Api-Slide-56-1
Api-Slide-56-2
Api-Slide-56-3
Api-Slide-56-4
previous arrow
next arrow

ඉතිපිසෝ පාඨයේ අනන්ත ගුණය

ඉතිපිසෝ පාඨයේ අනන්ත ගුණය

කුඩුම්බිගල කියන ආරණ්‍ය භික්ෂූන් වහන්සේලාට ලැබෙන්න ඉස්සෙල්ල එහි හිටියා බෞද්ධ නොවන අන්‍යාගමික පින්වතෙක්.එහි කැලෑවට ගිහිල්ලා බොහෝ විවේකීව ජීවත්වෙමින් සිටියා.නමුත් මෙතුමා බුද්ධ ධර්මය ගැන යම් පමණක් දන්නවා.

ඔය අතර එක දවසක් තමන්ට දෙවි කෙනෙක් කියනවා වගේ සිහිනෙන් යම් පණිවිඩයක් ලැබුණා.ඒ කියන්නේ පිංවත මෙන්න මේ මන්ත්‍රය පාඩම් කරගන්න කියල ඉතිපිසෝ ගාථාව කියල දුන්නා.එතුමා ඉතිපිසෝ ගාථාව දන්නව.ඉතිං එතුමා අවදිවෙලා කල්පනා කලා මේක බෞද්ධයන්ගේ වචනයක්නේ බුදුරජාණන්වහන්සේගේ ගුණපාඨයක්නේ මේක මට මොකටද කියල හිතාගෙන හිටියා.

නමුත් ඒදා එතුමා ඇවිදගෙන යද්දී යම්කිසි දොල පාරකින් බැහැල ගොඩවෙන්න හදනකොට දැවැන්ත වලහෙක් හරියටම මූණට මූණ ආවා.එතකොට මෙතුමාට අර සිහිනේ සිහිවෙලා එක පාරට ඉතිපිසෝ ගාථාව කිව්වා.මේ වලසා විදුලි වේගයෙන් ආපස්සට පැනල දිව්වා.ඒදා තමා මෙතුමා තේරුම් ගත්තේ මේ මන්ත්‍රයේ තියෙන මහානුභාවසම්පන්න කම.ඊට පසුව මෙතුමා හැම වෙලාවේම ඉතිපිසෝ ගාථාව භාවිත කරන්න පටන් ගත්තා. ඒ අතර ඊට සුදුසු ආරණ්‍යයක් සොයමින් සිටිය භික්ෂූන් වහන්සේලාට ඒ ස්ථානය බාර දුන්නා.එතුමා සැබෑ බෞද්ධයෙක් වෙලා ජීවිතාන්තය දක්වා සිල් ගුණ පිරුවා.මොන තරම් පුදුම සිද්ධියක්ද මේ දැවැන්ත වලහෙක් හරියටම මූණට මූණ මේ අත දිගට පමණ සමීප වෙලා ඇගට පනින්න ඉන්න වෙලාවෙදී ඉතිපිසෝ ගාථාව සිහිකල පමණින්ම ආරක්ෂාව සැලසුණා.

මේක නිසා බෞද්ධයන් වශයෙන් අප විසින් සැමවිටම තබන තබන පියවරක් ගානේ ඉතිපිසෝ ගාථාව සිහිකල යුතු වෙනවා.

නිදාගන්න ගියත් ඉතිපිසෝ ගාථාව සිහි කරලා නිදාගන්නට ඕන.අවදි වෙනකොට ඉතිපිසෝ ගාථාව කියමින් අවදි වෙන්නට ඕන.ආහාර ගැනිමේදී ඉතිපිසෝ ගාථාව සිහි කරල ආහාර ගන්නට ඕන. අද කාලේ ගන්න ආහාර බොහෝ සෙයින් මේ රසායනික දේවල් මිශ්‍ර නිසා ශරීරයට විෂ නොවුණ පිණිස ඉතිපිසෝ ගාථාව සිහිකරල තමන්ම සත්‍ය ක්‍රියා කරගෙන ආහාර ගන්නට ඕන.වතුර නෑමේදී ඉතිපිසෝ ගාථාව සිහි කරල වතුර නාන්නට ඕන.එ වගේම යම්කිසි දෙයක් පටන් ගන්න ඉස්සෙල්ල ඉතිපිසෝ ගාථාව කියල පටන් ගන්න ඕන.

හැම වෙලාවෙම ඒක සිහි කරනව නම් ඒ ඒ කාර්යයන් බොහොම සාර්ථකව සැනසිල්ලේ සම්පූර්ණ කරගන්නට ශක්තියක් ලැබෙනවා.මේක නිසා අද කාලේ විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට ආරක්ෂාව සඳහාත් ජනතාවට ආරක්ෂාව සඳහාත් ඉතිපිසෝ ගාථාව අපි නිතර භාවිත කරමින් මේ ආරක්ෂාව දස දිසාවට විහිදුවන්නට ඕන.

මේ ශක්තිය අසීමිතයි.මෙහෙ ඉදගෙන ඇමරිකාවේ ඉන්න කෙනෙකුට වුණත් ඉතිපිසෝ ගාථාව සිහිකරල එක එක ගුණයකින් සෙත් පැතීමෙන් පුදුම ආශ්චර්ය ආනිසංස දැකගත හැකිවෙනවා.

මේ විදියට අත්දැකීම් රාශියක් අපි දැකල අහල තියෙනවා.ඉතිපිසෝ ගාථාව එක එක ගුණයක් සිහිපත් කරමින් ඕනෑම දුදාන්තයෙක් සුදාන්තයෙක් කරගැනීමට පුළුවනි.

අරහං ගුණ අනන්තයි අනන්ත අරහං ගුණ බලයෙන් මම වෛර නොවෙමි,තරහ නොවෙමි,නිදුක් නීරෝගි සුවපත් වෙමි.මා මෙන්ම අන් අයද අරහං ගුණ බලෙන් වෛර නොවේවා තරහ නොවේවා නිදුක් නීරෝගී වේවා සුවපත් වේවා ආදී වශයෙන් මෙත් සිත පැවැත්වීමෙන් එක එක ගුණයක් ගානේ ඕනැම රෝගියෙකුට සෙත් පතල ඔහු සුවපත් කරන්න තරම් බලයක් ඒකෙන් ලැබෙනවා.

සාදු සාදු සාදු 🙏

අති පූජනීය නා උයනේ අරියධම්ම නායක හිම්පාණන්ගේ දේශනාවකි.

Sign up for our newsletter