Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

ශෙෆීල්ඩ් නඟරයේ Street food රස මවන MADUSHA WETHTHASINGHE

මදූෂ වෙත්තසිංහ ; මේ වෙද්දි අපි දන්නේ සූපවේදියෙක් වගේම එංගලන්තයේ ජීවත් වෙන ලාංකික ව්යාපාරිකයෙක් විදියට. ලංකාවෙ ඉඳලා එංගලන්තෙ ආපු ගමන ගැන කිව්වොත් , පදිංචිය ආපු කාලෙ මොකටද ආවෙ කියලා?

මගේ තාත්තා හරහා තමයි මම එංගලන්තයට ආවේ. ඒ කාලේ තාත්තා වැඩ කලේ කොළඹ හිල්ටන් හෝටලයේ. ඒ වැඩ කරද්දි තාත්තට අවස්ථාවක් ලැබුනා එංගලන්තයට එන්න. මමත් ඉස්සර ඉදන්ම කැමතියි cricketer කෙනෙක් වෙන්න. ඒත් තාත්තා නිසා සූපවේදියෙක් මාර්ගයට වෙනස් වුනා.ඒනිසාම මම අවුරුදු 16දි ගල්කිස්ස මහ හෝටලයේ අවුරුද්දක කාලයක් පුහුණුවීම් සිදුකලා. ඊටපසුව තමයි මම එංගලන්තයට ආවේ.

ඔයාගෙ පවුලෙ විස්තර ටිකක් කිව්වොත් ?

මගේ බිරිඳ මනීශා අම්ඩේකාර්. ඇය ඉන්දියානු ජාතික කාන්තාවක්. අපි දෙන්නට දුවලා තුන්දෙනෙක් ඉන්නවා.

මදූශව අපි දැනගන්නෙ එංගලන්තයේ පටන්ගත්ත ව්යාපාරයකින් කිව්වොත් අපි හරි. ගැන කිව්වොත්. ආරම්භ වෙන්නෙ කොහොමද සහ අද තත්ත්වය?

මම කලින් කිව්වා වගේ මම එංගලන්තයට ආවේ අවුරුදු 17දි. මම Moorside Hilton හෝටලයේ පුහුණුවෙන සූපවේදියෙක් විදියට අවුරුදු 4ක් වැඩ කලාට පසුව එහි ප්‍රධාන සූපවේදී විදියට උසස් වීම් ලැබුවා. ඒ කාලයේදි තමයි මම තීරණය කලේ මගේම ව්‍යාපාරයක් පටන්ගන්න. ඒ වෙනුවෙන් මම වගේම මගේ බිරිඳත් සෑහෙන්න මහන්සි වුනා. අපි දෙන්නගේ මහන්සිය සහ මගේ පවුලේ අයගේ උනන්දුකිරීමේ ප්‍රතිපලයක් විදියට ආයුබෝවන් අවන්හල 2013 වසරේදී ග්ලොසප් නගරයේදී විව්ෘත වුනා. ඊටපස්සෙ පිළිවෙලින් Matlock -Tinsley නඟරයේත්, Sheffield – Eccelesall road වගේම 2021 වසරේ මුල් බාගයේදී කොට්ටාව නඟරයේදීත් විව්ෘත වුනා. මගේ අලුත්ම ව්‍යාප්ෘතිය වුනු Ayubowan street food bar ”, ශෙෆීල්ඩ් නඟරයේ Orchard square හීදී 23/09/2021 විව්ෘත කලා.

අනෙකුත් ව්යාපාර ගැන කතා කරොත්?

මම ඉස්සර Off Licence shops දෙකක් කලා ව්‍යාපාර ගැන ඉගෙන ගන්න වගේම ඒ ගැන අත්දැකීම් ලබාගන්න. ඒත් දැන් මට ඒ වෙනුවෙන් වෙන් කරන්න වෙලාවක් නෑ. දැන් ඒ ව්‍යාපාර කරගෙන යන්නෙ මගේ අම්මයි තාත්තයි.

ලංකාවෙන් එංගලන්තෙට ආපු එක ගැන අද දැනෙන්නෙ කොහොමද?

මුලින් නම් මම ආවේ තාත්තා කියපු නිසා. ඒ එද්දී එංගලන්තය ගැන, ඇවිත් කරන්න ඕන දේ ගැන මට කිසිම අවබෝධයක් තිබුනේ නෑ. හැබැයි කාලේ ගෙවෙද්දි, මම එංගලන්තයේ ජීවිතේට හුරු වෙද්දී මම හීන දැක්කේ මගේම ව්‍යාපාරයක් පටන්ගන්න.ඒ වෙනුවෙන් මම මහන්සි වුනා. කිසිම දෙයක් අපිට ලේසි වුනේ නෑ. එහෙම මහන්සි වුනු මමයි මගේ බිරිඳයි අද වෙද්දි අපි ඉන්න තැන ගැන සතුටු වෙනවා.

මේ තරම් සාර්ථක ව්යාපාරිකයෙක් වෙන්න උදව් කලේ කවුද? ගැන කිව්වොත් ?

මම හිල්ටන් හෝටලයේ ප්‍රධාන සූපවේදී විදියට වැඩ කරද්දි එහි කලමණාකරුවෙක් විදියට වැඩ කලේ Graham Pickersgill. ඒ කාලේ ඉදන් අද වෙනකම් ග්‍රෙයම් මට ලබාදෙන්නෙ පුදුමාකාර සහයෝගයක්. ඒ වගේම ආයුබෝවන් අවන්හල ආරම්භයේ සිට අද දක්වාම එහි ප්‍රධාන සූපවේදී විදියට සේවය කරන චතුරංග රත්නායකත් මගේ ජීවිතේ දුක සැප මාත් එක්ක බෙදාගන්න මගේ බිරිඳ මනීශාත් නිසා තමයි අද ආයුබෝවන් සන්නාමය මේ තරම් දුරකට අරගෙන එන්න මට පුලුවන් වුනේ. ඊට අමතරව මනීශගේ පවුලේ අයගෙනුත් මගේ පවුලේ අයගෙනුත් විශේෂයෙන්ම මගේ පොඩි නංගි මල්ශා වෙත්තසිංහගෙනුත් ලැබෙන සහයෝගය මතක් කල යුතුමයි.

එංගලන්ත පදිංචි කෙනෙක් හැටියට ලංකාවේ සූපවේදීන් වෙනුවෙන් මොනවද අපිට කරන්න පුළුවන්?

ලංකාවේ සූපවේදීන් වෙනුවෙන් එංගලන්තයේ ඉදන් කරන්න ප්‍රායෝගිකව කරන්න පුලුවන් දේවල් ඇත්තටම නෑ. ඒත් මම මට හිතෙන දේ කියන්නම්. ලංකාවේ සූපවේදීන්ට ජාත්‍යන්තර තලයට යන්න තියෙන අවස්ථා වැඩි වෙන්න නම් ලංකාවේ හෝටල් වල තියෙන වැඩ කිරීමේ පිළිවෙල වෙනස් විය යුතුයි කියන මතයේ මම ඉන්නවා. ඒ ලංකාවේ සූපවේදින්ගේ තාක්ෂණික දැනුම ලෝකේ අනිත් රටවල සූපවේදීන් එක්ක සසඳනකොට ටිකක් අඩුයි. ඒ දේවල් වැඩි දියුණු කරන්න පුලුවන් නම් ලංකාවේ සූපවේදීන්ට මීට වඩා ඉදිරියට එන්න පුලුවන්.

Business  පැත්තට තියෙන නැඹුරුව එක්ක ඉස්සරහට කරන්න හිතාගෙන ඉන්නෙ මොනවද?

මේ වෙද්දී ආයුබෝවන් නාමය අවන්හල් ජාලයක් බවට පත්කරන්න තීරණය කරලා ඉවරයි. ඒ නිසා මේ වෙද්දි අපි සැලසුම් කරනවා එංගලන්තයේ වගේම ලංකාවෙත් තවත් ආයුබෝවන් අවන්හල් විව්ෘත කරන්න. ඒ සැලසුමේ ඊළඟ කොටස විදියට ආයුබෝවන් අවන්හල් මැන්චෙස්ටර් , ලීඩ්ස් වගේම මධ්‍යම ලන්ඩනයේදීත් විව්ෘත කරන්න හිතාගෙන ඉන්නවා.

ජීවිතයෙ ලස්සනම දවස ගැන පොඩ්ඩක්  මතක් කරොත්?

මගේ ලොකු දුව අනූශා වෙත්තසිංහ ඉපදුනු දවස. එතකොට මට වයස අවුරුදු 23යි. එදා මගේ හිතට දැනුනු හැඟීම ගැන මතක් කරද්දී මට ඒ ගැන කියන්න තාමත් වචන ගලපන්න අමාරුයි. ඒ තරමටම ඒ මොහොත සුන්දරයි. ඉතින් ඒ දවස තමයි මගේ ජීවිතේ හැමදාටම ලස්සනම දවස. ඒ දවසට පසුව නම් ඉතින් ආයුබෝවන් පළමු අවන්හල ග්ලොසප් වල විව්ෘත කරපු දවස තමයි.

අපි Magazine එක ගැන මොකද හිතෙන්නෙ?

ඇත්තටම හොඳ සඟරාවක්. එංගලන්තයේ ජීවත් වෙන ලාංකිකයන්ට තොරතුරු දැනගන්න තියෙන හොඳම විදියක්. සඟරාව පළවෙන්නේ ඔන්ලයින් නිසා ඕනම කෙනෙක්ට නිවාඩුවේ කියවන්න පුලුවන්. ඒ වගේම එංගලන්තය පුරා විසිරිලා ඉන්න ලාංකිකයන්ට තමන් ගැන කතා කරන්න ලබා දෙන අවස්ථාවට බොහොම ස්තූතියි.

ඊළඟට කාවද Nominate  කරන්නෙ?

නීතීඥ තුසිත මම ඊළඟට nominate කරනවා.

Sign up for our newsletter