Api-Slide-69
Api-Slide-69-1
Api-Slide-69-2
Api-Slide-69-3
previous arrow
next arrow

ලෝකයේ විශාලතම සංචාරක ප්‍රදර්ශනය

පසුගිය නොවැම්බර් මස 5,6,7 තෙදින පුරා ලන්ඩන් Excel හී පැවැත්වුනු ලොව විශාලතම සංචාරක වෙළද ප්‍රදර්ශනය වන WTM 2024 සදහා මෙවරත් ශ්‍රී ලංකාව සිය නියෝජන දායකත්වය දක්වා තිබුනා. ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය හා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්ය්‍යාලය ඇතුළු ආයතන කිහිපයක් එකතුවෙන් ආකර්ශණීය සංචාරක කුටියක් ප්‍රදර්ශනය සදහා ඉදිරිපත් කරන්නට ශ්‍රී ලංකාව මෙවර පියවර ගෙන තිබුනා.

ප්‍රදර්ශණය සදහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන මණ්ඩලයේ අභිනව සභාපති බුද්ධික හේවාවසම් මහතා ඇතුළු කණ්ඩායමක් ලංකාවේ සිට පැමිණ සිටි අතර ශ්‍රි ලංකාවේ‍ සංචාරක කර්මාන්ථය නියෝජනය කරමින් ආයතන 100 කට ආසන්න සංඛාවක් මෙවර ප්‍රදර්ශණය සදහා සහභාගී වී තිබුනා. සංචාරක මණ්ඩලයේ සභාපතිවරයා ප්‍රකාශ කල පරිදි 1980 වසරේදී ආරම්භ වූ WTM ඉතිහාසයේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ වැඩිම පිරිස මෙය වන අතර ඉදිරි වසර කිහිපයේදී ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ව්‍යාප්තිය සදහා එය මහත් පිටිවහලක් විය හැකි බව ඔහු තවදුරටත් සදහන් කලා. 

ඒ අතර ව්‍යාපාර සඳහා බොහෝ ඉඩකඩ සහිත සුවපහසු සහ පුද්ගලික අවකාශයක් නිර්මාණය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව මෙවර ප්‍රදර්ශනයේ “හොදම ව්‍යාපාරික ප්‍රදර්ශන කුටිය” ට හිමි (Best Stand for doing Business @ WTM 2024 ) සම්මානය දිනා ගැනීමටද සමත්වී තිබුනා. එම සම්මානය පසුගිය වසරේදී චිලී රාජ්‍යයත්, 2022 වසරේදී ඉතාලියත් දිනාගෙන තිබුනා


තිලාන් ජයසේකර