Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

හැමදාම අනුන් එක්ක කතා කරන නිසා දවසක් තමන් එක්කත් කතා කරලා බලන්න


හැමදාම අනුන් එක්ක කතා කරන නිසා දවසක් තමන් එක්කත් කතා කරලා බලන්න.
උදේ ඇස් ඇරපු වෙලේ ඉඳන් රෑට ඇස් පියවෙනක්ම් අපි කී දෙනෙක් එක්ක කථා කරනවා කියලද?
දුක සැප අහන්න, බනින්න, අගය කරන්න, හිනා වෙන්න, අඬන්න, ඕපයක් හොයන්න ඔය වගේ දහසකුත් දේවල් වලට දවසෙම දහසක් දෙනා එක්ක කථා කළාට නිකමටවත් ඔයා ඔයා එක්ක කථා කරලා තියනවද??
 තමන් තමන්ම එක්ක කථා කරන්නෙ අහවල් දේකටද? එහෙමද හිතෙන්නෙ 

☺️

 නිකමට වගේ මොහොතකට  ඔයා එක්ක ටිකක් කථා කරලා බලන්නකෝ,
ඔයා හොඳින් ඉන්නවද?
ඔයා ඉන්නෙ දුකෙන් නම් ඒ ඇයි?
ඔයා ඔයා වෙනුවෙන් මොනවද කරන්නෙ..
ඔයා ගැන ඔයා තෘප්තිමත්ද..
ඔයාගේ හෙට දවස කොහොම වෙනවටද ආස
කියලා ඔයාගේ හිතෙන් අහල බලන්නකො .
සමහරවිට ඔයා ලෝකෙට පේන තරම් හොඳ කෙනෙක් නෙමෙයි කියලා හිත කියයි. නැත්තම් ලෝකෙ මොනවා කිව්වත් ඔයා පට්ටම පොරක් කියලා හිත මතක් කරලා දෙයි. කාටත් හොරෙන් කරපු නපුරුකම් දුෂ්ටකම් ටික හදවත හිමින් මතක් කරලා දෙයි.කරපු මිත්‍රදෝහී කම් ටික පපුවෙන් ඔලුවට ඇවිත් පොල් ටෝක්කක් අනියි. කරපු යහපත්කම් ටික ලස්සන හිනාවකුත් අරන් තොල් මැද්දට එයි . අමතකවෙච්ච යුතුකම් මග ඇරිච්ච මිනිස්සකම් ටික මතකේ උඩ හරියට මතුවෙලා එයි.
එක්කෝ ඔයා ගැන ඔයාට පට්ට මොරාල් එකකුත් එක්ක පුදුම ආදරයක් දැනෙයි, නැත්තම් අනේ අපොයි එකකුත් එක්ක මාර කලකිරීමක් දැනෙයි.
ඒ කොහොම උනත්, හිත එක්ක කථා කරන්න පටන් ගත්ත දාට ඔයාට ඔයාව හම්බෙයි.
 තමන් එක්ක එක මොහොතක් වත් කථා නොකර, ලෝකෙත් එක්ක දවසම කථා කර කර හිටියට ලෝකෙටම පද තාල හද හද හිටියට පලක් නැහැ,
ඒකෙන් වෙන්නෙ, අන්තිමට අසීමිතව ස්ට්‍රෙස් වෙලා මානසික ලෙඩ්ඩු වෙලා අනිත් මිනිස්සුන්ගේ ජීවිත දිහා බල බල තරහෙන් පුපුර පුපුර විඳවන්න වෙන එක විතරයි.
නිකමට වගේ අද හෙට වෙලාවක් දාගෙන ඔයා එක්ක ටිකක් ආදරෙන් කථා කරලා බලන්නකො, ඔයා හිතන් ඉන්නවට වඩා ගොඩක් දේවල් ඔයා ගැන ඔයාගෙ හදවත දන්නවා ඒ පාඩම් ඔක්කොම මතක සටහන් අත්දැකීම් එක්ක එකතු වෙලා ඔයාට උගන්නයි.
 අමතක වෙච්ච බොහෝ දේවල් ඔලුව අත ගගා මොළය ඔයාට මතක් කරයි.
ඔයාට ඔයාව හමුවුන දවසට ජීවිතේ මාරම රහට දැනේන්න පටන් ගනියි.
ඇත්තටම ඒක හරි සුන්දර හමුවීමක් වෙයි.

අනිශා ජයකොඩිජීවන කුසළතා හා පෞරුෂ වර්ධන උපදේශිකා

Sign up for our newsletter