Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

ෆෝලික් අම්ලය [FOLIC ACID]

ෆෝලික් අම්ලය මෙය ඇසූ පමනින්ම සිහියට එන්නෙ මේ විටමින් ගන්නෙ ගර්භනී කාලයෙ එහෙම නැත්තං දරුවෙක් බලාපොරොත්තු වෙන තරුණ කාන්තාවන් කියල ,ඇත්තටම මේ ෆෝලික් අම්ලය කියන්නෙ  විටමින් Bවර්ගයක් . එය ශරීරයට ඉතාමත් වැදගත් විටමින් එකක්. ඒවගේම  බාල මහලු, ස්ත්‍රී ,පුරුෂ සියලු දෙනාටම වැදගත් .  ගර්භනී කාලයේදී ෆෝලික් අම්ල ඌණතාවය නිසා, දරුවාට ඉතා අයහපත් බලපෑම් ඇති වීමට විශාල හැකියාවක් ඇති නිසයි විශේෂයෙන් ඒ අයට මේව දෙන්නෙ .

ගර්භනී සමයේ මෙම විටමිනය අවශ්‍ය ප්‍රමාණය ට නොලැබී යාමෙන්, දරුවන්ගේ උපතේදීම මොළයේ හා සුසුම්නාවේ විකෘති හා ආබාධ ඇතිවීමට පුළුවන් .

ඒකයි හුගක්  දෙනා හිතන්නේ ෆෝලික් අම්ලය ලබා ගත යුත්තේ ගර්භනී මව්වරුන් පමණක් කියල . එය  ඉතා වැරදි අදහසක් . එය සෑම දෙනාම ලබා ගත යුතු විටමිනයක් .

මෙම විටමිනය

*   රතු රුධිරානු සෛල හා සුදු රුධිර සෛල සෑදීමට ෆෝලේට් අත්‍යාවශ්‍ය වේ.

 * ඇමයිනෝ අම්ල සංස්ලේෂණයේදී විශේෂ B12 සමඟ එක් වී ෆෝලේට් විශේෂ මෙහෙයක් ඉටු කරයි.

* හිමෝග්ලොබින් වල යකඩ   සංයුතියට ෆෝලික් ඇසිට් අත්‍යාවශ්‍ය වේ.

* මව් කුස තුල සිටින කලළයේ  හා දරුවාගේ ස්නායු පද්ධතියේ මෙන්ම මොළයේ වර්ධනයට ෆෝලික් ඇසිට්  ඉවහල් වේ.

* පිළිකා රෝග වැළදීමේ අවදානම අඩු කරයි.

*හදවත් රෝගීන්ගේ අවධානම අඩු කරයි.

දිනකට ෆෝලික් අම්ලය 5mg ප්‍රමාණයක් අවශ්‍ය වේ. එමෙන්ම කිරි දෙන හා ගර්භනී මවකට මෙම ප්‍රමාණ අතිරේකව ලබා ගත යුතු බව වෛද්‍ය මතයයි.

කාන්තාවක් ගර්භනී මවක් වීමට මාස 3 කට පමණ පෙර මෙම ෆෝලික් ඇසිඩ් ලබා ගත යුතුය. මන්ද යත් ගර්භනී සමයේ මුල් අවධියේ දරු ගැබෙහි ස්නායු නාල හා මොළයේ සෛල වර්ධනයට මෙම ෆෝලික් ඇසිඩ් උපකාරි වන අතරම දරු ගැබද ආරක්ෂා කිරීමට උපකාරි වේ.

නිවිති, ගෝවා, සෝයා බොංචි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන, තිරිඟු නිෂ්පාදන , රටකජු , කඩල, මල්ගෝවා, අලිපේර, ගස්ලබු ආදී ආහාර වල මෙන්ම කොළ පැහැති එළවළු හා පලා වර්ග වලින් අපේ ශරීරයට අවශ්‍ය ෆෝලික් ලබාගැනීමට පුළුවන් .

ෆෝලික් ඇසිඩ් වල ඌනතාවයන් නිසා

* DNA සංස්ලේෂණය දුර්වල වන අතර නීරක්තිය ඇතිවේ.

*  බර අඩු වීම, නොමේරූ දරු උපත් ඇතිවීම දැකිය හැකිය.

*දරු ගැබෙහි ස්නායු සෛල හා මොළයේ සෛල වර්ධනය අඩාල වේ.

කෙසේ වෙතත් පිටතින් ෆෝලික් ඇසිඩ් ලබා ගැනීමේදී වකුගඩු රෝගීන් හා ඖෂධ වලට ආසාත්මිකතා ඇති පුද්ගලයන් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම යෝග්‍ය වේ.

මෙම විටමිනය අතුරු ආබාධ ඉතා දුර්ලභ අතර ඔබ යම් රෝගී තත්වයක් සදහා ප්‍රතිකාර ලබන කෙනෙක් නම් වෛද්‍ය උපදෙස් මත මේවා ලබා ගැනීමට කටයුතු කරන්න.

Sign up for our newsletter