩ කිරීම නවතා දමන්න.( දරුවන්ගේ පාසලේ වැඩ , අන්තර්ජාලයේ සැරිසැරීම වැනි..)

🔴 රැකියා ආයතනය තුල කේලම් කීම, කේලම් වලට සවන්දීම   ඔපදුප කියවීම නවතා  දමන්න.

🔴 රැකියාවේ සහ තනතුරේ වගකීම අවබෝධ කරගන්න .ඔබේ වගකීම් එකිනෙකාගේ පිට පැටවීමට නොගොස් ඔබේ රාජකාරි  විසින්ම සිදු කරන්න.

🔴ආයතනයේ මිතුරන් සමග ඉතා තද සහ කිට්ටු   සම්බන්ධත පැවැත්වීම  අවම කරගන්න .මන්ද එය ඔබගේ සහ ඔවුන්ගේ තනතුරේ වගකීම වලට බාධාවක්  විය හැකිය.

🔴 පව්ද්ගලික ජීවිතයේ තොරතුරු ප්‍රශ්න  රැකියා ආයතනයේ කතා කිරීම සීමා  කරන්න.

( සැමියාගේ බිරිඳගේ අඩුපාඩු, පවුල්  ආරවුල් , දරුවන්ගේ ප්‍රශ්න වැනි දෑ ..)

🔴 ඔබගේ සියලු වැටුප රැකියාව වෙනුවෙන්ම වැය  නොකරන්න.( බොහෝ අය මුළු පඩියම  වැය  කරනු ලබන්නේ වැඩට යාමට අවශ්‍ය ඇඳුම් සපත්තු බෑග් මිලදී ගැනීමටය)

🔴 ආයතනයේ ඉහල නිලදාරීන් සමග රැකියාවෙන් ඔබ්බට සම්බන්දතා  පැවැත්වීම අවම කරන්න.

🔴 ඔබ කුමන ආයතනයේ කුමන තනතුර දරුවත් , වැඩිදුර අධ්‍යාපනය , හෝ ඉහලට යාමේ සිහින දැකීම අත  නොහරින්න .

🔴එකම ආයතනයක අනාගතය පැහැදිලි නැති විටක රැකියාව වෙනස් කිරීමසඳහා  ඕනෑම වෙලාවක සුදානමින් සිටින්න.

🔴 උදේම වැඩට ගොස් මහ රෑ  වෙනකම් වැඩ කරමින්, තමාට අදාල නොවන රජකාරීන්ද කරමින් මුළු ජීවිතයම  රැකියාවට කැප කරන ලද බොහෝ මිනිසුන් පවා, හේතුවක් ඇතුව හෝ නැතුව රැකියාවෙන් එලියට විසි වුනු  අවස්ථා බොහෝමය.

එනිසා ඔබ වැඩ කරන ආයතනය ට ප්‍රේම කිරීමෙන් වැළකී සිටින්න.මන්ද, ආයතනය ඔබට ප්‍රේම කිරීම නවතා  දැමීම ඕනෑම මොහොතක සිදු විය හැකිය.

🔴 ප්‍රධානම දේ නම් රැකියාව ඔබේ රාජකාරී කාලය තුලට පමණක් සීමා කරන්න.

🔴 රැකියාවෙන් පසු වැඩ කිරීම, නිවසට ගෙනවිත් වැඩ කිරීම නිවාඩු දවසේ වැඩ කිරීම මගින් ඔබට පමණක් නොව ඔබගේ, සැමියාගේ බිරිඳගේ, දරුවන්ගේ සතුටටද  එය මහා ලොකු බාධාවක් බව සිහියට ගන්න..

🔴 රැකියාවේ ප්‍රශ්න එතැන තබා  ගෙදර එන්න. ඔබගේ රැකියාවේ   පීඩනය, ඔබේ දරුවාට හෝ නිවසේ තනිවී සිටින බිරිඳට තවත් පීඩනයක් නොකිරීමට වග බලා  ගන්න.

🔴 බොහොමයක් පවුල් ප්‍රශ්න,අනියම් සබඳතා  වලට මුලික හේතුවද තමාට අනෙකා වෙනුවෙන් කැපකිරීමට කාලය නොමැති වීම වන අතර , අවසානයේ මන් ඉතින් මේ තරම් රස්සාවට කැපවුණේ ඔයාල නිසානේ කීම පල රහිතය .

🔴 ඔබ නිවසට පැමිණි විට ඔබේ අයිතිය, ඔබේ පවලට ලබා දෙන්න. ඔවුන්ගේ සතුට වෙනුවෙන් ඔබගේ කාලය වැය කරන්න.

🔴 ඔබ කොතරම් රැකියවෙන් සාර්ථක වුවත් ඔබගේ නිවැසියන් ඉන්නේ ඔබ නිසා පීඩාවෙන් නම් ඔගේ  උගත්කමෙන් වත් ,රැකියාවෙන් වත් ,මිල මුදල් වලින් වත්, කිසිදු ප්‍රයෝජනයක් නැති බව STEVE JOBS මහතා  පවා අවසානයේ තේරුම් ගත්  බව මතක තබා ගන්න.

මිනිස්සුන්ට ඒ කාල රාමුව ඇතුලේ කරන්න පුළුවන් වැඩ කොටසක් විතරක් දෙන්න බොස්ල  උනත් උනන්දු වෙන්න ඕනේ.

නැත්තම් වෙන්නෙ  PRODUCTIVITY එක  නැතිවෙනවා විතරක් නෙමෙයි රස්සාවේ පීඩනය දරාගන්න බැරි වුනු මානසික ලෙඩ්ඩු ටිකක් බිහිවෙන එක.කාලරාමුවට දරාගැනීමට නොහැකි තරම් වැඩ  වැඩි රස්සාවක් නම්, රස්සාව මාරු කරන්න.

අපේ ඔෆිස් එකේ ඉන්නවා දෙතුන් දෙනෙක් කොච්චර රස්සාවටම ඇබ්බැහි වෙලාද  කියන්නේ උන්ට හරි කාලේදී කසාද බඳින්නත් අමතක වෙලා..එයාලත් නොදැන එයාල වයසට ගිහිං,තවත් සමහරු සහෝදරයාගේ මගුලට ගිහිං නැහැ, ආච්චිගේ මලගෙදර ගිහිං නැහැ, යාළුව බලන්න ඉස්පිරිතාලෙට ගිහිං නැහැ, ළමයාගේ කොන්සට් එක බලන්න ගිහින් නැහැ, කොටින්ම කිව්වොත් ජීවිතේ ආයෙත් නොඑන  කිසිම අවස්ථාවකට සහභාහි වෙලා නැහැ රස්සාව නිසා..

  අපිට අමතක උනාට, අවසානයේ අපි මේ හැමදේම  කරන්නේ සතුටින් ජීවත් වෙන්න.රස්සාව නිසා අපේ සතුට සැනසීම නැතිවෙනවානම් ඒක  රස්සාවක් නෙමෙයි කරුමයක්.ඒ කරුමය නිසා ඔබ විතරක් නෙමේ ඔබේ ආදරණීයයන් පවා දුක් විඳිනවා.

මොකද ගෙදර එක්කෙනෙක් ඉන්නෙ පීඩනයෙන් නම් මුළු පවුලේම  සතුටට ඒක ඍජුවම බලපානවා.

 පව්ද්ගලික  ජීවිතය උස්සන් වැඩට යාමත් රස්සාව උස්සන් ගෙදර ඒමත් නවතා දමා ,

 රස්සාවක්  කිරීමට ජීවත් වන මිනිසෙකු නොවී ජීවත් වීමට පමණක් රස්සාවක් කරන්න..

මොකද, රස්සාව නැති උනොත් තව එකක් හම්බෙයි, ජීවිතේ මගහැරුනොත් නම් ඉතිං සොරි ම තමයි..

අනිශා ජයකොඩි

ජීවන කුසළතා හා පෞරුෂ වර්ධන උපදේශිකා

Sign up for our newsletter