Api-Slide-56-1
Api-Slide-56-2
Api-Slide-56-3
previous arrow
next arrow

දෙවියන් වහන්සේට සැබෑ ලෙස

දෙවියන් වහන්සේට සැබෑ ලෙස

ප්‍රේම කරමින් වස්තුව උරුම

කරගන්නෝ වෙමු!

"මට පෙම් කරන්නන්ට වස්තුව හිමි කර දීමෙන්

පොළොවේ සහ ස්වර්ගයට උරුමකම් කියන දේවදරුවනේ

මොහොතක් අපි ඉහත බයිබල් පදය දෙස අපගේ මනස

යොමු කරමු.

මෙම පදය තුළ පැහැදිලිවම අපට පේනවා දෙවියන්

වහන්සේට ප්‍රේම කරන අයට වස්තු උරුමකර දෙන බව.

ඉතින් ඔබටත් මෙම වස්තුවට උරුමයක් ලබාගන්න නම්

සර්ව බලධාරි දෙවියන් වහන්සේට ප්‍රේම කරන මනුෂ්‍යයෙක්

වෙන්න. ඒවගේම අපට තවත් බයිබල් පදයක් මෙසේ පවසයි,

(හිතෝපදේශ 10:22)

"සමිඳුන්ගේ ආසිරි සෞභාග්‍යය සලසයි; දැඩි

ශ්‍රමයෙන් එය වැඩි කළ නොහැක."

මෙහිදී අපට පැහැදිලිවම පෙනෙනවා උන්වහන්සේගේ

ආශිර්වාදය ලැබෙන අපිට එයට දුක එකතු නොකරන බව.

ඉතිං මොහොතක් කල්පනා කර බලන්න දෙවියන් වහන්සේ

ඔබට, මට මොන තරම් ප්‍රේම කරනවද කියා. ඉතිං

මොහොතක් නවතින්න මෙය හොඳින් මෙනෙහි කරන්න

ජීවිතය ජය ගැනීමට දෙවියන් වහන්සේව සොයන

මනුෂ්‍යයෙක් වෙන්න. එවිට ජේසු ඔබට ආශිර්වාද කරන

සේක.

ඒ වගේම අපි ඉහත බයිබල් පදය තුළට තවත් ගමන් කරන

විට අපට පෙනී යනවා ඔබ මම ධර්මිෂ්ට සහ යුක්තිගරුක

මනුෂ්‍යයන් විය යුතු බව. ඉතින් ප්‍රේමවන්තයිනි අපි වෙනස්

වෙන්න තීරණයක් ගමු! දුක් විඳීම නතර කරමු! ජේසුස්

වහන්සේව මුළු සිතින්ම සොයමු! ජීවිතය ජය ගනිමු!

උන්වහන්සේගේ ක්‍රියාවන් සහ උන්වහන්සේගේ

බලපරාක්‍රමයන් ගැන අපට සිතා ගන්නවත් බැරිය. හොඳයි

ඔබ මම ගැන මොහොතක් කල්පනා කර බලමින් ඔබගේ

ජීවිතයේ ඇති අඩුපාඩු සාදාගෙන ජීවිතයේ සැබෑ ප්‍රීතිය

අත්දකින්න.

(හිතෝපදේශ 24:4)

"එහි කාමර අගනා සැරසිලිවලින් විසිතුරු කළ

යුත්තේ බුද්ධියෙනි."

ඔබ සැමට ජේසු පිහිටයි!

ඉවැන්ජලිස්ත අමිල දිසානායක

මාර්ගය සහෝදරත්වය සභාව – මහරගම

Sign up for our newsletter