Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

වැස්ලින්


වැස්ලින් පිළිබඳව අසා නැති අයෙක් නැති තරම්. එය එතරම් ජනප්‍රිය වී ඇත්තේ  ආලේපනයක් ලෙස මෙන් ම ඉතා පහසුවෙන් අඩු මුදලකට මිල දී ගත හැකි වීම ත් ඒ භාවිතයෙන් ලැබෙන උසස් ප්‍රතිලාභ සහ විවිධ ආකාරයට ප්‍රයෝජන ගත හැකිවීම නිසා විය යුතු ය. 

ලොව පුරා කාන්තා , පිරිමි දෙපාර්ශවය ම විසින් රූපලාවණ්‍යය සහ වෙනත් ප්‍රතිකාර ක්‍රම සඳහා වැස්ලින් බහුලව භාවිත කරනු ලබ යි. 

 අද ත් සුපුරුදු පරිදි ම රූපලාවණ්‍යය පිළිබඳ කතා බහේ දී වැස්ලින් රූපලාවණ්‍යය කටයුතු සඳහා උපකාර කරගතහැකි ආකාරය පිළිබඳ තොරතුරු බිඳක් ඔබ හා බෙදාගැනීමට මා සූදානම් .

*) සමේ තෙතමනය ආරක්ෂා කිරීම:

වැස්ලින් භාවිතයෙන් ඔබට ලැබෙන ප්‍රධාන ත ම වාසිය නම් එමඟින් සමේ තෙතමනය මනාව පවත්වාගැනීමේ හැකියාව ලැබීම යි. කලින් කලට විවිධ මතිමතාන්තර ඇතිවූව ත් පෙට්‍රෝලියම් ජෙල් ආශ්‍රිත නිෂ්පාදනයක් වුවත් ලොව පිළිගන්නා සන්නාම යටතේ සමට හිතකර ප්‍රතිඵල ලබාදෙන අයුරින් වැස්ලින් නිපදවනු ලබ යි. එබැවින් ආසාත්මිකතා නොමැති ඕනෑ ම අයෙකුට පහත ක්‍රම අත්හදාබැලීමෙන් විස්මිත ප්‍රතිඵල ළඟාකරගත හැකිවනු ඇත. සම රැලිවැටීම වළක්වා තෙතමනය පවත්වාගැනීමට ත් සම සුසිනිඳු කරගැනීමට ත් නෑමෙන් හෝ පිරිසුදු වීමෙන් අනතුරුව සිරුරේ වැස්ලින් ආලේප කර පිරිමදින්න. දිනපතා මෙසේ වැස්ලින් සත්කාරය තුළින් සුමුදු සමක පහස ඔබට ලැබෙනු ඇත.

*) නිල්වන් ඝන ඇස්පිහාටු සඳහා

වැස්ලින් භාවිතයෙන් ඔබේ ඇස්පිහාටු නිරෝගීව අලංකාරවත්ව පවත්වාගෙන යා හැකි බව ඔබ දැන සිටියා ද? දිනපතා රාත්‍රී නින්දට පෙර පිරිසුදු පොල්තෙල් ( extra verging coconut oil) සහ වැස්ලින් සුළු ප්‍රමාණවලින් මිශ්‍රකරගෙන පිරිසුදු eye brow brush හෝ mascara brush එකක් ආධාරයෙන් ( මේ සඳහා ඉවතලන මස්කාරා ඇසුරුම්වල ඇති brush එකක් හොඳින් සෝදා පිරිසුදු කර ගැනීමෙන් අනතුරුව පාවිච්චියට ගන්න) හොඳින් ඇස්පිහාටු අතර ආලේප කරන්න. සති කිහිපයක් දිනපතා භාවිතයෙන් අනතුරුව ඔබට ම වෙනස වටහාගත හැකිවනු ඇත. 

*) දිගු රෝස පැහැ ශක්තිමත් නියපොතු සඳහා

වැස්ලින් භාවිතයෙන් ඔබට නියපොතුවල ඇති බොහෝ ගැටළු ද මඟහරවා ගත හැකි ය. ඔබ වඩා සුන්දර නිරෝගී නියපොතු පිළිබඳව සිහින දකිනවානම් දිනපතා වැස්ලින් ස්වල්පයක් දෑතේ සහ දෙපාවල නියපොතුවල ආලේප කරන්න. වැදගත් ම කරුණ නම් නියපොතුවල කියුටිකල් මත වැස්ලින් ආලේපකර මෘදුව රවුම් හැඩයට සම්භාහනය කරන්න. 

*) මේක් අප් පහසුවෙන් ඉවත්කිරීමට 

ඔබ නිතර මේක් අප් භාවිත කරන අයෙක් ද? පහසුවෙන් නිවැරදිව මේක්අප් ඉවත්කිරීමට ක්‍රමයක් අත්හදා බැලීමට කැමති ද? එසේ නම් මේක් අප් ඉවත්කිරීමේ දී වැස්ලින් ස්වල්පයක් භාවිත කරන්න. වැස්ලින් භාවිතයෙන් ඔබේ මේක්අප් පහසුවෙන් ඉවත් කරගතහැකිවාක් මෙන් ම සමහර makeup remover මඟින් ඇතිකරවන සමේ වියළි සහ ඉරිතැලීම් ස්වභාවය ද අව ම කර යි. එමෙන් ම වැස්ලින් මඟින් තදපැහැයෙන් සමට කාවැදුණු තොල් ආලේපන, සහ මස්කාරා වැනි තද මේක් අප් පවා පහසුවෙන් ඉවත්කරනු ලබ යි. 

*) පැහැපත් සමක් ලබා දෙයි

ඔබේ මුහුණේ අධිකව තෙල් තැන්පත් වන නාසය, නළල වැනි ස්ථානවල ඇතිවන කලුලප (black heads) සඳහා ද වැස්ලින් කදිම පිළිතුරක් වේ. රාත්‍රී නින්දට පෙර පිරිසුදු කරගත් සම මත තරමක් ඝන ආලේපනයක් ලෙස වැස්ලින් black heads බහුලව ඇති ස්ථානවල layer එකක් ආකාරයට ආලේප කරන්න. අනතුරුව plastic wrap එකකින් වැස්ලින් ආලේප කළ නාසය හෝ ස්ථානය ආවරණය කරන්න. නින්දට යන්න. පසුවදාට mask එක ඉවත් කර cotton bud එකක් ආධාරයෙන් මෘදුව black heads තිබූ ස්ථාන පිසදමමින් black heads ඉවත් කරගන්න. 

*) සුමුදු දෙපා සඳහා වැස්ලින් 

ඔබේ දෙප නිරන්තරයෙන් වියළි ස්වාභාවයක් ගන්නේ නම් යටිපතුල් වේදනා සහගත ලෙස පැළෙනවානම් ඒ සඳහා ද සාර්ථක විසඳුමක් ලෙස වැස්ලින් හඳුන්වා දිය හැකි යි. පිරිසුදු කරගත් යටිපතුල්වල නින්දට පෙර වැස්ලින් ආලේප කර මේස් යුවළක් පළඳින්න.එසේ ම වැස්ලින් ආලේපනයට පෙර පියුමික් ස්ටෝන් එකක් භාවිත කොට තද හම් සහිත යටිපතුල් පිරිසුදු කරගැනීමෙන් වඩා ඉක්මන් සහ සාර්ථක ප්‍රතිඵල ලබාගන්න.  එසේ ම පාවහන් පැළඳීමට පෙර වැස්ලින් ස්වල්පයක් ආලේප කිරීමෙන් යටිපතුල්,දෙපා සහ පා ඇඟිලි අතර ඇතිවන වේදනාව සහ ගැටළු අව ම කරගත හැකි ය. 

*) හිස කෙස් වර්ණගැන්වීමේ දී සම මත පැල්ලම් ඇතිවීම වළක්වා ගැනීමට

බොහෝ කාන්තාවන් වියපත් වනවිට මුහුණපාන ගැටළුවක් වන්නේ හිස කෙස් සුදුපැහැවීම යි. මෙහි දී තමන් විසින් ම තම හිසකෙස් වර්ණගන්වා ගැනීමට බොහෝ දෙනා පෙළඹෙන අතර එහි දී නළල සහ මුහුණේ වෙනත් ස්ථානවල එම වර්ණ තැවරීම වළක්වා ගැනීමට අපහසු වේ. එමෙන් ම ඒ තැවරුණු වර්ණ පහසුවෙන් ඉවත් නොවේ. මේ සඳහා ද නළල, දෙකම්මුල්, දෙකණ වැනි ස්ථානවල හිසකෙස් වර්ණ ගැන්වීමට ප්‍රථම වැස්ලින් ආලේප කිරීමෙන් එසේ තැවරෙන වර්ණ පහසුවෙන් ඉවත්කරගත හැකි වේ.

*) සුසිනිඳු දෙතොලක් සඳහා

රාත්‍රී නින්දට පෙර දෙතොලේ වැස්ලින් ස්වල්පයක් ආලේප කර මෘදුව සම්බාහනය මඟින් ඔබට මනාව පිරුණු සුමුදු දෙතොලක් පවත්වාගත හැකි ය. එසේ ම ශීත් හෝ වියළි කාලගුණික , දේශගුණික හෝ අසනීප තත්ත්ව යටතේ අධික වියළි සහ වේදනාකාරී පැළීම්වලින් ඔබේ දෙතොල ආරාක්ෂාකිරීමට වැස්ලින් මහත් සේ උපකාරී වේ. එසේ ම ලිප් බාම් එකක් ලෙස ද වැස්ලින් ඔබට භාවිත කිරීම ට හැක.

*) දෙබැම හැඩගැන්වීමට 

ඔබේ දෙබැමේ හැඩය මනාව පවත්වාගැනීමට ද හැඩගැන්වීමට ද වැස්ලින් උපකාරී වේ. Eyebrow brush එකක ආධාරයෙන් වැස්ලින් ආලේප කිරීමෙන් දිගුවේලාවක් දෙබැමේ හැඩ නිසි පරිදි පවත්වාගැනීමට ඔබට අවකාශ ලැබේ. 

මේ අනුව අධික මිලක් ගෙවා ලබාගන්නා සමහර රූපලාවණ්‍යය නිෂ්පාදනවලින් අපේක්ෂාකරන ප්‍රතිඵලය ම , සමහරවිට ඊට ත් වඩා සාර්ථක කඩිනම්

ප්‍රතිඵල ඔබට මිලෙන් අඩු, එහෙත් විවිධාකාර අරමුණු වෙනුවෙන් භාවිත කළ හැකි, පහසුවෙන් ම බොහෝ තැන්වලින් මිල දී ගත හැකි වැස්ලින් තුළින් ලබාගත හැකිවනු ඇත. ඉතා සාර්ථක, පහසු ප්‍රතිඵල මෙන් ම මිල අධික නොවීම,පහසුවෙන් ලබාගත හැකිවීම ,අතුරු ආබාධ ඉතා අව ම වීම වැනි කාරණා නිසා වැස්ලින් ඔබේ ප්‍රියත ම රූපලාවණ්‍යය නිෂ්පාදන අතරට එකතුකරගැනීමට මෙම ලිපිය උපකාර වන්නට ඇතැයි සිතන අතර නැවත ඊළඟ කලාපයෙන් මෙවැනි ම වැදගත් ලිපියකින් ඔබ හමුවීමට බලාපොරොත්තු වෙමි.

Sign up for our newsletter