Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

සමනලුන්ගේ වත ගොත.

Papilionidae කුලය

වර්ථමානය වෙද්දි අපිට දකින්න ලැබෙන්නේ අපේ ලෝකය, අපි ඉන්න පරිසරය විනාස කරන හා ඒකේ ලස්සන නැති කරන දේවල්. අවාසනාවකට වගේ පෘථිවියේ ඉන්න දියුණුම සත්වයත් මේ විනාසයන්ට වග කියමින් ඉන්න අතරරේ නොදියුණුයි කියලා වර්ග කරල ඉන්න අනිත් සත්තු මේ ලෝකේ ලස්සන කරන්න දරන උත්සහය දිහා අපි තවමත් කටවල් හයාගෙන බලාගෙන ඉන්නවා. ඉතින් මෙහෙම දියුණු මොළයකුත් තියගෙන අපි නීකන් බලන් ඉන්නවාට වඩා මේක පාවිච්චි කරලා අපේ මේ ලස්සන පරිසරයට වෙන විනාසයන් නවත්තන ගමන් මේක ලස්සන කරන්න උදවු කරන මේ පුංචි පුංචි සත්තු ආරක්ෂා කරන්නත් ඉගෙන ගමු.

පසුගිය කලාපෙන් මේ විදහට අපේ පරිසරය ලස්සන කරන පුංචි සත්තු කාණ්ඩයක් ගැන අපි කතා කරා. ඒ තමයි සමනල්ලු. එතනදි අපි සමනල්ලු කියන්නේ කවුද, ඒගොල්ලෝ වර්ග කරලා තියෙන්නේ කොහොමද කියන දේවල් කතා කරා. මේ කලාපයෙදි කතා කරන්න යන්නේ සමනල්ලු බෙදලා වෙන් කරලා තියෙන එක කුලයක් (family) ගැනයි. ඒ තමයි Papilionidae කුලය. අපි බලමු මේ කුලයට අයිති වෙන්නේ මොන වගේ සමනල්ලුද කියන එක.

Swallowtails එහෙමත් නැත්තන් papilionids යනුවෙන් Papilionidae කුලයේ සමනලුන් හදුන්වනු ලබයි. ලෝකය පුරා මොවුන්ගේ ව්‍යාප්තියක් දැකගත හැකි අතර නිවර්තන කලාප වල බහුල වශයෙන් දැක ගත හැකි වේ. මධ්‍යම ප්‍රමාණයේ සිට විශාල ශරීර ප්‍රමාණය දක්වා සමනලුන් විශේෂ පන්සිය ගනනක් මෙම කුලයට අයිතිවාසිකම් කියනු ලබයි. වර්ණ සංකලනය අතින් විවිධ වු වර්ණයන් ගෙන් යුක්ත සමනලුන් මෙම කුලයෙන් ඔබට දැක ගත හැකි වේ. Papilionidae කුලයේ සමනලයින් ස්වභාවික පරිසරයේ දි අපට හමු වු විට හදුනා ගැනීමට භාවිතා කල හැකි ලක්ෂණ කිහිපයක් මෙසේ සදහන් කල හැක. මෙවා භාවිතයෙන් අපට ස්වභාවික පරිසරයෙදි මෙම කුලයේ සමනලුන් පහසුවෙන් හදුනා ගැනීමට හැකි වේ.

පළමු ලක්ෂණය වශයෙන් අපට හොදයාකාරවම දැක ගැනීමට හැකිවන්නේ විශාල දිගු පියාපත් ය. අනෙක් කුල වල සිටින සමනලුන්ට වඩා මෙම කුලයේ සමනලුන්ගේ පියාපත් ප්‍රමාණයෙන් විශාල වන අතර දිගැටි වේ. තවද පසුපස පියාපත් වල අග දිගු වල්ගයක් සමහරක් විශේෂ වල දැක ගත හැකි වේ. ඒ වගේම මොවුක්ට දිගු ශුණ්ඩාවක් (proboscis) ද දැක ගත හැකි වේ. පාද ගත් විට හොදින් වර්ධනය වු පාද යුගල් 3 ක් මෙම විශේෂ වලට පිහිටයි. විශේෂයෙන් ම මොවුන්ගේ පාද කෙලවරේ නකර වැනි අවයවයක් පිහිටයි. මෙම කුලයේ සමනලුන් වේගවත් පියාසැරියන් වේ. ප්‍රමාණයෙන් විශාල සමනලුන් පරිසරයේ එහා මෙහා සෙමෙන් පියාසර කිරීමෙන් විලෝපිකයන්ට හසුවීමේ ප්‍රවනතාවය වැඩිවීම මෙයට බලපා ඇත. මල්පැණි මොවුන්ගේ ප්‍රධාන ආහාරය වේ. ඊට අමතර සත්ව මලකුණු හා මලපහ මත හිද එහි යුෂ උරා බොන අයුරු ද දැක ගත හැක.

ඉහත සදහන් කර සියලු ලක්ෂණ වැඩිහිටි සමනලයින් ගේ දක්නට ලැබෙන ලක්ෂණ වන අතර මොවුන් ගේ දැළඹුවන් (larvae) ගේ ද තවත් වු විශේෂ ලක්ෂණ දැක ගත හැකි වේ. මොවුන් බිජු ලෑමේදි ශාකයේ එක් පත්‍රයක එක් බිත්තරය ක් බැගින් දැමන අතර බිත්තර ලා කහ පැහැයේ සිට තැඹිලි පැහැය දක්වා වර්ණ ගනි. මෙම කුලයේ බොහෝමයක් සමනලුන් සප්සද, දෙහි, කුරුදු හා අනෝදා වැනි ශාක වල බිජු ලෑම සිදු කරයි. බිත්තරයෙන් එලියට පැමිනෙන දැළඹුවන් විවිධ වු දීප්තිමත් වර්ණයන් ගෙන් යුක්ත වන අතර ඒ හැරුණු කොට කුරුළු වසුරු වැනි ස්වරූපයන් ගෙන් ද සමහරක් විශේෂ සාර්ථක ලෙස වේශාන්තරණය හි නිරත වේ. මොවුන්ගේ තවත් එක් විශේෂයත් වනුයේ දැළඹවන්ගේ උරසෙහි පිහිටන Osmeteria යනුවෙන් හැදින් වෙන අවයවයයි. මෙය මෙම කුලයේ සිටින සමනලු දැළඹුවන් ගේ පමණක් දැකගත හැකි අතර මෙය තම සතුරන් බිය වැද්දීම සදහා යොදා ගනි. බිය වු විට මෙය ප්‍රදර්ශණය කරමින් ඔවුන් ව පලවා හරි. මෙමගින් යම්කිසි ගන්ධයක් පිටවන අතර මිනිසුන් වන අපටද එය හොදින් දැනේ. මෙවුගේ කෝෂය ද හොදින් වේශාන්තරණය පෙන්වන අතර එය සිල්ක් (silk) නූලක් මගින් සවිවන පෘෂ්ටය මත හා යා කෙරේ.

ඉහතින් සදහන් කරපු විදිහට Papilionidae කුලයේ සමනලුන් අපිට ස්වභාවික පරිසරයේ දි හදුන ගන්න මේ කියන ගක්ෂණ බොහෝමත් ම උපකාරී වෙනවා. අපිට ශ්‍රී ලංකාවේ Papilionidae කුලයට අයිති වෙන සමනලුන් විශේෂ 15 දෙනෙක් දැක බලා ගන්න පුලුවන් වෙනවා. ඒ කියන්නේ ලංකාවේ ඉන්න සමනලුන් ගෙන් 6% ක් අයිති වෙලා තියෙන්නේ මේ කුලයටයි. මේ 15 දෙනාගෙන් එක වි‌ශේෂය ක් හා එක උප විශේෂයක් ශ්‍රී ලංකාවට ආවේනික වෙනවා. ඒ වගේම ලංකාවේ හමුවෙන විශාලම හා ශ්‍රී ලංකාවේ ජාතික සමනලයා වෙන Sri Lanka Birdwing (Troides darsius) හෙවත් ශ්‍රී ලංකා සියොත් වැන්නා අයිති වෙන්නෙත් මේ කුලයටමයි.

ඉතින් මේ වගේ සමනලුන් අයිතිවෙන තවත් කුල ගැන ඊලග කාලාපෙ දි හමුවෙමු.

හිරුනි පීරිස් දැරනියගල

Sign up for our newsletter