Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

Tres Leches (Milk Cake)

අවශ්‍ය ද්‍රව්‍ය:

– පිටි කෝප්ප 1

– බේකින් පවුඩර් තේ හැඳි 1 1/2

– ලුණු තේ හැඳි 1/4

– බිත්තර 5

– සීනි කෝප්ප 1 (කෝප්ප 1/4 සහ  3/4 ලෙස වෙන් කර ගන්න)

– වැනිලා තේ හැඳි 1

– කිරි කෝප්ප 1/3

කිරි මිශ්‍රණය සාදා ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය:

– Evaporated milk කෑන් 1

– Condensed milk කෑන් 1

– Heavy cream කෝප්ප 1/4

Whipped cream සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය:

– Heavy cream/ double cream 500 ml

– අයිසින් සීනි තේ හැඳි 3

සාදන ආකාරය:

– Oven එක සෙල්සියස් අංශක 175 (non fan oven) උෂ්ණත්වයේ  කලින් රත් කර ගන්න.  අඟල් 9×13 බේකින් tray එකක් බේකින් පේපර්ස් ද මා සකස් කරගන්න.

– පිටි, බේකින් පවුඩර සහ සීනි භාජනයකට දමා මිශ්‍ර කර පසෙකින් තබන්න. බිත්තර, සුදු මද සහ කහ මද ලෙස වෙන් කර ගන්න.

– Condensed milk, evaporated milk සහ heavy cream භාජනයකට දමා හොඳින් කලවම් කර කිරි මිශ්‍රණය  සාදා ගන්න.

– බිත්තර කහ මද සහ සීනි 3/4 භාජනයකට දමා electric mixer එකක් ආධාරයෙන් ලා කහ පාට මිශ්‍රණයක් වන තුරු හොඳින් ගසාගන්න. කිරි සහ වැනිලා එයට දමා හොඳින් මිශ්‍ර කරන්න. බිත්තර මිශ්‍රණය කලින් සකස් කරගත් පිටි මිශ්‍රණයට දමා spatula එකක් ආකාරයෙන් සෙමින් මිශ්‍ර කර ගන්න.

වෙන් කර ගත් බිත්තර සුදු මද electric mixer එකක් ආධාරයෙන් ගසා ගන්න. එයට ඉතිරි සීනි කෝප්ප 1/4 ද දමා සුදු පාට තද මිශ්‍රණයක් එන තුරු ගසා ගන්න.

– ඉන්පසු බිත්තර සුදු මද මිශ්‍රණය කලින් සකසා ගත් පිටි මිශ්‍රණයට දමා සෙමින් මිශ්‍ර  කරගන්න (use folding method).

දැන් මිශ්‍රණය බේකින් tray එකට දමා විනාඩි 40-45 බේක් කරන්න. Toothpick එකක් ආධාරයෙන් බේක් වී ඇද්දැයි බලන්න.

– බේක් වූවායින් පසුව හොඳින් නිවෙන්නට හරින්න. නිවුනාට පසු fork එකක් ගෙන කේක් එක පුරාවටම කුඩා හිල් ආකාරයට සිදුරු කර ගන්න.

දැන් කලින් සකස් කරගත් කිරි මිශ්‍රණය ගෙන කේක් එක පුරාවට වත් කරගන්න. හොඳින් උරා ගැනීම සඳහා විනාඩි 30ක් පමණ වසා තබන්න.

– whipped cream සහ අයිසින් සීනි hand mixer එකක් ආධාරයෙන් ඝන මිශ්‍රණයක් වන තුරු ගසා ගන්න. දැන් whipped cream මිශ්‍රණය කේක් එක මත තවරා ගන්න. තවත් රසවත් කර ගැනීම සඳහා strawberry සිහින්ව කපා එයට උඩින් දමා ගන්න.

– දැන් කැබලි වලට කපා පිළිගන්වන්න.

Anushka Nanayakkara

 (Diploma in Cake Decorating. RL Clement Cake School, Sri Lanka)

Sign up for our newsletter