Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

සමනලුන්ගේ වතගොත

පසුගිය කලාපයේ වගේම අපේ රටේ හැංගිලා ඉන්න තවත් ලස්සන සමනල්ලු රංචුවක් අයිති වෙන කුලයක් ගැන විස්තර කියන්න ආයෙත් අවස්ථාවක් හමුබුනා. මේ කලාපෙදි මම විස්තර ගෙනාවේ Lycaenidae කුලය ගැනයි. ඔගොල්ලොන්ගේ වත්තේ පියාඹන පුංචි ම පුංචි සමනල්ලු ටික අයිති වෙන්නේ මෙන්න මේ කියන කුලයට යි. Lycaenidae තුලයේ අපිට දකින්න හම්බෙන්නේ පුංචි පමානයේ සමනල්ලු. තරමෙන් පොඩි උනාට එගොල්ලෝ කරන සේවය ගොඩක් ලොකුයි. අපි බලමු මේ කුලයේ ඉන්න සමනල්ලුන්ගේ තියෙන විශේෂ හැසිරිම් වගේම විශේෂ ලක්ෂණ මොනවද කියලා.

Lycaenidae කුලය ගත් විට මෙහි සිටින සමනල විශේෂන් හි ව්‍යාප්තිය ලොව පුරා විහිදි පවති. මෙම කුලයේ විශේෂ 5000 ක් පමණ මේ වන විට ලොව පුරා දැක ගත හැක. මෙයිනුත් වැඩි ම විශේෂ සංඛ්‍යාවක් දක්නට ලැබෙන්නේ නිවර්තන ප්‍රදේශ වලයි. ලොවෙහි සිටින සමනලුන් ගෙන් 30% ක් ද සමනල් විශේෂ අයිති යන්නේ මෙම කුලයටයි. ශ්‍රී ලංකාවේ ද වැඩිම සමනලුන් විශේෂ සංඛ්‍යාවක් අයිති වන කුලය වන්නේ Lycaenidae කුලයයි. මෙම පවුලේ වැඩිහිටි සමනලුන් තුඩා ප්‍රමානයේ සිට මධ්‍යම ප්‍රමාණයේ ශරීර දරයි. මොවුන්ගේ දැක ගත හැකි එක් විශේෂ ලක්ෂණයක් වන්නේ ඇතුල් පියාපත් තුල ඇකි වර්ණ සංකලණයයි. බොහෝමයක් Lycaenidae සමනලුන්ගේ ඇතුල් පියාපතෙහි වර්ණය දීප්තිමත් නිල් පැහැයක් ගනි. ඒ හැරුණු විට රතු, තැඹිළි, කළු හා දුඹුරු වර්ණයන් ගේ පුභේද දැකගැනීමට පුලුවන්. තවද මොවුන් ස්පර්ශක හිස මුදුනෙ හි එකට ලංව පිහිටයි. එපමණක් නොව මොවුන් ගේ පිටුපස පියාපත් මත ව්‍යාජ ඇස් පිහිටනවා ද දැකිය හැක. 

මෙම කුලයේ වැඩිහිටි සමනලුන් ගේ හැසිරීම් පිළිබද සාකච්ඡා කලහොත් මොවුන් අතරේ සාමාන්‍ය වේගයෙන් හා වේගවත් ව පියාසර කරන සමනලුන් දැක ගත හැකි වේ. බොහෝමයක් සමනලුන් මල් පැණි මත යැපෙන අතර සමහරක් විශේෂ ගස් මතින් වැගිරෙන යුෂ හා දිරාපත් වෙමින් යන සත්ව මල සිරුරු මතින් ගලනි යුෂයන් මත යැපේ. සාමාන්‍යයෙන් මොවුන් හිරු එළිය පතිත වන නිරාවරණය වු ස්ථානයන් හි නිරීක්ෂණය කල හැකි අතර සමහර විශේෂ වනවාසි හා වියන්වාසි ජීවිත ගත කරයි. බොහෝමයක් විශේෂ වල පිටුපස පියාලත් ‌ෙකලවරෙහි ව්‍යාජ ඇස් සහ වල්ගයක් පිහිටය අතර එය ඔවුන් විසින් රිදුමයකට චලනය ඔබ දැක තිබිය හැක. මෙය සිදු කිරීම මගින් විලෝපිකයන් විසින් මොවුන්ගේ හිස හා ඉදිරිපස පෙදෙස් වලට සිදු කරන හානිය අවම කර ගත හැක. 

Lycaenidae කුලයේ සමනලුන් ගේ බිත්තර පිළිබද සොයා බැලීමේ දි මොවුන් ගේ බිත්තර සුමට වූත් සුදු පැහැයේ සිට තැඹිළි පැහැය දක්වාත් වර්ණ ගනි. මෙම විශේෂයක් ගේ දැළඹුවන් ප්‍රමාණයෙන් කුඩා වන අතර හැඩයෙන් හම්බෙල්ලෙකුගේ හැඩය ගනි. එ විශේෂ කාරණයක් ලෙස මෙම කුලයේ සමනලූන් හා කුහුඹුවන් අතර ඇති සහ-සම්බන්ධතාවය පෙන්වා දිය හැක. මොවුන්ගේ දැළඹුවන් ගේ සිරුර මතින් නිකුත් කරන පැණිමය දියරයක් හේතුවෙන් කුහුඹුවකන් මොවුන් හා බැදි සිටින අතර එමගින් දැළඹුවාටද සේවයක් ඉටු කර දේ. 

මේ වන විට ශ්‍රී ලංකාවේ විශේෂ 86 ක් වාර්ථා වන අතර එය අතරින් විශේෂ 9 ක් ලංකාවට ආවේණික වේ. මෙලෙස මේ කුලය පිළිබදව ගවේශනය කිරිමේදි බොහෝමයක් රසවතු වු ‍තොරතුරු සමුදායක් ඔබ නෙත ගැටෙනු නොඅනුමානය. මෙවැනි වු සුන්දර විශේෂ සිටින මේ පුංචි දුපත රැකගනිමින් ඉදිරි පරම්පරාවට ද මේ සුන්දරත්වය දකින්නට විදින්නට ඉතිරි කරනමෙන් මේ ලිපියේ අවසනෙයේ දි බොහොම ගෞරවයෙන් ඉල්ලා සියිමි.

Sign up for our newsletter