Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

සන්ෆලවර්ස් / Sunflowers 🌻

සන්ෆලවර් සීඩ්ස් (Seeds) විටම්න් බහුල පෝෂ්‍යදායක ආහාරයක් බව සහ ආහාර පිසීමේදී සන්ෆලවර් ඔයිල් (Oil) භාවිතා කර ගැනීම ඉතාමත් හිතකර බව ඔබ දන්නවා ද?  

මෙම ලිපිය කියවා මේ පිළිබදව වටිනා විස්තර රැසක් ඔබේ දැනුම පොතට එකතු කර ගන්න.

The National Garden Bureau  ආයතනය 2021 අවුරුද්ද “Year of the Sunflower” ලෙසට නම් කර තිබෙනවා. 

“Helianthus annuus” කියන්නේ සන්ෆලවර් වලට කියන විද්‍යාත්මක නාමයයි. මෙම විද්‍යාත්මක නම හැදිලා තියෙන්නේ helios (“sun”) සහ anthos (“flower”) යන ග්රීක් (Greek) භාෂාවෙන් එන වචන දෙකක එකතුවෙනි. 

ඇමරිකාව සහ මෙක්සිකෝව යන රටවල්වල් සන්ෆලවර් මුලින් ම වගා කිරිම ආරම්භ කර තිබෙනවා. ඉන්පසු යුරෝපියන් සහ ඒශියන් (European and Asian) රටවල්වලත් සන්ෆලවර් වගාව බහුලව ප්‍රචලිත වෙලා තිබෙනවා. 

සන්ෆලවර් බොහෝ දුරට දකින්නට ලැබෙන්නේ තද කහ පාට වර්ණයෙනි. රතුපාට, තැඹිලි පාට, මෙරූන් පාට සහ දුඹුරු පාට සන්ෆලවර් වර්ගත් අද වනවිට බහුලව දක්නට ලැබෙනවා. 

සන්ෆලවර් හිරු එලියේ දිශාවට අනුව හැසිරෙන එනම් හෙලිඔට්‍රොපික් (Heliotropic) ලක්ෂණයෙන් යුතු පැල විශේෂයක් වෙනවා.  හෙලිඔට්‍රොපික් ස්වභාවය මල් හටගෙන මුල් කාලයේදී විශේෂයෙන් දකින්නට ලැබෙනවා. මල ප්‍රමාණයෙන් විශාල වී බීජ හට ගන්නා කාලයේදී මලෙහි බර ප්‍රමාණය වැඩිවීම සමග මෙම ස්වභාවය සෙමින් අඩු වී යනවා. 

සන්ෆලවර් උෂ්ණත්වයට හොදින් ඔරොත්තු දෙන නිසා, එමෙන්ම කෘමීන්ගෙන් පැලවලට වන බලපෑම ඉතාමත් අඩුවන නිසා වගා කිරිම පහසු පැල විශේෂයක් වෙනවා. එමෙන්ම 

මී මැස්සන් සහ කුරුල්ලන්ගේ විශේෂ ආකර්ෂණයක් මෙම අලංකාර මල්වලට හිමි වෙනවා. 

මෙම මල්පැල දින 80 ක් 95 ක් අතර කාලයේදි පරිණත ස්වභාවයට පැමිණිනවා. ප්‍රමාණයෙන් විශාල සන්ෆලවර් වර්ග (American Giant Sunflowers) අඩි 15 ක් පමණ උසට වැවෙන බවයි කියවෙන්නේ.

දැනට වාර්තා වුනු උසම සන්ෆලවර් පැලය අඩි 30 යි අගල් 1 ක් උසින් යුතු වේ. මෙය 2014 දී Germany වලින් වාර්තා වී තිබෙනවා. අඩි කීපයක් උසින් යුතු Sunrich or ProCut වැනි නම්වලින් හදුන්වන කුඩා ප්‍රමාණයේ සන්ෆලවර් වර්ගත් දකින්නට ලැබෙනවා. 

ඒවගේම විශාල සන්ෆලවර් මල්වල මැද කොටස එනම් සන්ෆ්ලවර් හෙඩ් (Sunflower head) අගල් 12 ක වගේ ප්‍රමාණයකින් විශාල වෙනවා. එවැනි සන්ෆලවර් හෙඩ් එකක් තුල තවත් කුඩා මල් විශාල ප්‍රමාණයක් තිබෙනවා. 

සන්ෆලවර් බීජ පැල කිරිමේදී කලින් පැල සුදානම් කිරිමේ ක්‍රියාවලියක් අවශ්‍ය වන්නේ නැත. ඔබ තෝරාගත් බිම් කොටසෙහි පෙර සුදානමකින් තොරව බීජ සිටුවා ගත හැකිය. බීජ පැල කිරීමේදී පැය 6 ක් 8 ක් හිරු එලිය වැටෙන හොදින් ජලය බැසයන බිම් ප්‍රදේශයක් තෝරා ගන්න. සන්ෆලවර්  බීජ පැල කිරිමේදී අගල් 1 ක් 1-½ ගැඹුරින් ද පැල අතර පරතරය අගල් 30 ක් ද විය යුතුය.

සන්ෆලවර් සීඩ්ස් මේ විදියට හදලා රස බලන්න…

සන්ෆලවර් සීඩ්ස් Vitamin E සහ Selenium සහිත ඉතාමත් ගුණදායක ආහාරයක් වෙනවා. සන්ෆලවර් සීඩ්ස් මේ ආකාරයට ආහාරය සදහා පිළියෙල කරගත හැකිය. සන්ෆලවර් සීඩ්ස් ලුනු ස්වල්පයක් දමා රැයක් එලිවෙන තුරු වතුරේ පෙගෙන්නට හැර පෙරේනයක් භාවිතයෙන් වතුර ඉවත් කර පේපර් ටවල් (Paper towel) එකකට දමා තෙතමනය අඩු වෙන්නට හරින්න. ඉන්පසු විදුලි උදුනක් (Oven) උෂ්ණත්වය 325 °C තබා විනාඩි 25 ක් 30 ක් පමණ බේක් (Bake) කර ගන්න. ඉන්පසු ඔබ කැමති නම් ඔලිව් තෙල් සහ ලුනු ස්වල්පයක් එකතු කර තවත් රසවත් කර ගත හැකිය. එලවලු සලාද සැදිමේදී සන්ෆලවර් සීඩ්ස් එකතු කරගෙන සලාදයේ රසය සහ ගුණය වැඩ කර ගත හැකිය.

සන්ෆලවර් ඔයිල් (Sunflower oil) සමග නිරෝගී දිවියක්…

සන්ෆලවර් බීජ භාවිතා කර සන්ෆලවර් ඔයිල් සාදා ගත හැකිය. Vitamin E, Omega 3 සහ Omega 6 බහුලව ම ලබාගත හැකි ඉතාමත් ගුණදායි ඔයිල් වර්ගයක් ලෙස සන්ෆලවර් ඔයිල් නම් කල හැකිය. ආහාර පිසීමේදී සන්ෆලවර් ඔයිල් යොදා ගැනිමෙන් ශරීරයට අහිතකර මේදය තැන්පත්වීම අවම කර ගැනීමට මෙන්ම ආහාරවලට හොද රසයක් ලබා ගැනීමට ද ඔබට හැකිය.

ගුණයෙන් සපිරි සන්ෆලවර් සීඩ්ස් සහ ඔයිල් ආහාරයට එකතු කරගෙන නිරෝගීමත් ආහාර රටාවකට හුරුවන්න ඔබටත් හැකි වේවි යැයි අප සිතනවා. 

සටහන: අමා නාකන්දලගේ

Sign up for our newsletter