Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

සම රැලි වැටීම වළකාගනිමු

සුපුරුදු පරිදි ඔබවෙත ගෙන එන අපගේ රූපලාවණ්‍යය ලිපිපෙළ තුළින් අද අප කතාබහ කරන්නට සූදානම් වන්නේ ඔබගේ සම වියපත් වීම

වළකාලමින් ස්වාභාවිකව ම තරුණ පෙනුම රැක ගැනීමට ඔබට කළහැකි දේ පිළිබඳව කතාබහක නියැලෙන්නට යි.

නීරෝගී තරුණ පෙනුමැති සමක් සඳහා ඔබ විසින් පවත්වාගෙන ‍යා යුතු අනිවාර්යය පුරුදු තිබේ.

*) දිනපතා වැඩිපුර ජලය පානය කිරීම.

ඔබ සම රැලිවැටීම,සම අවපැහැගැන්වීම වයසට වඩා වියපත් පෙනුමක් ලැබීම වැනි ගැටළු ඇති අයෙකු නම් පළමුවෙන් ම ඔබ කළයුතු වන්නේ දිනපතා නිවැරදි ප්‍රමාණයකින් ජලය පානය කිරීම යි. ඔබ කුමන ආකාරයේ ජීවනරටාවකට හුරුවූ අයෙක් වූව ද, නොවරදවා ම හොඳින් වැඩිපුර ජලය පානය කිරීමට පුරුදු වන්න. එමඟින් සමේ තෙතමනය රඳාපැවතීම සහ පැහැපත් කිරීමේ කාර්‍යයන් මනාව ඉටුකරනු ලබ යි.

*) සීනි සහ අධික පැණිරස සහිත ආහාර පාන ගැනීම නවත්තන්න . අව ම කරන්න .

සීනි භාවිතය අව ම කිරීමෙන් ඔබේ ශරීරයේ ඉන්ද්‍රියයන් ක්‍රියාකාරීත්වය මනාව පවත්වාගෙන යාමට අවශ්‍යය ඉඩ සැළසෙන අතර අනවශ්‍යය බර සහ ලෙඩ රෝග ඇතිවීම වළකාලීමට ද උපකාර වේ. මේ සියල්ල සමෙහි සෛලවල ප්‍රාණවත් සහ මනා ක්‍රියාකාරීත්වයක් පවත්වාගැනීමට හේතු වේ.

*) හොඳ නින්දක් ලබාගන්න.

සම රැලිවැටීම නවත්වන්නට සිහින දකින්නේනම් රාත්‍රියේ දී ඉතා හොඳ නින්දක් ලබා ගැනීම ඉතා ම වැදගත් වේ. රාත්‍රී නින්දේ දි දිනයක් මුළුල්ලේ වෙහෙස වීමෙන් හා බාහිර පරිසරය හා ගැටුණු ඔබේ ශරීරය ප්‍රකෘතිමත් කර සමට අවශ්‍යය විවේකය මෙන් ම නැවුම්බවක් එක් කරන්නට නින්දට හැකියාව ඇත. හැකි හැමවිට ම වේලාසනින් නින්දට යන්න අමතක කරන්න එපා. එමෙන් ම මුහුණ උඩට සිටින පරිදි උඩුකුරුව නිඳාගැනීමට උත්සාහ කරන්න. මෙම නිවැරදි පුරුදු ඔබගේ සම නැවුම් ව තබාගැනීමට උපකාර කරනු ඇත.

*)උසස් තත්ත්වයේ moisturizer භාවිත කරන්න.

ඔබගේ වයස, සමේ ස්වාභාවය අනුව සුදුසු moisturizer cream භාවිත කරන්න. මුහුණේ සමට ගැළැපෙන සහ ශරීරයට ගැළැපෙන moisturizer ලෙස තෝරාගන්න. හැමවිට ම තත්ත්වයෙන් උසස් ම නිෂ්පාදන ම තෝරාගන්න. ඒ සඳහා ඔබගේ රූපලාවණ්‍යය ශිල්පියා / ශිල්පිනියගේ උපදෙස් පතන්න. අප එකිනෙකාගේ සම සහ සමේ ස්වාභාවයන් වෙනස් නිසා ඔබ වෙනුවෙන් එම වෙනස්කම්වලට ගැළැපෙන ම නිෂ්පාදන තෝරාදීමට අවශ්‍යය දැනුම ඔවුන් සතු වේ. හැම විට ම ඔබගේ ජීවන රටාවට අනුව ඒවා තෝරාගන්න.උදාහරණයක් ලෙස ඔබ එළිමහනේ නිතර ගැවසෙන රැකියාවක් කරන අයෙකු නම් ඒ සඳහා සුදුසු ක්‍රීම්වර්ග තෝරාගන්න. එහි දී තෙල් සහිත සහ ඇලෙන සුළු moisturizer භාවිතය සුදුසු නොවේ. නිතර එළිමහනට නොයන අයෙකු පාවිච්චි කළයුතු ආකාරයට වඩා එය වෙනස් බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කරන්න.

*) Cleansing Brush එකක් භාවිත කරන්න.

සම පිරිසුදු කිරීමේ දී එය හොඳ ම තත්ත්වයේ cleanser සමඟ cleansing brush එකක් භාවිත කිරීමෙන් වඩා සාර්ථක ප්‍රථිපල ලබාගත හැකි ය. එමඟින් ඔබේ සමේ මැරුණු සෛල ඉවත් කිරීම සහ ඇඟිලිතුඩු භාවිතයට වඩා ගැඹුරින් සම පිරිසුදු කරනු ඇති අතර එය ඔබේ සම මත කුරළෑ ලප කැළල් ඇතිවීම වළකාලීමට ද උපකාර වනු ඇත

*) ශරීරයේ බර නියමිත පරිදි පවත්වාගන්න.

ඔබට ඇත්තේ අධික ස්ථූල බවින් යුතු ශරීරයක් හෝ අධික කෙසඟ බවකින් යුතු ශරීරයක් නම් පළමුව BMI   දර්ශකයට අනුව ඔබගේ ශරීර බර අඩු / වැඩි කරගන්න. අධිබර මෙන් ම අධික කෙසඟ බව ද ඔබගේ රූ සපුවට හානි කරන අතර සම අවපැහැ ගැන්වීම , කැළැල් ඇතිවීම ද නොවැළැක්විය හැකි නොවනු ඇත. එබැවින් සෞඛ්‍යය ම ය ප්‍රතිලාභ මෙන් ම ඔබගේ රූ සපුව වර්ධනයට ද ශරීරයේ නිසි බර පවත්වාගෙන ‍යාම අතිශය වැදගත් වේ.

*) ඇමයිනෝ අම්ලය අඩංගු Anti – aging cream

එකක් භාවිත කරන්න.

එමඟින් ඔබගේ වියපත් වෙමින් පවතින සම නීරෝගී කරමින් තරුණ බව රැකදෙන්නට මහඟු කාර්‍යයක් ඉටු කරනු ඇත. මේ සඳහා ද ඔබගේ රූපලාවණ්‍යය ශිල්පිනිය/ශිල්පියාගේ උපදෙස් පතන්න.

*) ව්‍යායාම කිරීමෙන් අනතුරුව හැකි විගස ස්නානය කරන්න.

ව්‍යායාම කිරීමෙන් පසු දහදිය දැමීමෙන් සමේ රෝමකූප මනාව විවර වේ. එබැවින් ව්‍යායාම කළ විගස ස්නානය කිරීමෙන් ඔබේ සම හොඳින් පිරිසුදු කරගත හැකි අතර නැවුම් බවකින් සම ප්‍රකෘතිම ත් කිරීමට එවැන්නකට හැකි ය.

*) සෝයා ප්‍රෝටීන අඩංගු hydrolyzed cream

වර්ගයක් භාවිත කරන්න.

සෝයා ප්‍රෝටීන මඟින් ඔබේ සමෙහි තෙතමනය වඩා රැකදෙන අතර සමෙහි ඇති රැලි ඉවත් කරමින් සමට වඩා සුමුදු තරුණ බවක් ලබා දෙන්නට සමත් වේ.

එමෙන් ම එළවලු , පළතුරු බහුලව අඩංගු සමබර ආහාරවේල් ගැනීම මෙම පියවර අතර ඉතා ම වැදගත් ස්ථානයක් ගන්නා බැවින් ඒ පිළිබඳව ද සැලැකිලිමත් වන්න.  ඉහත පියවර අනුගමනය කිරීමෙන් වයස යනු ඉලක්කමක් පමණක් බව සනාථ කිරීමට ඔබට හැකිවනු ඇත. සමෙහි ඇති දුර්වලතා අව ම කරමින් තරුණ බව රැකදෙන්නට ඉහත ක්‍රම ඔබට උපකාර වනු ඇත . එසේ නම් නැවත මෙවැනි ලිපියකින් අපි මුණගැසෙමු.

ඔබගේ ඕනෑම රූපලාවණ්‍ය ගැටළුවක් සඳහා හෝ මනාලියක් වීමටඉන්නා යුවතියකට අවශ්‍ය උපදෙස් ලබාගන්න අමතන්න

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනි

සමීර ජයසිංහ

07402992944

Sign up for our newsletter